Skip to main content

Posts

Showing posts from May, 2022

දිස්ත්‍රික්කයක 1% ජනතාවට "ජනතා පනත් කෙටුම්පත්" ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය රැක ගනිමු...! (Let us bring in a constitutional amendment to introduce "People's Bills" and protect the legislative power of the people by 1% of the population in a district.)

දිස්ත්‍රික්කයක 1% ජනතාවට "ජනතා පනත් කෙටුම්පත්" ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය රැක ගනිමු...! (Let us bring in a constitutional amendment to introduce "People's Bills" and protect the legislative power of the people by 1% of the population in a district.) යම් දිස්ත්‍රික්කයක ජනතාව 1% අත්සන් කර යම් කරුණකට, ඉල්ලීමට අදාලව නීතියක් පනවන ලෙස අදාල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු මගින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර එය "ජනතා පනත් කෙටුම්පතක්" ලෙස සළකා ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග ගැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමකි. ජනතාවගේ පරමාධිපට්‍යය තහවුරු කිරීමකි. මෙමගින් කිහිප දෙනෙකු අත පවතින ව්‍යවස්ථාදායක බලය ජනතාවගේ කැමැත්ත අනුව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි වේ. දැනට පවතින පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම අසාර්ථක හෙයින් සහ එයද කිහිප දෙනෙකුගේ අවශ්‍යතා මත ඉදිරිපත් කරන හෙයින් "ජනතා පනත් කෙටුම්පත්" ඉදිරිපත් කිරීමේ අලුත් ක්‍රමයක් ඇති කිරීම ප්‍රජාතන්ත

ව්‍යවස්ථාදායක උත්තරීතරත්වය සහ ඒකීයත්වය අහිමි කර ගත් පාර්ලිමේන්තුව විසින් විධායක ඒකීයත්වය අහිමි කිරීමට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම පළාත් සභාවලට ස්වාධීනත්වය ලබා දීමකි...!

ව්‍යවස්ථාදායක උත්තරීතරත්වය සහ ඒකීයත්වය අහිමි කර ගත් පාර්ලිමේන්තුව විසින් විධායක ඒකීයත්වය අහිමි කිරීමට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම පළාත් සභාවලට ස්වාධීනත්වය ලබා දීමකි...! 1972 පිහිටවූ ජාතික රාජ්‍ය සභාවට හිමි වී තිබූ ව්‍යවස්ථාදායක උත්තරීතරත්වය සහ ඒකීයත්වය 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පාර්ලිමේන්තුවට අහිමි වී ඇත. පළාත් සභා පිහිටුවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා උත්තරීතරත්වය සහ ඒකීයත්වය අහිමි වී ඇත. පළාත් සභා පිහිටුවීම හේතුවෙන් රටේ ව්‍යවස්ථාදායක උත්තරීතරත්වය සහ ඒකීයත්වය අහිමි වී තිබුණත් විධායක ජනාධිපති ධූරය හේතුවෙන් විධායක ඒකීයත්වය ආරක්ෂා වී තිබුණි. ඒ පළාත් සභා විසුරුවීමේ බලය සහ ආණ්ඩුකාරවරයා පත් කිරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතු වීමෙනි. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කරන්නට යන්නේ ව්‍යවස්ථාදායක උත්තරීතරත්වය සහ ඒකීයත්වය අහිමි කරගත් පාර්ලිමේන්තුවට විධායක බලය ලබා ගෙන විධායක ඒකීයත්වයත් අහිමි කිරීමය. ව්‍යවස්ථාදායක උත්තරීතරත්වය සහ ඒකීයත්වය අහිමි කර ගත් පාර්ලිමේන්තුව විසින් විධායක ඒකීයත්වය අහිමි කිරීමට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම පළාත් ස

2022 මැයි 09 කලු ප්‍රහාරයෙන් පසු අවස්ථාව ලැබූ 09 දෙනා...!

