Skip to main content

Posts

Showing posts from March, 2020

කොරෝනා වැනි ජාත්‍යන්තර ව්‍යසන/වසංගතවලින් ඉදිරියේදී ආරක්ෂා වීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග 07ක් මැයෙන් නීතිඥවරයෙකුගෙන් ජනාධිපතිවරයාට විවෘත ලිපියක්

කොරෝනා වැනි ජාත්‍යන්තර ව්‍යසන/වසංගතවලින් ඉදිරියේදී ආරක්ෂා වීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග 07ක් මැයෙන් නීතිඥවරයෙකුගෙන් ජනාධිපතිවරයාට විවෘත ලිපියක්.... 1. සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීම, සංචාරක ප්‍රවර්ධන කටයුතු නතර කිරීම සහ සෑම සංචාරකයෙක්ම ලංකාවට පැමිණීමේදී තමා පිටත්වෙන රටෙන් " නිරෝධායන වූ බවට සහතිකය" ලබාගෙන තිබිය යුතු බවට නියම කිරීම සහ පූරණ සෞඛ්‍ය  පරීක්ෂණයට ලක් කිරීම. 2. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහා පැමිණෙන සියලු දෙනා දින 14ක් නිරෝධායනය සදහා යොමු කිරීමෙන් පසු අදාල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහා අවස්ථාව ලබා දීම හෝ  තමා පිටත්වෙන රටෙන් " නිරෝධායන වූ බවට සහතිකය " ලබාගෙන තිබිය යුතු බවට නියම කිරීම සහ පූරණ සෞඛ්‍ය පරීක්ෂණයට ලක් කිරීම. 3. විදේශ රැකියා සදහා පිටත්ව යන අය පිටත්වීමට නියමිත දිනද ඇතුලුව දින 14ක නිරෝධායනය වූ බවට සහතිකයක් ලබා තිබීම අනිවාර්ය කිරීම. 4. විදේශයන්හී සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු පුරවැසියන් දින 14ක් නිරෝධායනය සදහා යොමු කිරීම. 5.අත්‍යාවශ්‍ය හෝ හදිසි හෝ දින 14ක් ඇතුළත ඉටුකළ යුතු අවශ්‍යතා ඇති අය විදේශවල සිට ශ්‍රී ලං

ජාතික ව්‍යසනයකදීවත් කැදවන්න බැරි පාර්ලිමේන්තුවක් ඇති ලෝකයේ එකම රට ලංකාව බවට පත්වීම වළකා පාර්ලිමේන්තුව කැදවන හැටි මෙන්න...!

ජාතික ව්‍යසනයකදීවත් කැදවන්න බැරි පාර්ලිමේන්තුවක් ඇති ලෝකයේ එකම රට ලංකාව බවට පත්වීම වළකා පාර්ලිමේන්තුව කැදවන හැටි මෙන්න...! ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතර ජනතාවගේ කැමැත්ත පරිදි නීතියට අනුව රට පාලනය කිරීමයි. ඒ සදහා ජනතාව විසින් සිය නියෝජිතයන් ඡන්දයෙන් තෝරා ගනිමින් තමන් වෙනුවෙන් නීති පැනවීමට සහ තීන්දු සහ තීරණ ගැනීමට පාර්ලිමේන්තුවට බලය ලබා දී ඇත. වර්තමානයේ ලාංකීය සමාජයේ ජනතාව නොසිතූ ආකාරයේ ජීවිත උවදුරකට, තර්ජනයකට ලක්වී සිටී.එසේ වුවද, ජනතාවගේ නියෝජිතයන් සිටින පාර්ලිමේන්තුවට ජනතාවගේ අදහස් නියෝජනය කිරීමට අවස්ථව අහිමි වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්මයක් වන ජනතාවගේ නියෝජිතයන්‍ට තමන්ව පත් කළ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව යොදා ගැනීමට ඇති අවස්ථාව අහිමි වී ඇත. ඒ රටේ පාලනය ස්වාධීන කිරීමට කියමින් ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කිරීමට යම් පිරිසකගේ අවශ්‍යතාවයට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හේතුවෙනි. නීතියට පටහැනිව පවත්වාගෙන යන 19යට අදාලව නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග මේ තත්ත්වය නිවැරදි වන අතර පාර්ලිමේන්තුව කැදවීමට කථානායකවරය

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කළ 19ය මොහාන් පීරිස් අගවිනිසුරු ඉව‍ත්කළා මෙන් බැහැර කර පාර්ලිමේන්තුව කැදවා පාර්ලිමේන්තුවට වසර 6ක් වනතුරු ඉන්න දී වසර 1 1/2කින් පාර්ලිමේන්තු මැතිවරණය තබන්න...

