Skip to main content

Posts

Showing posts from March, 2024

නිහඬ විරෝධය සහ නීති සටහන් ලබා දීම අධිකරණ අමාත්‍යාංශය ඉදිරියේ දී 2024.04.02 (අගහරුවාදා) (පෙ.ව. 8-10)

නිහඬ විරෝධය සහ නීති සටහන් ලබා දීම අධිකරණ අමාත්‍යාංශය ඉදිරියේ දී 2024.04.02 (අගහරුවාදා) (පෙ.ව. 8-10) අධිකරණයේ ස්වාධීනත්වය ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණවල පරීක්ෂාවට ගැනීමට මාර්ගය පාදන, විරුද්ධවාදී නීතීඥයන් දඩයම් කරන අධිකරණ අපහාස මුවාවෙන් ගෙනා නීතිය සහ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළකූ අගවිනිසුරු, අධිකරණ ඇමති නියෝජිතයන් ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ ක්‍රියාකලාපය නිවැරදි කරමු.... නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

විජේදාස අධිකරණ ඇමතිගේ නීතීඥ දඩයම් පනත නිවැරදි කළ යුත්තේ ඇයි? භාෂා 9කින් පළවන නීති විචාරය....

විජේදාස අධිකරණ ඇමතිගේ නීතීඥ දඩයම් පනත නිවැරදි කළ යුත්තේ ඇයි? භාෂා 9කින් පළවන නීති විචාරය.... (භාෂා 9කින් පළවන නීති විචාරය) ෆීනික්ස් නීති සාර සංග්‍රහය - 2024 අප්‍රේල් දිගහැරුම අධිකරණයේදී නීතිය කතා කරන නීතීඥයන් බන්ධනාගාරගත කර අධිකරණයේ ස්වාධීනත්වය ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණවල පරීක්ෂාවට ගැනීමට මාර්ගය පාදන, විරුද්ධවාදී නීතීඥයන් දඩයම් කරන අධිකරණ අපහාස මුවාවෙන් ගෙනා විජේදාස අධිකරණ ඇමතිගේ " නීතිය " නිවැරදි කළ යුත්තේ ඇයි? පිටපත් සඳහා විමසන්න නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

In the country where a judge who changed the evidence so that an accused could be jailed for life is still serving, the law of contempt of court that remands lawyers who support the legal issues in the court must be corrected...! *

In the country where a judge who changed the evidence so that an accused could be jailed for life is still serving, the law of contempt of court that remands lawyers who support the legal issues in the court must be corrected...! * Aruna Laksiri Unawatuna (AAL) It was reported in several media today that a lawyer who appeared in a court and presented facts was remanded and suspended from practicing as a lawyer until the case is over. In a publication by Manopriya Gunasekara in the Lankadeepa website titled 'අධිකරණයට අපහාස කළ නීතීඥවරයෙකු රිමාන්ඩ්', it is mentioned that 3 judges of the Supreme Court have ordered the Attorney General to file charges of contempt of court against the lawyer. The Parliament of the Democratic Socialist Republic of Sri Lanka enacted the Contempt of a Court, Tribunal or Institution Act No. 8 of 2024 with effect from 1st of February 2024 to make provisions for the uniform application of the Contempt of a Court, Tribunal or Institution provide for

චූදිතයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි වන ලෙස සාක්ෂි සටහන් වෙනස් කළ විනිසුරු තවමත් නඩු අහන රටේ, අධිකරණයේදී නීතිය කතා කරන නීතීඥයන් රක්ෂිත බන්ධනාගාර ගත කරන අධිකරණයට අපහාස කිරීමේ නීතිය නිවැරදි කළ යුතුය…!

චූදිතයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි වන ලෙස සාක්ෂි සටහන් වෙනස් කළ විනිසුරු තවමත් නඩු අහන රටේ, අධිකරණයේදී නීතිය කතා කරන නීතීඥයන් රක්ෂිත බන්ධනාගාර ගත කරන අධිකරණයට අපහාස කිරීමේ නීතිය නිවැරදි කළ යුතුය…! අධිකරණයේ නඩුවකට පෙනී සිට කරුණු ඉදිරිපත් කළ නීතීඥවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර නඩුව අවසන් වන තෙක් නීතීඥ වෘත්තීය කටයුතු වල යෙදීම අත්හිටුවා ඇති බව අද දින මාධ්‍ය වාර්තා කිහිපයක පළ විය. ලංකාදීප අන්තර්ජාල වෙබ් අඩවියේ මනෝප්‍රිය ගුණසේකර විසින් අධිකරණයට අපහාස කළ නීතීඥවරයෙකු රිමාන්ඩ් යන මාතෘකාව යටතේ පුවතක් පළ කරමින් එකී නීතීඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 3කු විසින් නීතිපතිවරයාට නියම කර ඇති බවත් දැක්වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත 2024 පෙබරවාරි මස 01 වන සිට බලාත්මක කර අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාළ නීතිය ඒකාකාර ලෙස අදාළ වීම සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම, අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස