Skip to main content

Posts

Showing posts from April, 2022

19න් පත් වී නීතිවිරෝධීව සිටි අධිකරණ ඇමති 20න් නීත්‍යානුකූල අධිකරණ ඇමති වීමේ "කැකිල්ලේ නාටකය" මෙන්න....

19න් පත් වූ ඇමතිලාට 20න්ද දිගටම ඇමතිලා වීමට අන්තර්කාලීන විධිවිධානයක් (Transitional Provision) 20 නොමැති බව පසුව දැනගත් "කැකිල්ලේ ඇමති" කවුද? 19න් පත් වී නීතිවිරෝධීව සිටි අධිකරණ ඇමති 20න් නීත්‍යානුකූල අධිකරණ ඇමති වීමේ "කැකිල්ලේ නාටකය" මෙන්න.... (අධිකරණ ඇමති ඉල්ලා අස්වී නැවත අධිකරණ ඇමති ලෙසම පත් වීමෙන් නීති විරෝධීව අධිකරණ ඇමති ලෙස ධූර දැරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීමට හැකිද?) මෙම කැකිල්ලේ නාටකයෙන් නීතිමය අර්බුදයකට යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාවත් මිස අධිකරණ ඇමති නොවේ.. පසුගියදා ඉල්ලා අස්වුණේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාව යටතේ පත් නොවූ නීතිවිරෝධී ඇමති මණ්ඩලයකි. (2022.04.07) http://neethiyalk.blogspot.com/2022/04/20-53.html?m=1 "20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2020 ඔක්තෝබර් 29 දින කතානායක සහතිකය යොදා ක්‍රියාත්මක වීමෙන් පසු අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත් කර තිබුණේ නැත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2020 අගෝස්තු 12 දින පත් කර සිටි අගමැති

ජනාධිපති ධූරය අත් හැර ගියොත් ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනවද? නැද්ද? ජනාධිපති ධූරය අත්හැරියොත් ඉන්පසු වෙනදේ සහ නොවෙනදේ බලා ඉන්න ආසයි...

ජනාධිපති ධූරය අත් හැර ගියොත් ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනවද? නැද්ද? ජනාධිපති ධූරය අත්හැරියොත් ඉන්පසු වෙනදේ සහ නොවෙනදේ බලා ඉන්න ආසයි... 1) තෙල්, ගෑස් පෝලින්....විදුලිය කප්පාදුව නතර වීම සහ බඩු මිල අඩුවීම. 2) රටට ඩොලර් ගැලීම වේගවත් වීම. 3) බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවීම සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය රාජ්‍යයේ ප්‍රධානියා විසින් දැරීම. 4) රාජ්‍ය දේපල සහ ආයතන විකිණීම, බදු දීම නැවතීම. 5) නීතියේ පාලනය තහවුරු වීම. 6)බලවතා විසින් දුබලයා පෙළීම නතර වීම. 7) 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි වීම. 8) ඒකීය යන්න ස්ථාවර වී ෆෙඩරල්, සන්ධීය යන්න සාකච්ඡාවට නොගැනීම. 9) දේශීය නිෂ්පාදන ආර්ථිකය වර්ධනය වීම. 10)නීතිය සිංහල භාෂාවෙන් ඉගෙනීමට නැවත අවස්ථාව ලැබීම..(2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් අධිකරණ අමාත්‍යංශයේ මූලිකත්වයෙන් නීති අධ්‍යාපනය සිංහල භාෂාවෙන් ලබා දීම තහනම් කර ඇත) ජනාධිපතිවරයා ධූරය අත් හැරීයොත් ඉන්පසු ඉහත කාරණා සි‍ඳුවෙනවාද? නැද්ද?යන්න බලා ඉන්න ආසයි. ෆීනික්ස් නීති සාර සංග්‍රහය 2022 අප්‍රේල් දිගහැරුම වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712

තෙල්, ගෑස් පෝලිම් සහ විදුලිය කප්පාදුව ඇතුලු මහජන ප්‍රශ්න උග්‍ර කළේ..(කරුණු 9ක්).

