Skip to main content

Posts

Showing posts from May, 2023

වචනයට කායික දණ්ඩන නියම කිරීම බුද්ධාගම යනු බාබේරියන් සමාජයක ආගමක් බව පෙන්වීමේ සැළසුමක්ද?

වචනයට කායික දණ්ඩන නියම කිරීම බුද්ධාගම යනු බාබේරියන් සමාජයක ආගමක් බව පෙන්වීමේ සැළසුමක්ද? (බුද්ධාගමේ හර පද්ධතිය කිහිප දෙනෙකු විසින් වචනයෙන් බිඳවීම සහ එයට ලබා දීමට යන කායික දණ්ඩන නෛතික ප්‍රතිචාර මගින් බුදු දහමේ සාරයට අත්විය හැකි අහිතකර ප්‍රතිඵල ගැන අවබෝධයක් නීතිය ඇසුරෙන් ලබා දීම මෙම ලිපියෙන් අපේක්ෂා කරයි.) තලේබාන් ක්‍රමයට බුද්ධ ශාසනය ආරක්ෂා කළ නොහැකි අතර, රෝම ලංදේසි නිතියෙන් ද බුද්ධාගම ආරක්ෂා කළ නොහැක. අන් ආගමික විනිසුරුවරු බුද්ධාගම හෝ බුද්ධ ශාසනය සම්බන්ධ තීරණ ගැනීමේ නෛතික සහ සදාචාර සම්පන්න සාක්ෂරතාවය තිබේද? කාති අධිකරණ වලට ඉස්ලාම් හැර කතෝලික හෝ බෞද්ධ විනිසුරු පත් වෙයිද? ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ බුද්ධ ශාසනය සම්බන්ධ නීති අධ්‍යාපනය ලබා දෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ සිංහල ඉංහ්‍රීසි වෙනස තේරුම් ගැනීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ බුද්ධ ශාසන අධිකරණය පිහිටුවීමත් වහා නොකළහොත් බුද්ධාගම අනාරක්ෂිත වනු ඇත. බුද්ධාගමේ දහම සම්බන්ධ කාරණාවලදී කායික දණ්ඩන පනවා නැති අතර, බ්‍රහ්ම දණ්ඩනය පමණක් සීමිත අවස්ථාවක දඩුවමක් ලෙස පනවා ඇත. බුද්ධාගම අවිහිංසාවාදී, මෛත්‍රීය පතුරවන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ කියා ඇති බුද්ධ ශාසන අධිකරණය නොපිහිටුවා බුද්ධ ශාසනය සම්බන්ධ නඩු රෝම ලංදේසි උසාවි වල විමසන්නේ ඇයි?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ කියා ඇති බුද්ධ ශාසන අධිකරණය නොපිහිටුවා බුද්ධ ශාසනය සම්බන්ධ නඩු රෝම ලංදේසි උසාවි වල විමසන්නේ ඇයි? 1. බුද්ධාගම ගැන ප්‍රකාශ කර පසුව සමාව ගැනීම කරන්නේ (ICCPR) විත්ති වාචකයකටද? 2. රටෙන් පැනීමට තැත් කිරීම. කටුණායකදී අත්අඩංගුවට ගනීම සිදුවන්නේ ඇයි? 3 බුද්ධාගමට, බුද්ධ ශාසනයට අගෞරව කිරීමේ කාරණා වලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සහ දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්ති වල වැරදි අත්හැර  දමන්නේ ඇයි? 4. බුදු දහමේ කාරණා ගැන මුලින් අබෞද්ධයන් හිරේ දමා දෙවැනුව භික්ෂූන් වහන්සේ හිරේ දැමීමට පාර කපා ගැනීමේ පෙරහුරුවක්ද? 5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ කියා ඇති බුද්ධ ශාසන අධිකරණය නොපිහිටුවන්නේ ඇයි? 6.බෞද්ධ කාරණා රෝම ල‍ංදේසි උසාවිවලින් විනිශ්චය කර ගැනීම නිවැරදිද? 7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි පාඨ වෙනස් ඇයි? ෆීනික්ස් නීති සාර සංග්‍රහය - දුරකථන 0712063394

