Skip to main content

Posts

Showing posts from April, 2021

අධිකරණයෙන් / නඩු විභාගවලින් සිංහල භාෂාව ඉවත් කිරීමේ මාර්ග සිතියමේ ස්ථාන 10...! ( නීතියට ගරු කරන ජනතාවගේ දැන ගැනීම පිණිසයි)

අධිකරණයෙන් / නඩු විභාගවලින් සිංහල භාෂාව ඉවත් කිරීමේ මාර්ග සිතියමේ ස්ථාන 10...! (නීතියට ගරු කරන ජනතාවගේ දැන ගැනීම පිණිසයි) (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, දුරකථන 0712063394 - 2021.02.21) [දේශීයව සහ විදේශීයව නීති අධ්‍යාපනය සහ නීති උපාධිය ලබා දෙන ආයතන කිහිපයක් රටේ තිබුණද නීතිඥවරු ලෙස කටයුතු කිරීමට වෘත්තීය සුදුසුකම ලබා දෙන අධ්‍යාපනය සහ නීති විභාග සම්බන්ධයෙන් තීන්දු සහ තීරණ ගනු ලබන්නේ 1900 අංක 2 දරන නීති අධ්‍යාපන සභා අඥාපනතෙ 2 වන වගන්තිය මගින් පිහිටුවා ඇති අගවිනිසුරු, නීතිපති, අධිකරණ ඇමතිගේ නියෝජිතයන් 6ක් ඇතුලු සාමාජිකයන් 14කින් සමන්විත සංස්ථාගත නීති අධ්‍යාපන සභාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 සහ 24වන ව්‍යවස්ථා මගින් නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව ලෙස සිංහල භාෂාව ඇතුලත් කිරීමත් සමගම එකී විධානයට ගරු කරමින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සහ විභාග පැවැත්වීම වර්ෂ 2010 දක්වා සිංහල මාධ්‍යයෙන් පවත්වනු ලැබීය. අධිකරණ භාෂාව සිංහල බවට පත් කිරීම නිසා සිය අභිමතය අවශ්‍ය ආකාරයට යොදා ගැනීමට නොහැකි වූ ක

සිංහල භාෂාවෙන් නඩු විභාග කිරීම වැළැක්වීමේ හකීම්-සබ්‍රි අධිකරණ ඇමති මාර්ග සිතියමේ ඔබ දැනගත යුතුම කරුණු 10...! ( නීතියට ගරු කරන ජනතාවගේ දැන ගැනීම පිණිසයි)

සිංහල භාෂාවෙන් නඩු විභාග කිරීම වැළැක්වීමේ හකීම්-සබ්‍රි අධිකරණ ඇමති මාර්ග සිතියමේ ඔබ දැනගත යුතුම කරුණු 10...! ( නීතියට ගරු කරන ජනතාවගේ දැන ගැනීම පිණිසයි) (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන දුරකථන 0712063394 - 2021.02.21) [ආරම්භය / ඉතිහාසය - දේශීයව සහ විදේශීයවනීති අධ්‍යාපනය සහ නීති උපාධිය ලබා දෙන ආයතන කිහිපයක් රටේ තිබුණද නීතිඥවරු ලෙස කටයුතු කිරීමට වෘත්තීය සුදුසුකම ලබා දෙන අධ්‍යාපනය සහ විභාග පවත්වන්නේ 1900 අංක 2 දරන නීති අධ්‍යාපන සභා අඥාපනත මගින් පිහිටුවා ඇති අලුත්කඩේ පිහිටි ශ්‍රී ලංකා නීති විද්‍යාලයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 සහ 24වන ව්‍යවස්ථා මගින් නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව ලෙස සිංහල භාෂාව ඇතුලත් කිරීමත් සමගම එකී විධානයට ගරු කරමින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සහ විභාග පැවැත්වීම වර්ෂ 2010 දක්වා සිංහල මාධ්‍යයෙන් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය සහ නීතිඥවරු වීමට පවත්වන විභාග සම්බන්ධයෙන් තීන්දු සහ තීරණ ගනු ලබන්නේ 1900 අංක 2 දරන නීති අධ්‍යාපන සභා අඥාපනතෙ 2 වන වගන්තිය මගින් පිහිටුවා ඇති අගවිනිසුරු, නීතිපති, අධිකරණ ඇමතිගේ නියෝජිතයන් 6ක් ඇතුලු සාමාජිකයන් 14කින

බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය අහිමි කරමින් "කිරි කළයට ගොම මුසු කරන" වරාය පනතේ 52, 53 සහ 73 වගන්ති සහ ඇමෙරිකන් කොරිඩෝව වෙනුවට පෙරදිග නිරාගමිකපුරයක් තැනීම හෙවත් "ඉඟුරු දී මිරිස් ගැනීමෙන්" "කබළෙන් ලිපට වැටෙන" සිංහලයන්/ ස්වදේශිකයන්....!

බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය අහිමි කරමින් "කිරි කළයට ගොම මුසු කරන" වරාය පනතේ 52, 53 සහ 73 වගන්ති සහ ඇමෙරිකන් කොරිඩෝව වෙනුවට පෙරදිග නිරාගමිකපුරයක් තැනීම හෙවත් "ඉඟුරු දී මිරිස් ගැනීමෙන්" "කබළෙන් ලිපට වැටෙන" සිංහලයන්/ ස්වදේශිකයන්....! ( අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ, සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන) ශ්‍රී ලංකාව පෙරදිග රටකි. පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැදින්වූයේ වැව සහ දාගැබ මුල් කරගත් වාරි සංස්කෘතියකින් ස්වදේශීය ජනතාව දිනවීමට එදා රජවරුත්, පාලකයන්ද උත්සාහ ගත් හෙයිනි. ඩී. එස්. සේනානායක, සිරිමා බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන වැනි මෑත අතීතයේ පාලකයෝ කෘෂිකර්මය සහ දේශීය නිෂ්පාදන මුල් කරගත් ආර්ථික සංවර්ධනයක් පිළිබද අවධානය යොමු කළේය. ඒ සදහා ඔවුන් ගොවි ජනපද මෙන්ම මහවැලි ව්‍යාපාරය වැනි කෘෂිකර්මික නගර බිහි කිරීමට උත්සාහ කළේය. එසේ වුවත් මැකෝලි සාමිගේ මගපෙන්වීම යටතේ මෙරට පුරවැසියන්ගේ අධ්‍යාපනය දේශීය නිෂ්පාදන සදහා නොව විදේශීය සේවා සපයන ආයතනවල සේවකයන් වීමට දිශානති කරවූයේය. දේශීය දැනුම පිටමන් කළේය. දේශීය දැනුම විදේශීය දැනුමෙන්

වරාය නගරය නිරාගමිකයන්ගේ කළාපයක්, සදාචාරයක් නෑ..ආගමක් නෑ..., එහි 9වන ව්‍යවස්ථාවට තැනක් නෑ....!

වරාය නගරය නිරාගමිකයන්ගේ කළාපයක්, සදාචාරයක් නෑ..ආගමක් නෑ..., එහි 9වන ව්‍යවස්ථාවට තැනක් නෑ....! ( අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ, සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන) "ආගම" අද වන විට යල් පැන ගිය තත්ත්වයක් බව කියන ප්‍රවණතාවයක් මතු වී ඇත. සියල්ල වෙනස් වන බව සත්‍යයකි. ඒ අනුව "ආගම" සහ "ජාතිය" ද වෙනස් විය යුතු බවට කෙනෙකුට තර්ක කළ හැකිය. අත්තක වාඩිගෙන අත්ත කැපීමත් ඒ සමගම අප සිහි කළ යුතුය. ආගමක් නැති, ජාතියක් නැති සමාජයක හෙට දවස කුමක් වෙයිද? එය වනචාරී සමාජයක් විය නොහැකිය. ඒත් වහල් සමාජයක් විය හැකිය? අතීතයේ මිනිසාව ශිෂ්ට කිරීමට ආගම උදව් වූ බවත්, මිනිසාගේ හර පද්ධතිය දියුණු වී සංස්කෘතික සමාජයක් බිහි වූයේ ආගම සහ ජාතිය නිසා බවත් අදහසක් ඇත. යම් රටක බහුතරය අභිබවා සුලුතරයට නැගී සිටිය හැක්කේ ප්‍රචණ්ඩත්වය මුදා හැරීමෙන් සහ නීති පැනවීමෙන් පමණි. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වුවත් බහුතරයේ චින්තනය නීතියකින් වෙනස් කළ හැකිය. ඉහත කරුණු කියන්නට යෙදුනේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව මේ වන විට විදිමින් සිටින "ආගම" සහ "ජ