Skip to main content

Posts

Showing posts from June, 2023

ශ්‍රී ලංකාවේ අධිකරණවල නීතිය කතා කිරීම මැන්ඩෙලා, ගාන්ධි මෙන් බන්ධනාගාරගත කරවන අපරාධයක් කරන නීතියක් විජේදාස අධිකරණ ඇමති විසින් ගෙනවිත් ඇති බව දන්නවාද?

ශ්‍රී ලංකාවේ අධිකරණවල නීතිය කතා කිරීම මැන්ඩෙලා, ගාන්ධි මෙන් බන්ධනාගාරගත කරවන අපරාධයක් කරන නීතියක් විජේදාස අධිකරණ ඇමති විසින් ගෙනවිත් ඇති බව දන්නවාද? දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා සහ ඉංදියාවේ ගාන්ධි බන්ධනාගාරගත කරන ලද්දේ ඉංග්‍රීසි කිරීටය විසින් යටත්විජිත පාලන කරන ලද නීතියෙන් සහ එම රටවල අධිකරණ විනිසුරුන් විසිනි. ශ්‍රී ලංකාව 1948 නිදහස ලැබුණද, 1972 ස්වස්ථානික ජනරජ ව්‍යවස්ථාවක් තනාගත්තද නිවහල් නීති ක්‍රමයක් නොමැති අතර රෝම ලංදේසි නීතිය, ඉංග්‍රීසි නීතිය, එංගලන්ත නඩු තීන්දු ඇසුරෙන් නීතිය ක්‍රියාත්මක වෙයි. නිවහල් ස්වාධීන නීති ක්‍රමයක් නොමැති ශ්‍රී ලංකාවේ අධිකරණවල නීතිය කතා කිරීම මැන්ඩෙලා, ගාන්ධි මෙන් බන්ධනාගාරගත කරවන අපරාධයක් කරන නීතියක් විජේදාස අධිකරණ ඇමති විසින් අධිකරණයට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාල ද‍ඬුවම් කිරීම ඇතුලු කාරණාවලට අදාල පනත් කෙටුම්පත යන සළුවට මුවා වී ගෙනවිත් ඇත. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, අධිකරණ සංවිධාන පනතේ, සිවිල් නඩු විධාන සංග්‍රහයේ,අපරාධ නඩු විධාන සංග්‍රහයේ හෝ වෙනත් නීති වල දක්වා නොමැති සහ එකී නීතිවලට පටහැනි වන ආකාරයට

තාර්කික මිනිසුන් නිහඬ කරමින් අධිකරණයේ  නීති තර්ක ගෙනඒම බන්ධනාගාරගත කරවන විජේදාස අධිකරණ ඇමතිගේ යෝජිත නීතිය ගැන ඔබ දැනුවත් ද?

තාර්කික මිනිසුන් නිහඬ කරමින් අධිකරණයේ  නීති තර්ක ගෙනඒම බන්ධනාගාරගත කරවන විජේදාස අධිකරණ ඇමතිගේ යෝජිත නීතිය ගැන ඔබ දැනුවත් ද? පනත් කෙටුම්පත http://documents.gov.lk/si/bills.php වෙබ් ලිපිනයෙන් බාගත කර ගත හැකිය. වගන්ති 17කින් යුත් මේ අධිකරණයට, විනිශ්චය අධඅධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාල ද‍ඬුවම් කිරීම ඇතුලු කාරණාවලට අදාල මෙම පනත් කෙටුම්පත ජනතාවගේ පරමාධිපත්‍යය අවතැන් කර ඇත. බල බෙදීමේ මූලධර්ම නොසළකා ඇත. සංවරණ තුළණ ක්‍රමය බිඳදමා ඇත. කෙටියෙන් කිවහොත් මෙය අධිකරණයට දෙන පාලනයක් නැති නිර්වින්දන එන්නතක් වන අතර අධිකරණය මෙය යොදා ගනීමෙන් යුක්තිය පතන ජනතාවත් නීති තර්ක ඉවිරිපත් කරන නීතීඥවරුන්ද අධිකරණ යනු නීති තර්ක ඉදිරිපත් කළ හැකි ස්ථානයක් නොවන බවට ඒත්තු ගනු ඇත. නිවහල් නීති ක්‍රමයක් නොමැති ශ්‍රී ලංකාවේ මෙවැනි නීති යෝජනා කිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ පරමාධිපත්‍යය උදුරාගැනීමට නීතිපතිවරයාටත්, විනිසුරුවරුන්ටත් අවස්ථව ලබා දී ඇත. නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම වෙනුවට නීතිය නොතකන සමාජයක් මෙමගින් බිහි වීම සිඳු වෙයි. යුක්තිය පතා අධිකරණයට එන්නෝ පාලනයකින් තොරව නිර්වින්දනය කරවන විජේදාස අධිකරණ

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය

ජනාධිපති,අමාත්‍යවරුන්, විනිශ්චයකාරවරුන් , රාජ්‍ය නිලධාරීන් සිදුකරන ව්‍යවස්ථාපිත වැරදි සම්බන්ධයෙන් නඩු පවරන තැනත්තන්ට රැකවරණය සැළසීමේ විශේෂ විධිවිධාන" යෝජිත පනත් කෙටුම්පතක්....

ජනාධිපති,අමාත්‍යවරුන්, විනිශ්චයකාරවරුන් , රාජ්‍ය නිලධාරීන් සිදුකරන ව්‍යවස්ථාපිත වැරදි සම්බන්ධයෙන් නඩු පවරන තැනත්තන්ට රැකවරණය සැළසීමේ විශේෂ විධිවිධාන" යෝජිත පනත් කෙටුම්පතක්.... "ජනාධිපති,අමාත්‍යවරුන්, විනිශ්චයකාරවරුන් , රාජ්‍ය නිලධාරීන් සිදුකරන ව්‍යවස්ථාපිත වැරදි සම්බන්ධයෙන් නඩු පවරන තැනත්තන්ට රැකවරණය සැළසීමේ විශේෂ විධිවිධාන" යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85.2 ව්‍යවස්ථාව අනුව පවත්වන ජනමතවිචාරණයකින් නීතියක් කර ගැනීමට පුලුවන්. අධිකරණයේ ගෞරවය ආරක්ෂා කළ හැක්කේ ජනාධිපති, විනිසුරුවරු, රජයේ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන අයද ආරක්ෂා කිරීමේ සංවරණ තුළණ ක්‍රමයෙනි. අධිකරණයට අපහාස කරන තැනැත්තනට එරෙහිව නීති පැනවිය යුතුය. එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පාලනය පිහිටුවීමට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර සංවරන තුළණ ක්‍රමයද පැවතිය යුතුය. බලය අතදැරූ පමණින් වැරදි කිරීමට කිසිවෙකුට අවස්ථාව නොදිය යුතුය. දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය ව්‍යවස්ථාපිත යුතුකම කඩ කරන තැනැත්තන්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතියකි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝ

Five Proposals of Constitutional Amendment to protect Buddha Sasana, Sustainable Development of the Country and Independence of the Judiciary.*

Five Proposals of Constitutional Amendment to protect Buddha Sasana, Sustainable Development of the Country and Independence of the Judiciary.* 1. The candidate contesting for the presidential election must know at least 3 international languages. 2. A lawyer who has worked in the Attorney General's Department for more than 5 years cannot be appointed as Chief Justice.(except existing judges) 3. Not more than 7 lawyers who have served in the Attorney General's Department for more than 5 years should be appointed as Supreme Court Judges at a time. 4. The President should be ordered to appoint judges to the Court of Buddha Sasana established by Article 105.4 of the Constitution within one month. 5. Correction of the error that Article 9 of the English Constitution does not appear in 2 sentences as Article 9 of the Sinhala Constitution has 2 sentences. * This is an English translation of the Constitutional Amendment Proposals by Aruna Laksiri Unawatauna. B.Sc(Col), P

බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම, රටේ තිරසර සංවර්ධනය  සහ අධිකරණයේ ස්වාධීනත්වය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා 5ක්....

බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම, රටේ තිරසර සංවර්ධනය  සහ අධිකරණයේ ස්වාධීනත්වය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා 5ක්.... 1. ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා ජාත්‍යන්තර භාෂා 3ක් දැන සිටිය යුතුය. 2. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 5කට වැඩි කාලයක් සේවය කළ නීතීඥවරයෙකු අගවිනිසුරු ලෙස පත් කළ නොහැකිය. (දැනට සිටින විනිසුරුවරු හැර) 3. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 5කට වැඩි කාලයක් සේවය කර ඇති නීතීඥවරු 7කට වඩා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ලෙස වරකට පත් කිරීම නොකළ යුතුය. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාව මගින් පිහිටුවා ඇති බුද්ධ ශාසන අධිකරණයට විනිශ්චයකාර භික්ෂූන් වහන්සේලා මාසයක් ඇතුළත පත් කළ යුතු බවට ජනාධිපතිවරයාට නියම කළ යුතුය. 5. සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව වාක්‍ය 2කින් ඇති ආකාරයට ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ වාක්‍ය 2කින් නොදැක්වෙන දේෂය නිවැරදි කිරීම. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ  නීති ග්‍රන්ථ කර්තෘ, මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ලේඛක සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394

රටේ ස්වාධීනත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය සඳහා නීතීඥවරයෙකුගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා 3ක්....

රටේ ස්වාධීනත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය සඳහා නීතීඥවරයෙකුගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා 3ක්.... 1. ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා ජාත්‍යන්තර භාෂා 3ක් දැන සිටිය යුතු බව. 2. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 5කට වැඩි කාලයක් සේවය කළ නීතීඥවරයෙකු අගවිනිසුරු ලෙස පත් කළ නොහැකි බව. (දැනට සිටින විනිසුරුවරු හැර) 3. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 5කට වැඩි කාලයක් සේවය කර ඇති නීතීඥවරු 7කට වඩා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ලෙස වරකට පත් කිරීම කළ නොහැකි බව. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ  නීති ග්‍රන්ථ කර්තෘ, මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ලේඛක සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394

ජාත්‍යන්තර භාෂා 06 අතරින් ඉංග්‍රීසි භාෂාව පමණක් දන්නා අයෙකු නොව ජාත්‍යන්තර භාෂා 3ක්වත් දන්නා අයෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්කර ගත යුත්තේ ඇයි?

ජාත්‍යන්තර භාෂා 06 අතරින් ඉංග්‍රීසි භාෂාව පමණක් දන්නා අයෙකු නොව ජාත්‍යන්තර භාෂා 3ක්වත් දන්නා අයෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්කර ගත යුත්තේ ඇයි? ජාත්‍යන්තර භාෂා 6ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. ප්‍රංශ, රුසියන්,චීන, ස්පාඤ්ඤ , ඉංග්‍රීසි, අරාබි එම ජාත්‍යන්තර භාෂා 06ය.ලෝකයේ වැඩිම ජනතාවක් කතා කරන භාෂාව ඉංග්‍රීසි නොවේ. එංගලන්ත යටත් විජිතවල රාජ්‍ය නායකත්වයට පත් වීමට ඉඩ දෙන්නේ ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාව පමණක් දන්නා අයටය. ප්‍රංශය, රුසියාව, චීනය වැනි රටවල් ඉංග්‍රීසියෙන් වැඩකටයුතු නොකරයි. ජාත්‍යන්තර භාෂා කිහිපයක් දන්නා අයෙකුට එකී රටවල ජනතාව සමග සෘජුව සම්බන්ධතා පවත්වා ගත හැකිය.පරිවර්තනයක් නොමැතිව එකී සම්බන්ධතාවය පවත්වා ගැනීම රාජ්‍ය නායකයාට වැදගත් වෙයි. ආයොජකයන් ගෙන්වා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අලෙවි කිරීමටත් පුළුල් අවස්ථා ලබා ගත හැකිය. එංගලන්තයේ යටත් විජිත ලෙස පැවති ශ්‍රී ලංකාව වැනි රටවල ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වීමෙන් ආය්නෙක් ජාත්‍යන්තර භාෂා 5 කතා කරන රටවල ආයෝජකයන් පැමිණීම සීමාකර දියුණු වෙමින් පවතින රටවල ලැයිස්තුවේ තබා ගත හැකිය. 1948 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ

සිංහල භාෂාව මළ භාෂාවක් කරවන ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසින්ට තවදුරටත් ඉඩදෙමුද? ආසියාවේ නේටෝවද? රුසියාවේ - ප්‍රංශයේ න්‍යෂ්ටික තාක්ෂණයද?

සිංහල භාෂාව මළ භාෂාවක් කරවන ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසින්ට තවදුරටත් ඉඩදෙමුද? ආසියාවේ නේටෝවද? රුසියාවේ - ප්‍රංශයේ න්‍යෂ්ටික තාක්ෂණයද? ජාත්‍යන්තර භාෂා 6ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන ඇත. එකී භාෂා 6 වන්නේ ප්‍රංශ, ස්පාඤ්ඤ, රුසියන්, චීන, අරාබි සහ ඉංග්‍රීසි භාෂාවන් ය. එකී ජාත්‍යන්තර භාෂා 6 අතරෙන් ශ්‍රී ලංකාවේදී ඉංග්‍රීසියට පමණක් ප්‍රමුඛස්ථානය දෙන්නේ ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසින්ගේ බලපෑමත්, ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසීන්  අනෙක් ජාත්‍යන්තර භාෂා 5 නොදන්නාකමත්, 1815 සිට එංගලන්තය විසින් ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පාලනය කිරීමත්ය. වර්ෂ 1948 සිට වසර 74කට වැඩි කාලයක් ඉංග්‍රීසියට පමණක් ප්‍රමුඛස්ථානය ලබාදී ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පාලනය ගෙන යාමට විවිධ දේශපාලන පක්ෂවලට බෙදී සිටින නාසි - ඉංග්‍රීසි කණ්ඩායම්වලට හැකි විය. එසේ වුවත් රට දියුණු වුණාද? බෙදුම්වාදය නතර වුණාද? යන්න විද්වතුන් ගැඹුරින් සාකච්ඡාවට ලක් කළ යුතුය. 1815 උඩරට ගිවිසුම සිංහල සහ ඉංග්‍රීසි  භාෂා 2න්ම සකස් කළේ රාජ්‍යයන් 2ම රාජ්‍ය භාෂාවලින් ගිවිසුම් කෙටුම්පත් කිරීමේ මූලධර්ම යුතුකම ඉටු

ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසින්ට තවදුරටත් ඉඩදෙමුද? ආසියාවේ නේටෝවද? රුසියාවේ - ප්‍රංශයේ න්‍යෂ්ටික තාක්ෂණයද?

ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසින්ට තවදුරටත් ඉඩදෙමුද? ආසියාවේ නේටෝවද? රුසියාවේ - ප්‍රංශයේ න්‍යෂ්ටික තාක්ෂණයද? ජාත්‍යන්තර භාෂා 6ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන ඇත. එකී භාෂා 6 වන්නේ ප්‍රංශ, ස්පාඤ්ඤ, රුසියන්, චීන, අරාබි සහ ඉංග්‍රීසි භාෂාවන් ය. එකී ජාත්‍යන්තර භාෂා 6 අතරෙන් ශ්‍රී ලංකාවේදී ඉංග්‍රීසියට පමණක් ප්‍රමුඛස්ථානය දෙන්නේ ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසින්ගේ බලපෑමත්, ශ්‍රී ලංකාවේ නාසි - ඉංග්‍රීසීන්  අනෙක් ජාත්‍යන්තර භාෂා 5 නොදන්නාකමත්, 1815 සිට එංගලන්තය විසින් ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පාලනය කිරීමත්ය. වර්ෂ 1948 සිට වසර 74කට වැඩි කාලයක් ඉංග්‍රීසියට පමණක් ප්‍රමුඛස්ථානය ලබාදී ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පාලනය ගෙන යාමට දේශපාලන පක්ෂවලට බෙදී සිටින නාසි - ඉංග්‍රීසි කණ්ඩායම්වලට හැකි විය. එසේ වුවත් රට දියුණු වුණාද? බෙදුම්වාදය නතර වුණාද? යන්න විද්වතුන් ගැඹුරින් සාකච්ඡාවට ලක් කළ යුතුය. ii වන ලෝක යුද්ධයේදී ජරමනියේ ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ නාසීන් ජනසංහාරක් කළේය. නාසින්ගේ පාලනය යුරෝපයේ සාමය බිඳී ගියේය. වර්තමානයේ නේටෝවේ සහාය ලැබෙන යුක්‍රේනය සහ රුසියාව අතර