තෙල්, ගෑස් පෝලිම් සහ විදුලිය ක ප්පාදුව ඇතුලු මහජන ප්‍රශ්න උග්‍ර කළේ... 1. රජයේ දේපල සහ ආයතන විකුණුවාට / උකස් කළාට කමක් නැත. 2. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති කළාට කමක් නැත. 3. සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම නතර කළාට කමක් නැත. 4. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා නොදුන්නාට කමක් නැත. 5. ඒකිය ඉවත් කර එක්සත් හෝ සන්ධීය රාජ්‍යයක් වුණාට කමක් නැත. 6. ජනමතවිචාරණ ඡන්ද බලය ජනතාවගෙන් අහිමි කළාට කමක් නැත. 7.ජනාධිපතිවරණ ඡන්ද බලය ජනතාවගෙන් අහිමි කළාට කමක් නැත. 8. ජාතික ගීය ඉංග්‍රීසියෙන් ගායනා කළාට කමක් නැත. 9. රට නැවත සෝල්බරි ව්‍යවස්ථා ආකෘතියට ගෙන ගියාට කමක් නැත කියා ජනතාවගෙන් කියවාගෙන ගෙන තෙල්, ගෑස් පෝලිම්, විදුලිය කප්පාදුව ඇතුලු මහජන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමටද? ෆීනික්ස් නීති සාර සංග්‍රහය 2022 අප්‍රේල් දිගහැරුම වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394

"Gotagogama" තරුණ පරපුර අසමත් නොවීමටනම් "ගෘන්නෝම"/ Grundnorm  නීති මූලධර්මය ගැන දැනගත යුත්තේ ඇයි?

"Gotagogama" තරුණ පරපුර අසමත් නොවීමටනම් "ගෘන්නෝම"/ Grundnorm නීති මූලධර්මය ගැන දැනගත යුත්තේ ඇයි? මහජන ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් (People's National Constitution) කෙටුම්පත් කිරීම මේ දක්වා "Gotagogama" තරුණ පරපුර ආරම්භ කර නොතිබීම නීතිය නොදැනීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය රටේ ජනතාවගේ නෛතික නිදහස පිළිබඳ මූලික ප්‍රශ්නයකි. ගෘන්නෝම"/ Grundnorm නීති මූලධර්මය ගැන අවබෝධයක් නැතිකම පිළිබඳ ප්‍රශ්නයකි. "The People's Constitution should be drafted and presented to the people according to the Grundnorm principle before or after the president Gotabhaya is sent home. If not a dictatorship may arise." "ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යැවීමට පෙර හෝ පසූව මහජන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කර ජනතාව හමුවේ තැබීම ගෘන්නෝම මූලධර්මය අනුව සිදුවිය යුතුයි. එසේ නොවුණහොත් ඒකාධිපති පාලනයක් බිහි වනු ඇත." වැද්දා වටුකූරුල්ලන්ට දැල දැමූ පසු වටුකුරුල්ලන් ඉන් මිදුන ආකාරය ලස්සන සිත් ඇදගන්නා බෞද්ධ කතාවක් පමණක් නොවේ. ඉන් ඉගෙනිය හැකි පාඩම් බොහෝය. පළමු වැ

අමාත්‍යවරු පත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා, ජනතාව වෙතින් කළ ඉල්ලීමට නීතීඥවරයෙකු පිළිතුරු සහ යෝජනා බාර දෙයි.... නීතිපතිවරයාටත් පිටපත් යොමු කරයි...

