ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ 83.b නිවැරදි කිරිමට මැ කො පියවර ගැනීම, නීතිපති විසින් ජනාධිපති මුක්තිය අහිමි කිරීම සහ "වෙන්න ජනපති" වසර 7ක් ධූර දැරීම...!
ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ 83.b නිවැරදි කිරිමට මැ කො පියවර ගැනීම, නීතිපති විසින් ජනාධිපති මුක්තිය අහිමි කිරීම සහ "වෙන්න ජනපති" වසර 7ක් ධූර දැරීම...! මෙම ලිපියේ කර්තෘ විසින් ලියා ඇති " මැ.කො. ජනාධිපති ලේකම්ට යැවූ ලියුම අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් පවතින හෙයින් නොවැම්බර් දක්වා ජනාධිපති ලෙස ක්‍රියා කරන රනිල් වික්‍රමසිංහ මහතා ඊට පෙර ඉල්ලා අස්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරයිද? " ලිපිය කියවන්න http://neethiyalk.blogspot.com/2025/08/2.html?m=1 1. 2019 නොවැම්බර් මස ජනාධිපති ධූරයේ ප්‍රතිඥා දුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයේ කටයුතු කළ නොහැකි වූ තැන ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කටයුතු කළ අතර ඉන්පසු පාර්ලිමේන්තුව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි ජනාධිපති ධූර කාලය වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තුව විසින් පත් කර ගනු ලැබීය. 2. 2024 වර්ෂයේදී පුරවැසියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩු ගොනු කරමින් ජනාධිපතිවරණය වසර 5ද, 6ද යන ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කළද හිටපු අගවිනිසුර...