Skip to main content

Posts

Showing posts from June, 2022

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අධිකරණ භාෂාවෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලයක් නොතිබීම හේතුවෙන් ජනතාවට සිඳුවී ඇති අයුක්තිය පිළිබඳව නීතිඥවරයෙක් විසින් කළ නීති අධ්‍යයනකින් කාරණා 6ක් අනාවරණය වී ඇත...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අධිකරණ භාෂාවෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලයක් නොතිබීම හේතුවෙන් ජනතාවට සිඳුවී ඇති අයුක්තිය පිළිබඳව නීතිඥවරයෙක් විසින් කළ නීති අධ්‍යයනකින් කාරණා 6ක් අනාවරණය වී ඇත... (ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබ දෙන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවිවාදයක් අවස්ථාවේදී 2021.08.17 දින කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර, එකී ඉල්ලීම ඉටු කිරීමට පාර්ලිමේන්තුවට නොහැකි විය. ඒ සම්බන්ධයෙන් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන නීති අධ්‍යයනයක් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අධිකරණ භාෂාවෙන් ලබා නොදීම හේතුවෙන් සමාජයට, ජනතාවට අයුක්තියක් වී ඇති බවත්, එය කාරණා 6කින් දැක්විය හැකි බවත් නිරීක්ෂණය කර ඇත.) 1. රටේ බහුතර ජනතාවට නීතිය දැන ගැනීමේ අයිතිය අහිමි කර ඇත. 2. දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා ගැනීමට නොහැකි වී ඇත. 3. දේශීය නිෂ්පාදකයන් බහුජාතික සමගම් ඉදිරියේ නෛතිකව අසරණ වී ඇත. 4. ජනාධිපතිවරයා නීති විශාරයන්ගේසහ නීතිපති දෙපාර්තමේන්තුවේ ග්‍රහණයට පත් වී ඇත. 5. අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම සහ තීන්දු ලබා දිය යුතුවීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානය උ

රුසියන් AEROFLOT ගුවන් යානා නඩුවේ (CHC/126/22/MR) ෆිස්කල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිහිප දෙනෙකු ගන්නා උත්සාහය ඉංග්‍රීසියෙන් ඇති අධිකරණ නියෝග තේරුම් නොගැනීමක්ද?

රුසියන් AEROFLOT ගුවන් යානා නඩුවේ (CHC/126/22/MR) ෆිස්කල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිහිප දෙනෙකු ගන්නා උත්සාහය ඉංග්‍රීසියෙන් ඇති අධිකරණ නියෝග තේරුම් නොගැනීමක්ද? 1) Registrar is directed to convey this enjoining order to the Head of Air Navigation Services, the 2nd defendent. 2) Registrar is dorected to inform the Chief Trafic Controller by telephone and serve through the Fiscal also. ඉහත නියෝග 2 කොළඹ වාණිජ මහාධිකරණය විසින් CHC/126/22/MR නඩුවේදී එරොෆ්ලොට් රුසියන් එයර්ලයින් වෙත වාරණ නියෝගයක් නිකුත් කිරීමට අතිරේකව 2022.06.02 දින ලබා දී ඇත. රුසියන් AEROFLOT ගුවන් යානාව බේරුම්කරණ තීරණය ප්‍රදානය කරන තෙක් පියාසර කටයුතු කිරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමේදී ඉහත නියෝග 2ද අතිරේකව ලබා දී ඇත. සිංහල භාෂාවෙන් වාරණ නියෝගය ලබා දී ඇති අතර ඉහත අතිරේක නියෝග 2 ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී ඇත. රුසියන් AEROFLOT ගුවන් යානා තහනම් නඩුවේදී සිංහලෙන් එක නියෝගයක් ලබා දී ඉංග්‍රීසියෙන් තවත් නියෝග කිහිපයක් ලබා දී තිබියදි ෆිස්කල් මගින් කළ ක්‍රියාව අභියෝග කිරීමේදී හෝ ඒවායේ වරද, නිවරද පරීක්ෂා කිර

සිංහලෙන් එකක් කියා ඉංග්‍රීසියෙන් වෙන එකක් කියන "එරොෆ්ලොට් ගුවන් යානා නඩුවේ නීතිය" ගැන රුසියන් තානාපති කාර්යාලය කුමක් කියයිද? What does the Russian embassy say about the law in the aeroflot plane case which One in Sinhala and another in English?

