Skip to main content

Posts

Showing posts from July, 2022

ඉංග්‍රීසි අන්තවාදීහු ශ්‍රී ලංකාව දියුණු කිරීමට ඉඩ නොදී අලුත් ශ්‍රී ලංකාවක් හැදීම වළක්වන ආකාරය නීතිය ඇසුරෙන් පෙන්වා දෙන නීති දේශනය 2022 අගෝස්තු 17 "නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ නීතිමය අයිතිවාසිකම් ඉංග්‍රීසි අන්තවාදීන් විසින් අහිමි කරන ආකාරය සහ අරගල...!"

ඉංග්‍රීසි අන්තවාදීහු ශ්‍රී ලංකාව දියුණු කිරීමට ඉඩ නොදී අලුත් ශ්‍රී ලංකාවක් හැදීම වළක්වන ආකාරය නීතිය ඇසුරෙන් පෙන්වා දෙන නීතිඥ අරුණ ලක්සිරි උණවටුන පවත්වන 18වන නීති දේශනය 2022 අගෝස්තු 17 "නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ නීතිමය අයිතිවාසිකම් ඉංග්‍රීසි අන්තවාදීන් විසින් අහිමි කරන ආකාරය සහ අරගල...!" [මූලාශ්‍ර - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත, ස්ථාවර නියෝග, 2021 අගෝස්තු 17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා, ස්වභාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය,2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් - 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ SC/SD/24/2021 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය.] පසුබිම අලුත් ශ්‍රී ලංකාවක් සඳහා විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ඉංග්‍රීසි අන්තවාදීන්ගෙන් මුදවා නීතියට ගරු කරන අයගේ දායකත්වය ගැනීමට සූදානම්ද? ශ්‍රී ලංකාව වැනි නොදියුණු යටත්විජිත රටවල  සුලුතරයක් භාවිතා කරන භාෂාවෙන් අධිකරණ සහ පරිපාලන කටයුතු සිදුකරන අතර ප්‍රංශය-ජර්මනිය-ඉතාලිය-රුසියාව-චීනය-කොරියාව-එංගලන්තය වැනි දියුණු ස්වාධීන රටවල බහුතර පුරවැසියන්ගේ භාෂා

"නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ නීතිමය අයිතිවාසිකම් ඉංග්‍රීසි අන්තවාදීන් විසින් අහිමි කරන ආකාරය සහ අරගල...!" නීති දේශනය අගෝස්තු 17

ශ්‍රී ලංකාව වැනි නොදියුණු රටවල  පුරවැසියන්ට නොතේරෙන භාෂාවෙන් අධිකරණ කටයුතු සිදුකරන අතර ප්‍රංශය-ජර්මනිය-ඉතාලිය-රුසියාව-චීනය-කොරියාව-එංගලන්තය වැනි දියුණු රටවල පුරවැසියන්ට තේරෙන භාෂාවෙන් අධිකරණ කටයුතු සිදු කරයි...! එන්න අපි ඉංග්‍රීසි අන්තවාදීන් ශ්‍රී ලංකාව දියුණු කිරීමට ඉඩ නොදෙන හැටි නීතිය තුළින් කතා කරමු.... "නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ නීතිමය අයිතිවාසිකම් ඉංග්‍රීසි අන්තවාදීන් විසින් අහිමි කරන ආකාරය සහ අරගල...!" නීතිඥ අරුණ ලක්සිරි උණවටුන පවත්වන 18වන නීති දේශනය 2022 අගෝස්තු 17 [මූලාශ්‍ර - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත, ස්ථාවර නියෝග, 2021 අගෝස්තු 17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා, ස්වභාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය,2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් - 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ SC/SD/24/2021 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය.] අන්තර්ජාල සබැඳිය සඳහා 0712063394 දුරකථන අංකය අමතන්න. වෛද්‍ය තිලක පද්මා සුබසිංහ නීති අධ්‍යයන වැඩසටහන.

2002 සහ 2015 දී 19ය දෙවරක් ගෙනා බව දන්නවාද? 2015 දී 19 ගෙනාවේ 2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් බව දන්නවාද?

