Skip to main content

Posts

Showing posts from October, 2023

මුහුණත් එක්ක තරහයි කියා නහය කපා ගන්න එපා වගේ දක්ෂයෙක් ජනාධිපති වුණේ නෑ කියා ජනාධිපතිවරණ ඡන්ද බලය අහිමි කරගන්න එපා.

මුහුණත් එක්ක තරහයි කියා නහය කපා ගන්න එපා වගේ දක්ෂයෙක් ජනාධිපති වුණේ නෑ කියා ජනාධිපතිවරණ ඡන්ද බලය අහිමි කරගන්න එපා. 1978 සිට මේ දක්වා දක්ෂයෙක් ජනාධිපති කරගැනීමට නොහැකි වීම නිසා බෙදුම්වාදය නීතියෙන් සහ දැනුමෙන් අවසන් කර ගැනීමට, ආර්ථික, අධ්‍යාපන, තාක්ෂණික දියුණුව සළසා ගැනීමට, රාජ්‍ය දෙපළ ආරක්ෂා කරගැනීමට නොහැකි වී පැලැස්තර විසඳුම් ලබා ගනිමින් සිටී. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනත් දියුණු රටවල මෙන් ජනතාව විසින් සෘජු ඡන්දයෙන් සිදු කරයි. ජනතාවගේ සෘජු ඡන්දයෙන් විධායක ජනාධිපති තෝරා ගැනීම ඉවත් කර පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් විධායක අගමැතිවරයෙකු තෝරා ගැනීමට ගියහොත් එය කිහිප දෙනෙකුගේ සිතැගියාව අනුව, බහුජාතික සමාගම්වල අවශ්‍යතාව අනුව, රාජ්‍ය නොවන සංවිධාන හෝ තානාපති කාර්යාලවල කැමැත්ත අනුව, පක්ෂ නායකයන්ගේ අදහසට තෝරා ගන්නා දෙයක් බවට පත් වේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ ජනතාව සතු ඡන්ද බලය (ජනාධිපතිවරණය) අහෝසි කිරීමෙන් නොවේ. මුහුණත් එක්ක තරහයි කියා නහය කපා ගැනීම නුසුදුසු වගේ දක්ෂයෙක් ජනාධිපති වුණේ නෑ කියා ජනාධිපතිවරණ ඡන්ද බලය අහිමි කර ගැනීමද නුසුදුසුය. දක්ෂයෙකු ජනාධිපතිව