Skip to main content

Posts

Showing posts from December, 2021

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු 19න් පත් කළ අගමැතිගේ සහ කැබිනෙට්ටුවේ කටයුතු අවසන්වන නිසා අලුත් අගමැතිවරයෙක් සහ අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන්නේ කවදාද?

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු 19න් පත් කළ අගමැතිගේ සහ කැබිනෙට්ටුවේ කටයුතු අවසන්වන නිසා අලුත් අගමැතිවරයෙක් සහ අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන්නේ කවදාද? බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අගමැති වෙන බවට පුවත් මැවෙන්නේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මේ දක්වා අගමැතිවරයෙක් පත් කර නැති නිසාය. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත්කර සිටි අගමැතිට සහ කැබිනට් මණ්ඩලයට 20 යටතේ අහමැති, කැබිනෙට්ටුව ලෙස වැඩ කිරීමට හැකි අන්තර්කාලීන විධිවිධානයක් 20 ට ඇතුළත් කිරීමට 20 ගෙනා නීති විශාරදයන් කටයුතු කර නැති බව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පැහැදිලිය. ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන්ට සහ ශ්‍රේෂ්ඨාධිකරණ / අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට පමණක් 20 යටතේ ධූර දැරීමට පමණක් අන්තර්කාලීන විධිවිධානයක් ඇතුළත් කර ඇත. ඉහත කරුණු සැළකීමේදී අලුතින් අගමැති සහ කැබිනට් මණ්ඩලයක් පත් කර 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව රට පාලනය කිරීමට සිදුවී ඇති නිසා බැසිල් රාජපක්ෂ අගමැති කිරීමත්, අලුතින් කැබිනෙට්ටුව පත් කිරීමත් ඉදිරියේදී සිදුවීමට වැඩි ඉඩක් ඇත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

දෙසැම්බර් 30 "සිංහල අධිකරණ භාෂා කලු දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහනේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය

(දෙසැම්බර් 30 "සිංහල අධිකරණ භාෂා කලු දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහනේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය) එක රටක් - එක නීතියක් වෙනුවෙන් අධිකරණයෙන් සිංහල භාෂාව ඉවත් කරන්න අති විශෙෂ ගැසට්ටුවක්....! අධිකරණයෙන් සිංහල භාෂාව ඉවත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය මුල් වී ප්‍රකාශයට පත් කළ 2020.12.30 අංක 2208/13 අති විශෙෂ ගැසට් පත්‍රය එක රටක් - එක නීතියක් වෙනුවෙන් එක භාෂාවක් රටේ ක්‍රියාත්මක කිරීමට ගන්නා ලද පෙර ක්‍රියාමාර්ගයකි / පෙර හැසිරීමකි. මේ වන විට උප්පැන්න සහතිකයෙන් සිංහල ජාතිය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතුද සිදුකරමින් පවතී. එක රටක්...එක නීතියක්...එක භාෂාවක්.. එක ජාතියක්...! අන්තිමේ නොරටුන්ට හිමි වූ රටක්....! මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394, 0786016161 (2021.12.30)

කෝවිඩ් එන්නත් මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට සහ ඇමතිලාට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති අපරාධ නඩුවේ චූදිතයන්ට සිතාසි නියෝගය පෙබරවාරි 17....

කෝවිඩ් එන්නත් මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට සහ ඇමතිලාට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති අපරාධ නඩුවේ චූදිතයන්ට සිතාසි නියෝගය පෙබරවාරි 17.... කෝවිඩ් 19 එන්නත් මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්, නීතිපති අතුළු ඇමතිවරු 4කට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති අපරාධ නඩුවේ චූදිතයන්ට සිතාසි නිකුත් කිරීමට අදාල නියෝගය පෙබරවාරි මාස 17 දිනට නියම කර ඇත. කෝවිඩ් -19 එනනත් ලබා දීමෙන් පසු මිය අයගේ වැන්දඹු භාර්යාවක් සහ වෛද්‍යවරයෙකු විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ චූදිතයන් 8කට එරෙහිව දෙසැම්බර් 14 දින අපරාධ නඩුවක් පවරා විවෘත අධිකරණයේ කරුණු තහවුරු කර ඇත. මෙම නඩුවේ චූදිතයන් ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන, සිසිර ජයකොඩි නීතිපති සංජය රාජරත්නම්, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුලු අය ලෙස දක්වා ඇත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136.1.(අ) වගන්තියේ ඇති නීතිමය ප්‍රතිපාදන යටතේ මෙම අපරාධ නඩුව පවරා ඇත. චූදිතයන්ට සිතාසි නිකුත් කිරීමට අදාල නියෝගය පෙබරවාරි මස 17 දිනට ලබා දීමට අධිකරණය විසින් නියෝග කර ඇත. මාධ්‍ය අංශය, වෛද්

