19-20 සංශෝධන, ඇමතිවරුන්ගේ පුද්ගලික විශ්වාස, සාමූහික වගකීම, සිංගර් සහ 09 වන ව්‍යවස්ථාව...! නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.11.15) arunaunawatuna@gmail.com අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීමෙ නව ප්‍රවණතාවය අධිකරණ ඇමති රටටම උගන්වමින් සිටින අවස්ථාවක 19-20 සංශෝධන, අධිකරණ ඇමති, සිංගර් සහ 09 වන ව්‍යවස්ථාව පිළිබද මේ කෙටි සටහන තබමි. ඇමතිවරු තමන්ගේ පුද්ගලික විශ්වාස ක්‍රියාත්මක කිරීමට ඇමති ධූර භාවිත කරමින් සිටින අතර වෙනත් දේ මෙන්ම ඇමතිවරුන්ගේ සාමූහිකව වගකීමද නීතියට සීමා වී ඇත. 19 යේදී 2/3 න් කළ සංශෝධන නැවත ප්‍රතිසංශෝධනය කරන්න 20 න් බැරි වීම ගැන කිසිවෙකු කිසිවක් නොකියයි. 2015 දී 19 වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33,35,70 සහ 104 ව්‍යවස්ථා පාර්ලිමේන්තුවේ 2/3 න් සංශෝධනය කරගත් බවත් එකී සංශෝධන 2020 දී පාර්ලිමේන්තුවට ප්‍රතිසංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 න් නොහැකිවීම ගැන ප්‍රජාතන්ත්‍රවාදීයෝ නිහඩය. ගෝඨාභය ජනාධිපති 2/3 න් කරගන්න බලාපොරොත්තු වූ 20 ඒ අකාරයෙන් 2/3 න් කරගන්න බැරි වුණේ ඇයි කියා විමසන්න කෙනෙක් හොයා ගන්නනට නැත. (76.1 ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට හිමිකර දි ඇති ව්‍යවස්ථාදායක බලය 2020...