Skip to main content

Posts

Showing posts from September, 2020

2015 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 3 දෙනාගේ තීරණය 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය ජනමතවිචාරණය නොතැබීමට කුමන්ත්‍රණය කළ විශාරදයන්ගේ මෙහෙයුමේ ප්‍රතිඵලයක්ද?

2015 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 3 දෙනාගේ තීරණය 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය ජනමතවිචාරණය නොතැබීමට කුමන්ත්‍රණය කළ විශාරදයන්ගේ මෙහෙයුමේ ප්‍රතිඵලයක්ද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන සමග 'ලංකාසර'  කර්තෘ කළ සාකච්ඡාව...... 2002 දී 19ය ගෙනා වෙලේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7ක් ඒකමතික තීරණයක් දුන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරනවානම් පාර්ලිමේන්තුවෙ 2/3ක් සහ ජනමතවිචාරණයක් යන දෙකම අවශ්‍ය බවට.  ඒ පූර්ණ විනිශ්චය සභා තීරණය අනුගමනය නොකර 2015 දී 19ය ගෙනා වෙලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ජනමතවිචාරණය නොතබා ඉන්න ශ්‍රී පවන් අගවිනිසුරු PER INCURIUM තීරණයක්/DETERMINATION 2015 දී දුන්නේ ඇයි? 2015 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 3 දෙනාගේ තීරණය 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය ජනමතවිචාරණය නොතැබීමට කුමන්ත්‍රණය කළ විශාරදයන්ගේ මෙහෙයුමේ ප්‍රතිඵලයක්ද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන සමග 'ලංකාසර'  කර්තෘ කළ සාකච්ඡාව...... https://lankasara.com/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1/20%e0%b6%a7-%e0%b6%a2%e0%b6%b

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ නීතියේ රහස් - 12 වන නීති අධ්‍යයන වැඩමුළුව - සිංහල මාධ්‍

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ නීතියේ රහස් 12 වන නීති අධ්‍යයන වැඩමුළුව - සිංහල මාධ්‍ය (නිබන්ධන ලබා දේ නොමිලේ පැවැත්වේ) * 70 වන ව්‍යවස්ථාව සංශෝධනයට ජනමතවිචාරණයක් අවශ්‍ය බව කියූ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව දහනමයේ 19 වන වගන්තිය සහ විස්සේ 14 වන වගන්තිය කෙටුම්පත් කළාද? * 19යේ උපත නෛතිකව සුජාත ද? * 124 ව්‍යවස්ථාව අනුව 20 කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටත කතා කළ හැකිද? * තත්කාර්ය විනිශ්චයකාරවරයන් අභියාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට අදාල 133 ව්‍යවස්ථාව * 20 කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධීකරණ තීරණය සිංහල භාෂාවෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුළත් නොවන්නේ ඇයි? 2020 ඔක්තෝබර් 09 ප.ව. 2.30 - ප. ව. 6.00 කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී (වායු සමීකරණය සහිත) ආසන සීමිතයි. ආසන කලින් වෙන්කර ගන්න. විමසීම - නීතිඥ අරුණ ලක්සිරි උණවටුන  දුර 0342256066 / 0712063394

නීතිඥ දප්පුල ද ලිවේරා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට ජනතාව පොළඹවලා.....අගවිනිසුරුට පැමිණිලි..(වීඩියෝ)

නීතිඥ දප්පුල ද ලිවේරා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට ජනතාව පොළඹවලා.....අගවිනිසුරුට පැමිණිලි.., නීතිඥ දප්පුල ද ලිවේරා 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනයේ, 14වන වගන්තියට 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උපදෙස් දීම, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට ජනතාව පෙළඹවීමකි...! අගවිනිසුරුට පැමිණිලි.....,(වීඩියෝ) https://youtu.be/dij6bY_kX_U ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට පෙළඹවීම සහ 70වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විනිශ්චිත නීතිය සැගවීම සම්බන්ධයෙන් නීතිඥ දප්පුල ද ලිවේරා ට එරෙහිව අගවිනිසුරුට පැමිණිලි.., නීතිඥ වෘත්තියේ ගෞරවය රැක ගන්නා ලෙස නීතිඥවරයෙක් ඉල්ලා සිටී....(පැමිණිල්ල සහ වීඩියෝ) http://neethiyalk.blogspot.com/2020/09/blog-post_12.html?m=1

