Skip to main content

Posts

Showing posts from October, 2020

මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවේ 2/3 න් කරගත් දේ, ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවෙන් 2/3න් කරගන්න නොහැකිවීම යටගහන බෲටස්ලා කවුද? ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් කෙනෙක් ගෝඨාභය ජනාධිපති අසළත් සිටීද?

(මෙම ලිපිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික අවධානයට යොමු කරන්න) මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවේ 2/3 න් කරගත් දේ, ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවෙන් 2/3න් කරගන්න නොහැකිවීම යටගහන බෲටස්ලා කවුද? ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් කෙනෙක් ගෝඨාභය ජනාධිපති අසළත් සිටීද? (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.30) ජුලියස් සීසර්ව ඝාතනය කරන ලද්දේ ඔහු අසළම සිටි අයයි. බෲටස් විසින් එය කළ බව පෙන්නුම් කිරීම ෂේක්ස්පියර් දැක්වීමට උත්සාහ කළ අතර මෙම ඝාතනය ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් විසින් සැළසුම් කළ බවද එක්තරා කතාවකි. මේ ලියුම්කරු ඒ කතාව ලිපිය ආරම්භයේදී ම දක්වන ලද්දේ මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවේ 2/3 න් කරගත් දේ ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවෙන් 2/3න් කරගැනීමට නොහැකිවීම යටගහන අය කරන්නේ එදා සීසර්ට ඔහුගේ සෙනට් සභිකකයන් කළ දේම වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටද අත්වී ඇති බව පෙන්වා දීම පහසු වන හෙයිනි. ජනාධිපතිවරයස් අසළ ඉන්නා බෲටස්ලා කවුද? ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් කෙනෙක් ගෝඨාභය ජනාධිපති අසළත් සිටීද? යන්න මෙම ලිපිය කියවීමෙන් පාඨකයාට අවබෝධ කරගත හැකි වනු ඇත. මෙම ලිපියෙන් සාක

19යේ දී ව්‍යවස්ථා 4කට ජනමතවිචාරණය නොදැක්ක ශ්‍රී පවන් අගවිනිසුරු කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ ධූරයෙන් අගමැතිගේ හිංදු කටයුතු උපදේශක වීම අධිකරණයේ ස්වාධීනත්වය විනිසුරුවරුන් විසින්ම අහිමි කර ගැනීමක්ද?

19යේ දී ව්‍යවස්ථා 4කට ජනමතවිචාරණය නොදැක්ක ශ්‍රී පවන් අගවිනිසුරු කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ ධූරයෙන් අගමැතිගේ හිංදු කටයුතු උපදේශක වීම අධිකරණයේ ස්වාධීනත්වය විනිසුරුවරුන් විසින්ම අහිමි කර ගැනීමක්ද? (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.29) අධිකරණයේ ස්වාධීනත්වය යන්නට විවිධ අර්ථකථන තිබේ. ඉන් වඩා වැදගත් වන්නේ ජනතාව යුක්තිය පසිදලන යාන්ත්‍රණයෙහි ස්වාධීනත්වය කෙරෙහි දක්වන පිළිගැනීමයි. අධිකරණයේ නඩු කියන තැනැත්තා තරම් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කිවහැකි වෙනත් තැනැත්තෙක් නැත. විනිසුරුවරයාගේ පක්ෂපාතීත්වය හෝ අපක්ෂපාතීත්වය හෝ තමා කියන කරුණු වලට ඇහුම්කන් දෙන්නේද? නොදෙන්නේද? යන්න හෝ නීතිය සහ පෞද්ගලික බැදීම අතර ඇති ගැටීම ගැන හොදින්ම දන්නේ නඩු කටයුතු සදහා අධිකරණයට පිවිසෙන අය සහ ඒ දෙස බලා සිටින නීතිඥවරු සහ ජනතාවයි. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමග පැවති රජයේ ප්‍රධානීන්ට නඩු පිට නඩු වැටුණේය. වත්මන් ජනාධිපති, වත්මන් අගමැති, හිටපු ඇමතිවරුන් ඇතුලු පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල අය සම්බන්ධයෙන් පැවති නඩු කටයුතු පිළිබදව ජනතාවට රහසක් නොවේ. වත්මන් ක්‍රීඩා ඇමතිවරයාට අල්ලස හෝ දූෂණ පරීක්ෂණ කොමිසම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස

20 දී 76 ව්‍යවස්ථාව යටතේ හිමි ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව විසින් අත්හැරීම ඒකීය රටකට අභියෝගයක්...! 13 ශක්තිමත් කිරීමක්..!

20 දී 76 ව්‍යවස්ථාව යටතේ හිමි ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව විසින් අත්හැරීම ඒකීය රටකට අභියෝගයක්...! 13 ශක්තිමත් කිරීමක්..! (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන - 2020.10.29) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වී ඇත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව යටතේ කථානායකවරයා විසින් සහතිකය තැබීමෙන් නීතියක් ලෙස සැළකීමට පටන් ගන්නා බව මතුපිටින් පෙනෙන දෙයයි. මතුපිටින් පෙනෙන දෙයට වඩා නොපෙනෙන පැති 20 ඇති බවත්, 20 යනු අනෙකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලට වඩා පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සළස්වනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වන බව ලියුම්කරුගේ අදහසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව පිළිබද අවධානය යොමු නොකර 20 සේ කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වැළැක්වීමට කථානායකවරයා හෝ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා හෝ නීතිපතිවරයා පියවර ගනු නොලැබූ අතර ඉදිරියේදී එය කෙසේ සිදුවෙයිද? යන්න කීමට තවම කල් වැඩිය. 1988 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකීය රටකට අභියෝගයක් වූ බවත්, පාර්ලිමේන්තුව ම

20 නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බල රහිත ලියවිල්ලකි... කථානායක, පාර්ලිමේන්තු මහ ලේකම් සහ නීතිපති 76, 80.3, 12.1,12.2 සහ 14.ඊ ව්‍යවස්ථා කඩකරලා..

20 නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බල රහිත ලියවිල්ලකි... කථානායක, පාර්ලිමේන්තු මහ ලේකම් සහ නීතිපති 76, 80.3, 12.1 ව්‍යවස්ථා කඩකරලා.. 20 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය රාජ්‍ය භාෂාවෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුලත් නොකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2 සහ 14.1 ඊ ව්‍යවස්ථා කඩ කරලා.. කථානායක මහින්ද යාපාට, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායකට සහ නීතිපතිට එරෙහිව නීතිඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි...! 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඔක්තෝබර් 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි 3, 5, 14 සහ 22 වගන්ති නීතියක් බවට පත්වීමට ජනමතවිචාරණයක් මගින් අනුමැතිය ලබා ගත යුතුව ඇතිබව මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශකර ඇති බව එදින හැන්සාඩ් වාර්තාවේ දැක්වෙන බව නීතිඥවරයා සිය පෙත්සමේ දක්වා ඇත. එකී 3, 5, 14 සහ 22 වගන්ති යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 උ උ ව්‍යවස්ථා බවත් එකී ව්‍යවස්ථා 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් එවකට කථානායකවරයා විසින් ජනමතවිචාරණයකට නොගොස් පාර්ලිමේන්තුවේ

ශ්‍රී ලංකාවේ "ජනතාවගේ පරමාධිපත්‍යය" නමින් ක්‍රියාත්මක වන්නේ සහ භුක්ති විදින්නේ ඉංග්‍රීසි භාෂාව දන්නා ජනතාවගේ පරමාධිපත්‍යය පමණද? 

