Skip to main content

Posts

Showing posts from September, 2022

විදෙස් ගත නොවී උපන් බිමේ ඉන්නා පුරවැසියනි. මේ ඔබටයි... ඔබේ දරුවන්ටයි...!

විදෙස් ගත නොවී උපන් බිමේ ඉන්නා පුරවැසියනි. මේ ඔබටයි... ඔබේ දරුවන්ටයි...! අධිකරණ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා ගන්න ව්‍යවස්ථාදායක බලය නැති පාර්ලිමේන්තුවක් ඇති ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය සුරකින්න බොහෝ දේ කිරීමට ඇත. අධිකරණ භාෂාව නොදන්නා නීති අධ්‍යාපනයක් ඇති රටක් කිසි දිනයක දියුණු කිරීමට නොහැකිය. එහෙව් රටක පාලකයන්ට ණය අරගෙන කන්න බොන්න හැකිය. ශ්‍රී ලංකාවේ ස්වදේශිකයන්ගේ ජීවිත අද ඇත්තේ රට්ටුන්ගේ දෑතේය... හෙට කුමක් වෙයිද...! අපට කන්න දෙනව නම්.... බොන්න දෙනව නම්.... ඇඳුම් දෙනවනම්.... නිදියන්න දෙනව නම්... බෙහෙත් දෙනව නම්.... රැකියාව දෙනව නම්.... යාන දෙනව නම්.... වාහනත් දෙනව නම්.... වැසිකිලි, නානකාමරත් දෙනව නම්.... ලිංගිකව එක් වෙන්න ගෑනු - පිරිමි දෙනව නම්.... මාසෙ අන්තිමට ඩොලරුත් දෙනව නම්.... අපට ඡන්දයක් මොකටද... ආගමක් මොකටද... ජාතියක් මොකටද... සංස්කෘතියක් මොකටද... සදාචාරයක් මොකටද... පවුලක් මොකටද... දරුවෙක් මොකටද.. ස්වාධීනත්වයක් මොකටද... අභිමානයක් මොකටද... සිරිත් මොකටද... විරිත් මොකටද... තමන්ගෙ මව් භාෂාව මොකටද... නිදහස් අධ්‍යාපනය මොකටද.... නීතිය ඉදිරියේ සමානත්වය මොකටද... නීතියේ පාලනය ම

ශ්‍රී ලංකාවේ ස්වදේශිකයන්ගේ අද රට්ටුන්ගේ දෑතේය. හෙට....!

ශ්‍රී ලංකාවේ ස්වදේශිකයන්ගේ අද රට්ටුන්ගේ දෑතේය. හෙට....! අපට කන්න දෙනව නම්.... බොන්න දෙනව නම්.... ඇඳුම් දෙනවනම්.... නිදියන්න දෙනව නම්... බෙහෙත් දෙනව නම්.... රැකියාව දෙනව නම්.... යාන දෙනව නම්.... වාහනත් දෙනව නම්.... වැසිකිලි, නානකාමරත් දෙනව නම්.... ලිංගිකව එක් වෙන්න ගෑනු - පිරිමි දෙනව නම්.... මාසෙ අන්තිමට ඩොලරුත් දෙනව නම්.... අපට ඡන්දයක් මොකටද... ආගමක් මොකටද... ජාතියක් මොකටද... සංස්කෘතියක් මොකටද... සදාචාරයක් මොකටද... පවුලක් මොකටද... දරුවෙක් මොකටද.. ස්වාධීනත්වයක් මොකටද... අභිමානයක් මොකටද... සිරිත් මොකටද... විරිත් මොකටද... තමන්ගෙ මව් භාෂාව මොකටද... නිදහස් අධ්‍යාපනය මොකටද.... නීතිය ඉදිරියේ සමානත්වය මොකටද... නීතියේ පාලනය මොකටද... නීතියේ රැකවරණය මොකටද... වවාගෙන කන්නෙ මොකටද.... නිෂ්පාදනය කරගන්නෙ මොකටද... (ඒ මදිවට රටක් මොකටද...) නේ...!? මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2022.09.24)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධිවිධානයට ගරු කරන පුරවැසියෙක් ඕනෑ කර තිබේ...!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ විධිවිධානයට ගරු කරන පුරවැසියෙක් ඕනෑ කර තිබේ...! අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම අධිකරණ අමාත්‍යාංශය සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව එක්වී 2020.12.30 දිනැති අංක 2208/13 අති විශෙෂ ගැසට් පත්‍රයෙන් තහනම් කර ඇත. අධිකරණ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා ගන්න පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලයක් නැත. (බලන්න - 2022 අගෝස්තු 17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති අධිකරණ භාෂා විධිවිධානය යුක්ති ක්‍රියාදාමයේදී ප්‍රායෝගිකව ඉටු නොවේ. එහෙම තත්ත්වයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධිවිධානය පවතින්නේ කුමකටද කියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අහන්න නීති ගරුක පුරවැසියෙක් ඕනෑ කර තිබේ....! මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2022.09.18)

