Skip to main content

Posts

Showing posts from August, 2022

ඉංග්‍රීසි අන්තවාදීන්ගේ වැරදි චර්යාවන්, ලෝකයේ දියුණු රටවල් සමඟ සම්බන්ධ වී ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනිම වළක්වා ඇති ආකාරය.

ඉංග්‍රීසි අන්තවාදීන්ගේ වැරදි චර්යාවන්, ලෝකයේ දියුණු රටවල් සමඟ සම්බන්ධ වී ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනිම වළක්වා ඇති ආකාරය.... බ්‍රිතාන්‍යයේ යටත් විජිතවල සේවය කිරීමට ඉංග්‍රීසි ඉගෙන ගැනීම අනිවාර්ය කරන අධ්‍යාපනයක් සහ නීති ක්‍රමයක් ලංකාවේ ඇත. ලෝකයේ ඇති එකම ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි පමණක් බව ජනතාවට ඒත්තු ගන්නවා තිබුණද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර භාෂා 6ක් පිළිගෙන ඇති බව දරුවන්ගෙන් සඟවයි. ප්‍රංශය, ජර්මනිය, චීනය, රුසියාව, කොරියාව, ඉතාලිය, ජපානය වැනි ස්වාධීන දියුණු රටවල සේවය කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට ඒ භාෂා ඉගෙනීමට සිඳුවන අතර, ඒ ඒ භාෂා ඉගෙනීමට අවස්ථාව සළසා දී ඇත්තේ සුපිරි පාසල්වල වරප්‍රසාද ලත් සීමිත පිරිසකට පමණි. (ඇ.එ.ජ. පවා බ්‍රිතාන්‍යය යටත් විජිතයක් වී සිටීම මත එහි භාෂාව ඉංග්‍රීසි වේ) ශ්‍රී ලංකාවේ පාලන ආයතනවල ඉංග්‍රීසි අන්තවාදීන් බ්‍රිතාන්‍යය යටත් ව්ජිත පක්ෂපාතීත්වය රඳවා ගෙන ඇත්ත සඟවයි. ශ්‍රී ලාංකිකයන්ට ස්වාධීන රාජ්‍යයන් සමඟ ඇති බැඳීම ශක්තිමත් කිරීමට ඇති බාධාව දේශපාලකයන්ගේ දරුවන්ට බ්‍රිතාන්‍යයට සහ ඇ.එ.ජ. පැමිණ අධ්‍යාපනය ලැබීමට වැඩි අවස්ථාවක් ලබා දී තිබීමත්, නිදහ

1948 සිට වසර 74ක් දේශීය පාලනයෙන් ආරක්ෂාව ලැබූ අධිපරිභෝජකයන්ගේ ජීවන රටාව 2022 "ගෝඨා ගෝ ගමෙන්" අවසන් වෙයිද?

1948 සිට වසර 74ක් දේශීය පාලනයෙන් ආරක්ෂාව ලැබූ අධිපරිභෝජකයන්ගේ ජීවන රටාව 2022 "ගෝඨා ගෝ ගමෙන්" අවසන් වෙයිද? වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇත්තේ ආර්ථික ප්‍රශ්නයක්ද, දේශපාලන ප්‍රශ්නයක්ද, ජාත්‍යන්තර ප්‍රශ්නයක්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක්ද යන්නද ප්‍රශ්නයකි. ආහාර, විදුලිය, ඉන්ධන මිල ජනතාවට නොදැරිය හැකි මට්ටමෙන් ඉහළ ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ අරගල නිර්මාණය විය. ජනාධිපතිවරණයෙන් තෝරාගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නීතිය දෑතට ගත් ජනතාව විසින් 2022 ජූලි 09 දින නෙරපා හැරීම දක්වා එකී අරගලය ක්‍රියාත්මක විය. මැද පිළිවෙත අනුගමනය කළ දේශීය ජනතාව අධිපරිභෝජන සමාජ සංස්කෘතියකට පරිවර්තනය කිරීමේ නීති පැනවීම 1815 සිට බ්‍රිතාන්‍යයන් විසින් මෙරටට හඳුන්වා දෙනු ලැබීය. ඒ උඩරට ගිවිසුමෙනි. 1948 සිට ස්වදේශිකයන් විසින් වසර 74ක් තිස්සේ අධිපරිභෝජන සමාජ සංස්කෘතිය නඩත්තු කරමින් පවත්වාගෙන ආවේය. බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ ජනතාවට නොමැති දේ මෙරට වැවිලි කර්මාන්තය ලෙස දියුණු කළ අතර, ස්වදේශිකයන්ගේස්ව්‍යංපෝෂී කෘෂි ආහාර ජීවන රටාව දියුණු කිරීමට පියවර නොගත්තේය. දේශීය නිෂ්පාදන දිරිමත් කරන, දේශීය ව්‍යවසායකයා ආරක්ෂා

ඉංග්‍රීසීන්ගේ අධිපරිභෝජනය වෙනුවට දේශීය සංස්කෘතියේ එන මධ්‍යම ප්‍රතිපදාව පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වෙයිද?

ඉංග්‍රීසීන්ගේ අධිපරිභෝජනය වෙනුවට දේශීය සංස්කෘතියේ එන මධ්‍යම ප්‍රතිපදාව පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වෙයිද? වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇත්තේ ආර්ථික ප්‍රශ්නයක්ද, දේශපාලන ප්‍රශ්නයක්ද, ජාත්‍යන්තර ප්‍රශ්නයක්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක්ද යන්නද ප්‍රශ්නයකි. ආහාර, විදුලිය, ඉන්ධන මිල ජනතාවට නොදැරිය හැකි මට්ටමෙන් ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ අරගල නිර්මාණය විය.අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතිය 1815 සිටම මෙරට නීතියට ඇතුළත් විය. 1948 සිට ස්වදේශිකයන් විසින් වසර 74ක් තිස්සේ අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතිය නඩත්තු කළේය. දේශීය නිෂ්පාදන දිරිමත් නොකරන විදේශීය නිෂ්පාදන දිරිමත් කරන නීති පැනවීමට පාර්ලිමේන්තුව ක්‍රියා කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙමින් අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතිය නඩත්තු කළේය. අල්ලස, දූෂණය, අක්‍රමිකතාවය සහ බලවතුන්ට නීතිය ක්‍රියාත්මක නොවීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතියේ ලක්ෂණයකි. වසර 74 ක් තිස්සේ දේශීය නීති යාන්ත්‍රණය මගින් ක්‍රියාත්මක වූ අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතිය පුපුරා යාමේ උච්චතම අව

ඉංග්‍රීසි අන්තවාදීන්ට තැන නැති ක්‍රීඩාවේදී ලක්දරුවෝ ජය ලබති...! ඉංග්‍රීසි අන්තවාදීන්ගේ ලක්ෂණ 7...!

ඉංග්‍රීසි අන්තවාදීන්ට තැන නැති ක්‍රීඩාවේදී ලක්දරුවෝ ජය ලබති...! ඉංග්‍රීසි අන්තවාදීන්ගේ ලක්ෂණ 7...! 1) නීතිය නොදන්නා ජනාධිපතිවරු පත් කරගැනීමට සහාය දෙයි. 2) ඉන්ධන වැඩි වශයෙන් දහනයවන වාහන භාවිතා කරයි. 3) පාපැදි භාවිතා කිරීමට ජනතාවට උනන්දුව ඇති නොකර පාපැදි අධික මිලට අලෙවි කිරීමට දිරි දෙයි. 4) රුසියාව සහ චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීමට බාධා කරයි. 5) දේශීය නිෂ්පාදකයන්, ගොවිතැන අධෛරයට පත් කර විදේශීය නිෂ්පාදන සහ විදේශීය ආහාර ආනයනය කරන්නන්ට දිරි දෙයි. 6) අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම, නීති අධ්‍යාපනය ලබා දීම වළක්වයි. 7) රජයේ දේපල උකස්කර විදෙස් රටවලින් ණය ලබා ගැනීමට උපදෙස් දෙයි. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුර 0712063394 (2022.08.07)

ශ්‍රී ලංකා අධිකරණ භාෂා නීති විද්‍යාලය පාර්ලිමේන්තු පනතකින් පිහිටුවිය යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා අධිකරණ භාෂා නීති විද්‍යාලය පාර්ලිමේන්තු පනතකින් පිහිටුවිය යුත්තේ ඇයි? (අධිකරණ අමාත්‍යාංශයේ සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ මෙහෙයවීමෙන් ප්‍රකාශයට පත් කර ඇති 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම, නීති විභාග පැවැත්වීම වළක්වා ඇත) නීතිඥවරු බිහිකරන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් සහ නීති පැනවීමේ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදිම ජනතාවගේ පරමාධිපත්‍යය අහිමි කිරීමකි.(මේ සම්බන්ධයෙන් නීතියේ පිහිට පැතීම ප්‍රායෝගික නොවන්නේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සංයුතිය, එහි බලපෑම සහ අගවිනිසුරු එහි ප්‍රධානත්වය දැරීම හේතුවෙනි.) එසේ හෙයින් පාර්ලිමේන්තු පනතකින් හෝ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ස්වාධීන කොමිසමක් කිරීමෙන් මෙයට විසඳුම් සෙවිය යුතුය. "නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ" නම් ශ්‍රී ලංකා නීති ව්ද්‍යාලය ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගැන්වීම නීති මූලධර්ම වලට පටහැනිව යාමකි. ශ්‍රී ලංකා නීති ව්ද්‍යාලය ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගැන්වීම නිදහස් අධ්‍යාපනය ලබන පුරවැසියන් නීතියෙන් ඈත් කිරීමකි, නිදහස් අධ්‍යාපනය

අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රයේ අරමුණ අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම, නඩු තීන්දු ලබා දීම වැළක්වීමයි. එය නිවැරදි කරන ආකාරය....

අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රයේ අරමුණ අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම, නඩු තීන්දු ලබා දීම වැළක්වීමයි. එය නිවැරදි කරන ආකාරය.... 1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම, නඩු තීන්දු ලබා දිය යුතුය. 2) අධිකරණ අමාත්‍යාංශයේ සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ මෙහෙයවීමෙන් ප්‍රකාශයට පත් කර ඇති 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රය මගින් අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම, නීති විභාග පැවැත්වීම වළක්වා ඇත. 3. අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වීමෙන්, නීති විභාග පැවැත්වීම වැළක්වීමෙන් අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීමට සහ අධිකරණ භාෂාවෙන් නඩු තීන්දු ලබා දිය හැකි ශක්නුතාවය ඇති විනිසුරුවරු බිහිවීමද වළක්වා ඇත. 4) ජනතාව නීතියෙන් ඈත් කරවන සහ විදෙස් නීති උපාධිවලට ප්‍රමුඛත්වය දෙන මෙවැනි නීති පනවන්නේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවට සාමාජිකයන් පත් කිරීම ස්වාධීනව නොකර අධිකරණ ඇමතිගේ අභිමතයට කිරීමට ඇති හැකියාව හේතුවෙනි. 5) මෙය නිවැරදි කළ හැක්කේ සහ  විසඳුම වන්නේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ස්වාධීන කොමිසමක් කිරීම හෝ ශ්‍රී ලංක

ඉංග්‍රීසි මව් භාෂාව නොවූ අයට ඉංග්‍රීසියෙන් වැඩ කරන විට නිවැරදිව හිතන්න, තර්ක කරන්න බැරි ඇයි?

ඉංග්‍රීසි මව් භාෂාව නොවූ අයට ඉංග්‍රීසියෙන් වැඩ කරන විට නිවැරදිව හිතන්න, තර්ක කරන්න බැරි ඇයි? ඉංග්‍රීසි මව් භාෂාව වූ අය සහ වෙනත් භාෂාවක් මව් භාෂාව වී පසුව ඉංග්‍රීසි ඉගෙන ගත් අය අතර වෙනස්කම් රැසක් ඇත. ඉංග්‍රීසි යනු ඉංග්‍රීසි මව් භාෂාව නොවන අයට අතාර්කික භාෂාවක් බව ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය ආරම්භයේදීම තේරුම් යයි. සරළ උදාහරණයකින් එය පැහැදිලි කළ හැකිය. "put" පුට්" කියා "but" බට් කියන්නේ එහෙයිනි. එනම් විධිමත් තර්කයකට, ගැලපීමකට අනුව ඉංග්‍රීසි භාෂාව ගොඩ නැගී නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයද නිල භාෂා 06ක් පිළිගෙන ඇත. ඉංග්‍රීසි මව් භාෂාව නොවන අය ඉංග්‍රීසියෙන් වැඩ කරන විට තර්ක කිරීමට, හිතීමට නොහැකි පිරිසක් බවට පත්වන හෙයින් ඔවුන් ප්‍රධානත්වය දරන ආයතන දියුණු කිරීම ඉතා අපහසු වේ. ශ්‍රී ලංකාව කිසිම දිනක දියුණු කිරීමට නොහැකි වී ඇත්තේ ඒ නිසාය. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2022.08.02)

යෝජිත 22න් 225ට 2025 දක්වා දිගටම ඉන්න නියම කිරීම 2002දී ගෙනා 19ට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 07 දුන් තීරණය උල්ලංඝනය කරන ආකාරය.... නීති දේශන සඳහා විමසන්න...

යෝජිත 22න් 225ට 2025 දක්වා දිගටම ඉන්න නියම කිරීම 2002දී ගෙනා 19ට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 07 දුන් තීරණය උල්ලංඝනය කරන ආකාරය.... නීති දේශන සඳහා විමසන්න... 0712063394 දුරකථන අංකය අමතන්න. වෛද්‍ය තිලක පද්මා සුබසිංහ නීති අධ්‍යයන වැඩසටහන.