ඉංග්‍රීසි අන්තවාදීහු ශ්‍රී ලංකාව දියුණු කිරීමට ඉඩ නොදී අලුත් ශ්‍රී ලංකාවක් හැදීම වළක්වන ආකාරය නීතිය ඇසුරෙන් පෙන්වා දෙන නීති දේශනය 2022 අගෝස්තු 17 "නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ නීතිමය අයිතිවාසිකම් ඉංග්‍රීසි අන්තවාදීන් විසින් අහිමි කරන ආකාරය සහ අරගල...!"
ඉංග්‍රීසි අන්තවාදීහු ශ්‍රී ලංකාව දියුණු කිරීමට ඉඩ නොදී අලුත් ශ්‍රී ලංකාවක් හැදීම වළක්වන ආකාරය නීතිය ඇසුරෙන් පෙන්වා දෙන නීතිඥ අරුණ ලක්සිරි උණවටුන පවත්වන 18වන නීති දේශනය 2022 අගෝස්තු 17 "නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ නීතිමය අයිතිවාසිකම් ඉංග්‍රීසි අන්තවාදීන් විසින් අහිමි කරන ආකාරය සහ අරගල...!" [මූලාශ්‍ර - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත, ස්ථාවර නියෝග, 2021 අගෝස්තු 17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා, ස්වභාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය,2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් - 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ SC/SD/24/2021 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය.] පසුබිම අලුත් ශ්‍රී ලංකාවක් සඳහා විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ඉංග්‍රීසි අන්තවාදීන්ගෙන් මුදවා නීතියට ගරු කරන අයගේ දායකත්වය ගැනීමට සූදානම්ද? ශ්‍රී ලංකාව වැනි නොදියුණු යටත්විජිත රටවල සුලුතරයක් භාවිතා කරන භාෂාවෙන් අධිකරණ සහ පරිපාලන කටයුතු සිදුකරන අතර ප්‍රංශය-ජර්මනිය-ඉතාලිය-රුසියාව-චීනය-කොරියාව-එංගලන්තය වැනි දියුණු ස්වාධීන රටවල බහුතර පුරවැසියන්ගේ භාෂා...