ජූලි 09 ජනාධිපති මන්දිරයට ඇතුල් වූ අයගෙන් තෝරාගත් අයට එරෙහිව පොලීසිය පවරන නඩු ආසාර්ථක වෙයිද? (නීතිමය පැහැදිලි කිරීම)

ජූලි 09 ජනාධිපති මන්දිරයට ඇතුල් වූ අයගෙන් තෝරාගත් අයට එරෙහිව පොලීසිය පවරන නඩු ආසාර්ථක වෙයිද? (නීතිමය පැහැදිලි කිරීම) ජූලි 09 ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුලු වූ  බවට සහ ඒ සඳහා පෙළඹවූ බවට සාක්ෂි ඇති සියලු දෙනාට නඩු නොපවරා තෝරා ගත් අයට පමණක් නඩු පැවරුවොත් ඒ තෝරාගත් අයට පවරන නඩු සාර්ථක කර ගැනීමට නොහැකි වන්නේ නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුතුය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 ව්‍යවස්ථාව පිළිගෙන ඇති හෙයිනි. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති විධිවිධානය සහ දණ්ඩ නීති සංග්‍රහයේ ඇති ප්‍රතිපාදන අනුව ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුලු වූ තෝරාගත් තැනැත්තන්ටඑරෙහිව පවරන නඩුවල සැකකරුවන් වරදකරු බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම පොලීසියට අසීරු වේ. (මෙහිදී ජනතාව තේරුම්ගත යුත්තේ විමර්ශන අවස්ථාවේ බන්ධනාගාරගත කිරීම සඳහා මේ නීති ප්‍රතිපාදන අදාල නොවන බවත් මේ නීති ප්‍රතිපාදන අදාල වන්නේ නඩු විභාගයේදී වන බවත් ය.) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩ සටහන. දුරකථන 0712063394

එංගලන්තය නිදහස ලබා දුන් යටත් විජිත තවමත් බලවත් රටවල් විසින් පාලනය කරන ආකාරය...!

එංගලන්තය නිදහස ලබා දුන් යටත් විජිත තවමත් බලවත් රටවල් විසින් පාලනය කරන ආකාරය...! රටක පාලනය තමන්ට අවශ්‍ය පරිදි පවත්වාගත යුතු නම් අධිකරණ‍ය සහ නීතිය පාලනය කිරීම අත් නොහැරිය යුතු බව හොඳින්ම දන්නා රට එංගලන්තයයි. එංගලන්තයේ යටත් විජිතවල අධිකරණ පාලනය කිරීමට එංගලන්ත නීති අධ්‍යාපනය, එංගලන්ත නීති වාර්තා සහ ඉංග්‍රීසි භාෂාව යොදා ගනී. මෙය තේරුම් නොගන්නා කිසිම යටත් විජිතයකට ස්වාධීනත්වය, සංවර්ධනය, නීතියේ නිදහස ලැබිය නොහැකිය. රුසියාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, කොරියාව වැනි රටවල් ස්වාධීනත්වය, සංවර්ධනය සහ නීතියේ නිදහස ලබා ගෙන ඇත්තේ එංගලන්ත නීති අධ්‍යාපනය, එංගලන්ත නීති වාර්තා සහ ඉංග්‍රීසි භාෂාව යොදා ගනිමින් එංගලන්තයට එම රටවල අධිකරණය සහ නීතිය පාලනය කළ නොහැකි වීමය. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394. (2022.09.05)