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කළ 19ය මොහාන් පීරිස් අගවිනිසුරු ඉව‍ත්කළා මෙන් බැහැර කර පාර්ලිමේන්තුව කැදවා පාර්ලිමේන්තුවට වසර 6ක් වනතුරු ඉන්න දී වසර 1 1/2කින් පාර්ලිමේන්තු මැතිවරණය තබන්න... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම අප සැමගේ මූලික යුතුකමයි. යමෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේනම් එයට එරෙහි වීමත් එකී උල්ලංඝනය නිවැරදි කිරීමත් නීතියේ පාලනය සහ යහපාලනය වෙනුවෙන්වන පුරවැසියන්ගේ වගකීම බවත් යුතුකම බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 ව්‍යවස්ථාව අනුව පැහැදිලි මූලධර්මයකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැන වූ සමයේ එහි 62.2 අනුව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 06කි. (නීතියක් නොවූ 19න් පාර්ලිමේන්තුවේ ධූරකලය වසර 05ක් කර ඇත) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය දා එනම් 2020 මාර්තු 02 දින අංක 2165/8 දරන අති විශෙෂ ගැසට් පත්‍රයෙන් පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 33(2)ඇ අනුව්‍යවස්ථාව සහ 70 ව්‍යවස්ථාව යොදා ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවනු ලැබුයේ පාර්ලිමේන්තුවට වසර 4 1/2ක් ගිය තැනය. ඒ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් ලෙස සළකමින්

සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහොසි කිරීමේදී ක්‍රියා කළ වැරදි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානයකගේ සහතිකය 19යට වැරදිය ලෙස ලබාගත් අයගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේදී සිදු නොවේ...! 

සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහොසි කිරීමේදී ක්‍රියා කළ වැරදි සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානයකගේ සහතිකය 19යට වැරදිය ලෙස ලබාගත් අයගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේදී සිදු නොවේ...!   මාර්තු 15 දිවයින ඉරිදා සංග්‍රහය 04 වැනි පිටුවේ ඇති වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර ලියා ඇති "19ට දැන් කළ යුතු දේ" ලිපිය මගින් 19යේ ව්‍යවස්ථා විරෝධීබව සම්බන්ධයෙන් වන විද්වත් සාකච්ඡාවට හොද පදනමක් සපයා දී ඇත. එම වෛද්‍යවරයා ජාතික සංවිධාන නියෝජනය කරන්නෙකු වීමත්, 19යට දැන් කළ යුතු දේ පිළිබද එකී අදහස ජාතික සංවිධානවල අදහසම වීමේ වැඩි නැඹුරුවක් තිබිය හැකි වීමත් මත මෙම ලිපිය මගින් පෙන්වා දෙන කාරණා 19යේ අවුල විසදා ගැනීමට ජනාධිපතිවරයාටත්, ජනතාවටත්, කථානායකවරයාටත් සහායක් ලබා දෙනු ඇත. "19ට දැන් කළ යුතු දේ" ලිපිය ලිවීමේදී එම වෛද්‍යවරයාට පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීම අතර වෙනසත්, සම්මත කරන ලද පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීමට පෙර කථානායක අනුගමනය කළ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානයත්, පනත් කෙටුම්පතක් නීතියක් වීමට අවශ්‍ය ආ

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19 නීතියක් ලෙස සැළකීමට කථානායකවරයාගේ සහතිකය වැරදියට යෙදීමට සම්බන්ධ වූ අය ප්‍රජා අශක්නුතාවයට යටත් කළ යුතුයි...!