2022 මැයි 09 කලු ප්‍රහාරයෙන් පසු අවස්ථාව ලැබූ 09 දෙනා...! 1) ඡන්දයෙන් පැරදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය හිමිවීම. 2) කණ්ඩායම් කිහිපයක් සිටි "ගෝඨාගෝගම" බලය එක් කණ්ඩායමකට හිමි වීම. 3) පොහොට්ටු සහ සජබ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ආකාරයට පාලනය කිරීමට අවස්ථාව ලැබීම. 4) වරාය නගර පනත ඇතුලු මහින්ද - ගෝඨාභය ආණ්ඩුව විවේචනය කළ විජේදාස රාජපක්ෂ ඇතුලු මන්ත්‍රීවරුන්ට ඇමතිධූරය හිමි වීම. 5) රජයේ ආයතන, ඉඩම්, වරාය විදේශීය සමාගම් වෙත බදු දෙන අයට ඒ සඳහා වැඩිවශයෙන් අවස්ථාව හිමි වීම. 6) ජනාධිපතිවරණ ඡන්ද බලය ජනතාවගෙන් අහිමි කිරීමට අන්තවාදීන්ට අවස්ථා ලැබීම. 7) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් දුර්වල කර ඇති පාර්ලිමේන්තුවට ( අර්ධ ව්‍යවස්ථාදායකයට) විධායක බලය ලබා ගෙන රට අස්ථාවර කිරීමට සිටින බෙදුම්වාදීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට ඉඩ ලැබීම. 8) පාර්ලිමේන්තුව 2023.02.20 දිනට වසර 2 1/2ක් සම්පූර්ණ වීමෙන් පසු විසුරුවාහැරීමේ බලපෑම වසර 4 1/2 ක් දක්වා කල් දමාගන්නා සංශෝධන (19 ය) ගෙන ඒමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්

සරත් ෆොන්සේකා සහ  මහින්ද රාජපක්ෂ  බිඳවූ බලවේගය මහින්ද සහ ගෝඨාභයවද බිඳවයිද?

සරත් ෆොන්සේකා සහ  මහින්ද රාජපක්ෂ  බිඳවූ බලවේගය මහින්ද සහ ගෝඨාභයවද බිඳවයිද? ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ගෙදර යැවූ අලුත්කඩේ නීති උගුල ඇටවූ විශාරදයන් මහින්ද, ගෝඨාභය සහ ෆොන්සේකා එකිනෙකාගෙන් වෙන් කළ ආකාරය දැන ගන්න... නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ලියා ඇති "2012 දෝෂාභියෝග සමය සහ අධිකරණයේ ස්වාධීනත්වය"  කෘතිය කියවන්න. මෙම කෘතිය නුගේගොඩ සරසවි, අලුත්කඩේ එම්.ඩී. ගුණසේන පොත් හල් වලින් හෝ කර්තෘ ගෙන් මිලදී ගත හැකිය. මිල රු.320/- විමසන්න දුරකථන  0712063394

අරගලේ තව මාස 34ක්....!(2025.02.20)

අරගලේ තව මාස 34ක්....!(2025.02.20) 19 නැවත ගේන්න 21 ගේනකොට පාර්ලිමේන්තුව විසුරුවීම වසර 4 1/2ක් කල් යනව කියන්නෙ අරගලේ තව මාස 34ක් තියෙනව කියන එකද? ඒ වගේම 19ය නැවත ගේන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85.2ත් ඉවත් වෙනව කියන එකද? (20වන සංශෝධනය යටතේ 70 ව්‍යවස්ථාව අනුව වසර 2 1/2 කින් පසු (2023.02.20) පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට බලය ලැබේ.) පාර්ලිමේන්තු විසුරුවීම වසර 4 1/2ක් කල් යවමින් 2023.02.20 පසු පාර්ලිමේන්තුව විසුරුවීම වළක්වා ගන්නවට මන්ත්‍රීවරු අකැමැති වීමට හේතුවක් නැත. පාර්ලිමේන්තුව 2023.02.20 න් පසු විසුරුවන්න වෙන එක වළක්වන විධිවිධානත් ඇතුලත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය 21 නමින් නැවත ගේනව කියන්නෙ මන්ත්‍රීවරුන්ට තව මාස 34ක් මන්ත්‍රීධූරවල ඉන්න අවස්ථාව ලැබීමය. 2023.02.20 වන දිනට පාර්ලිමේන්තුව වසර 2 1/2ක් සම්පූර්ණ වීමෙන් පසු විසුරුවාගෙන තමන්ගේ විශ්‍රාම වැටුප ඇතුලු මන්ත්‍රී වරප්‍රසාද අහිමි කරගෙන නැවත මැතිවරණයකින් මන්ත්‍රීවීමේ දුෂ්කරතාවයට කැමති මන්ත්‍රීවරයෙකු සිටිය නොහැකිය. ඒ කියන්නෙ අරගලේ තව මාස 34ක් තියෙනව කියන එකය. (2025.02.20 දක්වා) (2002ත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සමයේ 19ව

බණ්ඩාරණායක, රාජපක්ෂ දරුවන් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති තුළට ගැනීම එක්සත් ජාතික පක්ෂයේ දිනුමක්ද? රටේ දිනුමක්ද?

