Skip to main content

Posts

Showing posts from August, 2020

19ය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් බැරි ඇයි? (සිංහල මාධ්‍ය) ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා පවත්වන 11 වන නීති අධ්‍යයන වැඩමුළුව

ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා පවත්වන 11 වන නීති අධ්‍යයන වැඩමුළුව (සිංහල මාධ්‍ය) 19ය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ 2/3  ඡන්දයෙන් බැරි ඇයි? මුද්‍රිත නීති සටහන් ලබා දේ. අන්තර්ගතය 1.) 19ය ඉවත් කිරීමට කළ යුත්තේ සංශෝධනය කිරීමද? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව ජනමතවිචාරණයට යාමද? නිවැරදි ක්‍රියාව තෝරා නොගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක්ද? 2.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නොතකා 20 ගෙන එයිද? 3.) 20 ගෙන එන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 2015 දී 19ය ගෙන ඒම ජනතාවගෙන් සැගවීමටද? 4.) පාර්ලිමේන්තුවට එවන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ බහුතර ජනතාවගේ භාෂාවෙන් හැන්සාඩ් ගත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා නොසිටින්නේ ඇයි? 2020 සැප්තැම්බර් 19වන සෙනසුරාදා  (පෙ. ව. 10.00 - ප. ව. 1.00 දක්වා) අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ  නීති අධ්‍යයන වැඩසටහන්  දේශන ශාලාවේ දී. (ආසන සීමිතයි. ආසන කලින් වෙන්කර ගන්න.) ආසන වෙන්කර ගැනීමට 0712063394 හෝ 0342256066 දුරකථන අංක අමතන්න. (මෙම නීති අධ්‍යයන වැඩමුළුව ඔබගේ ප්‍රදේශය සංවිධානය කිරීමට අදහස් කරන්නේ

ජනාධිපති සහ පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරයිද? 19 ඉවත් කළ යුත්තේ සංශෝධනය කිරීමෙන්ද? 19වන සංශෝධන 2ක්...?

ජනාධිපති සහ පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරයිද? 19 ඉවත් කළ යුත්තේ සංශෝධනය කිරීමෙන්ද? 19වන සංශෝධන 2ක්...? (දිවයින ඉරිදා සංග්‍රහය 16 පිටුව - 2020.08.30) අන්තර්ජාල සබැදිය... දිවයින ඉරිදා සංග්‍රහය 2020.08.30 - 16 පිටුව
19ය නීතියක් නම් 19 ය ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතුද? Posted on August 25th, 2020 නීතිඥ අරුණ ලක්සිරි උණවටුන http://www.lankaweb.com/news/items/2020/ 08/25/19 %e0%b6%ba-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-19-%e0%b6%ba-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8/

19ය නීතියක් නම් 19 ය ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතුද?

19ය නීතියක් නම් 19 ය ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතුද? (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන) 2020.08.25 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ බවත්, ඉන් එකක් 2002 දී සහ අනෙක 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ බව සමහරක් නොදන්නවා වුණාට බොහෝ දෙනා දනිති. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියව සිටියදී 2002 දී ය. 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් එකී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ පළ කර ඇත. 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19ය මගින් ඉතා වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කර තිබූ අතර, ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට තිබු බලය / අයිතිය අහිමි කිරීමයි. එම 19 ව

(2020.08.23 දිවයින ඉරිදා සංග්‍රහයෙහි නීතිඥ කසුන් පොන්නම්පෙරුම ලියා ඇති '19 පෙරලන් 20 වැනි සංශෝධනය එන හැටි' ලිපියට පිළිතුරකි.) 19ය ඉවත් කිරීමට කළ යුත්තේ 19ය සංශෝධනය කිරීමද? 19යට ජනමතවිචාරණයක් පැවැත්වීමද? නිවැරදි ක්‍රියාව තෝරා නොගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක්ද?

