Skip to main content

Posts

Showing posts from October, 2022

"පිටරටවල නීති ජාතික නීති පද්ධතියට ඇතුල් කිරීමට අධිකරණ අමාත්‍යාංශය ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කර වැළැක්වූ ආකාරය"

අරගල කිරීමට පෙර අරගල කළ යුත්තේ නීතිය දැන ගැනීමටය.පුරවැසි යුතුකම ඉටුකළ හැක්කේ එවිටය. "පිටරටවල නීති ජාතික නීති පද්ධතියට ඇතුල් කිරීමට අධිකරණ අමාත්‍යාංශය ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කර වැළැක්වූ ආකාරය" (පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරන ආකාරය, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ( SC/SD/ 24/21) සහ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා ඇතුළත් ය.) (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන සංග්‍රහ කළ 11වන නීති කෘතිය) මිල රු.1400/= විමසීම දුර 0712063394

ගෝඨාභය ජනාධිපතිට, ජනාධිපති පුටුව අහිමි කළ ජනාධිපති ළගින්ම සිටි අලි සබ්‍රි ඇතුලු අයගේ යටි මෙහෙයුම දැන්වත් තේරුම් ගනිමු....!

ගෝඨාභය ජනාධිපතිට, ජනාධිපති පුටුව අහිමි කළ ජනාධිපති ළගින්ම සිටි අලි සබ්‍රි ඇතුලු අයගේ යටි මෙහෙයුම දැන්වත් තේරුම් ගනිමු....! ගෝඨාභය ජනාධිපතිට ජනාධිපති පුටුව අහිමි කළ මුල් පෙළ ඉදිරියෙන්ම කිහිප දෙනෙක් සිටී. ඒ අතරින්ද ඉදිරියෙන්ම සිටියේ කවුද යන්න පැහැදිලි කිරීම මෙම කෙටි ලිපියේ අරමුණයි.. ගෝඨාභය ජනාධිපතිවරයා නිවැරදි කිරීමට පුරවැසියන් විසින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවේය. රටේ පවතින ප්‍රශ්න ගෝඨාභය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේය. ඒ සියල්ල ගඟට ඉණි කැපුවා සේ විය. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේදී ගෝඨාභය ජනාධිපතිවරයා එරෙහිව පැවරූ නඩුවලදී දැඩිව විරුද්ධ විය. පුරවැසියන් විසින් ගෝඨාභය ජනාධිපතිට කියන මේ නීතිමය දුක්ගැනවිලි ජනාධිපති නීති විශාරදයන් ජනාධිපතිවරයාට සන්නිවේදනය නොකළේය. එපමණක්ද නොව, අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කෝරෝනා වෛරස් රෝගයේ ආවරණය ලබා අන්තවාදී නීති ගෙන ඒමට 2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට, අධිකරණ අමාත්‍යාංශයට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයැයි කියමින් අධිකරණ ඇමතිව සිටි ජනාධිපති නීති විශාරද අලි සබ්‍රි වි

ගෝඨාභය ජනාධිපතිට ජනාධිපති පුටුව අහිමි කළ ජනාධිපති ළගින්ම සිටි අයගේ යටි මෙහෙයුම දැන්වත් තේරුම් ගනිමු....!

ගෝඨාභය ජනාධිපතිට ජනාධිපති පුටුව අහිමි කළ ජනාධිපති ළගින්ම සිටි අයගේ යටි මෙහෙයුම දැන්වත් තේරුම් ගනිමු....! ගෝඨාභය ජනාධිපතිට ජනාධිපති පුටුව අහිමි කළ මුල් පෙළ ඉදිරියෙන්ම කිහිප දෙනෙක් සිටී. ඒ අතරින්ද ඉදිරියෙන්ම සිටියේ කවුද යන්න පැහැදිලි කිරීම මෙම කෙටි ලිපියේ අරමුණයි.. ගෝඨාභය ජනාධිපතිවරයා නිවැරදි කිරීමට පුරවැසියන් විසින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවේය. රටේ පවතින ප්‍රශ්න ගෝඨාභය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේය. ඒ සියල්ල ගඟට ඉණි කැපුවා සේ විය. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේදී ගෝඨාභය ජනාධිපතිවරයා එරෙහිව පැවරූ නඩුවලදී දැඩිව විරුද්ධ විය. පුරවැසියන් විසින් ගෝඨාභය ජනාධිපතිට කියන මේ නීතිමය දුක්ගැනවිලි ජනාධිපති නීති විශාරදයන් ජනාධිපතිවරයාට සන්නිවේදනය නොකළේය. එපමණක්ද නොව, අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කෝරෝනා වෛරස් රෝගයේ ආවරණය ලබා අන්තවාදී නීති ගෙන ඒමට 2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට, අධිකරණ අමාත්‍යාංශයට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයැයි කියමින් අධිකරණ ඇමතිව සිටි ජනාධිපති නීති විශාරද අලි සබ්‍රි විසින් 2021 ජූනි මස