ශ්‍රී ලංකාවේ "ජනතාවගේ පරමාධිපත්‍යය" නමින් ක්‍රියාත්මක වන්නේ සහ භුක්ති විදින්නේ ඉංග්‍රීසි භාෂාව දන්නා ජනතාවගේ පරමාධිපත්‍යය පමණද?  (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.27) 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍යය ගැන සදහන් කර ඇත. ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව සතුවන බවත්, පරමාධිපත්‍යය අත්හළ නොහැකි බවත්, ජනතාවගේ පරමාධිපත්‍යය යන්නට විධායක බලය, ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුලත් වන බව දක්වා ඇත. එකී ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම සහ භුක්තිවිදීම සිදුවන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනමතවිචාරණයකදී සෘජුව ජනතාව විසින් සහ පාර්ලිමේන්තුව හරහාත්, විධයක බලය ජනාධිපතිවරයා හරහාත්, අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණ මගිනුත්, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, වර්ධනය කිරීම සහ ගරු කිරීම සියලු පාලන ආයතනවලට පැවරීමෙන්ද, ඡන්ද බලය අවුරුදු 18ට වැඩි ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුලත් පුරවැසියන්ට ලබා දීමෙනුත් ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීම සහ භුක්තිවිදීම සිදුකර ඇත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී 76 වන ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට කථානායකවරයා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා කටයුතු කරයිද?

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී 76 වන ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට කථානායකවරයා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා කටයුතු කරයිද? (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන - 2020.10.25) 2018 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබිණ. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබූයේ එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකි බවත්, පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වසර 4 1/2 ක් ගතවන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකි බවයි. 2015 දී පාර්ලිමේන්තුවේ  2/3 මන්ත්‍රී ඡන්දයෙන් සම්මත කරගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවීමේ කාලය / සීමාව පාර්ලිමේන්තුව පත් වී වසර 1 සිට 4 1/2 ක් දක්වා වැඩි කර ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමෙනි. 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කර ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවීමේ කාලය / සීමාව පාර්ලිමේන්තුව පත් වී වසර 1 සිට 4 1/2 ක් දක්වා පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන් ගේ ඡන්දයෙන් පමණක වැඩි කර ගත්තද, 2002 දී 19

මම 20 වැරදියි කියන හේතු 20....!

මම 20 වැරදියි කියන හේතු 20.. ..! (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන - 2020.10.23) 1.) 19යට විරුද්ධ 01 යි - 20ට විරුද්ධ 64 යි...! 19 සහ 20 දෙකටම ජනතාව විරුද්ධයි... 20ත්, 76 ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා....! 2.) 19 ය ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් වත්මන් ආණ්ඩුවේ ජනාධිපති නීති විශාරදයන්ගේ හිතවතුන්ද? 3.) අන්තිමේදී 20 ගෙනහල්ලා තියෙන්නෙ 19යෙ කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කරගන්න.....! 4.) 20 මගින් 19යම ආයෙත් ගෙනහල්ල.... 5.) 20න්, 19යෙ වැරැද්ද හැදුවද? 6.) 19ය ඉවත් කරන්න ගිහිල්ල 76ව්‍යවස්ථාව නොදන්නා බව පාර්ලිමේන්තුව පෙන්නුවා...! 7.) 19යෙ කුමන්ත්‍රණය වහන්න 20 ගෙනහල්ල 2/3 ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් කළා...! 8.) 20 ගෙනාපු විදිහට අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවොත් කොහොම තියේවිද? 9.) 20 ත්, 19යෙ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ දෙවනි ඉනිම...! 10.) 20 නිසා 19යෙ කුමන්ත්‍රණකරුවන්ට ආයෙත් රටට එන්න පුලුවන්...! 11.) ඩයනලා කොහොමත් කලු සුද්දන්ට පක්ෂයි...! 12.) ජනාධිපති නීති විශාරදයන් ජනතාවගේ භාෂා පරමාධිපත්‍යය අහිමි කරන බව 20දිත් පෙන්නුවා...! 13.) අනුර බණ්ඩාරයක අදත් කථානායක නම් 76 ව්‍යවස්ථාව නිසා 20 ට අත්සන් කරන්නෙ නෑ...! 14.) බෲටස්

ද්විත්ව පුරවැසියන්ගේ සීමාව ඇතිකරන අවසන් ඉල්ලීමත් 20ට විරුද්ධ වන්නන්ට ලබා දී ජනමතය නොවිමසා 33,35,70 සහ 104 ව්‍යවස්ථා 19යෙන් සංශෝධනය කරගත් ව්‍යවස්ථා කුමන්ත්‍රණය යට ගැසීමේ 20 මෙහෙයුම සාර්ථක කර ගනීවිද?

