Skip to main content

Posts

Showing posts from July, 2023

ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක්ද? ප්‍රජාඅයිතිය අහෝසිවන වරදක්ද?

ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක්ද? ප්‍රජාඅයිතිය අහෝසිවන වරදක්ද? 1. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය නියම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ය. 2. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයක් වන අතර පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සහ ජනමතවිචාරණයක් මගින් මිස විකෘති කිරීම/ වෙනස් කිරීම කළ නොහැකිය. 3. එමෙන්ම ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජාතිය සතු බුද්ධිමය දේපලකි. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය ආරක්ෂාකොට අනුගමනය කිරීම සෑම පුරවැසියෙකු සතු ව්‍යවස්ථාපිත යුතුකමකි. 5. ජාතික ගීය පදමාලාව සහ සංගීතය වෙනස් කිරීම, එය විකෘති කර පුද්ගලික සන්තකයේ තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය සහ බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කිරීමක් වෙයි. 6. ඒ අනුව ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක් මෙන්ම ප්‍රජාඅයිතිය අහෝසිවන ක්‍රියාවක්ද/ වරදක්ද වෙයි. "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0342256066, 0712063394

මුල් නීතිය සිංහල සහ දෙමළ භාෂාවලින් ගැසට් පත්‍රයේ පළ නොකර සිඳුකරන සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද?

මුල් නීතිය සිංහල සහ දෙමළ භාෂාවලින් ගැසට් පත්‍රයේ පළ නොකර සිඳුකරන සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද? 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ දින සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.2 (16වන ආ.ක්‍ර.ව්‍ය. සංශෝධනයට පෙර) හෝ 23.4 (16වන ආ.ක්‍ර.ව්‍ය. සංශෝධනයට පසු) යන අනුව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකර පනත් කෙටුම්පත් කීයක් මේ වන විට නීතියක් ලෙස සළකනවාද? උදා සාක්ෂි ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහය....(ආදී සෝල්බරි ව්‍යවස්ථාව සහ ඊට පෙර පනවා ක්‍රියාත්මක නීති/ ආඥා පනත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සංශෝධනය කරනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාව අනුව පළමුව සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළකර තිබිය යුතුය.) 2023 ගෙනා ආයුර්වේද සංශෝධනයද එසේමයි....1961/31 දරන ආයුර්වේද පනත සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළ කර තිබේද? අරුණ ලක්සිරි උණවටුන B.Sc (Col), PGDC(Col) නීතීඥ   - සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2023.07.27)

1978 සිට මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවට අනනුකූල පනත් කෙටුම්පත් කීයක් නීතියක් බවට පත්වී තිබේද?

1978 සිට මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවට අනනුකූල පනත් කෙටුම්පත් කීයක් නීතියක් බවට පත්වී තිබේද? 1. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු ස්වස්ථානික ව්‍යවස්ථාව එනම් පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙයි. 2. එහි 10.1 ව්‍යවස්ථාව මෙසේය. 10. (1) All written laws, including subordinate legislation in force immediately prior to the commencement of the Constitution, shall be published in the Gazette in Sinhala and in Tamil translation as expeditiously as possible under the authority of the Minister in charge of the subject of Justice. 3. ඒ අනුව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමට පෙර බලාත්මක වූ සියලු නීති සහ අනුනීති හැකිතාක් ඉක්මණින් සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළ කළ යුතු විය. 4. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබූ 2වන සංශෝධනය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.3 ව්‍යවස්ථාවේද ඉහත 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10.1 ව්‍යවස්ථාවේ දක්වා ඇති විධිවිධානය කාලීනව දක්වා ඇත. 5. එය මෙසේය. 23. 4. All laws and subordinate legislation in force immediately prior to the commenc

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත රටේ ඒකීයභාවයට තර්ජනයක් - නීතීඥ අරුණ ලක්සිරි කියයි. ඒ. ජේ. ඒ. අබේනායක - (2023 ජූලි 27 දිවයින 05 පිටුව)

