Skip to main content

Posts

Showing posts from January, 2019
මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන යටතේ මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වන සිංහල මාධ්‍ය රචනා තරඟය - 2019 ( රජයේ පාසල් හා ජාත්‍යන්තර පාසල් සිසුන් ට සහභාගී විය හැකිය ) කණිෂ්ඨ අංශය 6 - 9 ශ්‍රේණි (වචන 250-300) ජේ්‍යෂ්ඨ අංශය 10 - 12 ශ්‍රේණි (වචන 400-500 ) පහත මාතෘකා 3 ඇසුරෙන් තමන් කැමති මාතෘකාවක් තෝරාගෙන රචනය ලිවිය හැකිය. ලිවීමට කඩදාසි සපයනු ලැබේ. 1.       ලොව භාෂා අතරින් සිංහල භාෂාවට හිමි ස්ථානය සහ එහි වටිනාකම 2.       සිංහල භාෂාවේ ප්‍රවර්ධනයට බුදු දහමින් ලද ආභාසය 3.       දෙස - බස - රැස සුරකිනු වස් වත්මන් දරු පරපුරේ කාර්යභාරය දිනය 2019 පෙබරවාරි ( බ්‍රහස්පතින්දා) 21 සවස 3 . 30 – 4 . 30 ස්ථානය හොරණ, පොකුණුවිට, වැලිකල, ශ්‍රී බෝධිරත්නාරමයේ පූජ්‍ය ඇල්ලේ සඳවිමල නාහිමි අනුස්මරණ ශලාවේ දී පිරිනමනු ලබන ත්‍යාග 1 සිට 20 ස්ථාන දක්වා කුසලාන හිමි වේ 50% වඩා ලකුණු ගන්නා අයට කුසලතා සහතික හිමි වේ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ සමායෝජක මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන දුරකථන 0712063394 විද්‍ය
ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා නොමිලේ පවත්වන නීති අධ්‍යයන වැඩමුළු මාලාවේ 06 වන වැඩමුළුව (සිංහල මාධ්‍ය) 06 වන නීති අධ්‍යයන වැඩමුළුවේ අන්තර්ගතය ·         ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර ආරවුල් විසඳීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණයේ ස්වාධීනත්වය පිරිනමා තිබේද ? ·         ඉංග්‍රීසි භාෂා පනත් අභිබවා සිංහල භාෂා පනත් ක්‍රියාත්මක වන ආකාරය සහ ඉංග්‍රීසි භාෂාවෙන් පළවන පනත්වල වලංගුතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරෙන් ……… ·         අධිකරණයේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමට අවසර දෙමින් අධිකරණ ඇමතිවරයා නිකුත් කළ ගැසට් පත්‍ර නීත්‍යානුකූලද ? ·         2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත - තොරතුරු ලබා ගන්නා ක්‍රියා පිළිවෙල සහ එහිදී ජනතාව හමුවේ ඇති අභියෝග සහභාගීවිය හැක්කේ කාටද? විශ්ව විද්‍යාල, නීති විද්‍යාල, උසස් අධ්‍යයන ආයතන සිසුන්, නීතිඥයින් , වෘත්තිකයින් ඇතුළු නීතිය පිළිබද උනන්දු ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය. දිනය 2019 පෙබරවාරි 28 ( බ්‍රහස්පතින්දා) සවස 2 . 30 – 6 . 00 (2019 ජනවාරි 29 දින වැඩමුළුව අවලංගුකර ඇත) ස්ථානය කොළඹ 07 මහජන ප
සිංහල භාෂාවෙන් නඩු තීන්දුවල පරිවර්තන ඉල්ලීමේදී අවමන් කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසු රුට  එරෙහිව ජනාධිපතිට, පාර්ලිමේන්තුවට පැමිණිලි......! 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තු විසුරුවීමට අදාල ජනාධිපති විසින් නිකුත් කළ ගැසට් නිවේදනය 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නඩු තීන්දු ලබා දී ඇති අතර එකී ගැසට් නිවේදනය නීතියට පටහැනි බව දක්වමින් සහන අයද නීතිඥ ල ක්සිරි උණවටුන විසින් ද 2018.11.12 දින සිංහල භාෂාවෙන් පෙත්සමක් ගොනු කර තිබූ අතර එකී පෙත්සම2019.01.10 දින නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන ලබා ගැනීමට කරුණු තහවුරු කිරීමට ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත මලල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු විනිසුරුවරු ඉදිරියේ කැදවා ඇත. ඒ අවස්ථාවේ විජිත මලල්ගොඩ විනිසුරු නීතිඥවරයා වෙත දෝෂාරෝපනය කරමින් සිංහල භාෂාවෙන් ඔහු තීන්දුවල පිටපත් නිතරම ඉල්ලා සිටින බවත්, ඔහු හිගන්නාගේ තුවාලය මෙන් කටයුතු කරන බවත්, සිංහල භාෂාවෙන් පරිවර්තන ඉල්ලීම අධිකරණය අපහසුතාවයට පත් කිරීමක් බවත්, මේ ආකාරයට ගියොත් දෙමළ භාෂාවෙන්ද පිටපත් ඉල්ලිය හැකි බවත් එම
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන ඉල්ලා සිටීම අසාර්ථක වුවහොත් විශාල නඩු ගාස්තුවක් සහ නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීම සිදු විය හැකියි.....! ශ්‍රේෂ්ඨාධිකරණ විනිසු රු ප්‍රියන්ත ජයවර්ධන පෙත්සම්ක රු ට විවෘත අධිකරණයේදී කියයි. 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසු රු වීමට අදාලව ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය 2018 . 12 . 13   දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගුකරමින් තීන්දු ලබා දී ඇත. එකී තීන්දු ජනතාවගේ පරමාධිපත්‍යය බලය සහ ඒ සමග කියවනු ලබන ජනතාවගේ ව්‍යවස්ථාදාය, අධිකරණ සහ ඡන්ද බලය සම්බන්ධව ඉතා වැදගත් තීන්දු වන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු සදහා සහභාගීවීමට එම තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන රජය මගින් ලබා ගැනීම සදහා නීතිඥ අ රු ණ ලක්සිරි උණවටුන විසින් ගොනු කළ මෝසමේ ක රුණු දැක්වීමට 2019 ජනවාරි 10 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන විනිසු රු ව රු ඉදිරියේ කැදවන ලදී. නඩුව කැදවූ අවස්ථාවේදී නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන ඉල