Skip to main content

Posts

Showing posts from March, 2022

පොදු ස්ථාන සඳහා කෝවිඩ් -19 එන්නත් කාඩ්පත් අනිවාර්යය කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එන්නත් නොගන්නා ආයුර්වේද පනත යටතේ ප්‍රතිකාර ගන්නා ජනතාව "නිවාස අඩස්සියේ" තැබීමට රජය ක්‍රියා කරයිද?

පොදු ස්ථාන සඳහා කෝවිඩ් -19 එන්නත් කාඩ්පත් අනිවාර්යය කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එන්නත් නොගන්නා ආයුර්වේද පනත යටතේ ප්‍රතිකාර ගන්නා ජනතාව "නිවාස අඩස්සියේ" තැබීමට රජය ක්‍රියා කරයිද? කෝවිඩ් 19 එන්නත් විදගැනීම අනිවාර්යය කිරීමේ නීති පනවා නැති අතර පොදු ස්ථාන වෙත  ප්‍රවේශ වීමේදී කෝවිඩ් -19 එන්නත් කාඩ් පත ලබා තිබීම අනිවාර්යය කිරීමේ නීති පනවා ඇත. කෝවිඩ් 19 එන්නත් විදගැනීම අනිවාර්යය කර නොතිබියදී එන්නත් නොගන්නා අයට පොදු ස්ථානවලට ඇතුල්වීම තහනම් කිරීම නිසා එන්නත් විදනොගන්නා අයගේ එනම් ආයුර්වේද පනත අනුව ප්‍රතිකාර ගන්නා අයගේ අධ්‍යාපන ලැබීමේ අයිතිය, පාසල් යාමේ අයිතිය, ගමන් බිමන් යාමේ අයිතිය, ආගමික අයිතිය, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, රෝගවලට ප්‍රතිකාර ගැනීමේ අයිතිය, අධිකරණයට සහ යුක්තීය පසිඳලන ආයතනවලට යාමේ අයිතිය අහිමි කිරීමට සෞඛ්‍ය ඇමතිට නොහැකිය. එනම් පොදු ස්ථාන සඳහා කෝවිඩ් -19 එන්නත් කාඩ්පත් අනිවාර්යය කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එන්නත් නොගන්නා ආයුර්වේද පනත යටතේ

තෙල්, ගෑස්, විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය, නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල සහ නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු අධිකරණ අමාත්‍යාංශය සමග පවත්වන වැරදි සම්බන්ධතා.

තෙල්, ගෑස්, විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය, නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල සහ නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු අධිකරණ අමාත්‍යාංශය සමග පවත්වන වැරදි සම්බන්ධතා. (නීතීඥ අරුණ ලක්සිරි උණවටුන) (තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය පෙරට ගෙන එනආණ්ඩු විරෝධයේ සහ නීතියේ පාලනය බිඳ වැටීමේ අවධානම පිළිබඳ පෙන්වා දීම මෙම ලිපියෙන් අරමුණු කර ඇත) 1. 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එවකට සිටි පාලන කණ්ඩායම විසින් ගෙනා අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 07ක් විසින් එයට ජනමතවිචාරණයක් නියම කරන ලදී. 2 . එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 2015 දී නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් කුමන්ත්‍රණකාරී ලෙස 2015 දී 19ය වැරදි ලෙස නීතියක් බවට පත් කර ගන්නා ලදී.(2015 ගෙනා 19ය නීතියක් නොවේ) කියවන්න නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ලියා ඇති "සාලිය පීරිස් ජයගත් නීතීඥ නිලවරණයේ ඇත්ත සඟවන්නේ ඇයි…?" (දිවයින ඉරිදා සංග්‍රහය 2021.03.14) 3. මෙකී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථා වරද නිවැරදි කිරීම වෙනුවට එය යටපත් කිරීම වෙනුවෙන් 2020 දී 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදී. (ඉහත ලිපිය කියවන්න) 4. 20 වන ආණ්

තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය සහ නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල

තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය සහ නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල (තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධයේ සහ නීතියේ පාලනය බිඳ වැටීමේ අවධානම පිළිබඳ පෙන්වා දීම මෙම ලිපියෙන් අරමුණු කර ඇත) 1. 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එවකට සිටි පාලන කණ්ඩායම විසින් ගෙනා අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 07ක් විසින් එයට ජනමතවිචාරණයක් නියම කරන ලදී. 2 . එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 2015 දී නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් කුමන්ත්‍රණකාරී ලෙස 2015 දී 19ය වැරදි ලෙස නීතියක් බවට පත් කර ගන්නා ලදී.(2015 ගෙනා 19ය නීතියක් නොවේ) කියවන්න නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ලියා ඇති "සාලිය පීරිස් ජයගත් නීතීඥ නිලවරණයේ ඇත්ත සඟවන්නේ ඇයි…?" (දිවයින ඉරිදා සංග්‍රහය 2021.03.14) 3. මෙකී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථා වරද නිවැරදි කිරීම වෙනුවට එය යට ගැසීම සඳහා 2020 දී 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදී. (ඉහත ලිපිය කියවන්න) 4. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයේ හිටපු ඇමතිවරුන් 20ට ඇතුළත්වන බව දක්වා නැති අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව

අධිකරණ අමාත්‍යාංශය සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල භාෂා විරෝධය රටට එරෙහි සැළසුමක්ද? ඡායාරූප ප්‍රදර්ශනය සහ නීති සාකච්ඡාව 2022 මැයි 05 බ්‍රහස්පතින්දා

අධිකරණ අමාත්‍යාංශය සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල භාෂා විරෝධය රටට එරෙහි සැළසුමක්ද? ඡායාරූප ප්‍රදර්ශනය සහ නීති සාකච්ඡාව 2022 මැයි 05 බ්‍රහස්පතින්දා උදේ 10 සිට සවස 6 දක්වා කොළඹ මහජන පුස්තකාලයේදී රුවන්වැලිසෑය පින් බිමේදී දුටුගැමුණු මහ රජතුමා ඉදිරියේ ජනතාව රකින බවට ජනාධිපතිතුමා විසින් පොරොන්දු ලබා දී තිබියදී සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම තහනම් කරමින් සිංහල භාෂාවෙන් නඩු විභාග කිරීමට සමත් විනිසුරුවරු සහ නීතීඥවරු බිහිවීම වැළැක්වීමට අධිකරණ අමාත්‍යාංශය සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට්ටුව ගැසීම රටට එරෙහි සැළසුමක්ද යන්න ජනතාව විමසා බැලිය යුතුය. "සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම තහනම් කිරීමට සහ සිංහල භාෂාවෙන් නඩු විභාග කිරීමට සමත් විනිසුරුවරු සහ නීතීඥවරු බිහිවීම වැළැක්වීමට එරෙහි වෙමු" මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාශය, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය, කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ධර්මපාල පිළිරුව, අගවිනිසුරු නිල නිවස, බ්‍ර්තාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතා සහ නීති අධ්‍යයන පත්‍රිකා බෙදා දී ඇ

පාඨලී චම්පික අද (2022.03.07) අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ වන්දනා කළා වගේ නීති අධ්‍යාපනය සිංහල භාෂාවෙන් ඉගෙනීම තහනම් කළ වෙලේ බෝධීන් වහන්සේ වන්දනා කළාද?

පාඨලී චම්පික අද (2022.03.07) අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ වන්දනා කළා වගේ නීති අධ්‍යාපනය සිංහල භාෂාවෙන් ඉගෙනීම තහනම් කළ වෙලේ බෝධීන් වහන්සේ වන්දනා කළාද? පාඨලී චම්පික රණවක අද (2022.03.07) අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ ඉදිරිපිටදී..... අධිකරණ අමාත්‍යාංශය මූලිකත්වයෙන් නීති අධ්‍යාපනයෙන් සිංහල භාෂාවෙන් ඉගෙනීම තහනම් කිරීමට 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට්ටුව ගහන කොටත් මෙහෙම බෝධින් වහන්සේ වන්දනා කළා නම් හොඳයි නේද? (ෆීනික්ස් නීති සාර සංග්‍රහය) මධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394