Skip to main content

Posts

Showing posts from April, 2020

වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දැක්වීම සහ එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස දැනුම් දීම.

විද්‍යුත් තැපෑලෙනි ( 2020.04.29 ) සී. ඩී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති, පොලිස් මූලස්ථාන, කොළඹ 01, විද්‍යුත් තැපෑල :- igp@police.lk ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දැක්වීම සහ එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස දැනුම් දීම. 1.සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් සහ සේවාදායකයන්ගේ අයිතීන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෙනත් නීති මගින් නීතිඥවරුන්ට සහ සේවාදායකයන්ට ලබා දී ඇති අයිතිවාසිකම් ඇදිරි නීතිය පැනවීම මත ඔබට අහිමි කළ නොහැකිය. 2.ඔබගේ උක්ත ලිපිය මගින් අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගැනීමට නීතිඥවරුන්ට නියම කිරීම සම්බන්ධ එකග විය නොහැකි අතර එය නීතිඥ වෘත්තීය කටයුතුවලට බාධා කිරීමක් මෙන්ම සේවාදායකයන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමක් වෙයි. 3.මේ ආකාරයට යුක්තිය ඉටු කිරීමේ ක්

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් කථානායකගේ සහතිකය 19යට ලබාගත් ඇතැම් ව්‍යවස්ථා විශාරදයන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 19යෙන්ම අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීම හෙවත් ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ කලු පැල්ලම ......!

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් කථානායකගේ සහතිකය 19යට ලබාගත් ඇතැම් ව්‍යවස්ථා විශාරදයන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 19යෙන්ම අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීම හෙවත් ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ කලු පැල්ලම ......! පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහෝසි කිරීමට 2002 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍ පනත් කෙටුම්පත හරහා ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඇතැම් ව්‍යවස්ථා විශාරදයන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 2015දී එකී උත්සාහය නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍ පනත් කෙටුම්පත හරහාම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් ඉටුකරගත් ආකාරයත් ඒ හේතුවෙන් මේ වනවිට ඔවුන් ව්‍යවස්ථා සහ ප්‍රජාතන්ත්‍රවාදී අවුලක පැටළී ඇති ආකාරයත් ලංකා නීති ඉතිහාසයට කලු පැල්ලමක් එක් කළ එකී සිදුවීමේ ආකාරයත් මෙම ලිපියෙන් පෙන්වා දේ. මෙම ලිපිය කියවීමට පෙර මෙම ලියම්කරු දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතට 2020 පෙබරවාරි 09 වන ඉරිදා ලියා ඇති පහත ලිපියද කියවන්න... ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය නොකරන්න...'19 නීතියක් බවට පත් වීමට පැවැත්විය යුතු ජනමත විචාරණය පවත්වන්න...'! 19 ව්‍යවස්ථ

කොරෝනා ජාත්‍යන්තර වසංගතය හමුවේ අනාගත ශ්‍රී ලංකාව.....!

කොරෝනා ජාත්‍යන්තර වසංගතය හමුවේ අනාගත ශ්‍රී ලංකාව.....! 1.) කඩදාසිය, බැංකු පොත, කාසි සහ මුදල් නෝට්ටු භාවිතය අත්හැරීම. 2.) විද්‍යුත් සටහන් භාවිතයට පෙළඹීම සහ පුස්තකාල, පුවත්පත් භාවිතය අඩුවීම. 3.) ජීවිත අවධානම ගැනීමට අකැමැති අය වෛද්‍ය , හෙද, ඖෂධවේදී වෘත්තීන්ට ඇතුලත්වීම අවම වීම. 4.) විද්‍යුත් ඡන්ද ක්‍රමයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම. 5.) කෘෂිකාර්මික කටයුතු සදහා ඉහළ ඉල්ලුමක් ඇතිවීම සහ සමූහ ගොවිපොළ ක්‍රම සහ ගෙවතු වගාව ජනප්‍රිය වීම. 6.) විනිසුරුවරු වීදුරු කුටියක හෝ වීදුරු ආවරණයකදී විනිශ්චයාසනගත වීම සහ විවෘත අධිකරණයට ඇතුල්විය හැකි නීතිඥවරු සහ මහජනතාව සීමා කිරීම. 7.) ආරවුල් නිරාකරණය සදහා අධිකරණය, පොලීසිය වෙත යොමුවන සංඛ්‍යාව අඩුවීම සහ සමථකරණය මගින් ආරවුල් විසදාගැනීම ඉහළ යාම. 8.) විදේශයන්ට යන අය සමාජයෙන්/ පවුලෙන් ඈත් වීම. 9.) සංචාරක කර්මාන්තය සමග නිරෝධායනය ක්‍රම සම්බන්ධ වීම. 10) පුද්ගලික ගුවන් යානා භාවිතය ඉහළ යාම. 11.)  මෝටර් සයිකල් සහ පාපැදි භාවිතය ඉගළ යාම සහ පොදු ප්‍රවාහන සේවා නිරෝධායන  සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට අනුගත වීම. 12.) ආ