Skip to main content

Posts

Showing posts from January, 2020

19යේ “ඉංග්‍රීසි” කුමන්ත්‍රණය - කථානායකවරයාට 80.1 සහ 80.2 ව්‍යවස්ථා පැටලවීම - 19 ඉවත් කිරීමට 2/3ක් ඉල්ලීමේ මිත්‍යාව සහ ජනමතවිචාරණ ඡන්ද අයිතිය අහිමි කිරීම - නීති අධ්‍යයන වැඩමුළුව

19 යේ “ ඉංග්‍රීසි ” කුමන්ත්‍රණය - කථානායකවරයාට 80.1 සහ 80.2 ව්‍යවස්ථා පැටලවීම - 19 ඉවත් කිරීමට 2/3 ක් ඉල්ලීමේ මිත්‍යාව සහ ජනමතවිචාරණ ඡන්ද අයිතිය අහිමි කිරීම   සම්බන්ධව පවත්වනු ලබන සිංහල මාධ්‍ය නීති අධ්‍යයන වැඩමුළුව (නීති අධ්‍යයන වැඩමුළු මාලාවේ 10 වන වැඩමුළුව) කොළඹ 07 මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේ දී 2020 මාර්තු 12 ( බ්‍රහස්පතින්දා)   ප. ව. 3 . 00 – 6 . 00 දක්වා පැවැත්වේ. මෙම නීති අධ්‍යයන වැඩමුළුව සදහා නීතිඥවරුන්ට, නීතිය අධ්‍යයන ශිෂ්‍යයන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන අයට,රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට සහ නීතිය පිළිබද උනන්දු අයට සහභාගී විය හැකිය. සහභාගී වන අයට නීති නිබන්ධන ලබා දෙන අතර ආසන සීමිත හෙයින් ආසනයක් කලින් වෙන්කර ගැනීම අවශ්‍ය වේ. විස්තර සදහා විමසීම - නීතිඥ අරුණ ලක්සිරි උණවටුන   දුරකථන 0712063394 හෝ විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සම්බන්ධව බහුතර ජනතාවගේ භාෂණයේ, ප්‍රකාශනයේ, අදහස් පළ කිරීමේ සහ සමාගමයේ නිදහස දිනාගැනීමේ වැඩසටහන - අංක 09 , කොළඹ පාර, හඳපාන්ගොඩ. ( 1052