අමාත්‍යවරු පත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා, ජනතාව වෙතින් කළ ඉල්ලීමට නීතීඥවරයෙකු පිළිතුරු සහ යෝජනා බාර දෙයි.... නීතිපතිවරයාටත් පිටපත් යොමු කරයි... (මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන) ආහාර ස්ථාවරත්වය සියලු ස්ථාවරත්වයන් අභිබවා යන බව එම ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. රජයේ සහ පුද්ගලික හිස් ඉඩම් වල පළතුරු, එලවළු, ඖෂධ වගා කිරීමට වසර 2ක (තාවකාලික) බලපත්‍ර ලක්ෂයක් ලබා දී (කෙසෙල්, අන්නාසි, පැපොල්, පේර, එළවළු, මුං, කහ, ඉගුරු, රටකජු, අලවර්ග, කෝමාරිකා, ......)  "ලක්ෂයක සූර්ය නිෂ්පාදන ස්වෙච්ඡා ශ්‍රම බලකායක්" ගොඩ නගන ලෙස එමගින් ඉල්ලා ඇත. එම ලිපිය මෙහි දැක්වේ. (2022.04.20)

ජනාධිපතිතුමා අද (2022.04.18) දින කළ ඉල්ලීමට නීතීඥවරයෙකුගෙන් පිළිතුරු සහ යෝජනා..... උත්තර හොයමු...හිරු එළියෙන් ඩොලර්, රත්තරන් ලබමු... "ලක්ෂයක සූර්ය නිෂ්පාදන ස්වෙච්ඡා ශ්‍රම බලකායක්" ගොඩ නගමු.

ජනාධිපතිතුමා අද (2022.04.18) දින කළ ඉල්ලීමට නීතීඥවරයෙකුගෙන් පිළිතුරු සහ යෝජනා..... උත්තර හොයමු...හිරු එළියෙන් ඩොලර්, රත්තරන් ලබමු... "ලක්ෂයක සූර්ය නිෂ්පාදන ස්වෙච්ඡා ශ්‍රම බලකායක්" ගොඩ නගමු. හිරු එළිය (එළවළු, පළතුරු, ඖෂධ) අපනයනය කර ඩොලර් උපයමු...! ආහාර ස්ථාවරත්වය සියලු ස්ථාවරත්වයන් අභිබවා යයි...! රජයේ සහ පුද්ගලික හිස් ඉඩම් වල පළතුරු, එලවළු, ඖෂධ වගා කිරීමට වසර 2ක (තාවකාලික) බලපත්‍ර ලක්ෂයක් ලබා දී (කෙසෙල්, අන්නාසි, පැපොල්, පේර, එළවළු, මුං, කහ, ඉගුරු, රටකජු, අලවර්ග, කෝමාරිකා, ......)  "ලක්ෂයක සූර්ය නිෂ්පාදන ස්වෙච්ඡා ශ්‍රම බලකායක්" ගොඩ නගමු. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col),  සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0342256067, 0712063394 (2022.04.18)

"ශ්‍රී" අකුරට තාර ගෑම සහ ජාතික ගීය ඉංග්‍රීසියෙන් පමණක් ගායනා කිරීමට මාර්ගය තනා ගැනීම, ඒකීය එක්සත් කිරීම, බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීම.....!

