Skip to main content

Posts

Showing posts from September, 2021

(කෝවිඩ් -19) එන්නත නොගන්නා අයට පොදු ස්ථානවලට යාමට ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිශක්තිකරණ විකල්ප සහතිකයක්....

(කෝවිඩ් -19) එන්නත නොගන්නා අයට පොදු ස්ථානවලට යාමට ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිශක්තිකරණ විකල්ප සහතිකයක්.... කෝවිඩ් -19 ප්‍රතිශක්තිකරණ එන්නත් නොගන්නා අයට පොදු ස්ථානවලට යාමට ලියාපදිචි ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිශක්‍තිකරණ විකල්ප සහතිකයක් ලබා දීමට කටයුතු කර ඇත. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකතන 0712063394, 0786016161 (2021.09.18)

අලි ජාවාරම නතර කිරීමට යා යුතු අධිකරණය, අලි සංවිධාන සහ අලි විශාරදයෝ....!

අලි ජාවාරම නතර කිරීමට යා යුතු අධිකරණය, අලි සංවිධාන සහ අලි විශාරදයෝ....! දීර්ඝ කාලයක් තිස්සේ පැවති අලි ජාවාරමට පසුගිය වසර කිහිපයේ සිට කණ කොකා හැඩීමට පටන් ගත්තේය. ඒ අත්තනගල්ල, ඇඹිලිපිටිය, හොරණ, කොළඹ, නුගේගොඩ, කැස්බෑව, මාතර, වැනි මහේස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු පැවරීම් සිදු වීමෙනි. නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ අයට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම එකී නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීමට ඇති හොඳම සහ සඵල මාර්ගය වේ. මහේස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු පැවරීම අපරාධකරුවන්ට එල්ල කරන්නේ මහත් පීඩාවකි. මහේස්ත්‍රාත් අධිකරණය යනු අපරාධ වැළැක්වීමට ඇති ප්‍රධානම අධිකරණයයි. අපරාධ අධිකරණයක නඩුවක් පැවතීම අපරාධ කරුවන්ට අත් කරන පීඩාව හේතුවෙන් නැවත එවැනි අපරාධ සිදු නොකිරීමේ අදහසක් ඔවුන් තුළ ඇති කරයි. පසුගිය වසර කිහිපයේ අලි ජාවාරම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ මහේස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු පැවරීම් සිදුවීම හේතුවෙන් වනයෙන් අලි පැටවුන් අල්ලා ගැනීම, නීති විරෝධීව අලි ලියාපවිංචි කිරීම සම්පූර්ණයෙන්ම නතර විය. නීතිවිරෝධීව සන්තකයේ තබාගෙන සිටි අලි, ඇතුන් සහ පැටවුන් රජයේ බාරයට ගන්නා ලද්දේ මහේස්ත්‍රාත් අධිකරණ

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතෙන් "ත්‍රිපිටකය" රෝම ලංදේසි අධිකරණවල විනිශ්චයට පත් කිරීමට අවස්ථාව දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 80 සහ 105.4 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමකි....!

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතෙන් "ත්‍රිපිටකය" රෝම ලංදේසි අධිකරණවල විනිශ්චයට පත් කිරීමට අවස්ථාව දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 80 සහ 105.4 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමකි....! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.3 ව්‍යවස්ථාව කතානායක සහතිකය යෙදූ පසු පනතේ වලංගුතාවය පිළිබඳව පරීක්ෂා කිරීම, මතයක් ප්‍රකාශ කිරීම හෝ කවර ආකාරයකින් ප්‍රශ්න කිරීම කිසිම අධිකරණයක්, විනිශ්චය අධිකාරයක් විසින් නොකළ යුත්තේය. එවැනි තත්ත්වයක් ත්‍රිපිටකය සම්බන්ධව භික්ෂූන් වහන්සේලා විසින් ලබා දෙන තීරණයට යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතෙන් නැත්තේ ඇයි? එනම් කතානායකවරයාගේ සහතිකයට හිමි නෛතික බලය ත්‍රිපිටකය සම්බන්ධයෙන් යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතෙන් භික්ෂු සංස්ථාවට නැත්තේ ඇයි? මෙය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව සහ 105.4 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමකි. ආගමක නියම සම්බන්ධයෙන් උත්තරීතර අධිකරණයක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවස්ථාව සළසා දී ඇත්තේ 105.4 ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට පමණි. යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතෙන් "ත්‍රිපිටකය" රෝම ලංදේසි අධිකරණවල විනිශ්චයට පත