2002 සහ 2015 දී 19ය දෙවරක් ගෙනා බව දන්නවාද? 2015 දී 19 ගෙනාවේ 2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් බව දන්නවාද? 2002 සහ 2015 දී 19ය දෙවරක් ගෙනා අතර ඒ දෙසැරේදීම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා දී ඇත. 2002 සහ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණ 2 සිංහල භාෂාවෙන් ලබා ගත්තොත් 2015 දී 19ය ගෙන එමින් කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය දැන ගත හැකිය. එනම් 2015 දී 19 ගෙනාවේ 2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් බව තේරුම් ගත හැකිය. 2002 සහ 2015 යන වර්ෂ 2දී රනිල් වික්‍රමසිංහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් 2ක් ගෙනා අතර පුරවැසියන් විසින් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ 2ක් ලබා දී ඇත. (2002 සහ 2015 දී 19ය දෙවරක් ගෙනා බව මෙරට ජනතාවගෙන් බොහෝ දෙනෙක් දන්නේ නැත.) මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුර 0712063394 (2022.07.25)

ජනතාවගේ භාෂා අයිතිය රැකීමට විනිසුරුවරු විදෙස් රටවලින් ගෙන්වා ගැනීම පිළිබඳ කතිකාවක් ආරම්භ වීම...!

ජනතාවගේ භාෂා අයිතිය රැකීමට විනිසුරුවරු විදෙස් රටවලින් ගෙන්වා ගැනීම පිළිබඳ කතිකාවක් ආරම්භ වීම...! "නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ" යන්න ක්‍රියාත්මක වීමට නම් ඉහළ අධිකරණ ලබා දෙන තීරණ ජනතාවට කියවිය හැකි භාෂාවෙන් ලබා දිය යුතුය. වසර 74ක් නිදහස ලැබී ඇති බව ප්‍රකාශ කෙරුණද ඉහළ අධිකරණ තීරණ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කර ඇති අධිකරණ භාෂාවෙන් ලබා නොදෙයි. මෙය රටේ නීතියේ පාලනය පවත්වාගෙන යාමට ජනතාව නීතියෙන් ඈත් වීම  එය ඉහළ බලපෑමක් කර ඇත. මෙය විසඳා ගැනීමට ජනතාවගේ භාෂා අයිතිය ආරක්ෂා කරන විදෙස් විනිසුරුවරු ශ්‍රී ලංකාවේ නඩු විහාග කිරීමට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය ගැන නීතියේ පාලනය පිළිබඳ අදහස් දක්වන්නන් අතර සාකච්ඡා වෙමින් ඇත. ඒ මන්ද යත් ඉංග්‍රීසියෙන් පමණක් ලබා දෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහලෙන් භාෂාවෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තුවටවත් ව්‍යවස්ථාදායක බලයක් නැති බව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පෙන්වා දීමය. 2021.08.17 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එම ඉල්ලීම ඉටු කිරීමට කථානායකට නොහැකි විය. (2021.08.17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව බලන්න) මව් භාෂා

විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම....!

විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම....! රුසියාව, චීනය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ජපානය, කොරියාව දියුණු වී ඇත්තේ සුලුතරයේ භාෂාවෙන් අධිකරණ කටයුතු නොකිරීම හේතුවෙනි. සුලුතරයකගේ භාෂාවෙන් ඉහළ අධිකරණ කටයුතු කරන ශ්‍රී ලංකාව වැනි රටවල බහුතර ජනතාව නීතියේ පාලනයට ගරු කරන්නේ නැත. එම රටවල සබඳතා මත කටයුතු සිඳු වෙයි. ශ්‍රී ලංකාවේ අරගල බහුතර ජනතාවගේ භාෂාවෙන් සිඳුකරන අතර තීරණ සුලුතරයේ භාෂාවෙන් ගනී. හමුදා සෙබලුන්ට බහුතර ජනතාවගේ භාෂාවෙන් අමතන අතර, ඉහළ නිලධාරීන්ට සුලුතරයේ භාෂාවෙන් අමතයි. ජනාධිපතිවරයා ප්‍රතිඥා දීම සහ ජාතිය ඇමතීම සිංහල භාෂාවෙන් කරන අතර, තීරණ ගැනීම ඉංග්‍රීසි භාෂාවෙන් සිඳුකරයි. ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය පිහිටුවීමට නොහැකි වී ඇත්තේ  සුලුතරයක් විසින් බහුතරයේ භාෂාව ඉහළ අධිකරණ, පරිපාලන කටයුතු වලින් බැහැර කර තිබීමය. මේ අයුක්ති සහගත නීතිය ක්‍රියාත්මක වීම සහ පසිඳලීම තේරුම් නොගෙන සිඳු කරන කිසිම අරගලයක් සාර්ථක නොවේ. මේ සත්‍යය පිළිනොගෙන සිඳුකළ ගෝඨාභය ජනාධිපති ඉවත් කිරීමට නීතිය අතට ගැනීමෙන් අරගලකරුවන්

විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම....!

බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම....! රුසියාව, චීනය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ජපානය, කොරියාව දියුණු වී ඇත්තේ සුලුතරයේ භාෂාවෙන් අධිකරණ කටයුතු නොකිරීම හේතුවෙනි. සුලුතරයකගේ භාෂාවෙන් ඉහළ අධිකරණ කටයුතු කරන රටවල බහුතර ජනතාව නීතියේ පාලනයට ගරු කරන්නේ නැත. එම රටවල සබඳතා මත කටයුතු සිඳු වෙයි. ශ්‍රී ලංකාවේ අරගල බහුතර ජනතාවගේ භාෂාවෙන් සිඳුකරන අතර තීරණ සුලුතරයේ භාෂාවෙන් ගනී. හමුදා සෙබලුන්ට බහුතර ජනතාවගේ භාෂාවෙන් අමතන අතර, ඉහළ නිලධාරීන්ට සුලුතරයේ භාෂාවෙන් අමතයි. ජනාධිපතිවරයා ප්‍රතිඥා දීම සහ ජාතිය ඇමතීම සිංහල භාෂාවෙන් කරන අතර, තීරණ ගැනීම ඉංග්‍රීසි භාෂාවෙන් සිඳුකරයි. ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය පිහිටුවීමට නොහැකි වී ඇත්තේ  සුලුතරයක් විසින් බහුතරයේ භාෂාව ඉහළ අධිකරණ, පරිපාලන කටයුතු වලින් බැහැර කර තිබීමය. මේ අයුක්ති සහගත නීතිය ක්‍රියාත්මක වීම සහ පසිඳලීම තේරුම් නොගෙන සිඳු කරන කිසිම අරගලයක් සාර්ථක නොවේ. මේ සත්‍යය පිළිනොගෙන සිඳුකළ ගෝඨාභය ජනාධිපති ඉවත් කිරීමට නීතිය අතට ගැනීමෙන් අරගලකරුවන් කබලෙන් ලිපට වැටී

සිංහලෙන් නීති අධ්‍යාපනය තහනම් කරමින් විදෙස් නීති ගෙන ඒමට උත්සාහ කළ අලි සබ්‍රි විදේශ ඇමති කළේ විදෙස් හමුදා මැදිහත් වීමට මාර්ගය තැනීමටද?

සිංහලෙන් නීති අධ්‍යාපනය තහනම් කරමින් විදෙස් නීති ගෙන ඒමට උත්සාහ කළ අලි සබ්‍රි විදේශ ඇමති කළේ විදෙස් හමුදා මැදිහත් වීමට මාර්ගය තැනීමටද? (සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීමට එරෙහිව අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ නීතීඥවරයෙක් පැවැත් වූ විරෝධතා පා ගමන) අධිකරණ ඇමති වී කොරෝනා තත්ත්වය ප්‍රයෝජනයට ගෙන විදෙස් නීති ගේන්න පනත් කෙටුම්පතක් * ගෙනවිත් එක් පුරවැසියෙකුගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකින් (SC/SD/ 24/2021) පරාජය වූ අලි සබ්‍රි මෙදා අරගලය ප්‍රයෝජනයට ගෙන විදෙස් ඇමති වී ජාත්‍යන්තර හමුදා ශ්‍රී ලංකාවට ගෙන ඒමේ වැඩි ඉඩක් ඇත. සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීමට 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් නීති පනවා දුන්නේද අලි සබ්‍රි විසිනි. ඒ අනුව දේශීය නීති සහ පරිපාලන යාන්ත්‍රණය විදෙස් රටවලින් හසුරුවන තත්ත්වයට පත් කිරීම  අලි සබ්‍රිගේ නීති දර්ශනය බව පැහැදිලි වී ඇත. * ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව විදෙස් නීති ගෙන ඒමට අලි සබ්‍රි උත්සාහ කළ ආකාරය සහ එය පරාජය වූ ආකාරය දැන ගැනීමට 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 1389 - 1450 දක්වා

අරගලකරුවන්ට පහරදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි...!