නීතිඥ දප්පුල ද ලිවේරා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට ජනතාව පෙළඹවීම වැරදියි. අගව්නිසුරුට පැමිණිලි (වීඩියෝ)

  ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට ජනතාව පෙළඹවීම සහ 70වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විනිශ්චිත කරුණු සැගවීම සම්බන්ධයෙන් නීතිඥ දප්පුල ද සිල්වාට එරෙහිව අගවිනිසුරුට පැමිණිලි (වීඩියෝ) නීතිඥ වෘත්තියේ ගරුත්වය රැක ගන්නා ලෙස නීතිඥ අරුණ ලක්සිරි උණවටුන අගවිනිසුරුගෙන් ඉල්ලා සිටී.... පැමිණිල්ල වීඩියෝ

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට පොළඹවා වෘත්තීය විෂමාචාරයේ යෙදී ඇති බවට නීතිඥ දප්පුල ද ලිවේරා සම්බන්ධයෙන් අගවිනිසුරුට නීතිඥවරයෙක් පැමිණිලි කරයි...!

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට පොළඹවා වෘත්තීය විෂමාචාරයේ යෙදී ඇති බවට නීතිඥ දප්පුල ද ලිවේරා සම්බන්ධයෙන්   අගවිනිසුරුට නීතිඥවරයෙක් පැමිණිලි කරයි...! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අනුගමනය කළ යුතු කාර්යය පටිපාටිය පැහැදිලි කරමින් වර්ෂ 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07දෙනෙකු ඒකමතික තීරණයක් ලබා දී ඇත. එම ශ්‍රේෂ්ඨාධිකර තීරණය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  70 වන ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් නොපැමිණි මන්ත්‍රීවරයන් තුනෙන් දෙකක ගේ කැමැත්තෙන් සහ ජනමතවිචාරණයක දී ජනතාව විසින් අනුමත කිරීමෙන් පසුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චය කර තිබිය දී නීතිඥ දප්පුල ද ලිවේරා එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව 70වැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් ඒ කළ හැකි බවත් ජනාධිපතිවරයාටත්, අමාත්‍ය මණ්ඩලයටත්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් නීති උපදෙස් ලබා දී ඇත. එමෙන්ම 2020.09.02 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ

20 වන සංශෝධනය මගින් රටේ ඒකීයත්වය සහ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අනතුරේ හෙලන ආකාරය සහ 20 වැරදි ඇයි? 2002 -19ය සහ 2005-19ය / නීති වැඩමුළුව

(11වන නීති අධ්‍යයන වැඩමුළුව - සිංහල මාධ්‍ය) 20 වන සංශෝධනය මගින් රටේ ඒකීය බව සහ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අනතුරේ හෙලන ආකාරය සහ 20 වැරදි ඇයි? 2002 -19ය සහ 2005-19ය සහ විනිශ්චිත කරුණ / Res Judicata (නිබන්ධන ලබා දේ - නොමිලේ පවත්වයි) * 19යේ නොපෙනෙන ඇත්ත සහ 20 මගින් ඒකීය බව සහ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අනතුරේ හෙලන ආකාරය. * 20 ගෙන ආවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 2015 දී 19ය ගෙන ඒම ජනතාවගෙන් සැගවීමටද? * ශ්‍රේෂ්ඨාධිකරණය 2002 දී විසදූ 70වන ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ක්‍රමය නැවත ශ්‍රේෂ්ඨාධිකරණය විසදිය යුතුද? * 20 විසදීමට අභියාචනාධිකරණ විනිසුරුවරු නම් කිරීමට සිදු වේද? * පාර්ලිමේන්තුවට එවන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ බහුතර ජනතාවගේ භාෂාවෙන් හැන්සාඩ් ගත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා නොසිටින්නේ ඇයි? 2020 සැප් 19 සෙනසුරාදා පෙ.ව. 10.00 - ප.ව.1.00 අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ නීති අධ්‍යයන වැඩසටහන් දේශන ශාලාවේ දී (හදපාන්ගොඩ තැපැල් කාර්යලය ඉදිරිපිට) ආසන සීමිතයි / ආසන කලින් වෙන්කර ගන්න දුර : 0342256066, 0712063394 අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col),නීතිඥ  සමායෝජක, ශ්‍රේ