සිංහලෙන් එකක් කියා ඉංග්‍රීසියෙන් වෙන එකක් කියන "එරොෆ්ලොට් ගුවන් යානා නඩුවේ නීතිය" ගැන රුසියන් තානාපති කාර්යාලය කුමක් කියයිද? What does the Russian embassy say about the law in the aeroflot plane case which One in Sinhala and another in English? Что говорит российское посольство о законе в деле самолета Аэрофлота, один на сингальском, другой на английском? රුසියන් ගුවන් යානා තහනමේදී  සිංහලෙන් එකක් කියා ඉංග්‍රීසියෙන් වෙන එකක් කියා ඇති නිසා වරද කර ඇත්තේ ෆිස්කල් නොව සතාසිවම් නඩුවේ මොල්ගහ මෙන් සංචාරක කර්මාන්තයයි. රුසියන් ගුවන් යානා තහනමේදී  සිංහලෙන් එක නියෝගයක් ලබා දී ඉංග්‍රීසියෙන් තවත් නියෝගයක් ලබා දී ෆිස්කල් මගින් කළ ක්‍රියාව නීතිපති අභියෝග කළාද? කොළඹ වාණිජ මහාධිකරණ chc/126/22/mr නඩුවේ 2022.06.02 නියෝග 2ක් ලබා දී ඇත. වාරණ නියෝගය සිංහලෙන් ලබා දී ඇත්තේ 1වන විත්තිකාර රුසියන් සමාගමට එරෙහිවය. (මේ නියෝගයේ පිටපතක් විත්තිකරුට යවයි) එසේ වුවත් නඩු වාර්තාවේද වෙනම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නියෝගයේ ගුවන් නාවික සේවා වැඩබලන ප්‍රධානී එන්.සී.අබේවර්ධන මගින් එකී නියෝගය ක්‍රියාත්මක කිරීම

නීතීඥවරයෙක්, නීතිඥ සංගමයේ සභාපති ධූරය දරන කාලසීමාවේ සේවාදායකයන් වෙනුවෙන් අලුත් නඩුවලට පෙනී සිටීමට නොහැකිවන ලෙස, විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුත්තේ ඇයි?

නීතීඥවරයෙක්, නීතිඥ සංගමයේ සභාපති ධූරය දරන කාලසීමාවේ සේවාදායකයන් වෙනුවෙන් අලුත් නඩුවලට පෙනී සිටීමට නොහැකිවන ලෙස, විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුත්තේ ඇයි? (අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පාලනය, අපක්ෂපාතීත්වය, විවෘතභාවය, වගවීම, යහපාලනය ගැන වර්තමානයේ විද්වත් සාකච්ඡාවක් ආරම්භ වී ඇත. මෙම කෙටි ලිපිය ලියවී ඇත්තේ ඒ සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් සිඳුවිය යුතු නීති සංශෝධන වෙනුවෙනි.මෙය සභාපතිධූරයට පත්වීමට පෙර තමන් පෙනීසිටීමට බාරගෙන ඇති නඩු කටයුතුවලට අදාල නොවේ.) 1. සබඳතා අතර ගැටුම් අවම කිරීමට. 2. නීතීඥ වෘත්තියේ ගරුත්වය සහ අභිමානය ආරක්ෂා කිරීමට 3. නීතීඥවරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ විනය කටයුතු වලදී ස්වාධීනව සිටීමට. 4.සභාපතිධූරය දරන කාලසීමාවේ පූර්ණ කාලීනව නීතීඥවරුන්ගේ අයිතිවාසිකම්, යුතුකම් සහ වගකීම් වෙනුවෙන් පෙනීසිටීමට අවස්ථාව ලැබීම. 5. සිය පෞද්ගලික අරමුණු සභාපතිධූරය යොදාගනිමින් අධිකරණය මගින් ක්‍රියාත්මක කර ගැනීමේ අවස්ථාව අවම වීම. 6. සභාපතිවරයා විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වය සමඟම සම්බන්ධතාවය පවත්වාගෙන යා යුතු වීම. 7. සභාපතිධූරය දරද්දී තමන් එක්

ජනාධිපතිව බංකරයෙන් මුදා ගත හැකි ආකාරය....

