Skip to main content

Posts

Showing posts from January, 2022

ශ්‍රේෂ්ඨාධිකරණ සෙංකෝලය ගල් වූ නඩුවේ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේත් ගල්වේ දැයි කොණ්ඩදෙණියෙ හාමුදුරුවන් බලා සිටී....

ශ්‍රේෂ්ඨාධිකරණ සෙංකෝලය ගල් වූ නඩුවේ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේත් ගල්වේ දැයි කොණ්ඩදෙණියෙ හාමුදුරුවන් බලා සිටී.... අධිකරණ සේවා කොමිසම නොමග යවා නීතීඥවරයෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් ඉදිරිපත් කරවීමට වැරදි නිරීක්ෂණ මත වැරදි අනුමිතියක් ඉදිරිපත් කිරීමට කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා කොළඹ දිසා අධිකරණ නඩුවකදී ක්‍රියා කර ඇත. මීට පෙර ඒකපාක්ෂික නඩු විහාගයක් සඳහා පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලීමක් කර තිබියදී කිසිම අවස්ථාවක ඒක පාක්ෂික නඩු විභාගයක් සඳහා ඉල්ලීමක් කර නැති බවට අධිකරණ සේවා කොමිසමට සාවද්‍ය කරුණු වාර්තා කිරීමට දිසා විනිසුරුවරයා ක්‍රියා කර ඇත. වැරදි වාර්තා යවමින් අධිකරණ සේවා කොමිසම නොමග යැවීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් මේ වන විට එම විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්ද යොමු වී ඇත. එමෙන්ම මෙම නඩුවට අදාලව සිංහල භාෂාවෙන් පරිවර්තන ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පසුගිය දිනක සිඳුකර ඇති අතර එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරු විනිසුරු අසුනෙන් බැස යන විට ශ්‍රේෂ්ඨාධිකරණ සෙංකෝලය බිත්තියේ ආධාරකවලට ඇලී විනිසුරුවරුන්ට ගමන් කිරීමට නොහැකිව වැඩිවේලාවක් තිබී ඇත

"මුල් අවස්ථා අධිකරණ විනිසුරුවරුන්ට බලපාන නීතිය - 01" අන්තර්ජාල නීති දේශනය

"මුල් අවස්ථා අධිකරණ විනිසුරුවරුන්ට බලපාන නීතිය - 01" අන්තර්ජාල නීති දේශනය "නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ " ජනතාව නීති දැනුමෙන් බලවත් කිරීමෙන් රටේ සංවර්ධනය වේගවත් කළ හැකිය. ඒ වෙනුවෙන් සිංහල භාෂාවෙන් පවත්වන නීති අධ්‍යයන වැඩසටහන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන මගින් නොමිලේ පවත්වයි. (අන්තර්ජාල නීති දේශන මාලාව) මුල් අවස්ථා අධිකරණ විනිසුරුවරයෙක් අධිකරණ සේවා කොමිසම නොමග යැවීම අධිකරණයට අපහාස කිරීමක්ද? විනය විරෝධී ක්‍රියාවක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඔ ව්‍යවස්ථාව යටතට ගැනෙන්නක්ද? සිවිල් නඩු නිමිත්තක්ද? (අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න) මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකථන 0712063394, 0786016161

2015 දී පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු කිරීම, ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවීම සහ 2022 දී සුසිල් ප්‍රේම් රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කිරීමේ බලපෑම...!

2015 දී පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු කිරීම, ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවීම සහ 2022 දී සුසිල් ප්‍රේම් රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කිරීමේ බලපෑම...! 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තු යවන්න ජාතික ලැයිස්තුව අත්කර ගැනීමට විශ්ව වර්ණපාල යොදවාගෙන අවස්ථාවාදීන් කිහිප දෙනෙක් කොළඹ දිසා අධිකරණයේ නඩු දමා වාරණ නියෝග ලබා ගත්තේය. ඒ අවස්ථාවේ සංධානයේ ලේකම්ව සිටි සුසිල් ප්‍රේම් නිහඬව එයට සහාය දී ඡන්දයෙන් පැරදුන අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවට ඇතුල්කර මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය. මේ නීතිවිරෝධී ක්‍රියාව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන දිසා අධිකරණයට පුද්ගලිකව ඉදිරිපත්වී අභියෝග කළේය. අවසානයේ සුසිල් ප්‍රේම් විසින්ම ඡන්දයෙන් පැරදුන අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවට ඇතුල්කර මැතිවරණ කොමිසමට දැනුම් දීමෙන් පසු එකී නඩුව අවසන් කර ගත් අතර මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කර ගැනීමේ සැළසුම සාර්ථක කරගත්තේය. ඉන් නොනැවතී ඊනියා ජාතික ආණ්ඩුවක්ද පිහිටුවා ඇමති ධූර සංඛ්‍යාව වැඩිකර ගනිමින් ක්‍රියා කළේය.විපක්ෂ නායකත්වයට සම්බන්ධන් පත් වුණේද ඒ අනුවය. සුසිල් ප්‍රේම් පසුගියදා රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත්