පොදු ජනතාවගේ මුදලින් පවත්වාගෙන යන ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ වෙබ් අඩවි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව පවත්වාගෙන යාමට තාක්ෂණය දියුණුව තිබියදී එසේ පවත්වාගෙන නොයාම නිවැරදි කරන ලෙස නීතීඥවරයෙකු රාජ්‍ය භාෂා කොමිසමෙන් ඉල්ලයි.
පොදු ජනතාවගේ මුදලින් පවත්වාගෙන යන
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ වෙබ් අඩවි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව පවත්වාගෙන යාමට තාක්ෂණය දියුණුව තිබියදී එසේ පවත්වාගෙන නොයාම නිවැරදි කරන ලෙස නීතීඥවරයෙකු රාජ්‍ය භාෂා කොමිසමෙන් ඉල්ලයි.
පොදු ජනතාවගේ මුදලින් පවත්වාගෙන යන
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ වෙබ් අඩවි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව පවත්වාගෙන යාමට තාක්ෂණය දියුණුව තිබියදී එසේ පවත්වාගෙන නොයාම 1991 අංක 18 දරන රාජ්‍ය භෂා කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මගින් නිවැරදි කරන ලෙස නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපතිගෙන්, ජනාධිපති ලේකම්ගෙන්, රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල්ගෙන් සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන ව්‍යවස්ථාව අනුව සිංහල සහ දෙමළ භාෂා රාජ්‍ය භාෂාද, 23 වන ව්‍යවස්ථාව අනුව සිංහල සහ දෙමළ භාෂා නීති පැනවීමේ භාෂාද, 24 වන ව්‍යවස්ථාව අනුව සිංහල සහ දෙමළ භාෂා අධිකරණ භාෂා වන බව එම ඉල්ලීමෙන් පෙන්වා දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ කුමාරස්වාමි එ. ෂන්මුගරත්න සහ තවත් අය
(78-79-80 ශ්‍රි.ල.නී.වා.323) නඩුවේදී සමරකෝන් (අ.වි), තමෝදරම් (වි) සහ ෂර්වානන්ද (වි) ලබා දුන් නඩු තීන්දුව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 වන ව්‍යවස්ථාවේ අතුරු විධාන මගින් අධිකරණ විෂයභාර ඇමතිවරයාට අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වය ඇතිව ඉංග්‍රීසි භාෂාව අධිකරණ කටයුතුවලදී භාවිතා කිරීමට අවසර ලබා දිය හැකි බව දක්වා තිබුණද එමගින් අධිකරණ භාෂා ලෙස දක්වන සිංහල සහ දෙමළ භාෂා විධිවිධාන අභිබවා එම අතුරු විධාන ක්‍රියාත්මක කළ නොහැකි බව දක්වා ඇති බවත් එකී ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් අඩවිය https://www.un.org/ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර භාෂා 6න් (ස්පාඤ්ඤ, රුසියන්, ප්‍රංශ, ඉංග්‍රීසි, චීන, අරාබි) පවත්වාගෙන යන බවත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය
https://www.parliament.lk/
රාජ්‍ය භාෂාවලින් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වාගෙන යන බවත් ඒ සඳහා තාක්ෂණය දියුණු තත්ත්වයේ පවතින බවත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සිය ඉල්ලීම මගින් පෙනවා දී ඇත.
පොදු ජනතාවගේ මුදලින් පවත්වාගෙන යන
ශ්‍රේෂ්ඨාධිකරණ
https://www.supremecourt.lk/
සහ අභියාචනාධිකරණ
https://www.courtofappeal.lk
වෙබ් අඩවි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුකූලව පවත්වාගෙන යාමට තාක්ෂණය දියුණුව තිබියදී එසේ පවත්වාගෙන යාම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරුන් සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත ව්‍යවස්ථාපිත යුතුකමක් පැවතියද ඔවුන් එසේ එකී වෙබ් අඩවි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව හෝ සිංහල, දෙමළ රාජ්‍ය භාෂාවලින්, නීති පැනවීමේ භාෂාවලින්, අධිකරණ භාෂාවලින් පවත්වාගෙන නොයන අතර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව එකී වෙබ් අඩවි පවත්වාගෙන යා යුතුව ඇති බවත් එකී ඉල්ලීමේ දැක්වේ.
පොදු ජනතාවගේ මුදලින් පවත්වාගෙන යන ශ්‍රේෂ්ඨාධිකරණ
https://www.supremecourt.lk/
සහ අභියාචනාධිකරණ
https://www.courtofappeal.lk
වෙබ් අඩවි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුකූලව සිංහල සහ දෙමළ භාෂාවෙන් ද පවත්වාගෙන යාමට තාක්ෂණය දියුණුව තිබියදී පවත්වාගෙන නොයාම නිවැරදි කිරීමට අවශ්‍ය නීතිමය පියවර 1991 අංක 18 දරන රාජ්‍ය භෂා කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මගින් ගන්නා ලෙස එමගින් ඉල්ලා ඇත.
මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
2025.09.14
Comments
Post a Comment