1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි කෙටුම්පත්, කෙටුම්පත් කළ නිලධාරීන් පිළිබඳ තොරතුරු තම දෙපාර්තමේන්තුව සතුව නොමැති බව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරි පිළිතුරු ලබා දීමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් වේ...
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි කෙටුම්පත්, කෙටුම්පත් කළ නිලධාරීන් පිළිබඳ තොරතුරු තම දෙපාර්තමේන්තුව සතුව නොමැති බව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරි පිළිතුරු ලබා දීමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් වේ... ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදය, සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ ඡේදයට ගැලපෙන ලෙස නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති විසින් ජනාධිපති ලේකම්ට දැනුම් දී ඇති හෙයින් 1978 සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ව්‍යවස්ථා කෙටුම්පත්, කෙටුම්පත් කළ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගැන තොරතුරු, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී වෙතින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ සමායෝජක නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් 2025.09.16 ඉල්ලා ඇත. එමගින් ඉල්ලා ඇති තොරතුරු වන්නේ.., 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා කෙටුම්පත්, කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක දෙපා...