Skip to main content

Posts

Showing posts from May, 2024

There is no need for a referendum to postpone the presidential election by a year because of Article 83 of the Constitution. *

There is no need for a referendum to postpone the presidential election by a year because of Article 83 of the Constitution. * Aruna Laksiri Unawatuna B.Sc(Col), PGDC(Col), AAL 1. The tenure of President Ranil Wickramasinghe will end in November 2024. That is by the 19th amendment of the Constitution, Because the term of office of the President was reduced from 6 to 5 years. (2015-Article 30.2) 2. According to Article 83.(b) of the Constitution, if the term of office of the President is increased to more than 6 years, a referendum must be held. But there is no need for a referendum to increase it from 5 to 6 years. For that, a constitutional amendment requires only 2/3 (150) members of Parliament in vote / favour in the Parliament. 3. By increasing the presidential term to 6 years through such a constitutional amendment, President Ranil Wickremesinghe can serve as president until November 2025. 4. It is still too early to say whether it will be a solution to the economic crisi...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයට ඉල්ලන අය වෙත නීතීඥවරයෙකු ඉදිරිපත් කරන විවෘත ප්‍රශ්න 05.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයට ඉල්ලන අය වෙත නීතීඥවරයෙකු ඉදිරිපත් කරන විවෘත ප්‍රශ්න 05. 1. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිළවරණය සඳහා ඩිජිටල් / මාර්ගගත ඡන්ද ක්‍රමය හඳුන්වා දෙන්නේද? ඔව් / නැත / අදහසක් නැත 2. නීතීඥවරුන් නඩු වාර්තා පරීක්ෂා කිරීම, සහතික පිටපත් ගැනීම, ලේඛන නඩුවට ගොනු කිරීම අදාලව අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය අකාර්යක්ෂමව ක්‍රියාකිරීමේදී අධිකරණ සේවා කොමිසමද එයට ඉඩ දී තිබීම අනුමත කරනවාද? ඔව්/ නැත / අදහසක් නැත 3. නීතීඥවරුන් සහ සේවාදායකයන් අධිකරණය සේවා කොමිසමට කරන පැමිණිලි සම්බන්ධයෙන් සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීමට මැදිහත් වෙනවාද? ඔව් / නැත / අදහසක් නැත 4. නීතීඥවරයන්ගේ වැරදි සම්බන්ධව සොයා බැලීමට මැදිහත්වන ආකාරයට විනිසුරුවරුන්ගේ විනය සම්බන්ධ කාරනා වලින් අගතියට පත්වන අය සම්බන්ධවත් මැදිහත් වෙනවාද? ඔව් / නැත / අදහසක් නැත 5. නීතීඥ සංගමයට ලැබෙන ආධාර මුදල් / මූල්‍ය ගනු දෙනු සහ එම මුදල් යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් නීතීඥවරුන්ට මාසිකව පුද්ගලිකව විද්‍යුත් තැපෑලෙන් වාර්තා ඉදිරිපත් කිරීමට ක්‍රියා කරනවාද? ඔව් / නැත / අදහසක් නැත නීතීඥ අරුණ ල...

ජනාධිපතිවරණය වසරකින් කල් දැමීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව නිසාය....

ජනාධිපතිවරණය වසරකින් කල් දැමීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව නිසාය.... 1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය 2024 නොවැම්බර්වලදී අවසන් වේ. ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එතෙක් පැවති ජනාධිපති ධූර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කළ හෙයිනි. 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ ධූර කාලය වසර 6කට වඩා වැඩිකර ගන්නේ නම් ජනමතවිචාරණයක් පැවැත්විය යුතුය. නමුත් වසර 5 සිට 6 දක්වා වැඩිකර ගැනීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝනයකට පාර්ලිමේන්තුවේ 2/3 ක (150 ක්) මන්ත්‍රී ඡන්දයක් පමණි. 3. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ධූර කාලය වසර 6ක් දක්වා වැඩි කර ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට 2025 නොවැම්බර් දක්වා ජනාධිපති ධූරයේ කටයුතු කළ හැකිය. 4. එය රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් වන්නේද යන්න කීමට තවම කල් වැඩිය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.05.29)

