Skip to main content

Posts

Showing posts from May, 2019

භාෂා පරමාධිපත්‍යය පිළිබද විමසා බලන නීති අධ්‍යයන කතිකාව - ජුලි 18 කොළඹ මහජන පුස්තකාලයේදී...

භාෂා පරමාධිපත්‍යය පිළිබද විමසා බලන නීති අධ්‍යයන කතිකාව භාෂා පරමාධිපත්‍යය සම්බන්ධ නීතිය විමසා බලන නීති අධ්‍යයන වැඩමුළුව ජුලි 18 කොළඹ මහජන පුස්තකාලයේදී... විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ භාෂා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම - උපරිමාධිකරණවල දී භාෂා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට නො හැකි වීම - ප්‍රතිඵල සහ විසදුම් [ ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා පවත්වන නීති අධ්‍යයන වැඩමුළු මාලාවේ 07  වන වැඩමුළුව (සිංහල මාධ්‍ය) ] (1972  සහ  1978  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා -  2000  යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අභිබවනය කළ කතානායක තීරණ ඇසුරෙන්) විශ්ව විද්‍යාල, නීති විද්‍යාල,උසස් අධ්‍යයන ආයතන සිසුන්, නීතිඥයින්, වෘත්තිකයින් ඇතුළු නීතිය පිළිබද උනන්දු ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය. දිනය -  2019  ජුලි  18 ( බ්‍රහස්පතින්දා) සවස  2 . 30 – 5 . 30 ස්ථානය - කොළඹ  07 ,මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේ දී නීති මූලාශ්‍ර ලබා දේ ආසන සීමිතයි 0712063394 දුරකථන අංකයෙන් අමතා ආසනයක් වෙන්කර ගන්න ( ගාස්තු අය කිරීමක් නැත) නීති අධ්‍යයන වැඩමුළුවේ අන්තර්ගතය 1.         ජනතාවගේ
නීතිය මත පාලනයෙන් පොදු ජනතාව බැහැර කරන ඉංග්‍රීසි අන්තවාදය ගෝලීය ත්‍රස්තවාදය  (බටහිර සහ මැදපෙරදිග ත්‍රස්තවාදය)   පොෂණය කරයිද? රාජ්‍යයක් තුළින් ක්‍රියා කරන සියලු තැනැත්තන්, ඔවුන් පොදු හෝ පුද්ගලික තැනැත්තන් වුවත්, ප්‍රසිද්ධියේ සාදන ලද, අනාගතයේ බලපවත්වන සහ උසාවිවලින් ප්‍රසිද්ධියේ පරිපාලනය කරනු ලබන නීතිවලින් බැදී සිටිය යුතු බව සහ ඒවායේ ප්‍රතිලාභවලට හිමිකම් කිව යුතු බව නීතිය මත පාලනය සම්බන්ධ අපරදිග දර්ශනයයි..... “ නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන බව ” ( I gnorantia juris non excusat ) පිළිගත් නීති සිද්ධාන්තයකි. එමෙන්ම “ තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට ඇති අයිතිය ” ද වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැනවින් ආරක්ෂාකර දී ඇති අයිතියකි. සාධාරණ නඩු විභාගයකදී දෙපාර්ශවයටම එනම් පක්ෂ-විපක්ෂ හෝ පැමිණිල්ල-විත්තිය හෝ පෙත්සම්කරු-වගඋත්තරකරු හෝ පැමිණිල්ල-චූදිත යන දෙපාර්ශවයටම අධිකරණය ඇහුම්කන් දී සිය තීරණය ලබා දෙයි. “ තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට ඇති අයිතිය ” වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 . 3 , 1 , 121 , 126 , 157 අ. 4 ව්‍යවස්ථා මගින් ආරක්ෂා කර දී . අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 ව්‍යස්ථාව ස
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ජනාධිපති නියෝග කළ ගැසට් පත්‍රය අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීමට නියෝග කරන්න....! ජනාධිපතිට සහ අධිකරණ අමාත්‍යාංශයේ නීති සහකාර ලේකම්ට එරෙහිව ශ්‍රේඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු …… ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවමින් සහ 2019 ජනවාරි 05වන දින පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවමින් නිකුත් කළ 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය එරෙහිව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩු විභාගකර එම ගැසට් පත්‍රය අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2018 දෙසැම්බර් 13 වන දින තීරණය කරන ලදී. එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දී නොතිබූ බව දක්වමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. නීතිඥවරයාගේ එම ඉල්ලීම ජනාධිපති අතිරේක ලේකම්(නීති) නීතිඥ ලක්ෂ්මී ජයවික්‍රම විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
