Skip to main content

Posts

Showing posts from January, 2024

ඉංග්‍රීසි පඬි නැට්ටන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක් කරන 2/3 කින් සම්මත කළ හැකි 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එයිද?

ඉංග්‍රීසි පඬි නැට්ටන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක් කරන 2/3 කින් සම්මත කළ හැකි 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එයිද? වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනය වී ඇති අතර එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලින් ප්‍රයෝජන සළසා ගත්තේ සාමාන්‍ය ජනතාව නොව ඉංග්‍රීසි පඬි නැට්ටන්‍ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන විධාන අනුව ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6කට වඩා වැඩි කිරීමට නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3 ක් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාවද අනුමත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මිස කළ නොහැකිය. එහි වඩා වැදගත් වන්නේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6කට වඩා වැඩි කිරීමට අදාලව යන්නය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ අවස්ථාවේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක්ව පැවති අතර වර්ෂ 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එකී ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6 සිට වසර 5කට අඩු කරනු ලැබීය. ඒ ජනමතවිචාරණයක් මගින් නොව නොපැමිණි මන්ත