(2020.08.23 දිවයින ඉරිදා සංග්‍රහයෙහි නීතිඥ කසුන් පොන්නම්පෙරුම ලියා ඇති '19 පෙරලන් 20 වැනි සංශෝධනය එන හැටි' ලිපියට පිළිතුරකි.) 19ය ඉවත් කිරීමට කළ යුත්තේ 19ය සංශෝධනය කිරීමද? 19යට ජනමතවිචාරණයක් පැවැත්වීමද? නිවැරදි ක්‍රියාව තෝරා නොගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක්ද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.08.24) නීතිඥ කසුන් පොන්නම්පෙරුම පසුගිය දිවයින ඉරිදා සංග්‍රහයට ලියා ඇති '19 පෙරලන් 20 වැනි සංශෝධනය එන හැටි' ලිපිය කියවීමේදී දිවයින පාඨකයන්‍ට අදහස් වන්නේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට රජය සූදානම් වන බවයි.  එකී ලිපිය පහත අන්තර්ජාල සබැදිය ඔස්සේ කියවිය හැකිය. https://divaina.com/sunday/index.php/deshapalana2/14870-2020-08-15-10-04-53 අධිකරණ ඇමතිවරයාගේත්, රජයේ මාධ්‍ය ප්‍රකාශකගේත් කරුණු දැක්වීම් අනුව එම නීතිඥවරයා විසින්ද දක්වන කරුණු අනුව පැහැදිලි වන්නේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එන බවයි. 19ය ඉවත් කිරීමට කළ යුත්තේ 19ය සංශෝධනය කිරීමද? 19යට ජනමතවිචාරණයක් පැවැත්වීමද? නිවැරදි ක්‍රියා

දිවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එනවායයි කොරහේ කිඹුලන් දකිමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව 19යට පැවැත්විය යුතු ජනමතවිචාරණය වළක්වන්නේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන 19ය ආරක්ෂා කරන අය කවුද?

දිවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එනවායයි කොරහේ කිඹුලන් දකිමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව 19යට පැවැත්විය යුතු ජනමතවිචාරණය වළක්වන්නේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන 19ය ආරක්ෂා කරන අය කවුද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.08.24) වර්ෂ 2002 දීත් 18වන සහ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බව තවමත් රටේ කිහිප දෙනෙක් දන්නේ නැත. 2002 සැප්තැම්බර් මස 18වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ 2002 අගෝස්තු මස 12වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇති මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් පිටුව පහත දක්වා ඇත.(ඇමිණුම 01) ඉහත දැක්වෙන්නේ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නමින් වූ දීර්ඝ නාමයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පළමු 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයයි. එකී 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගන්ති 6කින් පමණක් යුක්ත වූ අතර, ඉන් යෝජනා කර තිබුණේ 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවා තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රීති, සභාව

ශ්‍රී ලංකා ජනරජය බෞද්ධයන්ට විශේෂකර සැළකීම අනුමත කර තිබේද?

ශ්‍රී ලංකා ජනරජය බෞද්ධයන්ට විශේෂකර සැළකීම අනුමත කර තිබේද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන  2020.08.19 මෙම ලිපිය දීර්ඝ වීම වැළැක්වීම සදහා අංක ගතකර ලිවීමට අදහස් කරමි. 1. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පළකර ඇති නමුත් භාෂා අතර අනනුකූලතාවයක් ඇතිවුවහොත් සිංහල භාෂා පාඨය බලාත්මකවන බව 23වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් ලෙස දැක්වේ. 3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාව අනුව සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව බලාත්මක වේ. 4. සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව මෙසේය. 5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ පැහැදිලිවම "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය." ලෙස තනි වාක්‍යකින් දක්වා ඇත. 6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ 2වන ව්‍යවස්ථා වාක්‍යද වැදගත් වාක්‍යකි.  එය මෙසේය. 7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ 2වන ව්‍යවස්ථා වාක්‍ය අනුව වෙනත් ආගම්වලට ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් මොනවාද? යන්න පැහැ

ඉස්ලාම් ආගමිකයෙකු අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කිරීම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇති 9වන ව්‍යවස්ථාවට එකගද?

ඉස්ලාම් ආගමිකයෙකු අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කිරීම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇති 9වන ව්‍යවස්ථාවට එකගද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.08.19 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ලෙස සැළකෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.  ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වය ප්‍රදානය කිරීමත් සමඟ ඊට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පද්ධතියක් ද 'පරිත්‍යාග කිරීමට' බ්‍රිතාන්‍ය පාලකයෝ ත්‍යාගශීලී වූයේ ඇයිද? යන්න විසදීමට කාලයක් ගතවීම මෙරට ජනතාවට බ්‍රිතාන්‍යයන්ම ලබාදුන් අධ්‍යාපනයේ ස්වභාවය හේතුවන්නට ඇත. එහෙත් තම අසල්වැසියා (ඉන්දියාව) අනුව යමින් එම ඩොමීනියන් බැඳීම කෙළවර කොට ස්වීය වූ ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කර ගැනීමේ ජාතික අවශ්‍යතාවය කරා සමීප වීමට  මෙරටේ පාලකයන් අසමත් වූ අතර එවැනි පරිවර්තනයක් සිදු වන්නේ 1972 වසරේ 'ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' නිර්මාණය කර ගැනීමත් සමගයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමානයේ ක්‍රියාත්මක වන අතර, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් එය බලාත්මක විය. 1815 උඩරට ගිවිසුමෙන් පසු බිහිවූ පළමු ස්වස්ථානික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූයේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

1815න් පසු සිංහලයන් නැවත රැවටුණාද? අලුත් රනිල් , ජනාධිපති ලේකම්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන ඇති සංඝාධිකරණය පිහිටුවීම තවත් කල් යයිද?

1815න් පසු සිංහලයන් නැවත රැවටුණාද? අලුත් රනිල් , ජනාධිපති ලේකම්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන ඇති සංඝාධිකරණය පිහිටුවීම තවත් කල් යයිද?  නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.08.12) සෙංකඩගල නුවර මගුල් මඩුව මෙරට නීතියට ඓතිහාසිකව වැදගත් වන්නේ බ්‍රිතාන්‍යයන් සහ උඩරට රදළ ප්‍රධානීන් විසින් අත්සන් තබන ලද ගිවිසුම හේතුවෙනි. උඩරට ගිවිසුමේ ප්‍රධානම අරමුණ වූයේ එවකට සිහසුන දැරූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහ කරමින් සහ මුලු රටේම නීතියේ අණසක බ්‍රිතාන්‍යයට අත් කර ගැනීමයි. ක්‍රි. ව. 1815 මාර්තු මස 2 වැනි දිනැති උඩරට ගිවිසුමෙන් එදා 'සිංහලේ' (CEYLON) එනම් අද 'ශ්‍රී ලංකාවේ' පරමාධිපත්‍ය බලය සම්පූර්ණයෙන් ම බ්‍රිතාන්‍යයන් සතු වුවත් උඩරට ගිවිසුමේ 05 වන වගන්තිය මගින් බුද්ධාගම සම්බන්ධයෙන් දක්වා ඇති එකගතාවයෙන් රටේ ස්වාධීනත්වය තහවුරු කරගෙන ඇත. උඩරට ගිවිසුමේ 05වන වගන්තිය මෙසේය. උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය අනුව බුද්ධ ශාසනය රටේ නීතියේ අඩිතාලම බව බ්‍රිතාන්‍යයන්ද පිළිගෙන ඇති අතර එය ආරක්ෂා කිරීමේ වගකීම සහ යුතුකම භාරගෙන තිබුණි. එමෙන්ම උඩරට ගිවිසුම සිංහල භාෂාවෙන් ද කෙටුම්පත් කිරීමෙන් භාෂා පරමාධිපත්‍යය තවද

ඊනියා 19 සහ ජනාධිපති විසින් අමාත්‍යාංශ තියා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ 2020.08.10 දිනැති මාධ්‍ය නිවේදනයේ වැරද්ද?

ඊනියා 19 සහ ජනාධිපති විසින්  අමාත්‍යාංශ තියා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ 2020.08.10 දිනැති මාධ්‍ය නිවේදනයේ වැරද්ද...! නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.08.10) 2020.08.10 දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති පහත නිවේදනය බලන්න. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායකවරයාගේ සහතිකය වැරදියට යොදා ගෙන ක්‍රියාත්මක කරන 19ය නිවැරදි නොකර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඊනියා 19 අනුව කටයුතු කළද, 19යේ වැරැද්ද  පැහැදිලි කරන ලිපි රැසක් විද්වතුන් විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත. මේ සම්බන්ධයෙන් ලියන ලද ලිපි 2ක් 2020 පෙබරවාරි 09 සහ 2020 මාර්තු 08 දිනවල දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතේ පළ වී ඇති අතර පහත දැක්වෙන අන්තර්ජාල සබැදියේ ඒ ලිපි දැක්වෙන බවත් එහි දැක්වේ. https://divaina.com/sunday/index.php/visheshanga1/13222-2020-02-07-11-49-41 https://divaina.com/sunday/index.php/deshapalana2/13532-2020-02-28-03-11-134 එනෙන්ම www.lankaweb.com වෙබ් අඩවියද මේ සම්බන්ධයෙන් ලිපි ප්‍රසිද්ධ කර ඇත. අලුත් පාර්ලිමේන්තුව කළ යුත්තේ 19 අහෝසි කිරීමද? 19 නීතියක් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමද? http://www.lankaweb.c

www.lankaweb.com වෙබ් අඩවිය අවහිර වීම සම්බන්ධව විමර්ශන කර අදාල පියවර ගන්නා ලෙස ඉල්ලා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි

www.lankaweb.com වෙබ් අඩවිය අවහිර වීම සම්බන්ධව විමර්ශන කර අදාල පියවර ගන්නා ලෙස ඉල්ලා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි " 09වන පාර්ලිමේන්තුව මගින් ඇමති ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීමට ‘ජාතික ආණ්ඩුවක්’ සෑදීමට විරෝධය දක්වමින් සහ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් නොවීම සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ජනාධිපතිට ඉල්ලීමක්….! " මැයෙන් lankaweb.com වෙබ් අඩවියේ පහත සබැදි පුවත පළ වී තිබුණි. http://www.lankaweb.com/news/items/2020/08/07/09%e0%b7%80%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80-%e0%b6%b8%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87/ එකී පුවතේ තිර රුවක් පහත දැක්වේ. ඉහත අඩවිය 2020.08.08 දින සිට දර්ශනය නොවන අතර නීතියට පටහැනි අවහිර කිරීමක් හේතුවෙන් එකී වෙබ් අඩවිය අක්‍රීය කර ඇත්ද යන්න සොයා බලා එයට නිසි ක්‍රියා මාර්ග ගන්නා ලෙස මෙම පැමිණිලෙන් ඉල්ලා ඇත. ඉහත ප්‍රවෘත්තිය ජනතාවට සන්නිවේදනය නොවීමෙන් පාඩුවක් සහ අලාභයක් වී ඇති බවත් මූලික අයිතිවාසිකම් අහිමි වීමක් බවත් දන්

09වන පාර්ලිමේන්තුව මගින් ඇමති ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීමට 'ජාතික ආණ්ඩුවක්' සෑදීමට විරෝධය දක්වමින් සහ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් නොවීම සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ජනාධිපතිට ඉල්ලීමක්....!

09වන පාර්ලිමේන්තුව මගින් ඇමති ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීමට 'ජාතික ආණ්ඩුවක්' සෑදීමට විරෝධය දක්වමින් සහ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් නොවීම සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ජනාධිපතිට ඉල්ලීමක්....! 09 පාර්ලිමේන්තුව මගින් ඇමති ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීමට 'ජාතික ආණ්ඩුවක්' සෑදීමට විරෝධය දක්වමින් සහ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් නොවීම සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ජනාධිපතිට ඉල්ලීමක්....! නීතිඥ අරුණ ලක්සිරි උණවටුන  2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07 දෙනෙකු ලබා දී ඇති ඒකමතික තීරණයට පටහැනිව කථානායකවරයාගේ සහතිකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව අනුව වැරදියට යොදා නීතියක් ලෙස පවත්වාගෙන යන බවත්, මේ සම්බන්ධයෙන් ලියන ලද ලිපි 2ක් 2020 පෙබරවාරි 09 සහ 2020 මාර්තු 08 දිනවල දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතේ පළ වී ඇති අතර පහත දැක්වෙන අන්තර්ජාල සබැදියේ ඒ ලිපි

බණ්ඩාරනායක දරුවන්ට කළ නොහැකි වූ ස්වදේශිකයන්ට නෛතික නිදහස අත්කර දීම රාජපක්ෂ දරුවන්ට කළ හැකි වෙයිද??

බණ්ඩාරනායක දරුවන්ට කළ නොහැකි වූ ස්වදේශිකයන්ට නෛතික නිදහස අත්කර දීම රාජපක්ෂ දරුවන්ට කළ හැකි වෙයිද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.08.05) 1956 ආරම්භ කළ ස්වදේශිකයන්ගේ පළමු ස්වාධීන නෛතික නිදහස් නැගිටීම නෛතික නිදහස් අරගලය විවිධ බාධක මැද ඉදිරියට ගමන් කළේය. ඒ බහුතර ජනතාවගේ භාෂාවට නීතියේ බලය ලබා දීමෙනි. එස්. ඩව්. ආර්. ඩී. බණ්ඩාරනායක එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හී අධ්‍යාපන ලැබුවද, සිංහල රාජ්‍ය භාෂාව කරමින් ස්වදේශිකයන් නීතියේ නිදහසේ නැගී සිටුවීමට ගත් ප්‍රයත්නය ශක්තිමත් වූයේ එදා බණ්ඩාරනායක සමග ගිරුවාපත්තුවේ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂය හැරදා පාර්ලිමේන්‍තුවේ විපක්ෂයේ අසුන් ගැනීමෙනි. බණ්ඩාරනායක අගමැතිවරයා සිංහල රාජ්‍ය භාෂාව කරමින් ස්වදේශිකයන්ගේ පළමු ස්වාධීන නෛතික නිදහස් නැගිටීම ආරම්භ කළේය. අවාසනාවන්ත ලෙස බණ්ඩාරනායක අගමැතිවරයා වෙඩි උණ්ඩයට සිය දිවි නොපිදුවේ නම් රටේ ස්වදේශිකයන්ගේ නෛතික නිදහසේ දිශානතිය අද පවතින තත්ත්වයට වඩා බොහෝ වෙනස් වේ.  එසේ වුවත් බණ්ඩාරනායක අගමැතිවරයාගේ බිරිද සිරිමාවෝ මැතිණිය 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලය ලබා සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටුවීම  ස්වදේශිකයන්ගේ දෙවන ස්වාධීන නෛතික

ඩී. ඒ. රාජපක්ෂ දරුවෝ බණ්ඩාරනායක දරුවන්ට නොහැකි වූ ස්වදේශිකයන්ගේ නිදහස් නැගිටීම ජයග්‍රහණය දක්වා ගෙන යාවිද?

ඩී. ඒ. රාජපක්ෂ දරුවෝ බණ්ඩාරනායක දරුවන්ට නොහැකි වූ  ස්වදේශිකයන්ගේ නිදහස් නැගිටීම ජයග්‍රහණය දක්වා ගෙන යාවිද ? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.08.03) 1956 ආරම්භ කළ ස්වදේශිකයන්ගේ නිදහස් අරගලය විවිධ බාධක මැද ඉදිරියට ගමන් කළේය.  එස්. ඩව්. ආර්. ඩී. බණ්ඩාරනායක එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හී අධ්‍යාපන ලැබුවද, සිංහල රාජ්‍ය භාෂාව කරමින් ස්වදේශිකයන් නිදහසේ නැගී සිටුවීමට ගත් ප්‍රයත්නය ශක්තිමත් වූයේ එදා බණ්ඩාරනායක සමග ගිරුවාපත්තුවේ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂය හැරදා පාර්ලිමේන්‍තුවේ විපක්ෂයේ අසුන් ගැනීමෙනි. අවාසනාවන්ත ලෙස බණ්ඩාරනායක අගමැතිවරයා වෙඩි උණ්ඩයට සිය දිවි නොපිදුවේ නම් රටේ ස්වදේශිකයන්ගේ දිශානතිය අද පවතින තත්ත්වයට පත් නොවේ.  එසේ වුවත් බණ්ඩාරනායක අගමැතිවරයාගේ බිරිද සිරිමාවෝ මැතිණිය 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලය ලබා සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටුවීම  ස්වදේශිකයන්ගේ දෙවන නිදහස් නැගිටීම විය.  ඒ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව පනවා එංගලන්තය සමග පැවති මෙරට අධිකරණවල අභියාචනා විභාග කිරීම සහ රටේ ආරක්ෂාව සම්බන්ධ බැදීම් සහ බහුජාතික සමාගම්වල ක්‍රියාකාරීත්වය මුදවා ගැනීමෙනි.  යටත් විජ්ත නීතියට එරෙහි ස්වදේශිකය

අලුත් පාර්ලිමේන්තුව කළ යුත්තේ 19 අහෝසි කිරීමද? 19 නීතියක් කිරීමට අවශ්‍ය ඉතිරි පියවර ගැනීමද?

අලුත් පාර්ලිමේන්තුව කළ යුත්තේ 19 අහෝසි කිරීමද? 19 නීතියක් කිරීමට අවශ්‍ය ඉතිරි පියවර ගැනීමද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන   2020.08.03 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පවත්වාගෙන යා යුතුද? එය අහෝසි කළ යුතුද? යන්න සම්බන්ධයෙන් සමාජයේ කතිකාවක් පවතී. 2020 අගෝස්තු 05වන දින පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහාය ලැබෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 19 අහෝසි කිරීම සදහා පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් බලා පොරොත්තු වේ. ජනාධිපතිවරයාට සහාය දෙන 2/3 බලයක් ඇති පාර්ලිමේන්තුවක් බිහි වුණද? නැති වුවද? අලුත් පාර්ලිමේන්තුව කළ යුත්තේ 19 අහෝසි කිරීමද? 19 නීතියක් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමද? යන්න මෙම ලිපියෙන් සාකච්ඡාවට ලක් කිරීමට අදහස් කරමි. මේ පිළිබද සාකච්ඡාව ඇති කිරීම සදහා 1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතේ 15, 16, 18 සහ 19වන වගන්ති උදාහරණයට ගත හැකිය.  ලංකාවේ විවාහයට පත් වීමට මූලික කොන්දේසි 3ක් සපුරාලිය යුතු බව එහි දැක් වේ. ඒවා නම්.. 1. අවම වයස් සීමාව . (වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම) (15 වගන්තිය) 2. තහනම් ඥාති සබඳතා නොපැවතීම . (16 වගන්තිය) 3. වලංගු ප