"ශ්‍රී" අකුරට තාර ගෑම සහ ජාතික ගීය ඉංග්‍රීසියෙන් පමණක් ගායනා කිරීමට මාර්ගය තනා ගැනීම, ඒකීය එක්සත් කිරීම, බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීම.....! එදා වාහන අංකවල තිබූ ' ශ්‍රී' අකුරට තාර ගෑවේ සිංහලත් ඉවත්කර, දෙමළත් ඉවත්කර ඉංග්‍රීසි අකුරු එකතු කිරීමට බව වැටහුනේ නැත.නමුත් සිදුවුණේ එයයි. අද ජාතික ගීය දෙමළෙන් ගයන්නේ සංහිඳියාවට ආවරණය වී ඉංග්‍රීසියෙන් පමණක් ජාතික ගීය ගැයීමේ පොදු එකඟතාවයකට පැමිණීමට බව වැටහෙන්නේ නැත. ඒත් සිඳුවන්නේ එයයි. නිරාගමිකයි කියන්නේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීම බව වැටහෙන්නේ නැත. ඒත් සිඳුවන්නේ එයයි. සහජීවනය කියමින් "ඒකීය" රට "එක්සත්" රට කිරීම වැටහෙන්නේ නැත.ඒත් සිඳුවන්නේ එයයි. ජාතික ගීය ගයන භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ලබා දීම යටත් විජිත තත්ත්වයෙන් මිදුන රටවල ලක්ෂණයක් බව සංහිඳියාවාදීන්ට, නිරාගමිකයන්ට, සහජීවනකරුවන්ට තේරුණද ඩොලර්වලට සහ ණය මුදලට එය යටවන බව වැටහෙන්නේ නැත. නමුත් සිදුවන්නේ එයයි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col),  සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන

"Gotagogama" අත්තිවාරම ගොඩ නැගුනේ රාජපක්ෂවරු බිත්තියට හේත්තු කර බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වයත්, ජනමතවිචාරණ ඡන්ද බලයත් අහිමි කිරීමේ උපාය වෙනුවෙන්ද?

"Gotagogama" අත්තිවාරම ගොඩ නැගුනේ රාජපක්ෂවරු බිත්තියට හේත්තු කර බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වයත්, ජනමතවිචාරණ ඡන්ද බලයත් අහිමි කිරීමේ උපාය වෙනුවෙන්ද? සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා ගැනීමට තිබූ අයිතිය අහිමි කරමින් 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රයෙන් නීති සාදා ගැනීමට පමණක් රාජපක්ෂවරු යොදා ගැනීම අදාල කණ්ඩායමේ ප්‍රමුඛතාවය ඉලක්කය නොවේ. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව අහෝසි කිරීමත්, ජනමතව්චාරණයක් සඳහා ප්‍රතිපාදන සළසා දී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85.2 ව්‍යවස්ථාව අහෝසි කිරීමත් රාජපක්ෂවරුන්ගෙන් කරගත යුතු බව "Gotagogama" සටන් පාඨ දෙස බැලීමේදී පැහැදිලි වෙයි. "Gotagogama ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2022" කෙටුම්පත් කරන ගෘන්නෝමයක් (Grundnorm) බවට පරිවර්තනය වී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් වුවහොත් එයට නීතිමය පිළිගැනීම ලැබීමේ ඉඩක් තිබේ. එය සාර්ථක කර ගැනීමට රාජපක්ෂවරුන්ට අපහාස කරමින් ඔවුන්ව බිත්තියට හේත්තු කිරීමට "Gotagogama" අරගලය දිගු කාලයක් පවත්වාගෙන යා යුතුය. "Gotagogama" අරගලයට දින 07ක් ගත වුවද

සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීම ඉවත් කිරීමට රාජපක්ෂලාව මෙහෙයවූ අය තව දුරටත් උත්සාහ කරන්නේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය සහ ජනමතවිචාරණ ඡන්ද බලය අහිමි කිරීම දක්වා රාජපක්ෂලාව මෙහෙයවීමටද?

සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීම ඉවත් කිරීමට රාජපක්ෂලාව මෙහෙයවූ අය තව දුරටත් උත්සාහ කරන්නේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය සහ ජනමතවිචාරණ ඡන්ද බලය අහිමි කිරීම දක්වා රාජපක්ෂලාව මෙහෙයවීමටද? නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට සිංහලෙන් නීතිය ඉගෙනීමට සිරිමාවෝ මැතිණියගේ 1970 ආණ්ඩුව අවස්ථාව ලබා දී තිබූණි. සිංහලෙන් නීතිය ඉගෙනගත් නීතීඥවරුන් විනිසුරුවරුන්, නීතිපතිවරුන්, ජනාධිපති නීතීඥයන් වූවා පමණක් නොව සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීති තර්ක ගෙනවිත් රජය ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත් පරාජය කරනු ලැබීමටද සමත්ව ඇත. එවන් තත්ත්වයක් තුළ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා ගැනීමට තිබූ අයිතිය අහිමි කරමින් 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රය පළකිරීමට සහාය දෙම්න් කිහිප දෙනෙකුගේ බලය සහ අධිකාරය ශක්තිමත් කිරීමට රාජපක්ෂලා කටයුතු කළේය. සිංහල බහුතර ජනතාවගේ බලයෙන් පත් වූ රජපක්ෂලා සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම තහනම් කිරීමට අධිකරණ අමාත්‍යාංශයට, සංස්ථාගත නීති අධ්‍යාපන සභාවට ඉඩ දුන්නේය. සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියදී එයට ඉඩ

"Gotagogama ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2022" කෙටුම්පත් කරන ගෘන්නෝමයක් (Grundnorm) ද? නොඑසේනම් විකටයන්ගේ පීඨයක්ද?

"Gotagogama ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2022" කෙටුම්පත් කරන ගෘන්නෝමයක් (Grundnorm) ද? නොඑසේනම් විකටයන්ගේ පීඨයක්ද? උද්ඝෝෂණය කිරීමට ගමක් බිහිකරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම  "Gotagogama" දී සිදුවෙයිද? එසේනම් "Gotagogama" ගෘන්නෝමයක (Grundnorm) ආරම්භක පියවරක් විය යුතුය. (1970 සමගි පෙරමුණු ආණ්ඩුව ගාලුමුවදොර පාර්ලිමේන්තුවෙන් බැහැරව, රාජකීය විද්‍යාලයේ නවරඟහලේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළේ ඒ අනුවය.) ගාලුමුවදොර උද්ඝෝෂණය කිරීමේ අදහස අවංකනම් Gotagogama ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2022 කෙටුම්පත් විය යුතුය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැක්කේ ගෘන්නෝමයකින් (Grundnorm) බව Gotagogamaට සහාය දෙන නීති විශාරයන් සහ පිරිස නොදන්නවා විය නොහැකිය. "Gotagogama ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2022" පනවා ගැනීමෙන් සහ ජනතාව එය ක්‍රියාත්මක කිරීමෙන් මේ ප්‍රශ්නය අවසන් විය යුතුය. මෙවැනි නීතිමය තත්ත්වයක් අවබෝධ කර නොගෙන Gotagogama ගම පිහිටුවාගෙන ඇත්නම් එය විකටයන්ගේ පීඨයක් වනු ඇත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col),  සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අ

උත්තර හොයමු...හිරු එළියෙන් ඩොලර්, රත්තරන් ලබමු... ජනාධිපතිටත් කියා දෙමු... "ලක්ෂයක සූර්ය නිෂ්පාදන බලකායක්" හදමු.

උත්තර හොයමු...හිරු එළියෙන් ඩොලර්, රත්තරන් ලබමු... ජනාධිපතිටත් කියා දෙමු... "ලක්ෂයක සූර්ය නිෂ්පාදන බලකායක්" හදමු. හිරු එළිය (එළවළු, පළතුරු, ඖෂධ) අපනයනය කර ගෙන්නමු.... ආහාර ස්ථාවරත්වය සියලු ස්ථාවරත්වයට උඩින් බව මහබැංකු අධිපති කියන තෙක් නොසිටිමු? රජයේ සහ පුද්ගලික හිස් ඉඩම් වල පළතුරු, එලවළු, ඖෂධ වගා කිරීමට වසර 2ක (තාවකාලික) බලපත්‍ර ලක්ෂයක් ලබා දී (කෙසෙල්, අන්නාසි, පැපොල්, පේර, එළවළු, මුං, කහ, ඉගුරු, රටකජු, කෝමාරිකා, ......)  "ලක්ෂයක සූර්ය නිෂ්පාදන බලකායක්" හදමු. ඒ ලක්ෂයක නිෂ්පාදන බලකායට උදලු, කැති, පිහි, කාබනික පොහොර සහ පැළ ලබා ගැනීමට රු.25,000/ දක්වා මූල්‍ය ආධාරයක් ලබා දී දේශීය ආහාර සහ ඖෂධ නිෂ්පාදනය වර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්න. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col),  සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0342256067, 0712063394 (2022.04.10)