ඇමති මණ්ඩලයේ සාමුහික වගකීමක් ගැන කතා කරන්න 20වන සංශෝධනයෙන් පසු ඇමති මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් පත් කර නෑ....!

ඇමති මණ්ඩලයේ සාමුහික වගකීමක් ගැන කතා කරන්න 20වන සංශෝධනයෙන් පසු ඇමති මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් පත් කර නෑ....! (19යෙන් පත් වූ ඇමතිවරු 20න් ඉබේ පත් නොවන බවත් මේ වනවිට 20න් ඇමති මණ්ඩලයක් පත් කර නැති බවත් වලංගු ඇමති මණ්ඩලයක් නැති තැන සාමූහික වගකීමක් නැති බවත් මෙම ලිපියෙන් පෙන්වා දේ) 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 1.(3) වන වගන්තිය මෙන් විධිවිධානයක් 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇමති මණඩලය පරිච්ඡේදයේ (VIII) ඇමතිවරුන්ට නැත. එනම් 19න් පත් වූ ඇමතිවරුන්ට 20න් ඇමතිවරු වීමට අන්තර්කාලීන විධිවිධානයක් ඇතුලත් කිරීමට 20 සංශෝධනය ක්‍රියා කර නැත. එසේ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාව අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇමති මණඩලය පරිච්ඡේදයේ (VIII) ඇමතිවරුන් අලුතින් පත් විය යුතුය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ 58 වගන්තිය අනුව (අන්තර්කාලීන විධිවිධානය) වඩාත් පැහැදිලි වේ.] ඒ අනුව 20 ට කතානායක සහතිකය තැබූ 2020.10.29 සිට දිව්රුම් දුන් ඇමති මණ්ඩලයක් ශ්‍රී ලංකාවේ නැත. එදා සිට රාජ්‍ය සේවයේ සිට කළ සියලු දේ නීති විරෝධීයි. වත්මන් ඇමති මණ්ඩලය 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ මහනුවරදී 2020.08.12 දින පත් කළත් 20 වන ව්

20න් පත් වී නැති නිසා වත්මන් අගමැති සහ කැබිනට් මණ්ඩලය නීතිවිරෝධීය.

20න් පත් වී නැති නිසා වත්මන් අගමැති සහ කැබිනට් මණ්ඩලය නීතිවිරෝධීය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු එහි 53 ව්‍යවස්ථාව අනුව අලුතින් අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු වුවත් එය සිදුකර නැත. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කැබිනට් මණ්ඩලයට සහ අගමැතිට සහ විනිසුරුවරුන්ට අදාල පත් කිරීම සම්බන්ධ අන්තර්කාලීන විධිවිධාන තිබූ නමුත් 20 වන සංශෝධනයේ විනිසුරුවරු පත්කිරීමට පමණක් අන්තර්කාලීන විධිවිධානයක් තිබුණද කැබිනට් මණ්ඩලය සහ අගමැති පත් කිරීමට අදාලව එවැනි අන්තර්කාලීන විධානයක් නැත. එම නිසා 19න් පත් වූ අගමැතිට සහ කැබනට් මණ්ඩලයට 20 ක්‍රියාත්මක වීමත් සමග අලුතින් පත් වීමට සිදු වේ. එසේ අලුතින් පත් වී නැත. ඒ අනුව 20 වන සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමගම 19න් පත් වූ අගමැති සහ කැබිනට් මණ්ඩලය නීතිවිරෝධී වේ නීතඥ අරුණ ලක්සිරි උණවටුන