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19 නීතියක් ලෙස සැළකීමට කථානායකවරයාගේ සහතිකය වැරදියට යෙදීමට සම්බන්ධ වූ අය ප්‍රජා අශක්නුතාවයට යටත් කළ යුතුයි...! ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමය කරන බවට වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වන සහ 7වන උපලේඛනවල ඇති දිව්රුම් දීම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම සිදු කරයි. එකී දිව්රුම කඩ කිරීම බලවත් වරදකි. එමෙන්ම නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ යන්න පාර්ලිමේන්තුවට සහ එහි මන්ත්‍රීවරුන්ටද අදාල වේ. පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පතක් නීතියක් වීම යන්නෙහි වෙනස, පනත් කෙටුම්පතක් නීතියක් වීමට පෙර කථානායකවරයා අනුගමනය කළ යුතු 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානය, පනත් කෙටුම්පතක් නීතියක් වීමට අවශ්‍ය 80.2 ව්‍යවස්ථාව, 19යට දැන් කළ යුත්තේ 2015 සිටි කථානායක සිදුකළ ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීම මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ගෙන 19ය ඉවත් කිරීම නොවන බවත්, 2/3 ඡන්දයෙන් සම්මත වී ඇති නමුත් තවමත් නීතියක් වී නැති 19ය නීතියක් කළ යුත්තේනම් එය නීතියක් කරන්නේ කෙසේද? යන්න පැහැදිලි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායකවරයාගේ සහත

19යට දැන් කළ යුත්තේ 2015 සිටි කථානායක 19යට සහතිකය යෙදීමේදී කළ ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීම මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ගෙන 19ය ඉවත් කිරීම නොවේ....!

19යට දැන් කළ යුත්තේ 2015 සිටි කථානායක 19යට සහතිකය යෙදීමේදී කළ ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීම මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ගෙන 19ය ඉවත් කිරීම නොවේ....! මාර්තු 15 දිවයින ඉරිදා සංග්‍රහය 04 වැනි පිටුවේ ඇති වෛද්‍ය වසන්ත බණ්ඩාර ලියා ඇති "19ට දැන් කළ යුතු දේ" ලිපිය මගින් 19යේ ව්‍යවස්ථා විරෝධීබව සම්බන්ධයෙන් වන විද්වත් සාකච්ඡාවට හොද පදනමක් සපයා දී ඇත. "19ට දැන් කළ යුතු දේ" ලිපිය ලිවීමේදී එම වෛද්‍යවරයාට පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීම අතර වෙනසත්, සම්මත කරන ලද පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීමට පෙර කථානායක අනුගමනය කළ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  79වන ව්‍යවස්ථාවේ අවසන් විධානයත්, පනත් කෙටුම්පතක් නීතියක් වීමට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  80.2 ව්‍යවස්ථාවත් නොපෙනුනේ ඇයි? යන්න ඒ ලිපිය කියවූ අවස්ථාවේ ඇතැම් පාඨකයන්ට සිතෙන්නට ඉඩ ඇත්තේ එම  වෛද්‍යවරයාට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරුවරයෙකු 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ප්‍රකාශ කර ඇති ආකාරට "ප්‍රකාශන නීතිය" අනුව යමින් 19 යට දැන් කළ යුත්තේ පාර්ලිමේන
19යට දැන් කළ යුත්තේ 2015 සිටි කථානායක සිදුකළ සහතිකය යෙදීමේදී කළ ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීම මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ගෙන 19ය ඉවත් කිරීම නොවේ....! මාර්තු 15 දිවයින ඉරිදා සංග්‍රහය 04 වැනි පිටුවේ ඇති වෛද්‍ය වසන්ත බණ්ඩාර ලියා ඇති "19ට දැන් කළ යුතු දේ" ලිපිය මගින් 19යේ ව්‍යවස්ථා විරෝධීබව සම්බන්ධයෙන් වන විද්වත් සාකච්ඡාවට හොද අවස්ථාවක් සපයා දී ඇත. "19ට දැන් කළ යුතු දේ" ලිපිය ලිවීමේදී එම වෛද්‍යවරයාට පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීම අතර වෙනසත්, සම්මත කරන ලද පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීමට පෙර කථානායක අනුගමනය කළ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  79වන ව්‍යවස්ථාවේ අවසන් විධානයත්, පනත් කෙටුම්පතක් නීතියක් වීමට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  80.2 ව්‍යවස්ථාවත් නොපෙනුනේ ඇයි? යන්න ඒ ලිපිය කියවූ අවස්ථාවේ මා විසින් සිතන්නට වූයේ එම වෛද්‍යවරයාට විශ්‍රාමලත් විනිසුරුවරයෙකු 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ප්‍රකාශ කර ඇති ආකාරට "ප්‍රකාශන නීතිය" අනුව යමින් 19 යට දැන් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් එය ඉවත් කි

