Skip to main content

Posts

Showing posts from June, 2021

"සූම්" තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණ නඩු මාර්ගගතව විභාග කිරීමේදී "සූම්" ආයතනය සමග ඇති කරගත් එකගතා, කොන්දේසි සහ ගිවිසුම් සහ යටත්වන විදෙස් නීති පිළිබඳ තොරතුරු ඉල්ලා ජනාධිපති ලේකම්ට සහ අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්ට ඉල්ලීමක්...

"සූම්" තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණ නඩු මාර්ගගතව විභාග කිරීමේදී "සූම්" ආයතනය සමග ඇති කරගත් එකගතා, කොන්දේසි සහ ගිවිසුම් සහ යටත්වන විදෙස් නීති පිළිබඳ තොරතුරු ඉල්ලා ජනාධිපති ලේකම්ට සහ අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්ට ඉල්ලීමක්.... (එකී ඉල්ලීම පහත දැක්වේ) නීතිඥ අරුණ ලක්සිරි උණවටුන දුරකථන 0712063394 දිනය 2021.06.26 ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. "සූම්" තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණ නඩු මාර්ගගතව විභාග කිරීමේදී "සූම්" ආයතනය සමග ඇති කරගත් එකගතා, කොන්දේසි සහ ගිවිසුම් සහ යටත්වන විදෙස් නීති පිළිබඳ තොරතුරු, 2016 අංක 12 දරන තොරතුරු දැගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන යටතේ ලබා දෙන ලෙස ඉල්ලා සිටීම. 1. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා තාක්ෂණික මාර්ග යොදාගනිමින් කටයුතු කිරීම සහ "සූම්" වැනි මාර්ගගත  (ඔන්ලයින්) සම්බන්ධතා ඔස්සේ නඩු විභාග පැවැත්වීමට අවශ්‍ය තත්ත්ව යොදා ගෙන ඇත. 2. ඒ අනුව මාර්ගගත (ඔන්ලයින්) සම්බන්ධතා මගින් අභියාචනාධිකරණ නඩු විභාග පැවැත්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂාකර අනුගමනය කිරීම අවශ්‍ය හෙයින්

එක රටක් එක නීතියක් කියමින් වෙනත් රටවල නීති වර්ග 10ක් රටට ගේන අධිකරණ ඇමතිගේ කොරෝනා පනත් කෙටුම්පත....,

එක රටක් එක නීතියක් කියමින් වෙනත් රටවල නීති වර්ග 10ක් රටට ගේන අධිකරණ ඇමතිගේ කොරෝනා පනත් කෙටුම්පත...., අධිකරණ ඇමති 2021.06.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොරෝනා පනත් කෙටුම්පතේ 12 වන වගන්තිය මගින් "වෙනත් රටවල නීති" ලංකාවට අදාල කිරීමට ක්‍රියා කර ඇති නිසා එම පනත් කෙටුම්පත නීතියක් වුවහොත් ලංකාවේ නීතියට ඇතුළත් වන වෙනත් රටවල නීති වන්නේ..., 1) වෙනත් රටවල ඇති සමලිංගික විවාහ නීති 2) වෙනත් රටවල ඇති එක්ව වාසය කිරීමේ විවාහ නීති 3) වෙනත් රටවල ඇති බහු විවාහ නීති 4) වෙනත් රටවල ඇති ශාරීරික දඩුවම් නීති 5) වෙනත් රටවල ඇති කංසා/ මර්ජුවානා වැනි නිදහස් මත්ද්‍රව්‍ය සහ සුරාබදු නීති 6) වෙනත් රටවල ඇති ගණිකා/ ගණිකාවාස / විනෝදාස්වාදය සපයන නීති 7) වෙනත් රටවල ඇති සූදු, ඔට්ටු සහ කැසිනෝ නීති 8) වෙනත් රටවල ඇති ආගමික නීති 9) වෙනත් රටවල ඇති ආගමන, විගමන නීති 10) වෙනත් රටවල ඇති මූදල් නීති කොරෝනා පනත් කෙටුම්පතේ 12 වන වගන්තිය මගින වෙනත් රටවල නීති රටේ නීතියේ කොටසක් බවට පත් කර ඇති නිසා ඉහත ආකාරයේ නීති ලංකාවේ නීතියේ කොටස් බවට පත්වීමට අවස්ථාව විවෘත කර දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 4, 9, 10, 2

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන්ද හැන්සාර්ඩ් වාර්තාවේ පළකරන ලෙස ඉල්ලා සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස ඉල්ලිම.

(මධ්‍ය නිවේදනය) ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන්ද හැන්සාර්ඩ් වාර්තාවේ පළකරන ලෙස ඉල්ලා සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස ඉල්ලිම. කොරෝනා පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව 2021.06.22 දින කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් හැන්සාර්ඩ් වාර්තාවේ පළවේ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂාව පරිච්ඡේදයට පටහැනි තත්ත්වයක් හෙයින් (රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව) එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 13 සහ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ 3වන වගන්තිය යටතේ සිංහල භාෂාවෙන්ද හැන්සාර්ඩ් වාර්තාවේ පළ කරන ලෙස පාර්ලිමේන්තු සභාගැබේදි කථානායකවරයාගෙන් ඉල්ලා සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කර නීතියේ පාලනය වෙනුවෙන් ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටිමි. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ  (10524) විමසීම 0712063394 (2021

වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීම සහ ජාතික ආරක්ෂාව අනතුරට පත් කළ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු අයට එරෙහිව පොලිස්පතිට පැමිණලි....!

වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීම සහ ජාතික ආරක්ෂාව අනතුරට පත් කළ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු අයට එරෙහිව පොලිස්පතිට පැමිණලි....! (විද්‍යුත් තැපැල්) නීතිඥ අරුණ ලක්සිරි උණවටුන දුරකථන 0712063394 දිනය 2021.06.20 පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01. කොරෝනා වෛරසය අසාදනය සම්බන්ධයෙන් වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීම සහ ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම ඇතුලු වැරදි කර ඇති වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම. පරීක්ෂණ සිදුකර අවසන් නැති කොරෝනා එන්නත් විදගැනීම අනිවාර්යය කිරීම සඳහා ජනතාව පෙළඹීමට, කොරෝනා එන්නත විදගැනීමෙන් තොරව ස්ථානවලට ඇතුල්වීම, පළාත් අතර, දිස්ත්‍රික්ක අතර සංචරණය තහනම් කිරීමේ රෙගුලාසි පැනවීමට, දේශීය ඖෂධ කොරෝනා වෛරස් රෝගය වැළක්වීමට යොදා ගැනීම අඩපන කිරීමට, ජනතාවගේ ජීවිත අනතුරට පත්කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකයේ හි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු රජ

2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවථානුකූලත්වය පිළිබඳව 2021.07.18 (2021.06.18 විය යුතුය) දින ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 403 ශාලාවේදී අංක SC/SD/24/2021 නඩුවේ ඇති වූ නීතිමය විවාදය....,

2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවථානුකූලත්වය පිළිබඳව 2021.07.18 දින (2021.06.18 විය යුතුය) ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 403 ශාලාවේදී අංක SC/SD/24/2021 නඩුවේ ඇති වූ නීතිමය විවාදය...., විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මෘදු ෆර්නෑන්ඩු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නවාස්, පෙත්සම්කරු - අරුණ ලක්සිරි උණවටුන වගඋතරකරු - නීතිපති පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන තමා වෙනුවෙන්ම පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ට සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලෙ සහ ආචාර්ය අවන්ති පෙරේරා පෙනී සිටියේය. 2019 කොරෝනා වෛරස් රෝගය (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත අධිකරණ ඇමතිවරයා විසින් 2021.06.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර එයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථාවල ප්‍රතිපාදන යටතේ මෙම පෙත්සම ගොනුකර තිබුණි. පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය මගින් විකල්ප අධිකරණය සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධානය මගින් නම් කරන විකල්ප අධිකරණයට නඩු යොමුකිරීම/මාරු කිරීම සහ ඒ සඳහා නඩු තෝරා ගන්නා ආකාරය පිළිබඳව දක්වා

2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් -19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නෑ... ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්....!

2021 ජූනි 08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් -19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත මගින් පිහිටුවන්න යන විකල්ප අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නෑ... ඇමතිවරයා අධික බලයක් අතට අරගෙන... වෙනත් රටක නීතියක් ලංකාවට අදාල කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම අභියෝගයක්... ශ්‍රේෂ්ඨාධිකරණයට SC/SD/24/2021 නඩුව පවරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ප්‍රකාශ කරයි... පෙත්සම සහ වෙනත් රටක නීතියක් ලංකාවේ අදාල කිරීමට අදාල පනත් කෙටුම්පතේ 12 වගන්ති කොටස පහත දැක්වේ....