Skip to main content

Posts

Showing posts from July, 2021

කොතලාවල පනත මෙන් නිදහස් අධ්‍යාපනයට බලපෑම් කරන, විදෙස් නීති රටට ගේන, නිදහස් අධ්‍යාපනය විදෙස් ගිවිසුම්වලින් ආවරණය කරන, නීති සංගමයේ කිහිප දෙනෙකු අනුමත කළද, රජය පරාද වූ කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය (2021.07.06 හැන්සාඩ් වාර්තාව) බහුතර ජනතාවට කියවා තේරුම් ගැනීමට සිංහල භාෂාවෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක්...

කොතලාවල පනතට මෙන් නිදහස් අධ්‍යාපනයට බලපෑම් කරන, නිදහස් අධ්‍යාපනය විදෙස් ගිවිසුම්වලින් ආවරණය කරන, විදෙස් නීති රටට ගේන, නීති සංගමයේ කිහිප දෙනෙකු අනුමත කළද, රජය පරාද වූ කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය (2021.07.06 හැන්සාඩ් වාර්තාව) බහුතර ජනතාවට කියවා තේරුම් ගැනීමට සිංහල භාෂාවෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක්... කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මුල් පිටුව එය සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් කළ ඉල්ලීම (කොරෝනා පනත් කෙටුම්පතට එරෙහිව නඩු පැවරූ පෙත්සම්කරු මෙම ඉල්ලීම කර ඇත) 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ ආවරණ පිටුව කොතලාවල පනත් කෙටුම්පත 2021 මාර්තු 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත... මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, දුරකථන 0342256066, 0712063394, 0786016161 (2021.07.25)

ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් නියම කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති 7ක් ඇති කොරෝනා පනතට ලබා දුන් 2021 ජූලි 06 හැන්සාඩ් වාර්තාවේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් ලබා දී පොදු ජන අයිතිය රකින්න...! එම නඩුවේ පෙත්සම්කරුගෙන් පාර්ලිමේන්තුවට ඉල්ලීමක්...

ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් නියම කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති 7ක් ඇති කොරෝනා පනතට ලබා දුන් 2021 ජූලි 06 හැන්සාඩ් වාර්තාවේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් ලබා දී පොදු ජන අයිතිය රකින්න...! එම නඩුවේ පෙත්සම්කරුගෙන් පාර්ලිමේන්තුවට ඉල්ලීමක්... නිදහස් අධ්‍යාපනය තුළ තොරතුරු දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කරමු... 2021 ජූලි 06 හැන්සාඩ් වාර්තාවේ ඇති ජනමත විචාරණයක් නියම කළ කොරෝනා පනතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් ලබාගෙන නිදහස් අධ්‍යාපනයට, රටේ ස්වාධීනත්වයට, ආගමික නිදහසට, ජනතා පරමාධිපත්‍යයට, ඩිජිටල් නෛතික නිදහසට වන බලපෑම කියවමු.... කොරෝනා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කියවා ගත හැක්කේ ඉංග්‍රීසි දන්නා අයට පමණද? එකී පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ඉතා කෙටි පැහැදිලි කිරීමක් කතානායකවරයා 2021 ජූලි 06 දින පාර්ලිමේන්තුවේදී කළ නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කර නැති අතර එය ඉංගරීසි භාෂාවෙන් පමණක් ඇතුලත් කර ඇත. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 4, 9 ව්‍ය

නිදහස් අධ්‍යාපනයට නෛතික බලපෑම් එල්ල කරන්නේ කොතලාවල පනතෙන්ද? ශ්‍රේෂ්ඨාධිකරණය ජනමතවිචාරණයක් නියම කළ කොරෝනා පනතෙන්ද?