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් මුල් අවස්ථා අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කර මහාධිකරණයට පැවරීම නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කර ගැනීමට පසුබිම සළසයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් මුල් අවස්ථා අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කර මහාධිකරණයට පැවරීම නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කර ගැනීමට පසුබිම සළසයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් අවස්ථා අධිකරණ බල කිහිපයක් ලබා දී ඇත. 1972 ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ලබා නොදුන් මූලික අයිතිවාසිකම් මුල් අවස්ථා අධිකරණ බලය 1978 ව්‍යවස්ථා සම්පාදකයන් විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන ලදී. මේ මුල් අවස්ථා මූලික අයිතිවාසිකම් අධිකරණ බලය බලවතුන් විසින් ඉංග්‍රීසියෙන් ක්‍රියාත්මක කර ගත්තේය. මේ සඳහා කාර්ය පටිපාටියක් පාර්ලිමේන්තුව විසින් හැදුවේ නැත.ශ්‍රේෂ්ඨාධිකරණය රීති වලින් මෙය විධිමත් කළද ඒවා විස්තරාත්මක නැත. අපාරධ නඩු විධාන සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය වැනි කාර්ය පටිපාටි නීති, සහ සාක්ෂි ආඥා පනත වැනි නීති අදාල වන්නේ පහළ අධිකරණ වල මුල් අවස්ථා අධිකරණ බල කාර්ය පටිපාටිවලටය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් අවස්ථා අධිකරණ බල කිහිපයක්ම ලබා දුන්නත් කාර්ය පටිපාටියක් පාර්ලිමේන්තුව විසින් හදුන්වා නොදීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු

13න් පිහිට වූ දකුණේ අධිකරණ වලින් සිංහල අධිකරණ භාෂාව ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට/ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වලට එකඟද?

අන්තර්ජාල නීති දේශනය (14) 13න් පිහිට වූ දකුණේ අධිකරණ වලින් සිංහල අධිකරණ භාෂාව ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට/ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වලට එකඟද? 2023 ජුනි 25 සවස 3ට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න)

ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ පළත් 7ක සිවිල් අභියාචනා මහාධිකරණවල සිංහල භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට/ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වලට පටහැනි වන්නේ ඇයි?

ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ පළත් 7ක සිවිල් අභියාචනා මහාධිකරණවල සිංහල භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට/ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වලට පටහැනි වන්නේ ඇයි? ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් බලය පවරා ඇති 33 ව්‍යවස්ථාවට වඩා 70 ව්‍යවස්ථාව බලවත් බවත් ඒ අනුව 33 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසුරුවීම වැරදි බව 2018 දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7ක්  SC FR  351/ 2018 ඇතුලු තවත් නඩු වලදී ඒකමතිකව තීරණය කර ඇත. (එසේම ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගැන්වීමට සහ නීති විභාග පැවැත්වීමට ගෙනා 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයද 2023.03.21දින පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර ඇත.) එකම කරුණක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාන කිහිපයක විධිවිධාන පවතීනම් ක්‍රියාත්මක කළ යුත්තේ කවර විධිවිධානයද යන්න සහ ප්‍රධාන ව්‍යවස්ථාව අභිබවා වෙනත් ව්‍යවස්ථාවලට ක්‍රියාත්මක වීමට නොහැකි බවට SC FR  351/ 2018 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී විනිසුරුවරු 7කු ඒකමතිකව තීරණය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, 23 ව්‍යවස්ථාවේ නීති පැනවීමේ භාෂාව පිළිබඳව ප

ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණවල අධිකරණ භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන්නේ ඇයි?

ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණවල අධිකරණ භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන්නේ ඇයි? ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් බලය පවරා ඇති 33 ව්‍යවස්ථාවට වඩා 70 ව්‍යවස්ථාව බලවත් බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවීම වැරදි බව 2018 දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7ක්  SC FR  351/ 2018 නඩුවේ ඒකමතිකව තීරණය කර ඇත. (එසේම ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගැන්වීමට සහ නීති විභාග පැවැත්වීමට ගෙනා 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයද 2023.03.21දින පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර ඇත.) එකම කරුණක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාන කිහිපයක විධිවිධාන පවතීනම් ක්‍රියාත්මක කළ යුත්තේ කවර විධිවිධානයද යන්න සහ ප්‍රධාන ව්‍යවස්ථාව අභිබවා වෙනත් ව්‍යවස්ථාවලට ක්‍රියාත්මක වීමට නොහැකි බවට SC FR  351/ 2018 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී විනිසුරුවරු 7කු ඒකමතිකව තීරණය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  24 ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, 23 ව්‍යවස්ථාවේ නීති පැනවීමේ භාෂාව පිළිබඳව පැහැදිලිව විධිවිධාන දක්වා ඇති අතර, ඉංග්‍රීසි භාෂාව අධිකරණ භාෂාවක් හ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, නීති පැනවීමේ භෂාව පිළිබද ඉහළ දැනුමක් තිබිය යුතුයි...

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, නීති පැනවීමේ භෂාව පිළිබද ඉහළ දැනුමක් තිබිය යුතුයි... ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන  ආකාරය නීතීඥවරු, නීති ශිෂ්‍යයන් ඇතුලු අයගේ සහභාගීත්වයෙන් කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී 2023 මැයි 22 සවස 2-5 දක්වා පවත්වන ලදී. මෙය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ නීති අධ්‍යාපන වැඩසටහන මගින් පවත්වන ලද 18 වන නීති අධ්‍යාපන වැඩසටහනයි. අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ආරක්ෂා කිරීම, ප්‍රසිද්ධියේ නඩු විභාග කිරීමේ විධිවිධාන, පනත් කෙටුම්පත් අභියෝග කිරීමේදී පනත් කෙටුම්පත් අධ්‍යයනය කරන ආකාරය, රිට් නඩු පැවරීමේදී සළකන කරුණු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන  ගැන මෙහිදී පැහැදිලි කර දෙන ලදී. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පෙර සහ පසු ශ්‍රේෂ්ඨාධිකරණයට හිමිවී ඇති අධිකරණ බලය රටේ සංවර්ධනයට දායකවීම තුළණාත්මකව විග්‍රහ කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් පවරා ඇති නඩු වර්ග අධ්‍යයනය කිරීමේ වැදගත්කමද පෙන්වා දෙනු ලැබීය. නීතීඥවරු විසින් දේශ

52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි?

52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි? 2019 නොවැම්බර් 16 දින පැවති ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය 17 දින සවස කොළඹ මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය. ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වලංගු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 52.25%ක් ලබාගෙන එනම් ඡන්ද 6,924,255 ක් ලබාජනාධිපතිවරණය ජයග්‍රහණය කරද්දී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාවූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ලබාගත්තේ 41.99%ක් එනම් ඡන්ද 5,564,239 කි. 2019 නොවැම්බර් මස 16 පැවති ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව තෝරා ගත්තද 2022 මැයි මාසයේදී ඔහුට ජනාධිපති ධූරය අත්හැරීමට සිඳුවිය. මාස 60ක් ජනාධිපති ධූරද දැරීමට හැකියාව තිබුණද මාස 30කින් ජනාධිපති ධූරය  අත්හැරීමට ඔහුට සිඳුවිය. 2019 නොවැම්බර් පවති ජනාධිපතිවරණයෙන් 52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට

දිසා අධිකරණයේ නඩු විභාග ඉක්මන් කරන්නය කියන අධිකරණ සේවා කොමිසමේ සැබෑ අරමුණ නීතිය සහ යුක්තිය පසෙකින් තබා තමන් බලයේ සිටියදීම තමන්ට අවශ්‍ය තීන්දු ලියවා ගැනීමද?