ජනාධිපතිව බංකරයෙන් මුදා ගත හැකි ආකාරය.... "ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා"ලෙස අලුත් පරිච්ඡේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධතාවය ශක්තිමත් කරන ආකාරය මෙම ලිපියෙන් පෙන්වා දී ඇත. ජනාධිපතිවරයා ජනතාව විසින් ඡන්දයෙන් තෝරා ගත්තද ජනාධිපතිවරයා ප්‍රශ්න කළ හැක්කේ මූලික අයිතිවාසිකම් නඩු වලින් පමණි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ පාලනයට සහ ජනාධිපති සහ ජනතාව අතර ඇති සම්බන්ධතාවට හිතකර නැත. මේ දුර්වලතාවය හේතුවෙන් වතුර බොර කර බොර දියේ මාලු බෑමට පාර්ලිමේන්තුව සහ අන්තවාදීන් උත්සාහ කරන අතර, පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා පාලනය කිරීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට අවස්ථාවක් කරගෙන ඇත. ජනාධිපතිවරයා ජනතාව විසින් සෘජුවම තෝරාපත් කර ගන්නා හෙයින්, ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවටයටත් කිරීම නො විය යුතු අතර ජනාධිපතිවරයා ජනතාවට යටත් කිරීම සිඳුවිය යුතුය. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට "ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා"ලෙස අලුත් පරිච්ඡේදයක් (VII අ) ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර ඇති සම්බන්ධතාවය සහ බැඳීම ශක්තිමත් කළ හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ

"ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා"ලෙස අලුත් පරිච්ඡේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමු...!

"ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා"ලෙස අලුත් පරිච්ඡේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමු...! ජනාධිපතිවරයා ජනතාව විසින් ඡන්දයෙන් තෝරා ගත්තද ජනාධිපතිවරයා ප්‍රශ්න කළ හැක්කේ මූලික අයිතිවාසිකම් නඩු වලින් පමණි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ පාලනයට සහ ජනාධිපති සහ ජනතාව අතර ඇති සම්බන්ධතාවට හිතකර නැත. මේ දුර්වලතාවය හේතුවෙන් වතුර බොර කර බොර දියේ මාලු බෑමට පාර්ලිමේන්තුව සහ අන්තවාදීන් උත්සාහ කරන අතර, පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා පාලනය කිරීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට අවස්ථාවක් කරගෙන ඇත. ජනාධිපතිවරයා ජනතාව විසින් සෘජුවම තෝරාපත් කර ගන්නා හෙයින්, ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවටයටත් කිරීම නො විය යුතු අතර ජනාධිපතිවරයා ජනතාවට යටත් කිරීම සිඳුවිය යුතුය. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට "ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා"ලෙස අලුත් පරිච්ඡේදයක් (VII අ) ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අලුත් පරිච්ඡේදයට ඇතුළත් විය යුතු කෙටුම්පත පහත දක්වා ඇත. 1. ශ්‍රී ලංකා ජනරජයේ

ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය හැකි "විශේෂ දිසා අධිකරණය" පිහිටුවීම ජනාධිපති ජනතාවට වගකියන තැනට පත්කිරීමට ඇති එකම මාර්ගයයි...! ( The only way to make the President accountable to the people is to set up a "Special District Court" where cases can be filed against the President ...!)

ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය හැකි "විශේෂ දිසා අධිකරණය" පිහිටුවීම ජනාධිපති ජනතාවට වගකියන තැනට පත්කිරීමට ඇති එකම මාර්ගයයි...! ( The only way to make the President accountable to the people is to set up a "Special District Court" where cases can be filed against the President ...!) (අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා නොගැනීමට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම නොව ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපති ජනතාවට වගකිව යුතු තැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම බව මෙම කෙටි ලිපියෙන් පෙන්වා දී ඇත) විධායක ජනාධිපතිවරයාව ජනතාව විසින් තෝරා පත් කරගත්තද, ජනතාවට ජනාධිපති සමඟ නීත්‍යානුකූලව සම්බන්ධ වීමට ඇත්තේ එකම නීතිමය මාර්ගයකි. ඒ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම පමණි. ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේදී ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති එයට පිළිතුරු ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිය යුතුය. නඩුව දින්නද, පැරදුනද ජනාධිපතිට එරෙහිව පවරන මූලික අයිතිවාසිකම් නඩුවකදී ජනාධිපතිට නඩු පවරන්නාගේ ඉල්ලීම ඇසීමට සහ පිළිතුරු දීමට නීතිමය බැඳීමක් ඇත. මේ ආකාරයටම ජනතාවගේ වෙනත් ඉල්ලීම්, ගැටළු, යෝජ