Skip to main content

Posts

Showing posts from April, 2019
සමාජ මාධ්‍ය ජාල වසා දැමීමේ යටි අරමුණ වත්මන් ඉස්ලාම් අන්තවාදීන් සොයන මෙහෙයුමෙන්  අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් විදේශීය හමුදා මැදිහත්වීමට සහ ජාත්‍යන්තර යුක්ති අධිකරණයට/International Court Of Justic අවසර ලැබෙන ලංකාවේ නීතිය පිළිබද  සාකච්ඡාව වැළක්වීමද.....? ඉස්ලාම් ත්‍රස්තවාදය තුරන් කිරීමට කියන වර්තමාන යුධ හමුදා මෙහෙයුම් විදේශීය හමුදා මැදිහත්වීමක් දක්වා දීර්ඝ වන බවත් ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ නඩු විභාගවන වර්තමාන  සමාජ මාධ්‍ය තොරතුරු දැන ගැනීමේ වාරණය ඒ සදහා මාර්ගය පාදා ගැනීමකට උත්සාහයක් බවත් මෙම ලිපියෙන් පෙන්වා දේ. එක්තරා මන්ත්‍රීවරයෙක් හමුදාව මියගිය බවට සජීවී විකාශයක ජනතාව නොමග යවන අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළද ජනතාව ඇවිස්සුනාද?  ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කරමින් මැතිවරණ නොතියා ඡන්දය නොපවත්වා ඇත. ඒත් ජනතාව ඇවිස්සුනාද?  මේ ආණ්ඩුව සිය පාලනය ගෙනයන්නේ නැති ප්‍රශ්න  ඇතිකර ඒවාට පිළිතුරු සෙවීමෙනි. ඉතිහාසයේ කවර ආණ්ඩුවකටත් වඩා ජනතාවගෙන් තොරතුරු සගවා ක්‍රියා කලේ වත්මන් යහපාලන ආණ්ඩුව ය. මේ බවට මූලික සාධක 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය
නොමිලේ පවත්වන වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන ( 2වන කණ්ඩායම සදහා සහභාගීවීමට දැන් ඉල්ලුම් කළ හැකිය) නෙතික බලවන්ත සමාජයක් සංවර්ධිත සහ සුරක්ෂිත රටකට මාර්ගය පෙන්වයි.   නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන (Ignorantia Juris Non Excusat) හෙයින් නීතිය දැන ගැනීමට ඇති අයිතිය සියලු පුරවැසියන්ට හිමි අයිතියකි . 2019 මැයි 25 වන සෙනසුරාදා ආරම්භ වේ. පැය 80 ක (මාස 4 ) රු .43000/- ක් වටිනා මෙම සිංහල මාධ්‍ය නීති අධ්‍යයන වැඩසටහන මුදල් අය කිරීමකින් තොරව පැවැත් වේ. සහභාගීවිය හැක්කේ කාටද? භික්ෂූන් වහන්සේලාට,ගුරුවරුන්ට, රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට,විශ්‍රාමිකයන්ට පොලීසියේ හා හමුදාවල සේවයේ නියුතු අයට, උසස් පෙළ විභාගයට පෙනී සිටි අයට, විශ්ව විද්‍යාල සිසුන් ට, ව්‍යවසායකයන් ඇතුළු නීතිය පිළිබද උනන්දු අයට ඉල්ලුම් කළ හැකිය. නීති අධ්‍යයන වැඩසටහන - අන්තර්ගතය ( වෙනස් විය හැකිය) නීතියේ පසුබිම සහ නීතියේ ආධිපත්‍යය නීතිය සහ ආගම විධායකය - ව්‍යවස්ථාදායකය - අධිකරණය නීති මූලාශ්‍ර දණ්ඩ නීති සංග
සිංහල නීති වාර්තා   (ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහලෙන්) කිහිප දෙනෙකුට නොව බහුතර ජනතාවට තේරෙන භාෂාවෙන් උපරිමාධිකරණ නඩු තීන්දු ලබාගැනීමේ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස සිංහල නීති වාර්තා දැක්විය හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් ලබා දෙන නඩු තීන්දු රෙජිස්ට්‍රාර්වරයාගේ නිල මුද්‍රාව සහ අත්සන සහිතව සිංහල භාෂාවෙන් ලබාගෙන ඒවා නීති සංග්‍රහයක් ආකාරයට සිංහල නීති වාර්තා ලෙස ඉදිරිපත් කර ඇත. යටත් විජිත යුගයේ සිට මේ දක්වාම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නඩු තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා දෙන අතර එය සිංහල ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය නොවීමට ප්‍රධාන හේතුව විය. ඉංග්‍රීසියෙන් සිය වැඩකටයුතු කරන සුලුතරයක් වූ කණ්ඩායම විසින් උපරිමාධිකරණවල අත දරා සිටින ඉංග්‍රීසි භාෂා අධිකාරිය  හේතුවෙන් වරප්‍රසාද සහ ප්‍රයෝජන ගත් අතර රටේ පංති විෂමතාවය වර්ධනය කිරීමට සහ විදේශීය රටවලට ලංකාවේ කටයුතු වලට තීරණාත්මක ලෙස මැදිහත්වීමටත් මෙමගින් අවස්ථාව ලැබුණි. මේ නිසාම සීමිත නීතිඥවරුන් සංඛ්‍යාවකගේ ඒකාධිකාරයෙන් යුත් නඩු විසදන ක්‍රියාපටිපාටියක් උපරිමාධිකරණවල පවතී. භාෂා විෂමතාවයෙන් /