නිදහස් අධ්‍යාපනයට නෛතික බලපෑම් එල්ල කරන්නේ කොතලාවල පනතෙන්ද? ශ්‍රේෂ්ඨාධිකරණය ජනමතවිචාරණයක් නියම කළ කොරෝනා පනතෙන්ද? කොතලාවල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පැමිණීම (ගෙනාවේ 20න් පත් වූ වලංගු ඇමතිවරයෙක්ද?) විදෙස් අධ්‍යාපන ආයතන ගිවිසුම් එන්නේ කොතලාවල පනතෙන්ද? කොරෝනා පනතෙන්ද? නිදහස් අධ්‍යාපනයට එරෙහි විදෙස් ගිවිසුම්වලට එළඹීමට අධිකරණ ඇමතිට බලය පැවරීම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ද? කොරෝනා අවසන්වීම අද නොවේ හෙටද? බාලගිරි දෝෂය වගේද? කොරෝනාවෙන් ආවරණය ලබා අධ්‍යාපන නීතිවල අයිතිය තනි ඇමතිවරයෙකුට පැවරීම ප්‍රජාතන්ත්‍රවාදයද? විදෙස් නීති/ අධ්‍යාපන නීති ගෙන ඒමට යෝජනා කර තිබූ කොරෝනා පනතට එරෙහිව එක් පුරවැසියෙක් ශ්‍රේෂ්ඨාධිකරණ‍යේ අභියෝග කළ අතර එකී පනත් කෙටුම්පතේ වගන්ති 7ක් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව තීරණය කර ඇති අතර එකී තීරණය සඳහා 2021.07.06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව බලන්න) නිදහස් අධ්‍යාපනයට වින කටින්නේ කොතලාවල පනතද?  ශ්‍රේෂ්ඨාධිකරණය ව්සින් ජනමතවිචාරණයක් නියම කළ කොරෝනා පනතද? කොරෝනාවට මුවා වී අධ්‍යාපනයේ නීතිය විදෙස්වලට, අධිකරණ ඇමතිට ලබා දීම හරිද? කොතලාවල පනත් කෙටුම්පත 2021 මාර්තු 26 දින

වගන්ති 7 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරයි...!

වගන්ති 7 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරයි...! 2021 ජූනි 08 වන දින පාර්ලිමේන්තුවේ පළමුවර කියවූ 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ලිඛිත පෙත්සමක් මගින් එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කළ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත. 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක වෙත ලැබී ඇති බව සහ එකී තීරණය අනුව එකී පනත් කෙටුම්පතේ වගන්ති 7ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව තීරණය කර ඇති බවත් ඉල්ලීමේ දක්වා ඇත. එකී තීරණය 2021 ජූලි 06 දින හැන්සාඩ් වාර්තාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණයෙන් ඇතුලත් කර තිබුණද සිංහල භාෂාවෙන් එකී තීරණය හැන්සාඩ් වාර්තාවට ඇතුලත් නොකිරීමෙන් පෙත්සම්කරුගේත්, ජනතාවගේත් අයිතිවාසිකම් අහිමි කර ඇති බව වැඩි දුරටත් සඳහන් කර ඇත.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,

වගන්ති 7 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන ලෙස හෝ සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරයි...!

වගන්ති 7 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන ලෙස හෝ සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරයි...! පහත දැක්වෙන්නේ එම ඉල්ලීමයි. (විද්‍යුත් තැපෑලෙන්/ අතින්/ ලි.ප.තැ) කථානයක කාර්යාලයේ තොරතුරු නිලධාරී, පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. වගන්ති 7 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන ලෙස හෝ සිංහල භාෂාවෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටීම. 1) 2021 ජූනි 08 වන දින පාර්ලිමේන්තුවේ පළමුවර කියවූ 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික) (විශේෂ විධිවිධාන)  පනත් කෙටුම්පතට එරෙහිව මා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ලිඛිත පෙත්සමක් මගින් එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කළ අතර (SC/ SD/ 24/ 2021) ගරු කථානායකතුමා වෙත එකී

2021 ජූලි 20 දින ජනාධිපතිට බාර දුන් මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් අතුරු වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකගව නිර්දේශ ඉදිරිපත් කර තිබේද?

2021 ජූලි 20 දින ජනාධිපතිට බාර දුන් මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් අතුරු වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකගව නිර්දේශ ඉදිරිපත් කර තිබේද? "මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සභා කමිටුවල තීරණ ඇගයීමට සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා අතුරු වාර්තාව" 2021.07.20 දින ජනාධිපතිවරයාට බාර දී ඇති අතර එහි නිර්දේශ පිළිබඳව විස්තරයක් ජනාධිපතිතුමාගේ මුහුණු පොතේ 2021.07.21දින දක්වා ඇති කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 9, 10, 12, 14,18, 23, 24 සහ 105.4 ව්‍යවස්ථා සමග ගැටේ. එම ව්‍යවස්ථා පිළිබඳ අවධානය යොමු නොකර වාර්තාව ඉදිරිපත් කර ඇති බව පෙනේ. එමගින් ජාතික ආරක්ෂාව, ජාතික සමගිය පෝෂණය කිරීම, ධර්මිෂ්ඨ සහ සාධාරණ ආර්ථික හා සමාජ ක්‍රමයක් ඇති කිරීමටත්, ආගමික නිදහසත්, නීතියේ රැකවරණයත් බිඳ වැටෙන තත්ත්වයක් ඇති වේ. https://m.facebook.com/story.php?story_fbid=1961480987350540&id=437355006429820 මෙම කොමිසමේ සාමාජිකයන් වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ යාපනය හිටපු නගරා

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ස්වාධීනත්වය රැක ගැනීම අවශ්‍යම මොහොතයි මේ....

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ස්වාධීනත්වය රැක ගැනීම අවශ්‍යම මොහොතයි මේ..... ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වෘත්තීයබව අපකීර්තියට පත් කිරීමට තැත් කරමින් සහ අයුතු ලෙස පක්ෂපාතීවෙමින්, අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ වගන්ති 7ක් තිබූ කොරෝනා පනත ගෙන ඒමට 19 යේ අධිකරණ ඇමතිට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සහාය ලබා දුන් නීතීඥයන් කිහිප දෙනා එළිදරව් කිරීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සහ ලේකම්ගේ යුතුකමකි. ඒ සම්බන්ධයෙන් ජනතාව ශ්‍රී ලංකා නීතීඥ සංගමයට 2021.07.20 දින ලබා දුන් මහජන පෙත්සම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වැරදි කර ඇති අය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි 'වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන' අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට නීතීඥවරුන් විසින් පෙළඹවීමක් කරනු ඇතැයිද බලාපොරොත්තු වේ. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකථන 0342256066/ 0712063394 (2021.07.20) https://m.youtube.com/watch?v=Hg6n8K9mk-M

2019 කොරෝනා වෛරස් රෝගය( කෝව්ඩ් -19) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් 2021.07.06 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ කෙටි විස්තරයක්....

2019 කොරෝනා වෛරස් රෝගය( කෝව්ඩ් -19) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් 2021.07.06 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ කෙටි විස්තරයක්....! (මුල් පිටුව, කතානායක තීරණය කෙටියෙන් ප්‍රකාශ කිරීම සහ තීරණයේ මුල් පිටුව) මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකථන 0342256066/0712063394

කාන්තා හිංසනය, බුදු දහම, 3, 9, 105.4 ව්‍යවස්ථා සහ පැට්‍රියා ප්‍රොටෙස්ටස්...

කාන්තා හිංසනය, බුදු දහම, 3, 9, 105.4 ව්‍යවස්ථා සහ පැට්‍රියා ප්‍රොටෙස්ටස්... කාන්තා හිංසනය බුදු දහමේ එන ධාර්මික පීතෲ මූලික සමාජයට විරුද්ධ වන අතර, රෝම ලංදේසි නීතියේ දෙවියන්ගේ අණකින් එන ' Patria potestas ' සමාජයට එකගය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව, 9 වන ව්‍යවස්ථාව, 105.4 ව්‍යවස්ථාව සහ පූර්විකාවත්, රාජා භවතු ධම්මිකෝ පාඨයත් හේතුවෙන් රෝම ලංදේසි නීතියේ දෙවියන්ගේ අණකින් එන ' Patria potestas ' යටපත්වන අතර කාන්තාවන් හිංසනයට පත් කිරීම බෞද්ධ පුරුෂයන් විසින් කරනු නොලැබේ. එය ශීලයකි. ඒ අනුව යම් පුරුෂයෙක් කාන්තා හිංසනය සිදු කරන්නේ නම් ඔහු නිරයේ වැඩි කාලයක් දුක් විදිනු ඇති අතර සැපය ඈත් වනු ඇත. (මතු සම්බන්ධයි) නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකථන 0342256066/0712063394 (2021.07.20)

19 යේ අධිකරණ ඇමති අලි සබ්‍රි නීතියට, අධිකරණයට සහ නීතීඥ සංගමයට බලපෑම් කරන ආකාරය නීතියේ පාලනය පවත්වාගෙන යාමටත්, පුද්ගලයන්ගේ ආරක්ෂාවටත් අනතුරකි...! (සාක්ෂි සහිතයි)

19 යේ අධිකරණ ඇමති අලි සබ්‍රි නීතියට, අධිකරණයට සහ නීතීඥ සංගමයට බලපෑම් කරන ආකාරය නීතියේ පාලනය පවත්වාගෙන යාමටත්, පුද්ගලයන්ගේ ආරක්ෂාවටත් අනතුරකි...! (සාක්ෂි සහිතයි) අධිකරණ විනිසුරුවරු වැඩිකරන සහ ජාතික ආණ්ඩු බිහි කරන නීති සංශෝධන ගෙනවිත් විනිසුරුවරුන්ට සහ නීතියට පක්ෂපාතිබව පෙන්වමින් රට ඩිජිටල් යටත් විජිතයක් කිරීමේ සහ ඩිජිටල් නෛතික නිදහස අහිමි කරන 19 යේ අධිකරණ ඇමති අලි සබ්‍රිගේ උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 9, 10, 14, 18, 23, 24 සහ 106, 157 වන ව්‍යවස්ථාවලට පටහැනියි...! සිංගප්පූරු, යූඑස්ඒ, යූකේ ඇතුලු විදෙස් නීති රටට ගෙන ඒමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථාවලට පටහැනිව කොරෝනා පනත ගෙන ඒම සහ 2021.07.12 දින ස්වර්ණවාහිනී 'ඉර' වැඩසටහනේදී ශ්‍රේෂ්ඨාධිකරණයට සහ නීතියට අපහාස කිරීමත්, නීතීඥ සංගමයේ ස්වාධීනත්වය අනතුරේ හෙලීමත්, විදෙස් 'සූම්' ගිවිසුම් මගින් අභියාචනාධිකරණය ඇතුලු අධිකරණවල ස්වාධීනත්වයට ගැටලු ඇති කිරීමත් ඒ සඳහා පැහැදිලි උදාහරණ වේ. අභියාචනාධිකරණයේ නඩු විභාග කිරීමට "සුම්" විදෙස් ආයතනය සමග ඇතිකරගත් ජාත්‍යන්තර ගිවිසුමේ පිටපතක් ලබා ගැනීමට ජනාධිපති කාර්

මහජන යුතුකම ඉටු කිරීමෙන් බැහැර නොවන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයට මහජන පෙත්සමක්....!

මහජන යුතුකම ඉටු කිරීමෙන් බැහැර නොවන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයට මහජන පෙත්සමක්....! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වගන්ති තිබූ 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු නොදැක්වීම සහ එම පනත් කෙටුම්පත අනුමත කිරීම සහ 2021 ජූලි 12 දින ස්වර්ණවාහිනී ඉර වැඩසටහනේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි මහතා විසින් කර ඇති වැරදි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමට පුරවැසියන් විසින් කටයුතු කරමින් ඇත. එකී මහජන පෙත්සම පහත දැක්වෙයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව 2020.08.12 මහනුවරදී අධිකරණ ඇමති ලෙස පත් වන විට හිතාගෙන හිටියාද? (කරුණු 07ක්)

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව 2020.08.12 මහනුවරදී අධිකරණ ඇමති ලෙස පත් වන විට හිතාගෙන හිටියාද? (කරුණු 07ක්) 1) සිංගප්පූරු, යූඑස්ඒ, යූකේ විදෙස් නීති ගෙන ඒමට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලව කොරෝනා පනත ගෙන විත් දුප්පතුන්ට සහන සැළසන බවට විශ්වාසය ඇති කිරීමට 2) ස්වර්ණවාහිනී විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ නීතියට අපහාස කිරීමට, 3) වැරදි සම්බන්ධතා ඇතිකරගෙන නීතීඥ සංගමයට ඇති මහජන විශ්වාස බිඳීමට 4) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුත් ඇමතිවරයෙක් ලෙස පත් නොවීම දිගටම රැදී සිටීමට 5) ඩිජිටල් යටත්විජිතකරණට රට සූදානම් කිරීමට සහ ඩීජිටල් නෛතික නිදහස පිළිබද නොතකා සිටීමට 6) වෙනත් රටවල නීති ගෙනවිත් ජාතික ආරක්ෂාව සහ 9 වන ව්‍යවස්ථාවේ ආරක්ෂාව අනතුරට දැමීමට 7) නීති විද්‍යාලයෙන් සහ නීතියෙන් සිංහල භාෂාව ඉවත් කිරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව 2020.08.12 මහනුවරදී අධිකරණ ඇමති ලෙස පත් වන විට හිතාගෙන හිටියාද? මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394

කිහිප දෙනෙකුගේ පාවාදීම් මත ශ්‍රී ලංකා නීතීඥ සංගමය කෙරෙහි ඇති ජනතා විශ්වාසය බිඳ වැටීමට ඉඩ දිය යුතු නැත....!

කිහිප දෙනෙකුගේ පාවාදීම් මත ශ්‍රී ලංකා නීතීඥ සංගමය කෙරෙහි ඇති ජනතා විශ්වාසය බිඳ වැටීමට ඉඩ දිය යුතු නැත....! කොරෝනා පනතේ වගන්ති 7/13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරද්දී නීතීඥ සංගමයේ ඉහළ නිලතල දරන අයට එය නොපෙනීම නීතියේ පාලනයට බලවත් අනතුරකි. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉහළ නිලතල දරණ අය ග්‍රහණයට ගෙන ඇති බව පැහැදීලි වන්නේ 2020.07.12 දින ස්වර්ණවාහිනී "ඉර" වැඩසටහනට සහභාගී වෙමින් නීතීඥ සංගමය කොරෝනා පනතට සහාය දුන් බව ප්‍රසිද්ධියේ පැවසීමෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමෙනි. ශ්‍රී ලංකා නීතීඥ සංගමය කෙරෙහි ඇති ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම පුරවැසියන්ගේ අයිතියකි, වගකීමකි, යුතුකමකි. [1. කොරෝනා පනතේ වගන්ති 7/13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව කොරෝනා පනතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය විමසීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. 2021.07.06 හැන්සාඩ් වාර්තාවේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය බලන්න... 2. කොරෝනා පනත අභියෝග කළ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම යටතේ පැමිණිලි කර

නඩු විභාග කිරීමට "සුම්" ආයතනය සමග ඇතිකරගත් ගිවිසුමේ පිටපතක් ලබා ගැනීමට ජනාධිපති කාර්යාලයෙන් කළ ඉල්ලීම අධිකරණ අමාත්‍යාංශයට යොමු කරයි.

නඩු විභාග කිරීමට "සුම්" ආයතනය සමග ඇතිකරගත් ගිවිසුමේ පිටපතක් ලබා ගැනීමට ජනාධිපති කාර්යාලයෙන් කළ ඉල්ලීම අධිකරණ අමාත්‍යාංශයට යොමු කරයි. අභියාචනාධිකරණය "සූම්" මාර්ගගත ක්‍රමයට නඩු විභාග කිරීමට "සූම්" ආයතනය සමග ඇතිකරගත් ගිවිසුමේ පිටපතක් ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් අධිකරණ අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී වෙත දැනුම් දී ඇත. මෙම "සුම්" ගිවිසුමේ පිටපතක් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන යටතේ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ජනාධිපති ලේකම් වෙතින් පසුගියදා ඉල්ලා තිබුණි. ජනාධිපති කාර්යාලයේ ලිපිය පහත ඇත. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394 (2021.07.16)

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සහ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොරෝනා පනත් කෙටුම්පතට නඩු පැවරූ නීතීඥවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරයි...

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සහ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොරෝනා පනත් කෙටුම්පතට නඩු පැවරූ නීතීඥවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරයි... මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394

(Let's control the wrong relationship between several members of the Bar Association and the Minister of Justice…!) නීතිඥ සංගමයේ කිහිප දෙනෙකු සහ අධිකරණ ඇමති අතර ඇති වැරදි සම්බන්ධතා පාලනය කරමු...!

(Let's control the wrong relationship between several members of the Bar Association and the Minister of Justice…!) නීතිඥ සංගමයේ කිහිප දෙනෙකු සහ අධිකරණ ඇමති අතර ඇති වැරදි සම්බන්ධතා පාලනය කරමු...! 1) නීතිඥ සංගමයේ කිහිප දෙනෙකු අධිකරණ ඇමති සමග ඇති පෞද්ගලික සම්බන්ධතාවය නිසා වගන්ති 7ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අධිකරණ ඇමතිගේ කොරෝනා පනත් කෙටුම්පත නොදැක්කා වාගේ හිටියාද? 2) නීතිඥ සංගමයේ සභාපති වීමට සහාය දුන් නිසා අධිකරණ ඇමතිගේ ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත නීතිඥ සංගමයේ අවධානයට යොමු කළේ නැද්ද? 3) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝන කරන වගන්ති 7ක් තිබූ 2021.06.08 දින අධිකරණ ඇමති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොරෝනා පනතට නීතීඥ සංගමයේ ඇතැම් නිලධාරීන් එරෙහි නොවුණේ අධිකරණ අමාත්‍යාංශයේ වැටුප් ගන්නා නීතීඥවරුන්ගේ බලපෑම් නිසාද? 4) අධිකරණ ඇමති සහ නීතිඥ සංගමයේ කිහිප දෙනෙකු අතර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳ වට්ටන සම්බන්ධතාවය අනුමත කරනවාද? 5) අපක්ෂපාතීව කොරෝනා පනත අධ්‍යයනය නොකිරීමේ වගකීම බාරගෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සහ ලේකම් ඉල්ලා අස්වෙයිද? 6) විදෙස් ගිවිසුම් මගින් සූම් නඩ

සම්පූර්ණ ඇමති සංශෝධනයක් කරන්නේ අගමැති සහ ඇමතිවරු 20 යටතේ දිව්රුම් දීමට සළස්වා 2020 ඔක් 29 සිට 20වන සංශෝධනයට පටහැනිව යන අගමැති, ඇමති මණ්ඩලය සහ රාජ්‍ය සේවය නීතියට ගැනීමටද?

සම්පූර්ණ ඇමති සංශෝධනයක් කරන්නේ අගමැති සහ ඇමතිවරු 20 යටතේ දිව්රුම් දීමට සළස්වා 2020 ඔක් 29 සිට 20වන සංශෝධනයට පටහැනිව යන අගමැති, ඇමති මණ්ඩලය සහ රාජ්‍ය සේවය නීතියට ගැනීමටද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූ සමයේ තේරීපත් වී ජනාධිපති ධූරයේ දිව්රුම් දෙන ලදී. එසේම 2020.08.05 දින පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලද්දේත් 19 ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන යටතේ වන අතර එමෙන්ම මහනුවරදී 2020 අගෝස්තු 12 දින දිවුරුම් දෙන ලදී. ඒ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේය. ඉන් පසු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගනිමින් 2020 ඔක්තෝබර් මස 29 දින කථානායක සහතිකය යොදා ඇත. ඒ අනුව 2020 ඔක්තෝබර් 29 දින සිට 19 ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ කොටස්වල ක්‍රියාකාරීත්වය 20 වන සංශෝධනයෙන් වෙනස් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII පරිච්චේදයත් එසේ සංශෝධනය වූ පරිච්චේදයකි. එනම් අමාත්‍ය මණ්ඩලයට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII වන පරිච්චේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර අලුත් පරිච්චේදයක් ඇතුලත් කිරීමට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 7 වන වගන්තිය මගින් සිදුකර ඇත. ඒ අනුව වර්තමාන

ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍ය ධූරය නොදැරීම එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි...

ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍ය ධූරය නොදැරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි... ජනාධිපතිවරයාට බුද්ධ ශාසන අමාත්‍ය ධූරය සහ ආරක්ෂක අමාත්‍ය ධූරය දැරීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරනු ලැබූ  SC/FR/254/2020  මූලික අයිතිවාසිකම් නඩුව 2021 ජූනි මස 09 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 404 අධිකරණ ශාලාවේදී කරුණු තහවුරු කිරීමට කැදවනු ලැබීය. ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍ය ධූරය දැරීම රාජ්‍ය නීතිය එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමක් වන බවත්, අන් ආගමිකයන්ගේ ආගමික නිදහස ආරක්ෂා කිරීමක් වන බවත්, රජයේ දේපළ විදේශිකයන් සතුකිරීම, සොරකම, දූෂණය සහ අල්ලස් ගැනීම් පාලනය වන බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය. දළදා වහන්සේ රාජ්‍ය පාලකයාගේ ආරක්ෂාව යටතේ තීබීම තහවුරු වන්නේ බුද්ධ ශාසන අමාත්‍යධූරය ජනාධිපතිවරයා යටතේ තිබීමෙන් බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බුද්ධ ශාසන අමාත්‍යාංශය පැවරීමෙන් ජනාධිපතිවරයාගෙන් ඓතිහාසික වගකීම අත්හැරීමක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 9, 10, 12.1, 33, 105.4 ව්‍යවස්ථා යටතේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ස

ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍යධූරය තමන් විසින් නොදැරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරයි.

ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍යධූරය තමන් විසින් නොදැරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරයි. 19න් පත් වූ ඇමතිවරුන්ට 20න් පත්නොවී දිගටම ධූර දැරිය හැකිද ප්‍රශ්නයට නීතිපති පිළිතුරු දිය යුතු බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන එම නඩුවේ කරුණු තහවුරු කරන අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු දක්වයි "20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු බුද්ධ ශාසන ඇමතිවරයෙක් දිවුරුම් දී ඇත්නම් නීතිපතිවරයා එය පෙන්වාදිය යුතුයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්කාලීන විධිවිධානවලින් විනිසුරුවරුන්ගේ සහ ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්ගේ ධූර ආරක්ෂා කර තිබුණත් 19න් පත්වූ ඇමතිවරුන්ගේ ධූර ආරක්ෂා කර තිබේද යන්න වැදගත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව මගින් යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම ජනාධිපතිට අයත් කාර්යයක් හෙයින් ආරක්ෂක අමාත්‍ය ධූරය ජනාධිපති දැරීම නිවැරදියි. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛත්වය හිමිවීම යටතේ බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ජනාධිපති අත්හැරීම වැරදියි. බුද්ධ ශාසන අමාත්‍ය ධූරය අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන ජනාධිපති වෙත තබා ගත යුතුයි. එසේ නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9,

බුද්ධශාසන අමාත්‍යධූරය ජනාධිපතිවරයා නොදැරීමෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි වෙලා. මූලික අයිතිවාසිකම් නඩුව 2021 ජූලි 09 ශ්‍රේෂ්ඨාධිකරණයේදී...

ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍යධූරය තමා විසින් නොදරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 10 සහ 12.1 ව්‍යවස්ථා උල්ලංඝනය කරනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනාධිපතිම දැරිය යුතු බවට ප්‍රකාශයක් කරන්න. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ  SC/FR/254/20 මූලික අයිතිවාසිකම් නඩුව 2021 ජූලි 09 ශ්‍රේෂ්ඨාධිකරණයේදී.... මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, විමසීම දුරකථන 0342256066

ශ්‍රී ලංකාවේ නඩු විභාග කිරීමට"සූම්" විදෙස් ආයතනය සමග ඇති කරගන්නා ගිවිසුම් ජනතාවට ප්‍රසිද්ධ කරන ලෙස ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යාංශ ලේකම්, අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්ට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචනා මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරුන්ට ඉල්ලීමක්...!

ශ්‍රී ලංකාවේ නඩු විභාග කිරීමට "සූම්" තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණ නඩු මාර්ගගතව විභාග කිරීමේදී "සූම්" විදෙස් ආයතනය සමග ඇති කරගන්නා ගිවිසුම් ජනතාවට ප්‍රසිද්ධ කරන ලෙස ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යාංශ ලේකම්, අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්ට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචනා මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරුන්ට ඉල්ලීමක්...! එකී ඉල්ලීම පහත දැක්වේ මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, විමසීම දුරකථන 0712063394