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

මාස 6කින් ඔබට අවශ්‍ය නීතිය ඉගෙන ගන්න නොමිලේ පවත්වන 3 වන නීති අධ්‍යාපන වැඩසටහන - සිංහල මාධ්‍ය - මාස 6 ආරම්භය - 2024 අගෝස්තු 24

මාස 6කින් ඔබට අවශ්‍ය නීතිය ඉගෙන ගන්න නොමිලේ පවත්වන 3 වන නීති අධ්‍යාපන වැඩසටහන - සිංහල මාධ්‍ය - මාස 6 ආරම්භය - 2024 අගෝස්තු 24 සෙනසුරාදා 9.30-2.30 දක්වා දේශන පැවැත්වේ. (නීති ශිෂ්‍යයන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, රජයේ සේවකයන්, පොලීසියේ/ සන්නද්ධ හමුදා සාමාජිකයන්/අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය/ විශාමිකයන් සහ උසස් පෙළ ලියූ අයට ඉල්ලුම් කළ හැකිය) ස්ථානය - අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ,වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන දේශන ශාලාවේදී (කොළඹ, නුගේගොඩ, මහරගම, හෝමාගම, පාදුක්ක, ඉංගිරිය, හොරණ නගරවල සිට තනි බසයෙන් පැමිණිය හැක) විෂය නිර්දේශය/ අයදුම්පත් සහ විස්තර නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීති ග්‍රන්ථ කර්තෘ, මුද්‍රිත/ විද්‍යුත් මාධ්‍ය නීති ලේඛක දුරකථන 0342256066, 0712063394 යූ ටියුබ් arunaunawatuna බ්ලොග් neethiyalk විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com

නීතීඥ වෘත්තීය අත්හිටවූ ජයතුංග මහතාගේ වෘත්තීය අයිතිවාසිකම් රැකීමේ යුතුකම යටපත් කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 'ජයිකා' කෝටි 2 බෙදා ගැනීම තිරගත කරන්නේද?

නීතීඥ වෘත්තීය අත්හිටවූ ජයතුංග මහතාගේ වෘත්තීය අයිතිවාසිකම් රැකීමේ යුතුකම යටපත් කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 'ජයිකා' කෝටි 2 බෙදා ගැනීම තිරගත කරන්නේද? දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව, 140වන ව්‍යවස්ථාව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136.1. අ. වගන්තිය, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත, සාධාරණ නඩු විභාගයක අයිතිය ඇතුලු නීති ප්‍රතිපාදන අනුගමනය කරමින් නීතීඥ එස්.පී. ජයතුංග මහතා විනිසුරුවරුන් ඇතුලු නීතියේ පාලනයට සම්බන්ධ ඉහළ මට්ටමේ කිහිප දෙනෙකුට එරෙහිව අධිකරණ වල නඩු පවරා තිබුණි. එවන් තත්ත්වයකදි ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන් පැවරූ අභියාචනා අවසර ඉල්ලීමේ නඩුවකට පෙනී සිට කරුණු ඉදිරිපත් කළ නීතීඥ එස්.පී. ජයතුංග මහතාව 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර නඩුව අවසන් වන තෙක් නීතීඥ වෘත්තීය කටයුතු වල යෙදීම අත්හිටුවීම 2024 මාර්තු 20 දින සිදුකර ඇත. නීතීඥවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සහ දූෂණ විරෝධය සඳහා විදෙස් සංවිධානවල ආධාර ලබා ගන්නා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට තමන්ගේ සාමාජිකයෙකුවන නීතීඥ වෘත්...

