Skip to main content

Posts

Showing posts from May, 2021

කෝවිඩ් ආසාදිතයන්ට සහ ආසාදනයෙන් වැළකීමට දේශීය ඖෂධ නිර්දේශ නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සහ වෙනත් නීති උල්ලංඝනය කිරීමක්ද? / විද්‍යාත්මකද?

කෝවිඩ් ආසාදිතයන්ට සහ ආසාදනයෙන් වැළකීමට දේශීය ඖෂධ නිර්දේශ නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සහ වෙනත් නීති උල්ලංඝනය කිරීමක්ද? / විද්‍යාත්මකද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) 2021.05.07 ලොව හොදම වෛද්‍යවරයා බුදු හාමුදුරුවෝ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමා ඇති අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම (duty) වේ. රජයේ සේවයේ යෙදී සිටින වෛද්‍යවරු (දේශීය සහ බටහිර) කෝවිඩ් ආසාදිතයින්ට දේශීය ඖෂධ ඇති බවත් ඒ සදහා ප්‍රතිකාර කිරීමට 1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත මගින් සෞඛ්‍ය බලධාරීන් පනවන නීති සහ රෙගුලාසි බාධාවක් බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. රජයේ සේවයේ යෙදී සිටින වෛද්‍යවරු (දේශීය සහ බටහිර) කෝවිඩ් ආසාදිතයින්ට දේශීය ඖෂධ ඇති බව ප්‍රකාශ කළද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය ඇමති සහ නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් තැකීමක් නොකර හිතුවක්කාරීව දේශීය වෛද්‍ය ප්‍රතිකාර දැඩිව ප්‍රතික්ෂේප කරමින් සිටී. වෛද්‍ය වෘත්තීයට අදාල සියලු නීති සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නීතිපතිවරයාද අසමත් වී ඇත. 1961 අංක 31 ආයුර්