ද්විත්ව පුරවැසියන්ගේ සීමාව ඇතිකරන අවසන් ඉල්ලීමත් 20ට විරුද්ධ වන්නන්ට ලබා දී ජනමතය නොවිමසා 33,35,70 සහ 104 ව්‍යවස්ථා 19යෙන් සංශෝධනය කරගත් ව්‍යවස්ථා කුමන්ත්‍රණය යට ගැසීමේ 20 මෙහෙයුම සාර්ථක කර ගනීවිද? (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.21) 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙන ආ අවස්ථාවේ පැවති පාර්ලිමේන්තුවට තිබූ ව්‍යවස්ථාදායක බලයම 2020 දී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙන ආ පාර්ලිමේන්තුවට තිබිය යුතුය. ඒ මක් නිසාද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් මේ දක්වා සිදු වී නැති හෙයිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාව දක්වන්නේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලයයි. පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය අත්නොහළ යුතු බව එහි දැක්වේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 2020.10.20 වන දින පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර, එදා එනම් 2015 දී පාර්ලිමේන්තුව විසින් 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සංශෝධනය කරගත් 70 ව්‍යවස්ථාව ඇතුලු තවත් ව්‍යවස්ථා 3

76 ව්‍යවස්ථාවෙන් හිමි ව්‍යවස්ථාදායක බලය, 20 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් සමග පාර්ලිමේන්තුවට අත්හැරීමට සිදුවී ඇති ආකාරය...!

76 ව්‍යවස්ථාවෙන් හිමි ව්‍යවස්ථාදායක බලය, 20 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් සමග පාර්ලිමේන්තුවට අත්හැරීමට සිදුවී ඇති ආකාරය...! (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.20) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විගස 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට මුල් වූ නීති විශාරදයන් කිහිප දෙනෙක් රටෙන් යන්නට ගියේය. එක් අයෙක් ඒ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය. ඔවුන් එසේ රට හැරදා යාම ලියුම්කරු හදුනාගත්තේ 2015 දී 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී සවරූපය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විසින් එළිදරව් කරගෙන එකී ව්‍යවස්ථා කුමන්ත්‍රණයට සම්බන්ධ වූ අයට දඩුවම් කළහොත් ඉන් ගැලවී යාමට පූර්ව සැළසුමක් අනුව ක්‍රියා කිරීමක් ලෙසය. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එකී තීරණයේ දැක්වෙන ආකාරයට වගන්ති 4කට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ප්‍රකාශ කරන ලදී. 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති 4කට ජනමතය විමසීම අවශ්‍ය බවට වන කථානායක තීරණය අනුව

19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය එළිදරව් කර කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්නා නීති විශාරදයන් සහ ජාතික සංවිධානවල කිහිප දෙනෙක් ඉඩ නොදෙන්නේ ඇයි?

19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය එළිදරව් කර කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්නා නීති විශාරදයන් සහ ජාතික සංවිධානවල කිහිප දෙනෙක් ඉඩ නොදෙන්නේ ඇයි? (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.19) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විගස 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට මුල් වූ නීති විශාරදයන් කිහිප දෙනෙක් රටෙන් යන්නට ගියේය. එක් අයෙක් ඒ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය. ඔවුන් එසේ රට හැරදා යාම ලියුම්කරු හදුනාගත්තේ 2015 දී 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී සවරූපය ගෝඨාභය ජනාධිපති විසින් එළි දරව් කරගෙන එකී ව්‍යවස්ථා කුමන්ත්‍රණයට සම්බන්ධ වූ අයට දඩුවම් කළහොත් ඉන් ගැලවී යාමට පූර්ව සැළසුමක් අනුව ක්‍රියා කිරීමක් ලෙසය. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැන් ප්‍රසිද්ධ රහසකි. පුවත් පත්වල දක්වා ඇති ආකාරයට 20 සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 20 වගන්ති 4කට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව පෙනී යයි. මෙම ප්‍රවෘත්තියට අදාල 20 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නිල වශයෙන් පාර්ලිමේන්ත