අභියාචනාධිකරණයේ දැනුම්දීම මත නීතිඥවරයෙක් සිය නීතීඥ වෘත්තීය අයිතිවාසිකම්, වරප්‍රසාද අතහැර අභියාචනාධිකරණයේදී අද (2022.10.17) කරුණු දක්වයි.

අභියාචනාධිකරණයේ දැනුම්දීම මත නීතිඥවරයෙක් සිය නීතීඥ වෘත්තීය අයිතිවාසිකම්, වරප්‍රසාද අතහැර අභියාචනාධිකරණයේදී අද (2022.10.17) කරුණු දක්වයි. නීතීඥවරුන් කිහිප දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් (COC/0011/22) එස්. පී. ජයතුංග මහතා විසින් අභියාචනාධිකරණයේ පවරා ඇත. එස්. පී. ජයතුංග මහතා වෘත්තීයෙන් නීතිඥවරයෙක්ද වෙයි. එම නඩුවට පදනම් වී ඇත්තේ අභියාචනාධිකරණයේ පවරා ඇති රිට් ආඥා නඩුවක පෙනී සිටීමේ ලේඛනයේ පෙනී සිටින නීතිඥවරුන්ගේ නම් සටහන් කර එම නඩුව කැදවූ අවස්ථාවේ අභියාචනාධිකරණයේ පෙනී නොසිට අධිකරණයේ යථා පැවැත්මට බාධා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 ව්‍යවස්ථාව යටතේ අභියාචනාධිකරණයට අපහාස කර ඇති බවයි. අධිකරණයට අපහාස කිරීමේ මෙම නඩුව 2022.10.12 දින කැදවා ඇති අතර, ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටිමින් වෙනත් කරුණු අතර එස්. පී. ජයතුංග මහතාට නීතීඥවරයෙක් ලෙස අභියාචනාධිකරණයේ පෙනී සිටිය නොහැකි බවත්, ඔහුට නීතිඥ ලෝගුව පැළඳිය නොහැකි බවත්, අධිකරණයේ නීතිඥ මේසයේ අසුන්ගත නොහැකි බවත් කියා ඇති අතර අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් වන බන්දුල කරුණාරත්න මහතා සහ ආර්. ගුරුසිංහ මහතා එය අනුමත කරමින්

රජය සහ රජයේ නිලධාරීන් සිඳුකරන වැරදිවලට එරෙහිව නීතිඥවරුන් පුද්ගලිකව පවරන නඩු වලදී නීතීඥවරයෙකු ලෙසම නඩුවට පෙනී සිටීමට නීතීඥවරුන්ට නොහැකිද? (නීතිමය විමර්ශනයකි)

රජය සහ රජයේ නිලධාරීන් සිඳුකරන වැරදිවලට එරෙහිව නීතිඥවරුන් පුද්ගලිකව පවරන නඩු වලදී නීතීඥවරයෙකු ලෙසම නඩුවට පෙනී සිටීමට නීතීඥවරුන්ට නොහැකිද? (නීතිමය විමර්ශනයකි) නීතීඥවරයෙකුට තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සිටිමින් තමන්ගේ නඩුව පවත්වාගෙන යාම වැළක්විය හැකිද? විදවතුන් නිතර විමසන  වැදගත් නීති ප්‍රශ්නයකි. නීතියේ පාලනය පිළිබඳ ප්‍රශ්නයකි. නීතියට ඇති සාධාරණ ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නයකි. නීතියේ රැකවරණය පිළිබඳ ප්‍රශ්නයකි. සමාජ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකි. නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක  නීතිඥවරයා ලෙස පෙනී සිටීමින් එම නඩුව පවත්වාගෙන යාම බොහෝවිට මෙරට අධිකරණවල දක්නට ලැබේ.  එය දීර්ඝ කාලයප් පැවති පිළිගත් සම්ප්‍රදායක්ද, නීතියට අනුකූල තත්ත්වයක්ද, බොහෝ නීතිඥවරුන් අනුගමනය කරන ක්‍රියාවක්ද වෙයි. මෙම ලිපිය ලියන නීතිඥවරයාද පුද්ගලිකව කරුණු ඉදිරිපත් කරමින්  ‍ පනත් කෙටුම්පත් අභියෝග කරමින් ජයගත් අයෙක්වන අතර (කියවන්න 2021 ජූලි 06 අඟහරුවාදා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව 1387-1449 පිටු)  වෙනම රටක් වෙනුවෙන්  අරමුණු පරමාර්ථ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාව, ජනාධිපතිවරයාට එරෙහි මූලික අයිතිවාසිකම් න

නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සිටිමින් ඔහුගේ නඩුව පවත්වාගෙන යාම වැළක්විය හැකිද?

නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සිටිමින් ඔහුගේ නඩුව පවත්වාගෙන යාම වැළක්විය හැකිද? නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සිටීමින් එම නඩුව පවත්වාගෙන යාම බොහෝවිට මෙරට අධිකරණවල දක්නට ලැබේ. එය පිළිගත් සම්ප්‍රදායක්ද, නීතියට අනුකූල තත්ත්වයක්ද වෙයි. මෙම ලිපිය ලියන නීතිඥවරයාද ‍රජය ගෙන ආ පනත් කෙටුම්පත්, වෙනම රටක් වෙනුවෙන් අරමුණු පරමාර්ථ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාව, ජනාධිපතිවරයාට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු මෙන්ම සිවිල් අභියාචනා මහාධිකරණයේද පුද්ගලිකව නඩු පවරා නීතිඥවරයෙකු ලෙස පෙනී සිට ඇත. නීතීඥවරයෙකුගේ වෘත්තීය කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාව මගින් පාලනය කරන අතර ඒ අනුව 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති මගින් එය විධිමත් කර පාලනය කර ඇත. නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සිටීමින් එම නඩුව පවත්වාගෙන යාම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොවන වෙනත් ආකාරයකින් වැළැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 9, 10, 11, 12, 14, 28, 126, 134, 136 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමකි. එම නීති ප්‍රතිපාදන නොතකා නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සි

උපලේඛනගත රජයේ නිලධාරීන් (අධිකරණ ලේඛනාගාරවල සේවය කරන රජයේ නිලධාරීන්) අවුරුදු 60න් විශ්‍රාම යැවීම අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයකි....

උපලේඛනගත රජයේ නිලධාරීන් (අධිකරණ ලේඛනාගාරවල සේවය කරන රජයේ නිලධාරීන්) අවුරුදු 60න් විශ්‍රාම යැවීම අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයකි.... විශ්‍රාම යැමෙන් පසු පුද්ගලික අංශයේ රැකියා, වරප්‍රසාද, තනතුරු ලබා දෙන බවට උපලේඛනගත රජයේ නිලධාරීන්ට (අධිකරණ ලේඛනාගාරවල සේවය කරන රජයේ නිලධාරීන්ට) ධූරය දරන කාලයේ පොරොන්දු වී ඔවුන්ව දූෂණයට, පක්ෂපාතීවීමට, නීති විරෝධී ක්‍රියා යට ගැසීමට යොදා ගත හැකිය. මන්ද විශ්‍රාම යෑමෙන් පසු පුද්ගලික අංශයේ ලැබෙන අවස්ථාව ගැන සිතමින් විශ්‍රාම යෑමට පෙර සිටම සූදනම් වීමට ඔවුන්ට අවස්ථාව ලැබීමය. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන අපක්ෂපාතී යාන්ත්‍රණයක් නොපිහිටුවා උපලේඛනගත රජයේ නිලධාරීන් (අධිකරණ ලේඛනාගාරවල සේවය කරන රජයේ නිලධාරීන්) අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 455 මගින් වයස 60න් විශ්‍රාම ගැන්වීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය බරපතල අනතුර්කට වැටෙනු ඇත. "නීතියේ සිංහල නුග මුල" වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2022.10.07)