අරගලකරුවන්ට පහරදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි...! අරගලකරුවන්ට පහරදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති 9 වන ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රමුඛ යුතුකම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ රජයේ ප්‍රමුඛ වගකීම උල්ලංඝනය කිරීමකි. හදිසි නීතිය හෝ වෙනත් නීති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සීමා කිරීමට විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට නීතිමය හැකියාවක් නැත. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටන දුර. 0712063394 (2022.07.22)

සෝල්බරි ව්‍යවස්ථාව නැවත ගෙන ඒමේ සහ අග්‍රාණ්ඩුකාරධූරය ඇති කිරීමේ 1972 ජනරජ ව්‍යවස්ථාවට එරෙහි "ප්‍රති නෛතික විප්ලවය" සාර්ථක කරගැනීමටත් අරගලකරුවෝ සහාය දෙයිද?

සෝල්බරි ව්‍යවස්ථාව නැවත ගෙන ඒමේ සහ අග්‍රාණ්ඩුකාරධූරය ඇති කිරීමේ 1972 ජනරජ ව්‍යවස්ථාවට එරෙහි "ප්‍රති නෛතික විප්ලවය" සාර්ථක කරගැනීමටත් අරගලකරුවෝ සහාය දෙයිද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව නෙරපා ගත් පසු තමන්ට අවශ්‍ය කෙනා අග්‍රාණ්ඩුකාරවරයා (වැඩබලන ජනපති) වන බව නීති සංගමයේ ඉහළ ක්‍රියාකාරීන් දැන සිටි නමුත් අරගලයට සම්බන්ධ ක්‍රියාකාරින් බහුතරයක් ඒ බව දැන සිට නැති බව ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය අත්කර ගැනීම සහ අත්හැරීම සම්බන්ධ සිදුවීම් පෙන්වා දෙයි. ඒ බව පැහැදිලි වන්නේ ජර්මන් ජාතික දාර්ශනික කෙල්සන්ගේ "Grundnorm" නීති මූලධර්මය පිළිබඳ අරගලකරුවන්ගේ නොදැනුවත් බවයි. මෙහි ප්‍රතිඵලය වන්නේ 1972 සිදුවූ නෛතික විප්ලවයද අපසු හැරවී 1948 සෝල්බරි ව්‍යවස්ථාව දක්වා වන ප්‍රති නෛතික විප්ලවයක් සිඳුවීමය. එනම් 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට පෙර පැවති තත්ත්වයට රට යාමය. 1970 මැතිවරණයෙන් ජයගත් සමඟි පෙරමුණු ආණ්ඩුව එතෙක් පැවති සෝල්බරි ව්‍යවස්ථාව බැහැර කර නෛතික විප්ලවයක් එනම් Grundnorm මගින් 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගත්තේය. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය රැක ගැනීම ස

පාර්ලිමේන්තුව තෝරා ගන්නේ රනිල්ද? ඩලස්ද?

පාර්ලිමේන්තුව තෝරා ගන්නේ රනිල්ද? ඩලස්ද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නෙරපීමෙන් පසු පත්වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් නොව ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගැනීමට විධිවිධාන වූයේ නම් මේ ආකාරයට ගෝඨාභය ජනාධිපතිවරයාව නෙරපන්නේ නැත. එමෙන්ම රටෙන්ද නෙරපන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නෙරපීමේ ක්‍රියාව ආරම්භ කරන ලද්දේ පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමට විධිවිධාන තිබූ හෙයින් ය. එම විධිවිධාන නොවන්නට ගෝඨාභය ජනාධිපතිවරයා නෙරපා දැමීමෙන් ප්‍රතිඵල ලැබිය නොහැකි වේ. එක් මන්ත්‍රී ආසනයක් හිමිවී තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම හෝ ජනාධිපති වීම පිළිබඳ ජනතාව පුදුමයට පත් වූ අනපේක්ෂිත සිද්ධියකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නෙරපීමේ ක්‍රියාවලිය සඳහා ගාලුමුවදොර අරගලය යොද ගත්තද පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේදී එයට මැදිහත්වීමට අරගලකරුවන්ට අවස්ථාව ලබා දෙන්නේ නැත. ඒ කටයුතු නීති රහස් ලෙස සිදුකරනු ලබයි. අරගලය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම වූ අතර, මේ වන විට බ්‍රිතාන්‍යය හිතවත් නීති පාර්ශවය විසින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස තෝරාගෙන ඇති අතර, ඇමෙරිකානු

මැතිවරණ සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් ජනතාවගේ සෘජු ඡන්දයෙන් පැවැත්වීමට හැකිවන පරිදි ඩිජිටල් ඡන්ද ක්‍රමයට පරිවර්තනය කරන නීති සංශෝධන ගෙනෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස් ජනරාල්ට ඉල්ලීමක්....

