දිනමිණ (18/06/2025 පිටුව 23) 28 වැනිනීති අධ්‍යාපන වැඩසටහන හඳපාන්ගොඩදී දිනමිණ (18/06/2025 පිටුව 23) 28 වැනිනීති අධ්‍යාපන වැඩසටහන හඳපාන්ගොඩදී 'ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කිරීමට ගැසට් කළ 22 නීතියක් නොකළොත් ජනාධිපතිවරණය වසර 6කින් වන ආකාරය' මැයෙන් සංවිධාන කරන නීති අධ්‍යාපන වැඩසටහනක් මේ 21 වැනිදා පෙරවරු 9 සිට කොළඹ පාර, හඳපාන්ගොඩ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන් දේශන ශාලාවේදී පැවැත්වේ. නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙය මෙහෙය වන අතර, නොමිලේ පැවැත්වෙන නීති අධ්‍යාපන වැඩසටහනේ 28 වැනි වැඩසටහන ද මෙයයි. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ පවතින ජනාධිපති ධුර කාලය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරූ අවස්ථාවල ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම වූ අතර, ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධුර කාල අදාළව සාවුරුද්ද පස් අවුරුද්දක් ලෙස සංශෝධනය කිරීමට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් ...