අධිකරණ බලයේ හිමිකරුවන් වන ජනතාව සහ පාර්ලිමේන්තුව අතර ගැටුම් ඇතිකරන්නේ විනිසුරු රාජ්‍යයක් වෙනුවෙන්ද?

අන්තර්ජාල නීති වැඩසටහන (2024 ජූනි 27 බ්‍රහස්පතින්දා) අධිකරණ බලයේ හිමිකරුවන් වන ජනතාව සහ පාර්ලිමේන්තුව අතර ගැටුම් ඇතිකරන්නේ විනිසුරු රාජ්‍යයක් වෙනුවෙන්ද? (සාධාරණ නඩු විභාග අහිමිකර ඇති 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තියද ඇසුරෙන්) ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ අධිකරණ ඇමති නියෝජිතයන් ඉන්නා සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සහාය දෙනවාද? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (අන්තර්ජාල නීති සබැඳිය සඳහා විමසන්න)

මන්ත්‍රී ධූරය අහිමි කළ ඩයනාගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සිංහලෙන් කියවන්න නැද්ද?

මන්ත්‍රී ධූරය අහිමි කළ ඩයනාගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සිංහලෙන් කියවන්න නැද්ද? ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අති බහුතරය සිංහලය. අධිකරණ භාෂාව සිංහල බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාවේ දැක්වේ. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු දෙන්නේ එංගලන්තය 1815 සිට පුරුදු කර ඇති ආකාරයට ඉංග්‍රීසියෙන් පමණි. ලෝකයේ දියුණු රටවල් ජපානය, කොරියාව, රුසියාව, චීනය, ඉතාලිය, ප්‍රංශය අධිකරණ තීන්දු දෙන්නේ ඒ රටවල ජනතාවගේ භාෂාවෙනි. ඒ රටවල ජනතාව නීතිය දැනගන්නවාට ඒ රටවල පාලකයන් කැමතිය. ඩයනාගේ නඩු තීන්දුව SC/APPEAL/11/24 (2024.05.08) සිංහලෙන් ලබා ගතහොත් ජනතාව එය කියවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කියා ඇති නීතිමය කරුණු දැන ගනි. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අන්තවාදීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහලෙන් දෙනවාට කැමති නැත. එහෙව් රටක් දියුණු වෙන්නේ නැත. මන්ත්‍රීකම අහිමි කළ ඩයනාගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සිංහලෙන් ලබා ගෙන කියවීමට ජනතාවට හැකි වුවහොත් එය ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක වීමකි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.05.08) ...

26වන නීති අධ්‍යාපන වැඩසටහන - අධිකරණ පුවත් වාර්තාකරණය සහ නීතිය (නීති සටහන් ලබා දෙයි - නොමිලේ පවත්වයි)

26වන නීති අධ්‍යාපන වැඩසටහන නීති සටහන් ලබා දෙයි - නොමිලේ පවත්වයි අධිකරණ පුවත් වාර්තාකරණය සහ නීතිය * විද්‍යුත් / මුද්‍රිත මාධ්‍යවේදියෙකු දැනගත යුතු නීතිය * නිවැරදි ලෙස අධිකරණ පුවත් වාර්තාකරණය. * වැරදි අධිකරණ පුවත් වාර්තාකරණයට එරෙහිව පුරවැසියන්ට ගත හැකි නීතිමය පියවර 2024 ජූලි 30 අඟහරුවාදා කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී.(වායුසමීකරණය කළ) (මාධ්‍යකරණයට පිවිසීමට අපේක්ෂාකරන අයට/ මාධ්‍යවේදීන්ට(මුද්‍රිත/යූටියුබ් - බ්ලොග්) උසස් පෙළ සිසුන්ට / විශ්ව විද්‍යාල සිසුන්ට/ නීතීඥවරුන්ට/ නීති ශිෂ්‍යයන්ට/ නීතිය පිළිබඳ උනන්දු අයට) නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (ආසන සීමිත හෙයින් ආසනයක් කලින් වෙන්කර ගන්න)