Skip to main content

Posts

Showing posts from August, 2019

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට ජනතාවගේ අත්සන් ලක්ෂයක් එකතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී, විනයවත් සහ සංවර්ධිත සමාජයක් වෙනුවෙනි......!

(නඩු තීන්දු සිංහලෙන් ලබා ගැනීමේ අත්සන් ලක්ෂය සදහ සහාය දැක්වීමට මෙහි සදහන් නගරවල අයෙක් සමග සම්බන්ධ විය හැකියි...) ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට ජනතාවගේ අත්සන් ලක්ෂයක් එකතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී, විනයවත් සහ සංවර්ධිත සමාජයක් වෙනුවෙනි......! ශ්‍රී ලංකාවේ නීතිය සොයාගත හැකි ප්‍රධාන නීති මූලාශ්‍ර 2කි. 1.      පාර්ලිමේන්තුව සම්මත කරන පනත් 2.      ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු “නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවන හෙයින්” ස්වාධීන රටක නීති පැනවීම ස්වදේශීය ජනතාවට කියවිය හැකි භාෂාවෙන් ලබා දීම ශිෂ්ට ලෝකයේ පිළිගැනීමයි. පාර්ලිමේන්තුව නීති පැනවීම ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන නීති මූලාශ්‍ර 2ක අතරින් එකක්වන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන පනත්ය. පාර්ලිමේන්තුව රටේ බහුතර ජනතාවගෙන් සගවා නීති පැනවීම සිදු නොකරන අතර පාර්ලිමේන්තුව පනවන නීති එනම් පනත් සිංහල භාෂාවෙන් පනවා එයට ප්‍රමුඛස්ථානයද ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කරන පනත් සිංහල සහ දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි පරිවර්තනයක් සමග පනවනු ලැබේ. එමෙන්ම සිංහල සහ දෙමළ භාෂා පනත් අතර අ

ඉංග්‍රීසියෙන් නීති පැනවීමට නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන යලි තහවුරු කරන නඩු තීන්දු සිංහලෙන් ඉල්ලන පුරවැසි අත්සන් ලක්ෂය.....!

ඉංග්‍රීසියෙන් නීති පැනවීමට නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන යලි තහවුරු කරන නඩු තීන්දු සිංහලෙන් ඉල්ලන පුරවැසි අත්සන් ලක්ෂය.....! ශ්‍රී ලංකාවේ නීති පැනවීමේ භාෂාව සිංහල සහ දෙමළ වේ. ඉංග්‍රීසි භාෂාවෙන් පැනවිය හැක්කේ සිංහලෙන් පනවන නීතියේ පරිවර්තයක් පමණි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධිකරණවල නීති තර්ක ඉදිරිපත් කරන්නේ ප්‍රමුඛස්ථානයේ ඇති සිංහල පනත/නීතිය මත නොව පරිවර්තනයක් ලෙස මුද්‍රණය කර ඇති ඉංග්‍රීසි පනතේ/ නීතිය දෙස බලාගෙනය. ප්‍රාථමික නීතිය පසෙකලා ද්විතීක නීතිය අනුව නීති තර්ක ඉදිරිපත් කරන්නේ කවර නීති ප්‍රතිපාදනයක් අනුවද යන්න පැහැදිලි නැතත් ඉංග්‍රීසියෙන් ඇති පරිවර්තනය දෙස බලා යුක්තිය පසිදලීම ශ්‍රී ලංකාවේ සිදු වේ. මෙය නිවැරැදි නීතිය පසිදලීම නොවුණත් සිදුවන්නේ එයයි. එනම් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ලංකාවේ නීති පැනවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ ඉඩක් ලබා දී නැත. එසේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු ලබා දී (එම අධිකරණ දෙකේ සෑම නඩු තීන්දුවක්ම නීති වේ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ නීති පැනවීමට අදාල විධිවිධානවලට පටහැනි වන්නේද?