ජනාධිපති ධූර කාලය වසර 6 දක්වා වැඩි කර ගැනීමට සහ 2025 නොවැම්බර් සිට 2030 අගෝස්තු දක්වා විධායක අගමැති ලෙස ධූර දැරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියා කරයිද?

ජනාධිපති ධූර කාලය වසර 6 දක්වා වැඩි කර ගැනීමට සහ 2025 නොවැම්බර් සිට 2030 අගෝස්තු දක්වා විධායක අගමැති ලෙස ධූර දැරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියා කරයිද? 1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය 2024 නොවැම්බර්වලදී අවසන් වේ. ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කළ හෙයිනි. 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ ධූර කාලය වසර 6කට වඩා වැඩිකර ගන්නේ නම් ජනමතවිචාරණයක් පැවැත්විය යුතුය. නමුත් වසර 5 සිට 6 දක්වා වැඩිකර ගැනීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝනයකට පාර්ලිමේන්තුවේ 2/3 ක මන්ත්‍රී ඡන්දයක් පමණි. 3. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ධූර කාලය වසර 6ක් දක්වා වැඩි කර ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට 2025 නොවැම්බර් දක්වා ජනාධිපති ධූරයේ කටයුතු කළ හැකිය. 4. වර්තමානයේ පවතින පාර්ලිමේන්තුව 2025 අගෝස්තුවල විසිරෙන හෙයින් එය වළක්වා ගැනීමට ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තු ධූර කාලය 2030 අගෝස්තු දක්වා දීර්ඝ කරගත හැකිය. ( 1982 ජේ.ආර්.ජයවර්ධන ජනාධිපති

ඉංග්‍රීසි ජාතික භාෂාව කිරීමට යාම ශ්‍රී ලංකාවේ දියුණුවටද? ඉන් බෙදුම්වාදය අවසන් වෙයිද? ආසියාවේ නේටෝවට ලංකාවේ බැඳීම වෙනුවෙන්ද?

ඉංග්‍රීසි ජාතික භාෂාව කිරීමට යාම ශ්‍රී ලංකාවේ දියුණුවටද? ඉන් බෙදුම්වාදය අවසන් වෙයිද? ආසියාවේ නේටෝවට ලංකාවේ බැඳීම වෙනුවෙන්ද? ඉංග්‍රීසි ජාතික භාෂාවක් කිරීමට යාම ගැන සාකච්ඡාවක් මේ දිනවල සමාජයේ පවතී. ආසියාවේ නේටෝවක් ගැනද සාකච්ඡාවක් ඇත. මේ කෙටි ලිපිය ඒ සම්බන්ධයෙන් ය. 1. වාහන වලින් ශ්‍රී අකුර ඉවත් කළා... 2. බලය බෙදන්න 13වන සංශෝධනය ගෙනාවා... 3. දෙමළ රාජ්‍ය භාෂාව කළා... 4. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළා... 5. 13 වන සංශෝධනයෙන් දකුණේ පළාත් 7ක පිහිටවූ අධිකරණ වලින් සිංහලෙන් නඩු විභාග කිරීම නීතියට පටහැනිව වැළැක්වූවා.... 6. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැරදි ලෙස නතර කළා... 7. රජයේ දේපල පුද්ගලීකරණය කළා... 8. ශ්‍රේෂ්ඨාධිකරණය ඉංග්‍රීසියෙන් පමණක් නඩු තීන්දු දුන්නා... 9. සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ ඇති වෙනස යටපත් කළා.... 10. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ දක්වා ඇති බුද්ධ ශාසන අධිකරණ නොපිහිටුවා සිටියා... ආසියාවේ නේටෝවක් පිහිටුවීම ගැන සාකච්ඡාවක් පවතින වර්තමාන සමයේ ශ්‍රී ලංකාවේ නීතියෙන් ඉංග්

ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ කිරීමට පාර්ලිමේන්තුව නීති සම්මත කරන ක්‍රමයෙන් ඉවත් කර ජනමතවිචාරණයෙන් ජනතාව නීති සම්මත කරන ක්‍රමයට මාරු විය යුත්තේ ඇයි?

ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ කිරීමට පාර්ලිමේන්තුව නීති සම්මත කරන ක්‍රමයෙන් ඉවත් කර ජනමතවිචාරණයෙන් ජනතාව නීති සම්මත කරන ක්‍රමයට මාරු විය යුත්තේ ඇයි? නීති පැනවීමට කැමැත්ත දීම අතීතයේදී ජනතාවට සෘජුවම සිදුකිරීමට තාක්ෂණික පහසුකම් නොතිබුණි. ඒ හේතුවෙන් ජනතාවගේ නියෝජිතයන් පාර්ලිමේන්තුව නම් ව්‍යුහයකට මැතිවරණයකින් ඇතුල්කර පාර්ලිමේන්තුව මගින් නීති පැනවීම සිදුකර ගන්නා ලදී. එහෙත් අද තත්ත්වය වෙනස් ය. තාක්ෂණය බොහෝ දියුණුය. කෘතිම බුද්ධිය පවා පාසල් විෂයක් වෙමින් ඇත. පරිගණක සාක්ෂරතාවයෙන් යුත් සමාජයක් බිහිවී ඇත. එසේනම් අතීතයේ නොතිබූ ජනතාවගේ සෘජු කැමැත්ත ලබා ගැනීමේ යාන්ත්‍රණය පාර්ලිමේන්තුව මගින් නොව ජනතාව මගින්ම කෙළින්ම යොදා ගැනීමට හැකිය. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැත. ඒ නීති දැනටමත් පැනවී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85.2 ව්‍යවස්ථාව මගින් ජනමතවිචාරණය නීතිගත වී ඇත. වර්තමානයේ දියුණු තාක්ෂණය යොදාගෙන ජනතාවගේ සෘජු කැමැත්ත ලබා ගෙන නීති පැනවිය හැකි ක්‍රමයට මාරු වි. එමගින් ඇමෙරිකාවට, එංගලන්තයට ඕනෑ ආකාරයට, වරප්‍රසාද, මුදලට පක්ෂ මාරු කරමින්, ඇමතිධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් නීති සාද

ශ්‍රී ලංකාවේ සිංහල අයිතිවාසිකම් අහිමි කරන්නේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි. උදාහරණ

ශ්‍රී ලංකාවේ සිංහල අයිතිවාසිකම් අහිමි කරන්නේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි. උදාහරණ 1.වාහන වලින් ශ්‍රී අකුර ඉවත් කරන ලද්දේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි. 2. නීති විද්‍යාලයේ සි‍ංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම නතර කළේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි. 3. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන්  නඩු තීන්දු නොදෙන්නේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි. 4. 13න් දකුණේ පළාත් 9ක පිහිටවූ අධිකරණ සිංහලෙන් වැඩ නොකරන්නේ දෙමළ අයිතිවාසිකම් අහිමිවන බව කියමිනි. අවසානයේදී සිංහල අයිතිවාසිකම්ද දෙමළ අයිතිවාසිකම්ද ඉංග්‍රීසි අන්තවාදීන් විසින් අහිමි කර ඇති බව නොතේරෙන තැනට පත් වී ඇත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. 2023 මැයි 22 (ජනරජ දින) ප.ව. 2-5 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාව දුරකථන 0342256066, 0712063394

