* Are the Government Printer and the Secretary to the Ministry of Mass Media deceiving the country and the international community by fraudulently applying the Speaker's certification to Acts in the English language? 1. According to Article 23 of the Constitution, laws are enacted in Sinhala and Tamil, while they are published in the English language only as a translation. 2. According to Articles 79, 80, and 83 of the Constitution, Parliament passes bills only in the Sinhala and Tamil languages, and the Speaker endorses the certificate only for Acts in the Sinhala and Tamil languages. 3. Parliament does not pass bills in the English language, and the Speaker does not endorse the certificate for translated Acts or bills in the English language. 4. While it is clearly stated so in the Constitution, the fact that the Speaker's certification is fraudulently indicated as received for English Acts is confirmed with documentary evidence by the note on the cover page of English-...
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනතට කතානායක සහතිකය හොරට යොදා මුද්‍රණාලාධිපති සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් රටත්, ජාත්‍යන්තරයත් රවටනවාද?
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනතට කතානායක සහතිකය හොරට යොදා මුද්‍රණාලාධිපති සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් රටත්, ජාත්‍යන්තරයත් රවටනවාද? 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාව අනුව සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති පනවන අතර, ඉංග්‍රීසි භාෂාවෙන් පළකරන්නේ පරිවර්තනයක් පමණි 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79, 80 සහ 83 වන ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුව සම්මත කරන්නේ සිංහල සහ දෙමළ භාෂාවෙන් ඇති පනත් කෙටුම්පත් පමණක් වන අතර කතානායකවරයා සහතිකය යොදන්නේ සිංහල සහ දෙමළ භාෂාවෙන් ඇති පනත් සඳහා පමණි. 3. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව සම්මත කරන්නේ නැති අතර ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පරිවර්තන පනත්/ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනත් කෙටුම්පත් සඳහා කතානායකවරයා සහතිකය යොදන්නේ නැත. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එසේ පැහැදිලිව තිබියදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනත් සඳහා කතානායකවරයාගේ සහතිකය ලැබී ඇති පරිදි හොරට යොදා ඇති බව රජයේ මුද්‍රණාල වෙබ් අඩවියෙන් බාගත කර ගන්නා ඉංගිසී භාෂාවෙන් ඇති පනත්වල මුහුණතේ කතානායකවරයා සහතික කර ඇති බව සටහන් කර තිබීමෙන් ලේඛනගත සාක්ෂි සහිතව තහවුරු වෙයි. 5. කතානායකවරයා සහතිකය ලැබී ඇති බව මුද්‍රණය කළ...