Skip to main content

Posts

Showing posts from April, 2023

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු කටයුතු සි‍ංහලෙන් කරන නීතීඥවරයෙක් හෝ තැනැත්තෙකු සතු විය යුතු විශේෂ ලක්ෂණ 05 මෙන්න.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු කටයුතු සි‍ංහලෙන් කරන නීතීඥවරයෙක් හෝ තැනැත්තෙකු සතු විය යුතු විශේෂ ලක්ෂණ 05 මෙන්න. 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි සංශෝධන, සිවිල් නඩු විධාන සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත, 1990 අංක 19 දරන පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත සහ එහි සංශොධන, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ රීති සහ අදාල නීති පිළිබඳ දැනුම. 2. නඩුවේ කරුණු නීතියට අනුව සිංහල භාෂාවෙන් ගලපා ගැනීමේ හැකියාව. 3. සිංහල භාෂාවෙන් කරුණු දක්වන විට  සිදුකරන නීතියට පටහැනි බාධා කිරීම් වලට ඉවසීමෙන් සහ නීතියට අනුව මුහුණ දීමේ හැකියාව. 4. සිංහල භාෂාවෙන් කරුණු දැක්වීමේදී අධිකරණ ශාලාවේ ඉන්නා අය කරුණු අසා සිටීම සහ තේරුම් ගැනීම ගැටලුවක් නොවීම. 5. ප්‍රසිද්ධියේ නඩු කටයුතු පවත්වාගෙන යාමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීමට ඇති කැමැත්ත. ෆීනික්ස් නීති සාර සංග්‍රහය දුරකථන 0342256066, 0342256067, 0712063394. (2023.04.21)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයි.එම්.එෆ් යෝජනා සිංහලෙන් ඉල්ලීමේ වැරැද්ද කුමක්ද? 19 ය 2වරක් ගෙනා බව නොදන්නේ ඇයි? 19 ය 2වරක් ගෙනා බව නොදන්නේ ඇයි?

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයි.එම්.එෆ් යෝජනා සිංහලෙන් ඉල්ලීමේ වැරැද්ද කුමක්ද? 19 ය 2වරක් ගෙනා බව නොදන්නේ ඇයි? රාජ්‍ය භාෂාව, අධිකරණ භාෂාව, නීති පැනවීමේ භාෂාව ඉංග්‍රීසි නොවේ. දියුණු රටවලින් වැඩි රටවල් ප්‍රමාණයක් ඉංග්‍රීසියෙන් වැඩ කරන්නේ නැත. ශ්‍රී ලංකාව වැනි ස්වාධීනත්වයක් රහිත රටවල ඉංග්‍රීසියෙන් වැඩ කරන්නේ හොරකම්, දූෂණ, අපරාධ සහ ඇත්ත වහගන්නය. යටපත් කරන්නය. වසර 75ක්ම සිඳුකරන්නේ එයයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහලෙන් පාර්ලිමේන්තුවටවත් නොලැබෙන නිසා ඒවායේ දක්වා ඇති දේ පාර්ලිමේන්තුවද, ජනතාවද දන්නේත් නැත. උදා 2002 දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 2015 දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත්වල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඉංග්‍රීසියෙන් පමණක් ඇති නිසා 19 දෙවරක් ගෙනා බවවත් ඒවායේ පටහැනිතාවයන්ද ජනතාව නොදන්නේ ඒ නිසාය. "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය දුරකථන 0712063394 (2023.04.20)

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග වලට පෙනී සිටින සිසුන්ට සිංහලෙන් නීතිය ඉගැන්වීම නොකර සිංහලෙන් නීති විභාග ලිවීමට සැළැස්වීම ගැන අහන ප්‍රශ්න 5ට උත්තර නැද්ද?   

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග වලට පෙනී සිටින සිසුන්ට සිංහලෙන් නීතිය ඉගැන්වීම නොකර සිංහලෙන් නීති විභාග ලිවීමට සැළැස්වීම ගැන අහන ප්‍රශ්න 5ට උත්තර නැද්ද?    1. සිංහල භෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් 2023.03.21 දින ප්‍රතික්ෂේප කිරීම නොතකා ක්‍රියා කිරීම/ පාර්ලිමේන්තු චේතනාව නොතකා ක්‍රියා කිරීම එනම් සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම නැවත ආරම්භ නොකිරීම පාර්ලිමේන්තු බලතල වරප්‍රසාද, පරිහාර උල්ලංඝනය කිරීමක්ද? 2. සිංහල භාෂාවෙන් නීතිය ඉගැන්වීම නොකිරීම අධිකරණ භාෂාව, නීති පැනවීමේ භාෂාව සහ පනත් අතර අනනුකූලතාවයක් ඇති වූ විට බලපවත්වන භාෂා පාඨය වන සිංහල භාෂාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති ව්‍යවස්ථානුකූල බලය යටපත් කරවීමක්ද? 3.ඉංග්‍රීසියෙන් පවත්වන නීති දේශන සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට නීති ශිෂ්‍යයන් භාෂා පරිවර්තක සුදුසුකම් නොමැතිව සිංහලෙන් පිළිතුරු ලිවීම නීතිමය ලෙස වරදක්ද? ( ඔප්පු ලිවීමට නොතාරිස් බලපත්‍ර නොලබා ඔප්පු ලීවීම වැරදිය ) 4. නිසි ප්‍රමිතියක නීති අධ්‍යාපනයක් සිංහල භාෂාවෙන් නීති විද්‍යාලයේදී නොලබා ව

සිංහල අධිකරණ භාෂා අයිතිය ආරක්ෂා කරගැනීමේ පහන් 208 ආලෝක පූජාව 2023 මැයි 22 සවස 6ට අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ ඉදිරිපිටදී