20ත්...,19ය ව්‍යවස්ථා කුමන්ත්‍රණයේම / වංචාවේම දිගුවක් වුවත් 20ට සුදුහුනු ගාන ආචාර්යවරු....!

("විස්සේ හරි වැරැද්ද" මැයෙන් ආචාර්ය වරුණ චන්ද්‍රකීර්තිගේ 2020.09.07 දින www.lankaweb.com වෙබ් අඩවියේ පළ වී ඇති ලිපියට පිළිතුරක්) 20ත්...,19ය ව්‍යවස්ථා කුමන්ත්‍රණයේම / වංචාවේම දිගුවක් වුවත් 20ට සුදුහුනු ගාන ආචාර්යවරු....! අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ  (2020.09.07) "විස්සේ හරි වැරැද්ද" මැයෙන්  ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති විසින් ලියන ලද ලිපියක් 2020.09.07 දින www.lankaweb.com වෙබ් අඩවියේ පළ වී තිබේ. ලිපිය එකී ලිපියේ දැක්වෙන පහත ඡේදයන් සැළකීමේදී 19ය සහ 20 ගැන මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සහ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19ය සහ එයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 07 දෙනාගේ තීරණය පිළිබද මූලික අවබෝධයක් නොමැතිව හෝ එම කාරණා යටපත්වන ලෙස එම ලිපිය රචනා කර ඇති බව පෙනේ. එකී ලිපියේ සදහන් ' අපි ' යන ඔහු සමග සම්බන්ධ අනෙක් අයගේ ස්ථාවරයද එය විය හැකි හෙයින් ඒ ලිපිය මගින් දක්වන කරුණු මගින් 19ය සහ 20 සම්බන්ධයෙන් රටවැසියන් සහ ආචාර්යවරයා දක්වන 'අපි' යන පිරිස නොමග යාහැකි හෙයින් මෙම පිළිතුර යොමුකර පැහැදිලි කිරීම කරමි. උපුටා ගැනීම &q

20 මගින් 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට යාමේදී රජයට වැරදි නීති උපදෙස් ලබා දීමෙන් 2015 සහ 2020 නීතිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට සහ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවලට ගරු කර නැද්ද? විනිශ්චිත කරුණ යන නීතිය නොදැන කටයුතු කළාද?

