Skip to main content

Posts

Showing posts from November, 2019

ඇතැම් විශාරදයන් ජනතාවගෙන් සගවන 19වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති 44.2 ව්‍යවස්ථාව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අමාත්‍යය ධූරයක් දැරීමට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බාධාව සහ එය ජයගත හැකි ආකාරය.....!

ඇතැම් විශාරදයන් ජනතාවගෙන් සගවන 19වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති 44.2 ව්‍යවස්ථාව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අමාත්‍යය ධූරයක් දැරීමට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බාධාව සහ එය ජයගත හැකි ආකාරය.....! 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  44.2 අනු ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට තමා යටතේ තිබිය යුතු අමාත්‍යාංශ සංඛ්‍යාව නිශ්චය කිරීමටත්, අමාත්‍යාංශයක යම් විෂයක් හෝ කාර්යයක් පවරා ගැනීමටත් ප්‍රතිපාදන සළස්වා තිබුණි. එහෙත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අමාත්‍යධූර දැරීමට තිබූ එකී අයිතිවාසිකම සහ ව්‍යවස්ථානුකූල බලය ඉවත්කරනු ලැබීය. එසේ ඉවත් කරනු ලැබූයේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 9වන වගන්තිය මගිනි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ   44.(2) අනු ව්‍යවස්ථාව මෙසේය. 44(2) ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කාර්යයක් තමාට ම පවරා ගැනීම කළ හැකි අතර මේ ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ  විධිවිධාන යටෙත් හෝ 45 වැනි ව්‍යවස්ථාවේ  (1) වැනි අනුව්‍යවස්ථාවේ  විධිවිධාන යටෙත් හෝ යම

ඇමති ධූර දැරීමට තිබූ පැරණි 44.2 ව්‍යවස්ථාව 19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත්කර තිබියදී ගෝඨාභය ජනාධිපතිට ආරක්ෂක ඇමති ධූරය දැරිය හැකිද?

ඇමති ධූර දැරීමට තිබූ පැරණි 44.2 ව්‍යවස්ථාව 19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත්කර තිබියදී ගෝඨාභය ජනාධිපතිට ආරක්ෂක ඇමති ධූරය දැරිය හැකිද? 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2015 මැයි මස 15 දින කථානායකවරයා එයට අත්සන් තැබීමෙන් පසුය.19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ වගන්ති 51ක් ඇති අතර එහි 51වන වගන්තිය හේතුවෙන් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී නොතිබුණි. 19වනආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 51වන වගන්තිය මෙසේය. 51. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැනිව කුමක් සඳහන් වුව ද මේ පනත ආරම්භ වන දිනයේදී ජනාධිපතිවරයා ලෙස ධුර දරන තැනැත්තා එසේ ජනාධිපති ධුරය දරන තාක්කල් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවායේ කර්තව්‍ය තමන්ගේ භාරය වෙත පවරා ගැනීම ද එකී කාර්යය සඳහා ඔහු වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කරනු ලැබීම ද කළ හැකි අතර ඒ අනුව එකී විෂය හෝ කර්තව්‍ය පවරනු ලැබ ඇත අමාත්‍යවරයාට යම් ලිඛිත නීතියක කරනු ලබන යම් සඳහනක්, ජනාධිපතිවරයාට කරනු ලබන සඳහනක් ලෙස කියවා තේරුම් ගනු ලැබිය යුත්තේ ය. එනම් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකවීම ආරම්භවීමෙන් පසු ආරක්ෂක අමාත්‍ය ධූරය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක්ද?

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකවීම ආරම්භවීමෙන් පසු ආරක්ෂක අමාත්‍ය ධූරය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක්ද? 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2015 මැයි මස 15 දින කථානායකවරයා එයට අත්සන් තැබීමෙන් පසුය. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ වගන්ති 51ක් ඇති අතර එහි 51වන වගනිතිය හේතුවෙන් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී නොතිබුණි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 51වන වගන්තිය මෙසේය. 51. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැනිව කුමක් සඳහන් වුව ද මේ පනත ආරම්භ වන දිනයේ දී ජනාධිපතිවරයා ලෙස ධුර දරන තැනැත්තා එසේ ජනාධිපති ධුරය දරන තාක්කල් රාජ්‍ය ආරක්ෂාව , මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවායේ කර්තව්‍ය තමන්ගේ භාරය වෙත පවරා ගැනීම ද එකී කාර්යය සඳහා ඔහු වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කරනු ලැබීම ද කළ හැකි අතර ඒ අනුව එකී විෂය හෝ කර්තව්‍ය පවරනු ලැබ ඇත අමාත්‍යවරයාට යම් ලිඛිත නීතියක කරනු ලබන යම් සඳහනක් , ජනා

ගෝඨාභය මැතිතුමා වෙත යොමු කරනු ලබන ඉල්ලීම් 07....!

ගෝඨාභය මැතිතුමා වෙත යොමු කරනු ලබන ඉල්ලීම් 07....! 1. කිසිවෙකුට එරෙහිව බොරු නඩු නොපවරන්න. 2. හිටපු අගවිනිසුරුවරුන්වන මොහාන් පීරිස් මහතාට සහ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට යුක්තිය ඉටු කරන්න. 3. බලවතුන් කිහිප දෙනෙකු අතේ ඇති නීතියේ බලය පොදු ජනතාව අතට පත්කරන්න. 4. සූර්‍යයා මුල්කරගත් කෘෂි ආර්ථික සංවර්ධනයක් රටේ ආරම්භ කරන්න. 5. ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹීමට පෙර රාජ්‍ය භාෂාවෙන් ඒවා ජනතාව අතට පත්කරන්න. 6. ලංකා ඉතිහාසය හා සිංහල භාෂාව ජාත්‍යන්තර පාසල්වල අවසන් ශ්‍රේණිය දක්වා ඉගැන්වීම අනිවාර්ය කරන්න. 7. ප්‍රංශ, චීන, ස්පාඤ්ඤ, රුසියන් ජාත්‍යන්තර  භාෂා 2වන ශ්‍රේණියේ සිට රජයේ පාසල්වල් ඉගැන්වීම ආරම්භ කරන්න. මෙම ඉල්ලීම් 07 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත 2019.11.18 වන දින යොමු කරනු ඇත. විස්තර - නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (සමායෝජක) "ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සම්බන්ධව බහුතර ජනතාවගේ භාෂණයේ, ප්‍රකාශනයේ, අදහස් පළ කිරීමේ සහ සමාගමයේ නිදහස දිනාගැනීම වෙනුවෙන්වන වැඩසටහන, අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ (10524) දුරකථන 0712063394, 0342256066, 0342256067