සිංහල අධිකරණ භාෂා අයිතිය ආරක්ෂා කරගැනීමේ පහන් 208 ආලෝක පූජාව (තිරසර සංවර්ධනයට - දූෂණය නාස්තිය අවම කිරීමට, ප්‍රසිද්ධියේ නඩු විභාග කිරීමේ ව්‍යවස්ථාපිත යුතුකම ආරක්ෂා කිරීමට අධිකරණ භාෂාවෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුය.) 2023 මැයි 22 සවස 6ට අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ ඉදිරිපිටදී සමායෝජක වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ (10524) දුරකථන 0342256066, 0342256067, 0712063394 (පහනක් කලින් වෙන්කර ගන්න - සුදු පැහැති ඇදුමකින් සැරසී පැමිණෙන්න)

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදී සිංහල භාෂාවෙන් නීති විභාග පැවැත්වීම නෛතිකව වැරදි 5 ක් සිදුකරයි.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදී සිංහල භාෂාවෙන් නීති විභාග පැවැත්වීම නෛතිකව වැරදි 5 ක් සිදුකරයි. 1. ඉංග්‍රීසි නීති දේශන සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට නීති ශිෂ්‍යයන් භාෂා පරිවර්තක සුදුසුකම් ලබා නැත. 2. නිසි ප්‍රමිතියක නීති අධ්‍යාපනයක් සිංහල භාෂාවෙන් නීති විද්‍යාලයේදී නොලබා විභාග සමත්වීමට පමණක් සීමිත දැනුමක් නීති විද්‍යාලයෙන් පිටතදී ලබා ගැනීම. 3. සිංහල භාෂාවෙන් නීති දේශන නොපවත්වා සිංහල භාෂාවෙන් විභාග පවත්වා නීති දේශන පැවැත්වීමේ ගාස්තු ලෙස වැරදි ලෙස මුදල් අය කිරීම. 4. සිංහල භෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව විසින් 2023.03.21 දින ප්‍රතික්ෂේප කිරීම නොතකා ක්‍රියා කිරීම එනම් සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම නැවත ආරම්භ නොකර පාර්ලිමේන්තු බලතල වරප්‍රසාද, පරිහාර උල්ලංඝනය කිරීම. 5. අධිකරණ භාෂාව, නීති පැනවීමේ භාෂාව සහ පනත් අතර අනනුකූලතාවයක් ඇති වූ විට බලපවත්වන භාෂා පාඨය වන සිංහල භාෂාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති ව්‍යවස්ථානුකූල බලය යටපත් කරවීම. "නීතියේ සිංහල නුගමුල&quo

If the law examinations are conducted in Sinhala, the Sri Lanka Law College should also provide legal education in Sinhala to ensure the provision of high standard legal education.*

If the law examinations are conducted in Sinhala, the Sri Lanka Law College should also provide legal education in Sinhala to ensure the provision of high standard legal education.* 1. The language of the courts and the language of legislation in Sri Lanka are the Sinhala language and in case of inconsistency between the Acts, the Sinhala text shall prevail. 2. Faculty of Medicine teaches only in English and exams are not conducted in other languages. 3. Examinations are not conducted in languages ​​not taught in medical faculties to protect the standards of medical education and the medical profession. 4. Since 1972, The Sri Lanka Law College has provided high standard legal education in Sinhala language and accordingly law exams were also conducted in Sinhala language. 5. It is a statutory duty of the Sri Lanka Law College to provide legal education in Sinhala to enable students to appear for law examinations, thereby safeguarding the standards of legal education and th

නීති විභාග  සිංහල භාෂාවෙන් පවත්වන්නේ නම් ප්‍රමිතියෙන් ඉහළ නීති අධ්‍යාපනයක් ලබා දීම සහතික කිරීමට සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමද ශ්‍රී ලංකා නීති විද්‍යාලය කළ යුතුය.

නීති විභාග සිංහල භාෂාවෙන් පවත්වන්නේ නම් ප්‍රමිතියෙන් ඉහළ නීති අධ්‍යාපනයක් ලබා දීම සහතික කිරීමට සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමද ශ්‍රී ලංකා නීති විද්‍යාලය කළ යුතුය...! 1. ශ්‍රී ලංකාවේ අධිකරණ භාෂාව සහ නීති පැනවීමේ භාෂාව සිංහල භාෂාව වන අතර පනත් අතර අනනුකූලත්වයක් ඇති වවහොත් සිංහල භාෂා පාඨය යොදා ගත යුතුය. 2. වෛද්‍ය පීඨයේ ඉංග්‍රීසි  භාෂාවෙන් පමණක් උගන්වන අතර විභාග වෙනත් භාෂාවලින් පවත්වන්නේ නැත. 3. වෛද්‍ය පීඨවල උගන්වන්නේ නැති භාෂාවලින් විභාග පවත්වන්නේ නැත්තේ වෛද්‍ය අධ්‍යාපනයේ සහ වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතීන් ආරක්ෂාවටය. 4. 1972 සිට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රමිතියෙන් ඉහළ නීති අධ්‍යාපනයක් සිංහල භාෂාවෙන් ලබා දුන් අතර  ඒ අනුව නීති විභාගද සිංහල භාෂාවෙන් පැවැත් වීය. 5. නීති විභාග වලට පෙනී සිටීමට හැකි සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නෛතික යුතුකමක් වන අතර, එමගින් නීති අධ්‍යාපනයේ සහ නීති වෘත්තියේ ප්‍රමිතීන් ආරක්ෂා වෙයි. 6. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදී නීති විභාග සිංහල භාෂාවෙන් ලිවීමට අවස්ථාව සළසා දීම එහි අධ්‍යාප