Skip to main content

Posts

Showing posts from July, 2019

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීමට ජනමතය විමසන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමකට අත්සන් ලබා ගැනීම ආරම්භ කරයි.....!

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීමට ජනමතය විමසන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමකට අත්සන් ලබා ගැනීම ආරම්භ කරයි.....! ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීමට ජනමතය විමසන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමක් ජනාධිපතිවරයාට ලබා දීමට අත්සන් එකතු කිරීමේ ආරම්භක උත්සවය ජූනි 18 කොළඹ මහජන පුස්තකාලයේ දී පවත්වන ලදී. “ නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ ” යන නීති සිද්ධාන්තය අනුව රටේ බහුතර ජනතාව වෙනස්කමකට ලක් නොකල යුතු අතර නීතිය දැන ගැනීමට ඇති මාර්ග අවහිර නොකළ යුතු වේ. ශ්‍රී ලංකාවේ පාලන ආයතන 3 අතරින් විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් ගනු ලබන තීරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් එනම් සිංහල භාෂාවෙන්ද ගනු ලබන හෙයින් ඒවා ජනතාවට සන්නිවේදනය වුවත් අනෙක් පාලන ආයතනයේ ඉහළම ආයතන වන ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ගන්නා තීරණ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා දෙන හෙයින් බහුතර සිංහල ජනතාවට ඒවා සන්නිවේදනය නොවන බවට සමාජයේ කතිකාවතක් නිර්මාණය වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ අදහස් රටේ බහුතරයක් වූ සිංහල ජනතාවද දැන ගත යුතු බවට විව

භාෂා පරමාධිපත්‍යය විමසා බලන නීති අධ්‍යයන වැඩමුළුව ජූලි 18 කොළඹ මහජන පුස්තකාලයේ දී.

භාෂා පරමාධිපත්‍යය සම්බන්ධ නීතිය විමසා බලන නීති අධ්‍යයන වැඩමුළුව ජුලි 18 කොළඹ මහජන පුස්තකාලයේදී... විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ භාෂා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම - උපරිමාධිකරණවල දී භාෂා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට නො හැකි වීම - ප්‍රතිඵල සහ විසදුම් [ ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා පවත්වන නීති අධ්‍යයන වැඩමුළු මාලාවේ 07  වන වැඩමුළුව (සිංහල මාධ්‍ය) ] (1972  සහ  1978  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා -  2000  යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අභිබවනය කළ කතානායක තීරණ ඇසුරෙන්) විශ්ව විද්‍යාල, නීති විද්‍යාල,උසස් අධ්‍යයන ආයතන සිසුන්, නීතිඥයින්, වෘත්තිකයින් ඇතුළු නීතිය පිළිබද උනන්දු ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය. දිනය -  2019  ජුලි  18 ( බ්‍රහස්පතින්දා) සවස  2 . 30 – 5 . 30 ස්ථානය - කොළඹ  07 ,මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේ දී නීති මූලාශ්‍ර ලබා දේ ආසන සීමිතයි 0712063394 දුරකථන අංකයෙන් අමතා ආසනයක් වෙන්කර ගන්න ( ගාස්තු අය කිරීමක් නැත) නීති අධ්‍යයන වැඩමුළුවේ අන්තර්ගතය 1.         ජනතාවගේ පරමාධිපත්‍යය සහ භාෂා පරමාධිපත්‍යය විස්තර කිරීම සහ ඒවා අතර ස

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? යන ප්‍රශ්නය ජනමතවිචාරණයකට යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමට සහාය දෙන්න...

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? යන ප්‍රශ්නය ජනමතවිචාරණයකට යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමට සහාය දෙන්න... නීතිඥ අරුණ ලක්සිරි උණවටුනගෙන් ජනතාවට ඉල්ලීමක්.... ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන  අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ.(10524) දුරකථන 0342256066, 0342256067, 0712063394. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ජනාධිපති ලේකම් කාර්‍යාලය, කොළඹ 01. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? මැයෙන් ජනමතවිචාරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීම. නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ...! යන නීති සිද්ධාන්තය අනුව රටේ බහුතර ජනතාව භාෂාව මත වෙනස්කමකට ලක් නොකල යුතු අතර නීතිය දැන ගැනීමට ඇති මාර්ග අවහිර නොකළ යුතුය. රටේ පාලන ආයතන 3 අතරින් විධායකය විසින් ගනු ලබන තීරණත්, ව්‍යවස්ථාදායකය විසින් ගනු ලබන තීරණත් රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් එනම් සිංහල භාෂාවෙන

මිහිඳු හිමියන්ගෙන් පැවත එන සහ 1815 උඩරට ගිවිසුමෙන්ද පිළිගත් “සිංහල බෞද්ධ රාජ්‍යය” 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යළි ස්ථාපිත වූ බව (මිෂනාරී) උගතුන්ට සන්නිවේදනය නොවීම ....

මිහිඳු හිමියන්ගෙන් පැවත එන සහ   1815   උඩරට ගිවිසුමෙන්ද පිළිගත්   “ සිංහල බෞද්ධ රාජ්‍යය ”     1978   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යළි ස්ථාපිත වූ   බව (මිෂනාරී) උගතුන්ට සන්නිවේදනය නොවීම ....   ​ ​ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු   රටක මූලික නීති ලියවිල්ලයි. 1815ට පෙර මේ රට පාලනය වූයේ සිරිත් මත පදනම් වූ අලිඛිත නීති ක්‍රමයකින් ය. වර්තමානයේ පවා එංගලන්තය පාලනය වන මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින්නේ ලිඛිතව නොවේ. දේවනාම්පියතිස්ස රජු සමයේ මිහිඳු මාහිමියෝ ඇතුළු පිරිස ලංකාද්වීපයට බුදුදහම හඳුන්වා දුන්හ. එසේ හඳුන්වාදුන් බුදුදහම රාජ්‍ය අනුග්‍රහය මත   රාජ්‍ය ආගම   බවට පත් විය. එකම රජවරයෙක්ගේ පාලන තන්ත්‍රයක් යටතේ බුදුදහම හඳුන්වා දීමත් සමග බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් වීම දේශීය සංස්කෘතියේ නව යුගයක් උදාකිරීමට සමත් විය. රජතුමා හා ප්‍රභූ පිරිස බෞද්ධ ශ්‍රාවකයන් වීම හේතුකොට ගෙන මහජනතාවද ඒ මග අනුගමනය කිරීමට කටයුතු කළහ. බුදුදහම   රාජ්‍ය ආගම   බවට   පත් වූ හෙයින් ,  බුදුදහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු විය. ඒ සමගම   අරිට්‌ඨ   ඇමැති සිය දෙටු කණිටු සොයුරන් පනස්‌ පස්‌ දෙනකු සමග මිහිඳු හිමියන්