Skip to main content

Posts

Showing posts from August, 2023

නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය එක් දින නීති අධ්‍යාපන වැඩමුළු මාලාව ශ්‍රී ලංකාවේ නීති පනවන ආකාරය (පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ක්‍රියාපටිපාටියද ඇතුළත්ය.)

(නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය එක් දින නීති අධ්‍යාපන වැඩමුළු මාලාව) (මුද්‍රිත නිබන්ධන සහ මූලාශ්‍ර සපයයි) ශ්‍රී ලංකාවේ නීති පනවන ආකාරය (පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ක්‍රියාපටිපාටියද ඇතුළත්ය.) අන්තර්ගතය නීතිය - නීති මූලාශ්‍ර / නීති පනවන ආකාරය, නිසි ක්‍රියාදාමය, ස්වභාවික යුක්ති මූලධර්ම, පනත් කෙටුම්පත්, පනත් කෙටුම්පත් ගැන දැනගන්නා ආකාර, පනත් කෙටුම්පතක් හෝ එහි විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන ප්‍රශ්නය පිළිබදව තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23,78, 80, 83, 118, 120, 121, 122, 124 සහ 125 ව්‍යවස්ථා, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවේ නියම, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ නැවත සළකා බැලීමේ නීතිය සහ ස්ථාවර නියෝග, නීති සම්මත කිරීම, පාර්ලිමේන්තුව පනවන නීති වෙනස් කිරීම හෝ ඉවත් කිරීම. කවුරුන් වෙනුවෙන්ද? සා/පෙළ පුරවැසි අධ්‍යාපනය විෂය හදාරන සිසුන්ට උසස් පෙළ සිසුන්ට / විශ්ව විද්‍යාල සිසුන්ට රැකියා බලාපොරොත්තු අයට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල අයට කරන අය

පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය - නොමිලේ පවත්වන නීති වැඩමුළු මාලාව - අයදුම් පත්‍රය

(දිවයින පුරා නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩමුළු මාලාව) පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය....විස්තර සහ අයදුම් පත්‍රය ඔබගේ පාසලේ/ පුස්තකාලයේ/ ආයතනයේ/ ස්ථානයේ පැවැත්වීමට අදහස් කරන්නේ නම් 0712063394 දුරකථන අංකයෙන් විමසන්න..... පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබ‍ඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය සම්බන්ධයෙන් නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩමුළුව අයදුම් පත්‍රය - 2023

වැරදි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මත ආයුර්වේද කෙටුම්පත සම්මත කළොත් අදාල අයට එරෙහිව ඉදිරි පාර්ලිමේන්තුව මගින් නිසි ක්‍රියාමාර්ග ගත හැකියි. SC/SD/52/2023 නඩුවේ පෙත්සම්කරුවන් කථානායක ඇතුලු අයට දැනුම් දෙයි....

වැරදි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මත ආයුර්වේද කෙටුම්පත සම්මත කළොත් අදාල අයට එරෙහිව ඉදිරි පාර්ලිමේන්තුව මගින් නිසි ක්‍රියාමාර්ග ගත හැකියි. SC/SD/52/2023 නඩුවේ පෙත්සම්කරුවන් කථානායක ඇතුලු අයට දැනුම් දෙයි.... ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව/ උල්ලංඝනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඇ. සහ  123 ව්‍යවස්ථා අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිවැරදි නොකර එකී සංශෝධනය සම්බන්ධව ඉදිරි පියවර නොගන්නා ලෙස 2023 අගෝස්තු 22 දින දැනුම් දී ඇත. වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම සහ වෛද්‍ය වොෂින්ටන් ගල්හේනගේ නානායක්කාර යන අය වෙනුවෙන් නීතීඥ අරුණ උණවටුන මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතීඥ කුෂානි අනූෂා රෝහණදීර සහ නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇත. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ123 ව්‍යවස්ථාවඅනුව හේතු දැක්වීම සිදුකර නොතිබීම ඇතුළු දෝෂ හේතුවෙන් ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව අනුව නිවැරදි පිළිගත හැකි තීරණයක් නොවන බවට වර්ෂ 2023.08.13 දිනැතිව කථානායකවරයාට සහ  පා

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්...

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්... ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ පෙත්සම් කිහිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර,  එහි තීරණය 2023 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුවේ අන්තර්ජාල වෙබ් අඩවියේ එකී තීරණය පළකර ඇති අතර එහි අවසන් ඡේදය ඉංග්‍රීසි භාෂාවෙන් මෙසේ දැක්වෙයි.  In conclusion, we wish to record that our attention was drawn to several textual discrepancies between the Sinhala, Tamil and English texts of the Bill. This causes a lot of concern to the Court in its deliberations. We note that it also affects the legislators who are deprived of a correct understanding of the Bill unless such discrepancies are corrected The State undertook to correct all these discrepancies at the appropriate stage of the legislative process. එය සිංහල භාෂාවට පරිවර්තනයකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සැළකීමේදී නීතිමය කරුණු විසදීම, තීරණ

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙයි.

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙයි. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ පෙත්සම් කිහිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර,  එහි තීරණය 2023 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුවේ අන්තර්ජාල වෙබ් අඩවියේ එකී තීරණය පළකර ඇති අතර එහි අවසන් ඡේදය ඉංග්‍රීසි භාෂාවෙන් මෙසේ දැක්වෙයි.  In conclusion, we wish to record that our attention was drawn to several textual discrepancies between the Sinhala, Tamil and English texts of the Bill. This causes a lot of concern to the Court in its deliberations. We note that it also affects the legislators who are deprived of a correct understanding of the Bill unless such discrepancies are corrected The State undertook to correct all these discrepancies at the appropriate stage of the legislative process. එය සිංහල භාෂාවට පරිවර්තනයකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සැළකීමේදී

ආයුර්වේද සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ දෝෂ සහිත විට ගත හැකි නීතිමය පියවර නීති අධ්‍යාපන වැඩසටහන 2023 අගෝ 26....

ආයුර්වේද සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ දෝෂ සහිත විට ගත හැකි නීතිමය පියවර නීති අධ්‍යාපන වැඩසටහන 2023 අගෝ 26.... අංක 09, කොළඹ පාර හඳපාන්ගොඩ, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන් දේශන ශාලාවේදී ... අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ, නීති ග්‍රන්ථ කර්තෘ, විද්‍යත් සහ මුද්‍රිත මාධ්‍ය ලේඛක සසමායෝජක , වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවට පටහැනියි. සේවාදායකයන් වෙනුවෙන් නීතීඥවරයා කථානායකට, පාර්ලිමේන්තු මහලේකම්ට සහ නීතිපතිවරයාට දැනුම් දෙයි....

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවට පටහැනියි. සේවාදායකයන් වෙනුවෙන් නීතීඥවරයා කථානායකට, පාර්ලිමේන්තු මහලේකම්ට සහ නීතිපතිවරයාට දැනුම් දෙයි.... ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව අනුව හේතු දැක්වීම සිදුකර නොතිබීම ඇතුළු කරුණු සළකා නොබැලීම ඇතුළු දෝෂ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිවැරදි පිළිගත හැකි තීරණයක් නොවන බව ලිඛිතව දැනුම් දී ඇත. ෆීනික්ස් නීති සාර සංහ්‍රහය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

පනත් කෙටුම්පතකට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවට අනනුකූල වීම මත එකී දෝෂ සහිත තීරණය නිවැරදි කර ගන්නා ආකාරය.....

පනත් කෙටුම්පතකට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවට අනනුකූල වීම මත එකී දෝෂ සහිත තීරණය නිවැරදි කර ගන්නා ආකාරය...! සිංහල භාෂා පාඨය බලපැවැත්වෙන පනත් කෙටුම්පතක ඇති වෙනස්කම්/ විෂමතාවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ අභියෝග කළ විට එම වෙනස්කම්/ විෂමතා කවරක්ද යන්න හඳුනා නොගෙන සහ හේතු නොදක්වා එම වෙනස්කම්/ විෂමතා මගින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය යටපත්වන බව ප්‍රකාශ කර එම වෙනස්කම්/ විෂමතා නිවැරදි කිරීමට රජයට පැවරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 9, 10, 12.1, 14.1, 23 ව්‍යවස්ථා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය නැති අතර එසේ ක්‍රියා කර ඇති බව දැක්වෙන ශ්‍ර්‍රේෂ්ඨාධිකරණ තීරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව යටතේ නීතිය ඉදිරියේ වලංගු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් නොවන අතර ඒ පිළිබඳව නීතියට අනුව ක්‍රියාකර එකී දෝෂ සහිත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නිවැරදි කර ගැනීමට පුරවැසියන්ට සහ පාර්ලිමේන්තුවට අයිතිය ඇත. නීතියේ සිංහල නුගමුල" ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0342256066, 07120

2023 ආයුර්වේද සංශෝධනයෙන් ඉවත් කිරීමට රජය එකග වූ "භෛසජ්ජක" ඇතුලු තවත් සංශෝධන 6ක් සිදුකර ආයුර්වේද සංශෝධනය බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට හැකියි...!