(ගෝටාගෝගමේ නීති ආධාර කඳවුරට ලිපියක්....) Gota Go Home කියල ගමක් හදා ගත්ත කියල ඒක ගෘන්නෝමයක් (Grundnorm) වෙයිද? නීති කඩා නීති හදන්න බලය ලැබෙයිද?

(ගෝටාගෝගමේ නීති ආධාර කඳවුරට ලිපියක්....) Gota Go Home කියල ගමක් හදා ගත්ත කියල ඒක ගෘන්නෝමයක් (Grundnorm) වෙයිද? නීති කඩා නීති හදන්න බලය ලැබෙයිද? පවතින නීතියෙන් පිට පැන, ගෘන්නෝමයක් (Grundnorm) නැතිව පවතින නීති කඩල අලුත් නීති සෑදීමට හැකියාවක් නැත. 1970 මැතිණියගෙ ආණ්ඩුව ජනවරමකින් ලැබූ ගෘන්නෝමයක් (Grundnorm) මගින් රාජකීය විද්‍යාලයේ නවරඟහලේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළේ එවකට තිබ්බ සෝල්බරි/ජෙනිංග්ස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙනි. සුන්දරලිංගම් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී නඩුව පැරදුනේ ඒ නිසාය. ගෘන්නෝමයකින් (Grundnorm) පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරල අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න පුලුවන්. ඒත් නීති කඩා ඉල්ලීම් ඉල්ලන Gota Go Home කියල නමක් දා ගත්තු ගම ගෘන්නෝමයක් (Grundnorm) නම් එයට බලය දුන්නේ කවුද? කෙසේද? කොහොමද? Gota Go Home Gama නීති ආධාර කණ්ඩායමක් පවා පිහිටුවා ඇති බව වාර්තා වේ. පවතින නීති උල්ලංඝනය කරමින් නීති පැනවීමට පිළිගත් ක්‍රම තිබේ. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවුණේ ඒ ආකාරයටය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවුණේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එහි සංශ

පසුගියදා ඉල්ලා අස්වුණේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාව යටතේ පත් නොවූ නීතිවිරෝධී ඇමති මණ්ඩලයකි.

පසුගියදා ඉල්ලා අස්වුණේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාව යටතේ පත් නොවූ නීතිවිරෝධී ඇමති මණ්ඩලයකි. (නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col),  සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2020 ඔක්තෝබර් 29 දින කතානායක සහතිකය යොදා ක්‍රියාත්මක වීමෙන් පසු අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත් කර තිබුණේ නැත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2020 අගෝස්තු 12 දින පත් කර සිටි අගමැති සහ ඇමති මණ්ඩලය දිගටම නීතිවිරෝධීව ධූර දරම්න් සිටියේය. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පූර්වයෙන් ධූර දැරූ අගමැති සහ ඇමති මණ්ඩලයට අදාල අන්තර්කාලීන විධිවිධානයක් (Transitional Provision) නොමැති අතර ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට සහ ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්ට අඛණ්ඩව ධූර දැරීමට අන්තර්කාලීන විධිවිධානයක් (Transitional Provision) ඇත. 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 53 ව්‍යවස්ථාව අනුව අගමැති සහ ඇමති මණ්ඩලයට අන්තර්කාලීන විධිවිධානයක් (Transitional Provision) නැති අතර 20 ක්‍රියාත්මක වීමත