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කරන 19වන ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයන් ( තීරණ/තීන්දු/මතය) බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු නොකිරීම සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයාගේ වගකීම

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කරන 19වන ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයන්  (තීරණ/තීන්දු/මතය)  බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු නොකිරීම සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයාගේ වගකීම  (නොමිලේ පවත්වන නීති අධ්‍යයන වැඩමුළු - නිබන්ධන සපයයි) * ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කරන 19වන ව්‍යවස්ථා සංශෝධනය සහ එය නිවැරදි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය තිබේද? * නීතියක් නොවූ 19න් පාර්ලිමේන්තුව විසුරුවීමෙන් 19වන ව්‍යවස්ථා සංශෝධන උගුලට ජනාධිපතිවරයා හසු වුණාද? * 19යට අත ඉස්සූ මන්ත්‍රීවරු නැවත පාර්ලිමේන්තුවට තෝරා යැවිය යුතුද? * 19ය ඉවත් කිරීමට 2/3ක් ඉල්ලීමේ මිථ්‍යාව * ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයන් (තීරණ/තීන්දු/මතය) බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට මන්ත්‍රීවරු ඉදිරිපත් නොවීම? නොමිලේ පවත්වන නීති අධ්‍යයන වැඩමුළු සදහා විමසන්න..(නීති නිබන්ධන ලබා දේ)  නීතිඥ අරුණ ලක්සිරි උණවටුන - (සමායෝජක), ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සම්බන්ධව බහුතර ජනතාවගේ භාෂණයේ, ප්‍රකාශනයේ, අදහස් පළ කිරීමේ සහ සමාගමයේ

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ 19න් පාර්ලි‍‍මේන්තුව විසුරුවා 19ය ඉවත් කිරීමට 2/3ක් ඉල්ලීම 2015දී 19යට අත ඉස්සූ මන්ත්‍රීවරුන්වම ජනතාව මගින් නැවත පාර්ලිමේන්තුවට තෝරා ගැනීමටද ?

ශ්‍රේෂ්ඨාධිකරණ   තීරණ උල්ලංඝනය කළ   19 න් පාර්ලි‍‍මේන්තුව විසුරුවා     19 ය ඉවත් කිරීමට   2/3 ක් ඉල්ලීම 2015දී   19 යට අත ඉස්සූ මන්ත්‍රීවරුන්වම ජනතාව මගින් නැවත පාර්ලිමේන්තුවට තෝරා ගැනීමටද   ? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන   (2020.03.06) මේ ලිපිය ලියා ඇත්තේ   ශ්‍රේෂ්ඨාධිකරණ   තීරණ උල්ලංඝනය කළ   19 න් පාර්ලි‍‍මේන්තුව විසුරුවා   19 ය ඉවත් කිරීමට   2/3 ක් ඉල්ලන්නේ 2015දී   19 යට අත ඉස්සූ මන්ත්‍රීවරුන්වම නැවත පාර්ලිමේන්තු යවන්නද ?   යන පැනයට පිළිතුරු සෙවීමට ඡන්ද දායකයන්ට පහසු කිරීමටය. (මෙම ලේඛකයා   කථානායකවරයා විසින් වැරදියට සහතිකය යොදා ඇති   19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ජනාධිපති වෙත විරෝධතාවය ප්‍රකාශ කර සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් , රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ නීතිපතිවරයා වෙත පිටපත් සහිතව 2020 මාර්තු 03වන දින දැනුම් දීම කර ඇත) 19  වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යව