Skip to main content

Posts

Showing posts from June, 2019

ජයම්පති සහ සුමන්තිරන් යන අයගේ නීතිඥ වෘත්තීය විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධව අගවිනිසුරුවරයාට නීතිඥවරයෙක් පැමිණිලි කරයි.

ජයම්පති සහ සුමන්තිරන් යන අයගේ නීතිඥ වෘත්තීය විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධව අගවිනිසුරුවරයාට නීතිඥවරයෙක් පැමිණිලි කරයි. පසුගියදා පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික හමුවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශකර ඇති 19 ව්‍යවස්ථා සංශෝධනය සකස් කළේ නීති විශාරදයන්ද එහෙම නැත්නම් දේශපාලන මකබාස්ලද කියා තමන්ට ප්‍රශ්නයක් ඇති බවද? යන ප්‍රකාශයෙන් නීතීඥවරයන් කිහිප දෙනෙකු විසින් 1988 ශ්‍රේෂ්ඨාධිකරණ (නීතිඥවරයන් සදහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද) රීති උල්ලංඝනය කිරීම්  සිදුවී ඇති බවත් ජයම්පති වික්‍රමරත්න සහ එම් . ඒ. සුමන්තිරන්  යන නීතිඥවරයන් නීතිඥ වෘත්තිය පිළිබද ඇති සමාජයේ පිළිගැනීම, ගරුත්වය සහ වෘත්තීයභාවය අභිමානය බිද වැටිය හැකි ආකාරයට ක්‍රියාකර ඇති බව දක්වමින් නීතිඥ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරිම සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් අගවිනිසුරුවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ කර ඇති ප්‍රකාශ අනුව නීතිඥවරයන් සියලු කටයුතුවලදී සෘජු ලෙස සහ අවංකව කටයුතු කළ යුතු වීම, සේවාදායකයාට අවාසිදායක හානිකර වන අකාරයකි

19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා “රාජ්‍ය ආරක්ෂාව” අනතුරේ... නාගානන්ද නිසා “බුද්ධ ශාසනය” අනතුරේ....

19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා “ රාජ්‍ය ආරක්ෂාව ” අනතුරේ... නාගානන්ද නිසා “ බුද්ධ ශාසනය ” අනතුරේ.... ගෙදර ගියොත් අඹු නසී , මග හිටියොත් තෝ නසී! යන්න වෙනුවට ගෙදර ගියත් - මග හිටියත් රට නසී යන්න අදට වඩා ගැලපෙන බව 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රට සහ රාජ්‍ය ආරක්ෂාව පත්වී ඇති තත්ත්වය විමසා බැලීමේදී පැහැදිලිවන බව පෙන්වා දීම මෙම ලිපියෙන් අපේක්ෂා කරයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම මෑතකාලීනව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන බොහෝ පිරිසකගේ ප්‍රසාදයට ලක් වී ඇති බව කියයි. ජනාධිපතිවරයාගේ ධූරකාලය , බලතල සීමා කිරීමත් , ඉහළ ධූර සදහා තැනැත්තන් පත් කිරීමේ අභිමතය ඉවත් කරමින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමත් , ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිව යුතු බවට විධිවිධානයක් එක් කිරීමත් , ජනාධිපතිවරයා විසින් සිය බලතල ක්‍රියාත්මක කිරීමේදී යම් පුද්ගලයෙකුගේ මුලික අයිතිවාසිකම් කඩ වුවහොත් එවැනි අවස්ථාවක මුලික අයිතිවාසිකම් නඩුවක් ශේෂ්ඨාධිකරණයට ගොනු කල හැකි වීමත් , පාර්ලිමේන්තුව විසිරවීම සීමා කිරීමත් , ජනාධිපතිවරයාට කිසිම ඇමතිධූරයක් දැරීමට නොහැකි බවට පත් කිරීමත් (වත්මන් ජනාධිපත

"බුද්ධ ශාසනය" සහ පෙරදිග ශිෂ්ටාචරය අභිබවා "බුද්ධ දර්ශනය" සමග එංගලන්තයේ සහ අපරදිග ආධිපත්‍යය පතුරවන "නාගානන්ද" ව්‍යවස්ථාව.......

"බුද්ධ ශාසනය" සහ පෙරදිග ශිෂ්ටාචරය අභිබවා  "බුද්ධ දර්ශනය" සමග එංගලන්තයේ සහ අපරදිග ආධිපත්‍යය පතුරවන "නාගානන්ද" ව්‍යවස්ථාව....... වර්තමානයේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසියට පරිවර්තනය නොවී පවතින ස්ථාන 2කි. ඒ "බුද්ධ ශාසනය"  ඇතුලත් 9 වන ව්‍යවස්ථාවේ කොටස සහ 7වන ව්‍යවස්ථාවේ සහ 3වන උපලේඛනය මගින් නිරූපිත ජාතික ගීයේ පදමාලාවයි. (ජාතික ගීයේ පදමාලාවේ දෙමළ පරිවර්තනය දෙමළ භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1978 සිටම ඇතුලත් කර තිබීමෙන් ජාතික ගීය සිංහල -දෙමළ භාෂා දෙකෙන්ම ගායනා කිරීම සම්බන්ධව ගැටලු වර්තමානයේ මතු වී ඇත.) "බුද්ධ ශාසනය" කියන වචන ඉංග්‍රීසියෙන් පරිවර්තනය නොවී ඒ ආකාරයෙන්ම ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින හෙයින එම වචන අර්ථනිරූපණය කිරීමට එංගලන්තයට හෝ එංගලන්ත නීති වාර්තා වලින් හැකියාවක් නැත. එය අර්ථනිරූපණය කළ යුත්තේ අටුවා, ටිකා සහ පෙරදිග ධර්ම ග්‍රන්ථ මගින් සහ පෙරදිග චින්තකයන්ගේ අදහස් විමසීමෙනි. "බුද්ධ ශාසනය" සම්බන්ධව ගැටලුවක් ඇති වන විට එම වචන අර්ථනිරූපණය කිරීමට පෙරදිග ශිෂ්ටාචරය විමසා බැලිය යුතුය. නාගානන්ද ව්‍යව

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයාගේ ස්ථාවරයට පටහැනි නීතිපතිගේ කරුණු දක්වීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට අතිරේක පෙත්සමක්.......!

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයාගේ ස්ථාවරයට පටහැනි නීතිපතිගේ ක රු ණු දක්වීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට අතිරේක පෙත්සමක්.......! ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දීමට අදාල අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ    අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නීති රෝෂනී හෙට්ටිගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලිඛිතව දන්වා තිබියදී ජනාධිපතිවරයා වෙනුවෙන්  අධිකරණයේ පෙනී සිටින නීතිපතිවරයා එයට පටහැනි ස්ථාවරයක් ගනිමින් සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා නොදිය යුතු බවට ස්ථාවරයක් ගෙන ඇත. මෙය පැහැදිලිවම ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධව වැරදි අදහසක් දැක්වීමක් බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන  ප්‍රකාශ කළේ ය. ඒ මහතා ඒ බව ප්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහිව පවරන ලද  SC/FR/357/18  නඩුවට අතිරේක පෙත්සමක් ගොනු කළ අවස්ථාවේ ය.   එම නීතිඥවරයා විසින් ජනාධිපතිවරයාට සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්