20 මගින් 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට යාමේදී රජයට වැරදි නීති උපදෙස් ලබා දීමෙන් 2015 සහ 2020 නීතිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට සහ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ  රීතිවලට ගරු කර නැද්ද?  විනිශ්චිත කරුණ යන නීතිය නොදැන කටයුතු කළාද? අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ  2020.09.06 Res judicata (RJ)  ලතින් පාඨය  "a matter decided" කියා ඉංග්‍රීසියෙන් දක්වයි. "විනිශ්චිත කරුණ" යනුවෙන් හදුන්වන මෙම නීති සිද්ධාන්තය මගින් විස්තර කෙරෙන්නේ එකම පාර්ශවයන් අතර යම් කරුණක් සම්බන්ධයෙන් නිසි අධිකරණයක් විසින් විභාගයක් පවත්වා තීරණයක් දුන් පසු ඒ පිළිබද නැවත නඩු විභාගයක් පවත්වන්නේ නැත යන්නයි. ඒ අනුව නඩු නිමිත්තකට නඩුවක් විමසා අවසන් කර එම පාර්ශවයන් අතර එම නඩු නිමිත්තටම නැවත නඩුවක් පවත්වාගෙන යාමක් සිදු නොවේ. මෙහිදී සළකා බැලිය යුත්තේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය වීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චයක් ලබා දී ඇත්තේද? යන්නයි. වර්ෂ 2002 දී 19 වන ආණ්ඩුක්‍රම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 07 දෙනෙක් විසින් ඒ පිළිබඳ ඒ

70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී, ඊනියා 19ය ගෙනවිත්, 2015 දී උදුරාගත් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ගැන කතා කරන්න ප්‍රජාතන්ත්‍රවාදියෝ නැද්ද?

70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී, ඊනියා  19ය ගෙනවිත්, 2015 දී ජනතාවගෙන්  උදුරාගත් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ගැන කතා කරන්න ප්‍රජාතන්ත්‍රවාදියෝ නැද්ද? 20 නංගි පෙන්වා අක්කා දීමක්.....! ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 2015 දී 19ය කෙටුම්පත් කළ රජයේ නිලධාරීන්ට දඩුවම් කරනු....! ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට ගරු කරන නීතිපති දෙපාර්තමේන්තුවක් වෙනුවෙන් පෙළ ගැසෙමු....! 2002 දී 19යට දුන් විනිසුරු 07 දෙනාගේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු කරනු...! ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ අයට දඩුවම් දෙමු...! 20 නංගි පෙන්වා අක්කා දීමක්..... ජනතාව රෑ වැටුණු වලේ දවල් වැටේවිද? http://neethiyalk.blogspot.com/2020/09/70-2015-2020.html?m=1

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව 2015 දී යහපාලන රජයටත් 2020 දී වත්මන් රජයටත් උපදෙස් දුන්නේ ඇයි?

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව 2015 දී යහපාලන රජයටත්  2020 දී වත්මන් රජයටත් උපදෙස් දුන්නේ ඇයි? අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ   (2020.09.02) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වූයේ 19ය අහෝසි කරන බව කියමිනි. 19ය අහෝසි කිරීම සදහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ 2/3 ක මන්ත්‍රී ආසන සංඛ්‍යාවක්ද හිමි විය. 19ය සංශෝධනය කරන්නට යන ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් නම් එය යහපත් තත්ත්වයක් නො වේ. මේ වන විට 19 සංශෝධනය සදහා කියමින් 2020.09.02 දිනැතිව විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කර ඇත. LINK - පිවිසෙන්න 20 කෙටුම්පත එහි මුල් පිටුව මෙසේ ය. මේ වන විට 2020.09.02 දිනැතිව නිකුත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14වන වගන්තිය මගින් ඉතා වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හදුන්වා දී ඇත. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමය. එය මෙසේ ය. ඒ අනුව පැහැදිලි වන්නේ 2020.09.02 දිනැතිව නිකුත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14වන වගන්තිය මගින් ආණ්

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සකස් කර ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්.....

  ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සකස් කර ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්..... ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සකස් කිරීම සහ අදාල වැරදි සිදුකර ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට නිතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් පැමිණිලි කර ඇත.   එම පැමිණිල්ල මගින් වර්ෂ 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ගෙන එමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ කරන ලද බව දක්වා ඇත. එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා හත් දෙනෙකු විසින් ඒකමතිකව තීරණය කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය බව දක්වා ඇති බවත් එසේ තිබියදී එකී ශ්‍රේෂ්ඨාධිකරණ තිරණයට පටහැනි වන ආකාරයට සහ එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලං