Skip to main content

Posts

Showing posts from July, 2020

ජාතික උප්පැන්න සහතිකයේ ජාතිය ඉවත් කිරීම සහ ජාතිකත්වය, ජනවර්ගය ඇතුළත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ක්‍රියාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්...!දණ්ඩ නීති සංග්‍රහයේ 289 සහ 490 වගන්ති අනුව වරදක්….! නීතිඥවරයෙක් පොලිස්පතිට පැමිණිලි කරයි.

ජාතික උප්පැන්න සහතිකයේ ජාතිය ඉවත් කිරීම සහ ජාතිකත්වය , ජනවර්ගය ඇතුළත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා  ක්‍රියාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්...! දණ්ඩ නීති සංග්‍රහයේ 289 සහ 490 වගන්ති අනුව වරදක් ….!   නීතිඥවරයෙක් පොලිස්පතිට පැමිණිලි කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ( 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කළද ) 12 . 2 සහ 12 . 3 ව්‍යවස්ථාවල ඉංග්‍රීසි පරිවර්තනයේ race යන්න දක්වා ඇති අතර වර්තමානයේ නිකුත් කරන උප්පැන්න සහතිකයේ ‘ ජාතිය ’ / race’ ලෙස දක්වා ඇත . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන විධිවිධාන අනුව ‘ ජාතිය ’ / race’ යන්න පිළිගත් තත්ත්වයක් වන අතර එසේ වුවත් ජාතිය / race අනුව කිසිම තැනැත්තෙක් වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු බව දක්වා තිබුණද ජාතීය/ race තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද පිළිගෙන තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වලට පටහැනිව යෝජිත ජාතික උප්පැන්න සහතික ආකෘතියෙන් ජාතිය / race යන්න ඉවත් කර ඇති අතර ජාතිකත්වය / Nationality සහ ජනවර්ග / Ethnic Group ඇතුලත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12

සමථ සාකච්ඡාවට කැඳවීමටත් පෙර නිරවුල් නොකිරීමේ සහතික වංචාවෙන් කූට ලෙස ලබා දෙන සමථ මණ්ඩල මගින් සමථකරණ ක්‍රියාවලිය සාර්ථක වෙයිද?

සමථ සාකච්ඡාවට කැඳවීමටත් පෙර නිරවුල් නොකිරීමේ සහතික වංචාවෙන් කූට ලෙස ලබා දෙන සමථ මණ්ඩල මගින් සමථකරණ ක්‍රියාවලිය සාර්ථක වෙයිද? කොළඹ අංක 16, සමථ මූල මණ්ඩලය විසින් සිදුකර ඇති වංචාවෙන් කූට ලෙස නිරවුල් නොකිරීමේ සහතිකයක් සකස් කර දීමක් සම්බන්ධව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇත. නිවසක ආරවුලක් සම්බන්ධව මාලඹේ ප්‍රදේශයේ අයෙක් කොළඹ සමථ මූල මණ්ඩලයට පෞද්ගලික පැමිණිල්ලක් කර ඇති අතර එකී ආරවුල සම්බන්ධව සමථ කිරීමේ සාකච්ඡාවට 2019 මාර්තු 30 දින පැමිණෙන ලෙස යොමු අංක 16/11218 කැදවීමේ නිවේදනය මගින් එම සමථ මූල මණ්ඩලය දන්වා ඇත. එම නිවේදනය පහත දැක්වේ. 2019 මාර්තු 30 දින එකී සමථ සාකච්ඡාව කැඳවීමට නියමිතව තිබියදී එම යොමු අංක 16/11218 යටතේ නිරවුල් නොකිරීමේ සහතිකයක් පැමිණිල්ල විසින් එකී සමථ මණ්ඩලය වෙතින් 2019 ජනවාරි 29 වන දින වංචාවෙන් සහ කූට ලෙස ලබාගෙන ඇත.  එම සහතිකය පහත දැක්වේ. සමථ මණ්ඩලය යනු පුද්ගලයන්ගේ ආරවුල් විසදීම සඳහා පිහිටුවා ඇති ආයතන වුවත්, මේ ආකාරයට වංචාසහගත කූට ලේඛන සකස් කරමින් මහජන විශ්වාසය බිඳ වැටෙන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධව හා පාර්ශවයන්ට පක්ෂපාත වීම සම්බන්ධව මේ වන විට පොල