Skip to main content

Posts

Showing posts from March, 2019
නාගානන්ද , ජිනීවා සහ නීතිඥ වෘත්තියේ ස්වාධීනත්වය   රැක ගැනීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක කඩිනම් අවශ්‍යතාවය...... නාගානන්ද සහෝදර නීතිඥවරයාට අභියාචනාධිකරණ හිටපු සභාපති විනිසුරු මලල්ගොඩ මහතා විසින් එල්ල කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු ලබා දී ඇති දඩුවම මේ වන විට මාධ්‍යයේ පළවී ඇත. ලංකාදීප එසැණ පුවත් යටතේ එකී පුවත පළ වී තිබුණේ මෙසේ ය. නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර 3කට අත්හිටුවයි (තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) සිවිල් සමාජ කියාකාරියෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 18) තීන්දු කළේය. 2015 වසරේ එවකට අභියාචනාධිකරණය සභාපතිව සිටි විජිත් මළල්ගොඩ මහතාට අපහාසවන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කළ විභාගයක් අවසන් කිරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි . අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දු ලබා දුන්හ. උපුටා ගැනීම..... http://www.lankadeepa.lk/latest_news/නාගානන්ද-කොඩිතුවක්කුගේ-නීතීඥභාවය-වසර-