මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවේ 2/3 න් කරගත් දේ, ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවෙන් 2/3න් කරගන්න නොහැකිවීම යටගහන බෲටස්ලා කවුද? ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් කෙනෙක් ගෝඨාභය ජනාධිපති අසළත් සිටීද?
(මෙම ලිපිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික අවධානයට යොමු කරන්න) මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවේ 2/3 න් කරගත් දේ, ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවෙන් 2/3න් කරගන්න නොහැකිවීම යටගහන බෲටස්ලා කවුද? ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් කෙනෙක් ගෝඨාභය ජනාධිපති අසළත් සිටීද? (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.30) ජුලියස් සීසර්ව ඝාතනය කරන ලද්දේ ඔහු අසළම සිටි අයයි. බෲටස් විසින් එය කළ බව පෙන්නුම් කිරීම ෂේක්ස්පියර් දැක්වීමට උත්සාහ කළ අතර මෙම ඝාතනය ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් විසින් සැළසුම් කළ බවද එක්තරා කතාවකි. මේ ලියුම්කරු ඒ කතාව ලිපිය ආරම්භයේදී ම දක්වන ලද්දේ මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවේ 2/3 න් කරගත් දේ ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවෙන් 2/3න් කරගැනීමට නොහැකිවීම යටගහන අය කරන්නේ එදා සීසර්ට ඔහුගේ සෙනට් සභිකකයන් කළ දේම වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටද අත්වී ඇති බව පෙන්වා දීම පහසු වන හෙයිනි. ජනාධිපතිවරයස් අසළ ඉන්නා බෲටස්ලා කවුද? ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් කෙනෙක් ගෝඨාභය ජනාධිපති අසළත් සිටීද? යන්න මෙම ලිපිය කියවීමෙන් පාඨකයාට අවබෝධ කරගත හැකි වනු ඇත. මෙම ලිපියෙන් සාක...