දිසා අධිකරණයේ නඩු විභාග ඉක්මන් කරන්නය කියන අධිකරණ සේවා කොමිසමේ සැබෑ අරමුණ නීතිය සහ යුක්තිය පසෙකින් තබා තමන් බලයේ සිටියදීම තමන්ට අවශ්‍ය තීන්දු ලියවා ගැනීමද? (දිසා අධිකරණයේ නඩු විභාග හදිසි කිරීමෙන් නීතිය බිඳවැටෙන ආකාරය මෙම ලිපියෙන් පෙන්වා දෙයි) ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මුල් වරට පවරන නඩු මෙන් නොව දිසා අධිකරණයේ පවරන නඩු වෙනස් කාර්ය පටිපාටියක් අනුගමනය කරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මුල් වරට පවරනු ලබන නඩු නිෂ්ප්‍රභා කිරීමට එකී අධිකරණ වල විනිශ්චයකාරවරුන්ට පුලුල් අභිමතයක් තිබේ. එමෙන්ම එකී නිෂ්ප්‍රභා කිරීම් සම්බන්ධයෙන් අභියාචනා බලයක්ද නැති අතර, අභියාචනාධිකරණයේ නිෂ්ප්‍රභා කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ අභියාචනා අවසර අවස්‍ථාවක් පමණක් ඇත. එසේ වුවත් දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ට තමන් ඉදිරියේ ඇති නඩුවක් මුල් අවස්ථාවේම ප්‍රතික්ෂේප කිරීමේ අභිමතය ඉතා සීමිතය. දිසා අධිකරණය යනු සාක්ෂි විමසන අධිකරණයක් වීම මෙයට හේතුවකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මුල් වරට පවරන නඩු මෙන් නොව දිසා අධිකරණයේ පවරන නඩු සම්බන්ධයෙන් තීරණ ගැනීමට දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ට පු

දිසා අධිකරණයේ නඩු ප්‍රමාදයට සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති 840ක් තිබීමද, තවත් නීති තිබීමද, දෙපාර්ශවටම යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය වීමද හේතු වෙයි...!

දිසා අධිකරණයේ නඩු ප්‍රමාදයට සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති 840ක් තිබීමද, තවත් නීති තිබීමද, දෙපාර්ශවටම යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය වීමද හේතු වෙයි...! ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මුල් වරට පවරන නඩු මෙන් නොව දිසා අධිකරණයේ පවරන නඩු වෙනස් කාර්ය පටිපාටියක් අනුගමනය කරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මුල් වරට පවරනු ලබන නඩු නිෂ්ප්‍රභා කිරීමට එකී අධිකරණ වල විනිශ්චයකාරවරුන්ට පුලුල් අභිමතයක් තිබේ. එමෙන්ම එකී නිෂ්ප්‍රභා කිරීම් සම්බන්ධයෙන් අභියාචනා බලයක්ද නැති අතර, අභියාචනාධිකරණයේ නිෂ්ප්‍රභා කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ අභියාචනා අවසර අවස්‍ථාවක් පමණක් ඇත. එසේ වුවත් දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ට තමන් ඉදිරියේ ඇති නඩුවක් මුල් අවස්ථාවේම ප්‍රතික්ෂේප කිරීමේ අභිමතය ඉතා සීමිතය. දිසා අධිකරණය යනු සාක්ෂි විමසන අධිකරණයක් වීම මෙයට හේතුවකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මුල් වරට පවරන නඩු මෙන් නොව දිසා අධිකරණයේ පවරන නඩු සම්බන්ධයෙන් තීරණ ගැනීමට දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ට පුලුල් අභිමතයක් නීතියෙන් ලබා දී නැත. එමෙන්ම දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ අවසානාත්මක තීරණයට එරෙහ