Skip to main content

Posts

Showing posts from February, 2020

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ගෝඨාභය රාජපක්ෂට බාධා කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට පටහැනිව ක්‍රියාත්මක කරගෙන යන 19වන ව්‍යවස්ථා සංශෝධනය රැක ගැනීම වෙනුවෙන්ද? නීති අධ්‍යයන වැඩමුළු....

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට  ගෝඨාභය රාජපක්ෂට බාධා කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට පටහැනිව ක්‍රියාත්මක කරගෙන යන 19වන ව්‍යවස්ථා සංශෝධනය රැක ගැනීම වෙනුවෙන්ද? නීති අධ්‍යයන වැඩමුළු.... (ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීම, 19යට සහතිකය යෙදීමේදී කථානයකවරයාට සිදුවූ ව්‍යවස්ථා පැටලවීම විමසා බලන) පෙබ 29(සෙන) උදේ 9.30-12.00 දක්වා අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ දී (හදපාන්ගොඩ තැපැල් කාර්යාලයේ ඉදිරිපිට අධ්‍යයන ශාලාවේදී) (පවත්වන ලද අවස්ථාවේ සහභාගීත්වය ඡායාරූපවල දැක් වේ) මීළග අධ්‍යයන වැඩමුළුව... මාර්තු 12 (බ්‍රහස්) සවස 3-6 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ... මෙම නීති අධ්‍යයන වැඩමුළුව සදහා නීතිඥවරුන්ට,නීතිය අධ්‍යයන ශිෂ්‍යයන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන අයට,රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට සහ නීතිය පිළිබද උනන්දු අයට සහභාගී විය හැකිLය. (සහභාගී වන අයට නීති නිබන්ධන ලබා දෙන අතර ආසන සීමිත හෙයින් ආසනයක් කලින් වෙන්කර ගන්න) විමසීම - නීතිඥ අරුණ ලක්සිරි උණවටුන  දුර 0712063394

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිරුවත සායින්දමරුදු නගර සභා ගැසට්ටුව අත්හිටුවීමේ තිරයෙන් වසා ගැනීමට හැකිද?

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිරුවත සායින්දමරුදු නගර සභා ගැසට්ටුව අත්හිටුවීමේ තිරයෙන් වසා ගැනීමට හැකිද ? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් 2022 මාර්තු 20 දින සිට බලපැවැත්වෙන පරිදි සායින්දමරුදු නගර සභාවක් බවට පත් කර ඇති බවට 2020 පෙබරවාරි මස 14 වැනි සිකුරාදා අංක 2162/50 යටතේ නිකුත් කළ අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා විසින් එකී ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත. සායින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කර ගැනීම 1987 වසරේ සිට තිබූ ඉල්ලීමක් බවත් ජාතිවාදී ස්වභාවයෙන් මුස්ලිම් අන්තවාදීන් විසින් කරන ඉල්ලීමක් බවට සමාජයේ අදහසක් ඇත. මෙතක් පැවති රජයන් ඒ ඉල්ලීම ඉටු කරනු නොලැබූ බවත් වර්තමාන රජය විසින් දැන හෝ නොදැන සායින්දමරුදු ප්‍රදේශය වෙනම බල නගර සභාවක් බවට පත් කිරීමට අවශ්‍ය නිල පිළිගැනීම ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර ඇති බවත් සාකච්ඡාවට ලක් වී ඇත. සායින්දුමරුදු නගර සභාවක

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකින් නියම කළ ජනමතවිචාරණයක් අවලංගු කළ හැකිද?

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකින් නියම කළ ජනමතවිචාරණයක් අවලංගු කළ හැකිද ? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන (2020.02.04) “ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල , මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය ” . යනුවෙන් ජනමතවිචාරණයකින් මිස සංශෝධනය කළ හැකි ව්‍යවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව ලෙස ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය එනම් ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීම සහ භුක්ති විදීම සිදු කරන ආකාරය 4වන ව්‍යවස්ථාවේ දැක්වේ. මෙම ලිපිය මගින් සළකා බලන්නේ ජනතාවගේ අධිකරණ බලයට අදාල ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ක්‍රියාත්මක වීම සහ භුක්ති විදීම සිදු කරන ආකාරය ඇසුරෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකින් නියම කළ ජනමතවිචාරණයක් අවලංගු කළ හැකිද? යන්න විමසා බැලීමයි. 4 ( ඇ) ව්‍යවස්ථාවේ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක වන ආකාරය දක්වා ඇති අතර නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද , පරිහාර හා බලතල ස