පාර්ලිමේන්තු උත්තරීතරත්වය ආරක්ෂා කළ අනුර බණ්ඩාරනායක අද කථානායක නම් 20 තීරණයත් සමග 19 ය ඉවත් වී 18ට රට යන ආකාරය...,

පාර්ලිමේන්තු උත්තරීතරත්වය ආරක්ෂා කළ අනුර බණ්ඩාරනායක අද කථානායක නම් 20 තීරණයත් සමග 19 ය ඉවත් වී 18ට රට යන ආකාරය..., (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.17) (මෙම ලිපිය ලියා ඇත්තේ 20 වගන්ති 4කට ජනමතවිමසුමක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවට පුවත්පත්වල දක්වා ඇති පුවත නිවැරදි ය යන අදහසින් ය.) අනුර බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වී සිටිටදී 2001 ජූනි මස 20 වැනි දින පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීමට ඉතා වැදගත් තීරණයක් ලබා දුන්නේය. ඒ තීරණය විස්තර කිරීම මෙම ලිපියෙන් අදහස් නොකරන නමුත් එකී තීරණය මගින් පාර්ලිමේන්තුවක ක්‍රියාකාරීත්වය කවර ආකාරයකද යන්න වටහා ගතහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන පාර්ලිමේන්තුව සමග එකට කියවිය යුත්තක් බව දක්වමි. මේ දිනවල පුවත්පත් කියවන විට 20 සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 20 වගන්ති 4කට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව පැහැදිලිවම පෙනී යයි. මෙම ප්‍රවෘත්තියට අදාල 20 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නිල වශයෙන් පාර්ලිමේන්තුව හෝ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර නැතත් මේ වනවිටත් ප්‍රසි

2015 දී 19ය ගෙනා අවස්ථාවේ කුමන්ත්‍රණකාරී ලෙස ජනමතවිචාරණයක් නොතිබීම, කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් කිරීම සහ වත්මන් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීම සහ වත්මන් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සහ අන්සතු කිරීමට ඉඩනොදෙන ලෙස නීතිඥවරයෙක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි...,

2015 දී 19ය ගෙනා අවස්ථාවේ කුමන්ත්‍රණකාරී ලෙස ජනමතවිචාරණයක් නොතිබීම, කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් කිරීම සහ වත්මන් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීම සහ වත්මන් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සහ අන්සතු කිරීමට ඉඩනොදෙන ලෙස නීතිඥවරයෙක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි..., මේ දිනවල පුවත්පත්වල ඇති “20 වගන්ති 4කට ජනමතවිමසුමක්” පුවත අනුව යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33වන ව්‍යවස්ථාව) 5 වන වගන්තිය (35වන ව්‍යවස්ථාව) 14 වන වගන්තිය (70වන ව්‍යවස්ථාව) සහ 22 වන වගන්තිය (104වන ව්‍යවස්ථාව) සම්බන්ධ විධිවිධාන නීතියක් කර ගැනීමට ජනමතවිමසුමක්ද අවශ්‍ය බව පැහැදිලි වන බවත්, එකී පුවත් අනුව වර්ෂ 2015 දී පාර්ලිමේන්තුව විසින් 2/3 පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්දයෙන් පමණක් සිදුකර ඇත්තේ ජනමතයද විමසිය යුතු වූ ව්‍යවස්ථා 4ක්ද ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් බව ඉහත පුවත සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැළකීමේ දී පිළිගත යුතු අතර ඒ අනුව වර්ෂ 2015 දී යම් තැනැත්තන් විසින් වැරදි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගැනීමට කුමන්ත්‍රණය කර ඇති බවත් නීතිඥ අරුණ ලක්සි

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 5 වන වගන්තිය (35 වන ව්‍යවස්ථාව), 14 වන වගන්තිය (70 වන ව්‍යවස්ථාව) 22 වගන්තිය ( 104උ උ ව්‍යවස්ථාව) සංශෝධනයට ජනමතවිචාරණයක් නියම කළහොත් ජනමතවිචාරණය පැවැත්විය යුත්තේ 19 යටද? 20ටද?

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 5 වන වගන්තිය (35 වන ව්‍යවස්ථාව), 14 වන වගන්තිය (70 වන ව්‍යවස්ථාව) 22 වගන්තිය (104උ උ ව්‍යවස්ථාව) සංශෝධනයට ජනමතවිචාරණයක් නියම කළහොත් ජනමතවිචාරණය පැවැත්විය යුත්තේ 19 යටද? 20ටද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.10.11) ලිපිය දීර්ඝ වීම වැළැක්වීම සදහා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14 වන වගන්තිය (70 වන ව්‍යවස්ථාව) ඇසුරෙන් පමණක් විග්‍රහ කරමින් මෙම ලිපිය ලියා ඇති අතර අනෙක් ව්‍යවස්ථා 3 අදාලවත් අවස්ථානුගතව එය අදාල කරගත හැකිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස 2015 ජනවාරි 08 තේරීපත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කර ගත්තේ ය. විධායක ජනාධිපති ධූරය යහපාලනයට බාධාවක් ලෙස දකිමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2වන වරටත් 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පළමු වරට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2002 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියව සිටියදී පාර්ලිමේන්තුවට ගෙන ආවේත් රනිල් වික්‍රමසිංහමය. ඒ එවකට ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසු

70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය 20 දී තීරණය කළහොත් 2015 දී ගෙනා 19 වන සංශෝධනය නීතියක් ලෙස තවදුරටත් සැළකිය හැකිද?

70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය 20 දී තීරණය කළහොත් 2015 දී ගෙනා 19 වන සංශෝධනය නීතියක් ලෙස තවදුරටත් සැළකිය හැකිද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.10.10) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස 2015 ජනවාරි 08 තේරීපත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කර ගත්තේ ය. විධායක ජනාධිපති ධූරය යහපාලනයට බාධාවක් ලෙස දකිමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2වන වරටත් 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පළමු වරට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2002 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියව සිටියදී පාර්ලිමේන්තුවට ගෙන ආවේත් රනිල් වික්‍රමසිංහමය. ඒ එවකට ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට බලය ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් බලාපොරොත්තු විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2002 දී ගත් උත්සාහයේදී අදාලව සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි)

ඇතැමුන් විසින් 20 සම්බන්ධයෙන් දිවයින ඉරිදා සංග්‍රහය පාඨකයන්ගෙන් සගවන රහස් එළිදරව් කිරීම නීතිඥවරුන්ගේ යුතුකමයි...!

ඇතැමුන් විසින් 20 සම්බන්ධයෙන් දිවයින ඉරිදා සංග්‍රහය පාඨකයන්ගෙන් සගවන රහස් එළිදරව් කිරීම නීතිඥවරුන්ගේ යුතුකමයි...! (මෙම ලිපිය දිවයින ඉරිදා සංග්‍රහය වෙත යොමු කර ඇත) 19 එපා…. මෙහෙම විස්සකුත් එපා...ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාව ඉල්ලූ ව්‍යවස්ථා සංශෝධනය මොකක්ද? මැයෙන් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව 2020.09.27 දිවයින ඉරිදා සංග්‍රහයට ලියා ඇති ලිපියට පිළිතුරු.... නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.09.28) මෙම ලිපිය මගින් දක්වන කරුණු දැක්වීම '19 එපා…. මෙහෙම විස්සකුත් එපා...ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාව ඉල්ලූ ව්‍යවස්ථා සංශෝධනය මොකක්ද? මැයෙන් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව 2020.09.27 දිවයින ඉරිදා සංග්‍රහයට ලියා ඇති ලිපියෙන් ශ්‍රී පවන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල 2015 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය (Determination) මගින් 2002 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පූර්ණ විනිසුරු මඩුල්ලක් ලබා දී ඇති තීරණය අනුග