නොමිලේ පවත්වන පැය 80 ක සිංහල මාධ්‍ය 2 වන නීති අධ්‍යයන වැඩසටහන නීතිය නොදැ නීම සමාවට කරුණක් නොවන (Ignorantia Juris Non Excusat)   හෙයින් නීතිය දැන ගැනීමට ඇති අයිතිය සියලු පුරවැසියන්ට හිමි අයිතියකි . ගාස්තු අයකිරීමකින් තොරව පවත්වන (සැගවුණ ගාස්තු නැත) පැය 80 ක සිංහල මාධ්‍ය - නීති අධ්‍යයන වැඩසටහන වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන සහභාගීවිය හැක්කේ කාටද? භික්ෂූන් වහන්සේලාට, ගුරුවරුන්ට - රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට-විශ්‍රාමිකයන්ට - පොලීසියේ හා හමුදාවල සේවයේ නියුතු අයට - උසස් පෙළ විභාගයට පෙනී සිටි අයට - විශ්ව විද්‍යාල සිසුන් ට ව්යෙඅවසායකයන් ඇතුළු නීතිය පිළිබද උනන්දු අයට ඉල්ලුම් කළ හැකිය. ආසන සීමිතයි. මුලින් ඉල්ලුම් කරන්න ආරම්භක දිනය 2019 අගෝස්තු 24 ඉල්ලුම් කළ හැකි අවසන් දිනය 2019 ජූලි 31 විෂය අන්තර්ගතය - වෙනස් විය හැක නීතියේ පසුබිම සහ නීතියේ ආධිපත්‍යය නීතිය සහ ආගම විධායකය - ව්යෙඅවස්ථාදායකය - අධිකරණය නීති මූලාශ්‍ර දණ්ඩ නීති සංග්‍රහය - පුරාවස්තු ආ ඥා  පනත (1940/09) අපරාධ නඩු විධාන සංග්‍රහය සිවිල් නඩු විධාන සං
ජනාධිපතිවරයා විසින් නීතියට පටහැනිව ඉල්ලීම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමෙන් මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට නීතිඥවරයෙක් ජනාධිපතිට සහ අධිකරණ අමාත්‍යාංශයේ නීති සහකාර ලේකම්ට එරෙහිව නඩු පවරයි…… Posted on May 8th, 2019 අධිකරණ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවමින් නිකුත් කළ 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය එරෙහිව පවරන ලද නඩු විභාගකර පාර්ලිමේන්තුව විසුරුවීමට අදාල ගැසට් පත්‍රය අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පසුගියදා තීරණය කරන ලදී. එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දී නොතිබූ බව කියමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලදෙන ලෙස ඉල්ලා ඇත. එම ඉල්ලීම ජනාධිපති අතිරේක ලේකම්(නීති) නීතිඥ ලක්ෂ්මී ජයවික්‍රම විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කර ඇත. ජනාධිපති අතිරේක ලේකම්ගේ එකී යොමු කිරීම අධිකරණ
පාර්ලිමේන්තුව විසිරවීම අවලංගුකළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබානොදේ.....! මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කළ අතර එකී ගැසට් පත්‍රය අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් 2018.12.13 දින තීන්දුවක් ලබා දී තිබුණි. එකී තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී තිබුණි. ඉංග්‍රීසි භාෂාව යනු ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව හෝ ජාතික භාෂාව හෝ නීති පැනවීමේ භාෂාව හෝ අධිකරණ භාෂාව හෝ නොවන අතර එය රාජ්‍ය භාෂාවෙන් ලබා ගැනීම සදහා නීතිඥ අ රු ණ ලක්සිරි උණවටුන විසින් ජනාධිපතිවරයා වෙත 2018.12.18 දින ලිඛිතව ඉල්ලීමක් කර තිබුණි. පාර්ලිමේන්තුව විසිරවීම අවලංගුකළ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් ලබා නොදී පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය එනම් සිතීමේ නිදහස,  හෘදය සාක්ෂියේ නිදහස, නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණයද, සර්ව සාධාරණ වීම, කිසිම පු
වෛද්‍ය තිලක පදමා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යන වැඩසටහනේ 1වන නීති අධ්‍යයන වැඩසටහනේ ත්‍යාග ප්‍රදානෝත්සවය 2019.05.04 උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.... https://www.youtube.com/watch?v=474wHBYh5wU&feature=youtu.be ත්‍යාග ප්‍රදානෝත්සවයේ විවිධ අවස්ථා සදහා බලාපොරොත්තුවන්න.. (www.neethiyalk.blogspot.com වෙත පිවිසෙන්න.) 2 වන අධ්‍යයන වැඩසටහන ආරම්භ කරන දිනය දැනුම් දෙනු ලැබේ...... නීතිඥ අරුණ ලක්සිරි උණවටුණ - නීති අධ්‍යයන වැඩසටහන් සමායෝජක