19න් පත් වී නීතිවිරෝධීව සිටි අධිකරණ ඇමති 20න් නීත්‍යානුකූල අධිකරණ ඇමති වීමේ "කැකිල්ලේ නාටකය" මෙන්න....
19න් පත් වූ ඇමතිලාට 20න්ද දිගටම ඇමතිලා වීමට අන්තර්කාලීන විධිවිධානයක් (Transitional Provision) 20 නොමැති බව පසුව දැනගත් "කැකිල්ලේ ඇමති" කවුද? 19න් පත් වී නීතිවිරෝධීව සිටි අධිකරණ ඇමති 20න් නීත්‍යානුකූල අධිකරණ ඇමති වීමේ "කැකිල්ලේ නාටකය" මෙන්න.... (අධිකරණ ඇමති ඉල්ලා අස්වී නැවත අධිකරණ ඇමති ලෙසම පත් වීමෙන් නීති විරෝධීව අධිකරණ ඇමති ලෙස ධූර දැරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීමට හැකිද?) මෙම කැකිල්ලේ නාටකයෙන් නීතිමය අර්බුදයකට යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාවත් මිස අධිකරණ ඇමති නොවේ.. පසුගියදා ඉල්ලා අස්වුණේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාව යටතේ පත් නොවූ නීතිවිරෝධී ඇමති මණ්ඩලයකි. (2022.04.07) http://neethiyalk.blogspot.com/2022/04/20-53.html?m=1 "20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2020 ඔක්තෝබර් 29 දින කතානායක සහතිකය යොදා ක්‍රියාත්මක වීමෙන් පසු අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත් කර තිබුණේ නැත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2020 අගෝස්තු 12 දින පත් කර සිටි අගමැති...