මැතිවරණ සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් ජනතාවගේ සෘජු ඡන්දයෙන් පැවැත්වීමට හැකිවන පරිදි ඩිජිටල් ඡන්ද ක්‍රමයට පරිවර්තනය කරන නීති සංශෝධන ගෙනෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස් ජනරාල්ට ඉල්ලීමක්.... ශ්‍රී ලංකාවේ පවත්වන මැතිවරණ සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් ජනතාවගේ සෘජු ඡන්දයෙන් පැවැත්වීමට හැකිවන පරිදි ඩිජිටල් ඡන්ද ක්‍රමයට පරිවර්තනය කරන නීති සංශෝධන ගෙනෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායකට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් දැනුම් දේ. ඩිජිටල් ඡන්ද ක්‍රමය හදුන්වාදී නීති සංශෝධන ගෙනා යුතු නීති 6ක් එහි දක්වා ඇත. ඒවා නම් පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත, ජනමතවිචාරණ පනත, පළාත්සභා පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත වේ. එකී ලිපියේ පිටපතක් පහත දැක්වේ. එහි පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කතානායක මහින්ද යාපා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සන්ජය රාජරත්නම් වෙතද යොමු කර ඇත. මෙම නීති සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් වැඩබලන ජනාධිපතිවරයා, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීම සෘජුවම ජනතාවට කළ හැකි වේ. එමෙන්ම පාර්ලිමේන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට අසමත් වූ මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා ජනතාවගේ පරමාධිපත්‍යය රකීවිද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට අසමත් වූ මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා ජනතාවගේ පරමාධිපත්‍යය රකීවිද? නීතිමය නිදහස වෙනුවෙන් පෙළ ගැසෙන්න ජනතාව සූදානම්ද? අහිමි කළ අධිකරණ භාෂා අයිතිය නැවත ලබා ගත හැකි වෙයිද? අධිකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබාදීම තහනම් කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට්ටුවේ එකී තහනම ඉවත් වෙයිද? ඉදිරියේ පත්වන ජනාධිපතිවරයා ඉංග්‍රීසි ජාතිවාදීන්ගෙන් ජනතාව මුදවා ගනීවිද? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් 2021 අගෝස්තු 17 දින ඉල්ලා සිටියද එය ඉටු කරමින් ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට ඔහුට නොහැකි විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ට හිමි අයිතිවාසිකම් යටතේ කළ මේ ඉල්ලීම ඉටු නොකිරීමට අලි සබ්‍රි අධිකරණ ඇමතිවරයා කතානායකවරයාට සහාය දී ඇති බව එදින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. (2021.08.17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව බලන්න) නීතිමය නිදහස ලැබීමේ අයිතිය සියලු අයිතිවාසිකම් අභිබවා යන

ජනතා ප්‍රශ්න විසඳීමට සිදුකරන "අරගලය" ඉංග්‍රීසි ජාතිවාදීන් පෝෂණය කිරීමටද?

ජනතා ප්‍රශ්න විසඳීමට සිදුකරන "අරගලය" ඉංග්‍රීසි ජාතිවාදීන් පෝෂණය කිරීමටද? (ඉංග්‍රීසි ජාතිවාදීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා දීම වළක්වාගෙන ඇත. "නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ" යන්න ඉන් බිඳවැටී ඇත. මේ කෙටි ලිපිය ඒ ගැන පැහැදිලි කිරීමට සහ එය නිවැරදි කර නීතියේ පාලනය ස්ථාපිත කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටය.) "නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ" යන්න පිළිගත් වලංගු නීති සිද්ධාන්තයකි. නීතියේ මූලාශ්‍ර 2කි. ඒ පාර්ලිමේන්තුව පනවන නීති සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය. පාර්ලිමේන්තුව පනවන නීති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන සෑම තීරණයක්ම නීතිය ලෙස සළකනු ලබයි. ඒ අධිකරණ පූර්ව නිදර්ශන සිද්ධාන්තය ක්‍රියාත්මක වීම තුළය. පාර්ලිමේන්තුව පනවන නීති බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා දුන්නද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා දෙන්නේ නැත. ඒවා ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය පනවන නීති හෝ නීති අර්ථනිරූපණ දැනගත හැක්කේ ඉංග්‍රීසි දන්නා අයට පමණක් වන අතර, ඉංග්‍රීසි නොදන්නා ජනතාවට ඉන් බලවත් අසාධාරණයක් සිදුවේ. මෙය නිවැරදි කිරීමට අධිකරණ