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත රටේ ඒකීයභාවයට තර්ජනයක් - නීතීඥ අරුණ ලක්සිරි කියයි. ඒ. ජේ. ඒ. අබේනායක - (2023 ජූලි 27 දිවයින 05 පිටුව) රජය විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත රටේ ඒකීය භාවයට දැඩි තර්ජනයක් එල්ල කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පතක් වන්නේ යැයි එම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සමක් ගොනුකර තිබූ කමල් බන්දුල වීරප්පෙරුම හා වොෂින්ටන් ගල්හේනගේ නානායක්කාර යන ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඊයේ (26 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය. එම ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනා හා බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ වෛද්‍ය නිලධාරි පරාක්‍රම අමරතුංග මහතා ඇතුලු පිරිසක් ගොනු කර තිබූ පෙත්සම් විභාගයේ දී කරුණු දක්වමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා එලෙස පැවසීය. එම විශේෂ පෙත්සම් එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජගත් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේදී තෙවන දිනටත් විභාගයට ගැනිණි. යෝජිත පනත් කෙටුම්පත සංශෝධනයේ දී පෙර පනතේ සඳහන් වූ වෛද්‍ය කර්මය සහ කොටස වෛද්‍ය ප්‍රතිකාර ලෙසටත් ආයුර්වේද නීති සං

ඉතිහාසයේ පළමු වතාවට පුවත් පතක පළ වූ ප්‍රවෘත්තියක් හේතුවෙන් නීතීඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකින් ඉවත් වෙයි.

ඉතිහාසයේ පළමු වතාවට පුවත් පතක පළ වූ ප්‍රවෘත්තියක් හේතුවෙන් නීතීඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකින් ඉවත් වෙයි. පුවත්පතක පළවූ වැරදි ප්‍රවෘත්තියක් හේතුවෙන් ආයුර්වේද සංශෝධනයට එරෙහි මුල්ම පෙත්සමේ නීතීඥවරයා එම නඩුවෙන් ඉවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව අලුත්කඩේ අධිකරණ සංකීර්ණයෙන් ආරංචි වෙයි. සිද්ධිය මෙසේය. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයා විසින් 2023 ජූලි 05 වැනි දින පාර්ලිමේන්තුවේ පළමුවර කියවා ඇත. එම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේය පදනමින් මත්තෙගොඩ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා ඇත. පළාත් සභා ලැයිස්තුව යටතේ ඇති ආයුර්වේදය අදාල කාරණා සම්බන්ධයෙන් යෝජිත ආයුර්වේද සංශෝධනය පළාත් සභා නොවිමසා ගෙනවිත් ඇති බව ඇතුලු කාරණා එකී පෙත්සම මගින් කියා ඇත. සෙවනගල ප්‍රදේශයේ සහ මුල්ලේරියාව නව නගරයේ ආයුර්වේද වෛද්‍යවරුන් 2කු විසින්ද එවැනිම නඩුවක් පෙරකී නීතීඥවරයා මගින්ම ඉදිරිපත් කර ඇත. 2023 ජූලි 19 වැනි දින එකී 2වන නඩුව සම්බන්ධයෙන් වැරදි කරුණු ඇතුළත් ප්‍රවෘත්තියක් "දිවයින" පුවත්පතේ පළ වී ඇත. එකී වැරදි ප්‍රවෘ

පුවත්පතක පළවූ වැරදි ප්‍රවෘත්තියක් හේතුවෙන් ආයුර්වේද සංශෝධනයට එරෙහි මුල්ම පෙත්සමේ නීතීඥවරයා එම නඩුවෙන් ඉවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.

පුවත්පතක පළවූ වැරදි ප්‍රවෘත්තියක් හේතුවෙන් ආයුර්වේද සංශෝධනයට එරෙහි මුල්ම පෙත්සමේ නීතීඥවරයා එම නඩුවෙන් ඉවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයා විසින් 2023 ජූලි 05 වැනි දින පාර්ලිමේන්තුවේ පළමුවර කියවා ඇත. එයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේය පදනමින් මත්තෙගොඩ රෝපා ආයුර්වේද රෝහලේ වෛද්‍ය බී. ඒ. රත්නපාල මහතා නීතීඥ අරුණ උණවටුන මහතා මගින් SC/SD/22/23 අංක යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ පෙත්සමක් ඉදිරිපත් කර ඇත. පළාත් සභා ලැයිස්තුව යටතේ ඇති ආයුර්වේදය අදාල කාරණා සම්බන්ධයෙන් යෝජිත ආයුර්වේද පනත් සංශෝධනය පළාත් සභා නොවිමසා ගෙනවිත් ඇති බව ඇතුලු කාරණා එකී පෙත්සම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දක්වා ඇත. සෙවනගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වන කමල් බන්දුල වීරප්පෙරුම සහ මුල්ලේරියාව නව නගරයේ වෛද්‍යවරයෙකු වන වොෂින්ටන් ගල්හේනගේ නානායක්කාර යන අයද වෛද්‍ය රත්නපාල මහතාගේ පෙත්සම වැනිම පෙත්සමක නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මගින් ගොනු කර ඇත. 2023 ජූලි 19 වැනි දින ඒ සම්බන්ධයෙන් වැරදි කරුණු ඇතුළත් ප්‍රවෘ