2023 ආයුර්වේද සංශෝධනයෙන් ඉවත් කිරීමට රජය එකග වූ "භෛසජ්ජක" ඇතුලු තවත් සංශෝධන 6ක් සිදුකර ආයුර්වේද සංශෝධනය බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට හැකියි...! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා 2023 අගෝස්තු 10 පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ඒ අනුව ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ  තීරණය මතු සඳහන් පරිදි වේ:— (1)     පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරය සහ 83 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබීමෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්තිවල ආයුර්වේද භෛසජ්ජක සහ  භෛසජ්ජක යන වචන ඉවත් කිරීමෙන් සංශෝධ

2023 ආයුර්වේද පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ පහත නීතිමය කාරණා සම්බන්ධයෙන් හේතු දක්වා තිබේද කියා විමසා බැලීම ජනතාවගේ / පාර්ලිමේන්තුවේ අයිතියකි....!

2023 ආයුර්වේද පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ පහත නීතිමය කාරණා සම්බන්ධයෙන් හේතු දක්වා තිබේද කියා විමසා බැලීම ජනතාවගේ / පාර්ලිමේන්තුවේ අයිතියකි....! 1. සංශෝධිත සිංහල  කෙටුම්පතේ ඇති පාඨ අතර වෙනස්කම්/ විෂමතාවන් සම්බන්ධයෙන් ඒවාට අදාල හේතු දක්වා තිබේද යන්න සහ එම වෙනස්කම්/ විෂමතාවන් මුල් සිංහල පනතට අදාලව හේතු දක්වා තිබේද යන්න. 2.  සංශෝධිත සිංහල පනත් කෙටුම්පතේ ඇති පාඨ අතර වෙනස්කම්/ විෂමතාවන් සම්බන්ධයෙන් නීති පැනවීමේ භාෂාව අදාලව අනුගමනය කළ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාව අනුව ක්‍රියා කර තිබේද , නැද්ද යන්න සම්බන්ධයෙන් හේතු දක්වා තිබේද යන්න. 3. සිංහල පනත් කෙටුම්පතේ පවතින වෙනස්කම්/ විෂමතාවන් මුල් සිංහල පනතට අනුව සැළකීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාව අනුව ක්‍රියාකර තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් හේතු දක්වා තිබේද යන්න. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන උපලේඛනයේ 1 වන ලැයිස්තුව වන පළාත් සභා ලැයිස්තුවේ ඇති අංක 11.1, 11.2, 12, 36.5 අයිතමය යටතේ ඇති කාරණා පනත් කෙටුම්පතේ දක්වා ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 උ.3 ව්‍යවස්ථාව අදාල වන්නේද නොවන්නේද යන්න සම්බන්ධයෙන් හේතු

පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීරණය දෝෂ සහිතවිට ගතහැකි නීතිමය පියවර කවරේද?

පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීරණය දෝෂ සහිතවිට ගතහැකි නීතිමය පියවර කවරේද? (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 12, 20, 23, 24, 79, 118, 120, 121, 123, 154 උ.3, 170 ව්‍යවස්ථා ඇසුරෙන්) අන්තර්ජාල නීති අධ්‍යාපන දේශනය 2023 අගෝස්තු 21 සඳුදා අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න)

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

වසර 45ක්ම සැඟවී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවේ අරමුණ 2023 ආයුර්වේද සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමේදී විවෘත වන බව නීතීඥවරයා කියයි....!

වසර 45ක්ම සැඟවී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවේ අරමුණ 2023 ආයුර්වේද සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමේදී විවෘත වන බව නීතීඥවරයා කියයි....! 1978 සිට මේ දක්වා වසර 45 ක්ම ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 23.2 (16වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර) සහ දැන් 23.4 (16වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පසු) අනුව්‍යවස්ථාවට අනුකූලව නීති පැනවී ඇත්ද යන්න සළකා නොබැලුවේ ඇයි සහ තවමත් හිතා ඉන්නේ රටේ ක්‍රියාත්මක වන්නේ සෝල්බරි ව්‍යවස්ථාව රටේ ක්‍රියාත්මක වන බවද යන්න ජනතාව හමුවේ ඇති ප්‍රශ්නයකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාව අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමට පෙර පැවති සියලු නීති සහ අනු නීති සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළකල යුතු වෙයි. එවැනි විධිවිධානයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළේ ඇයි? මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කිහිපයක්ම 1972ට පෙර පැවතිණි. සෝල්බරි ව්‍යවස්ථාව ඉන් එකකි. ඒ යටතේ පනත් පැනවී තිබුණි. ඊට පෙර ආඥාපනත් පැනවී තිබුණි. ඒවා කිසිවක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න හෝ අනනුකූලද යන්න දන