බණ්ඩාරණායක, රාජපක්ෂ දරුවන් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති තුළට ගැනීම එක්සත් ජාතික පක්ෂයේ දිනුමක්ද? රටේ දිනුමක්ද? එදා බණ්ඩාරනායක සහ ඩී.ඒ. රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණේ ස්වදේශීය ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති වෙනුවෙන් බව ප්‍රකාශ කිරීමෙනි. (1951 ජූලි 24 දා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව) පසුව අනුර බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සමග එකතු විය. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය එක්සත් ජාතික පක්ෂය විසින් අහෝසි කළද ඇය සිය ස්වදේශීය හිතැති ප්‍රතිපති මිය යන තෙක්ම වෙනස් කළේ නැත. බෙලිඅත්ත මන්ත්‍රීවරයාව සිටි ඩී.ඒ. රාජපක්ෂ 1951 ජූලි 24 දා එකසත් ජාතික පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගනිමින් පාර්ලිමේන්තුවේ කළ කතාව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ ඇත. එම කතාවේ සෑම වචනයක්ම අද දවසේත් ඒ ආකරයෙන්ම වලංගු වේ. රාජපක්ෂ පුතුන් දෙදෙනෙකු ජනාධිපති වුවත් ඔවුන් කිසිවෙක් ඩී.ඒ. රාජපක්ෂ මන්ත්‍රීවරයා 1951 ජූලි 24 දා පාර්ලිමේන්තුවේ කළ කතාව කියවා තිබුණානම් අද රට මේ ආකාරයට සිඟමන් යදින තත්ත්වයට පත්වන්නේ නැත. ගෑස් පෝලින්, ඉනධන පෝලින් සහ විදුලි කප්පාදුව තුළණය කරන්

ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමේ ස්වදේශීය චින්තනය තේරුම් නොගෙන එකසත් ජාතික පක්ෂය සරණ යාමට රාජපක්ෂ පුත්තුන්ට හැකිද?

ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමේ ස්වදේශීය චින්තනය තේරුම් නොගෙන එකසත් ජාතික පක්ෂය සරණ යාමට රාජපක්ෂ පුත්තුන්ට හැකිද? ඩී.ඒ.රාජපක්ෂ මන්ත්‍රීවරයා බණ්ඩාරනායක සමග එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයට ගියේ එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙනි. ඩී.ඒ.රාජපක්ෂ පුතුන් දෙදෙනෙකු ජනාධිපති වුවත් සිය පියාගේ ස්වදේශී චින්තනය ක්‍රියාත්මක කරවීමට අපොහොසත් වූ අතර රාජපක්ෂ පුතුන්ගේ ප්‍රතිපත්ති වූයේද එක්සත් ජාතික පක්ෂයේ ම ආර්ථික සහ දේශපාලන ප්‍රතිපතිමය. මෙයට හොඳ නිදසුනක් නීති අධ්‍යාපනය අධිකරණ භාෂාවෙන් ලබා දීම වැළැක්වීමෙන් වටහා ගත හැකිය. 1815 උඩරට ගිවිසුමෙන් පසු රටේ නිතිය ක්‍රියාත්මක කරන ලද්දේ සහ නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ ජනතාවගේ භාෂාවෙන් නොවේ.ඒ වරද නිවැරදි කරන ලද්දේ 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසිනි. ඒ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලෙස සංස්ථාගත නීති අධ්‍යාපන සභාවට නියම කිරීමෙනි. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමට එරෙහි වූ කිහිප දෙනෙක් එදා සිටම ක්‍රිය

ජනාධිපතිවරයාත් ජනතාවගේ ඡන්ද බලය අහිමි කරන යෝජිත 21-22 ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන්ගේ උගුලට හසු වෙලාද?

ජනාධිපතිවරයාත් ජනතාවගේ ඡන්ද බලය අහිමි කරන යෝජිත 21-22 ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන්ගේ උගුලට හසු වෙලාද? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ගෙනා 19 සහ 20 ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කිරීමට ගෙනෙන 21 සහ 22 ව්‍යවස්ථා සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීම වැළැක්වීම රට ගිනි තැබීමේ බලාපොරොත්තුවද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණ කළ සහ කරන සියල්ලන් තරා තිරම නොබලා අත්අඩංගුවට ගත යුතුයි.... ජනතාවගේ ඡන්ද බලය පැහැර ගැනීමට ගෙනෙන 21 සහ 22 ව්‍යවස්ථා සංශෝධන පරාජය කළ යුතුයි... ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද බලය ජනතාවගෙන් උදුරා ගන්නවාට ජනතාව කැමතිද? 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 3.(ආ) වගන්තිය මගින් ජනතාවගේ ඡන්ද බලය පාර්ලිමේන්තුව පැහැර ගන්නවා..... සමානුපාතික ඡන්ද ක්‍රමය තිබියදී ජනාධිපතිවරයා තෝරා ගැනීම ජනතාවගෙන් උදුරාගෙන පර්ලිමේන්තුව විසින් ජනාධිපති පත් කළොත් ජනාධිපති වන්නේ බෙදුම්වාදීන්ට, අන්තවාදීන්ට සහ කලු සුද්දන්ට පක්ෂ ජනාධිපතිවරයෙකි....! නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2022.05.09)

There are 09 theoretical actions that can be taken to control people's struggles. They are ..., ජන අරගල පාලනය කිරීමට ගතහැකි සිද්ධාන්තමය ක්‍රියාමාර්ග 09ක් ඇත. ඒවා වන්නේ..,

(There are 09 theoretical actions that can be taken to control people's struggles. They are ..., ජන අරගල පාලනය කිරීමට ගතහැකි සිද්ධාන්තමය ක්‍රියාමාර්ග 09ක් ඇත. ඒවා වන්නේ.., 1. By resorting to violence (police / military / thuggery) 2. By dividing each other 3. By spreading on various contradictions 4. By losing facilities 5. By obtaining legal / court orders 6. By intensifying social / life issues 7. By imposing curfew /emergency law 8. By holding elections 9. By organizing national and religious festivals) ජන අරගල පාලනය කිරීමට ගතහැකි සිද්ධාන්තමය ක්‍රියාමාර්ග 09ක් ඇත. ඒවා වන්නේ.., 1. ප්‍රචණ්ඩත්වය (පොලිස්/හමුදා/ මැර බලය) යෙදීමෙන් 2. එකිනෙකා බේද කිරීමෙන් 3. විවිධ පරස්පර මත පැතිරවීමෙන් 4. පහසුකම් අහිමි කිරීමෙන් 5. නීතිමය / අධිකරණ නියෝග ලබා ගැනීමෙන් 6. සමාජ/ජීවන ප්‍රශ්න තීව්‍ර කිරීමෙන් 7. ඇදිරි නීතිය/ හදිසි නීතිය පැනවීමෙන් 8. මැතිවරණ පැවැත්වීමෙන් 9. ජාතික සහ ආගම්ක උත්සව සංවිධානය කිරීමෙන් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. ද

2023 පෙබරවාරි 20න් පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිට හිමිවන බලය අහිමි කර වසර 4 1/2ක් දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දීර්ඝ කර ගැනීම 21 ගේන ඒමේ යටි අරමුණද?

2023 පෙබරවාරි 20න් පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිට හිමිවන බලය අහිමි කර වසර 4 1/2ක් දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දීර්ඝ කර ගැනීම 21 ගේන ඒමේ යටි අරමුණද? 2020.08.20 මුල් වරට පාර්ලිමේන්තුව රැස්විම 2021.08.20 වසර 01 2022.08.20 වසර 02 2023.02.20 වසර 02 මාස 06 ඒ අනුව 2023.02.20 වන ව්ට පාර්ලිමේන්තුවට වසර 2 1/2 ක් සම්පූර්ණ වේ. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 70 ව්‍යවස්ථාව අනුව වසර 2 1/2 කින් පසු එනම් 2023 පෙබරවාරි 20න් පසු ජනාධිපතිගේ තනි කැමැත්තට පාර්ලිමේන්තුව ව්සුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ජනාධිපතිට නීතිමය බලය ලැබේ. මෙය වැළැක්විය හැක්කේ වසර 4 1/2 ක් දක්වා පාර්ලිමේන්තුව ව්සුරුවීමට නොහැකිවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනව්ත් ජනාධිපතිගේ බලය අඩු කිරීමෙනි. "2015" දී ගෙන ආ 19වන සංශෝධනය මගින් කූට උපායශීලී ලෙස "2002" දී ගෙනා 19වන සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකු ලබා දුන් ඒකමතික තීරණයට පටහැනිව ක්‍රියා කරමින් පාර්ලිමේන්තුව විසුරුවීම වසර 4 1/2 කට කල් දමාගෙන තිබුණි. 21වන සංශෝධනය ලෙස ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමට යන්නේ මේ සඳහාද?