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනය ගැන දක්වා ඇති ස්ථාන 06.(ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ ඇත්තේ ස්ථාන 05කය)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනය ගැන දක්වා ඇති ස්ථාන 06.(ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ ඇත්තේ ස්ථාන 05කය) 1. පූර්විකාවේ 'සවස්ති' 2. පූර්විකාවේ 'ශ්‍රී බුද්ධ වර්ෂ' 3. 9වන ව්‍යවස්ථාවේ මුල් වාක්‍යයේ ''බුද්ධාගම' 4. 9වන ව්‍යවස්ථාවේ දෙවන වාක්‍යයේ ''බුද්ධ ශාසනය' (ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාවේ වාක්‍ය 2ක් නැත.) 5. 105.4 ව්‍යවස්ථාවේ දැක්වෙන බුද්ධ ශාසනයට අදාල අධිකරණය 6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවසානයේ පාදස්ථානයේ ඇති රාජා භවතු ධම්මිකෝ - සිද්ධිරස්තු පාඨය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. 2023 මැයි 22 (ජනරජ දින) ප.ව. 2-5 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාව දුරකථන 0342256066, 0712063394

මෝඩාභිමානියෙන් මුලා නොවී බුද්ධිමයමානයකට යොමු වෙමු...!

මෝඩාභිමානියෙන් මුලා නොවී බුද්ධිමයමානයකට යොමු වෙමු...! ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවේ ආරක්ෂා කර ඇති බුද්ධ ශාසනය සුරක්ෂිත  කරන ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීමට ලැබේවා...! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනය ගැන දක්වා ඇති ස්ථාන 6 ගැන ජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ලැබේවා...! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ දක්වා ඇති බුද්ධ ශාසනය සම්බන්ධ අධිකරණය පිහිටුවා ගැනීමට ශක්තිය ලැබේවා...! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති රෝම ලංදේසි නීතිය, මුස්ලිම් නීතිය, තේසවලමේ නීතිය උගන්වද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාන 06ක ඇති බුද්ධ ශාසනය සම්බන්ධ නීතිය විෂයක් ලෙස නීති විද්‍යාලයේ නීති පාඨමාලාවට ඇතුළත් කර ගැනීමට ලැබේවා...! රාජා භවතු ධම්මිකෝ..... නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc (Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

ශ්‍රී ලංකාවේ නීතියෙන් ජනාධිපතිට විධායක බලය පමණක් හිමි වීම සහ අගවිනිසුරුවරයාට විධායක, අධිකරණ සහ ව්‍යවස්ථාදායක බලය යන බල 3ම හිමිවීම බල බෙදීමේ න්‍යායට එකඟද?

අන්තර්ජාල නීති දේශනය - 15 2023.07.02 සවස 3ට ශ්‍රී ලංකාවේ නීතියෙන් ජනාධිපතිට විධායක බලය පමණක් හිමි වීම සහ අගවිනිසුරුවරයාට විධායක, අධිකරණ සහ ව්‍යවස්ථාදායක බලය යන බල 3ම හිමිවීම බල බෙදීමේ න්‍යායට එකඟද? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන - සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න)

නීති විද්‍යාලයේ අලුත් ගැසට් පත්‍රයද  ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ දිගටම පවතින සිංහල විරෝධය සනාථ කරයි.

නීති විද්‍යාලයේ අලුත් ගැසට් පත්‍රයද ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ දිගටම පවතින සිංහල විරෝධය සනාථ කරයි. සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළක්වූ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී ගැසට් පත්‍රය මගින්ද 1972 සිට ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකරමින් පවත්වාගෙන එනු ලැබූ සි‍ංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමේ ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීමෙන් වැළකී ඇත. ශ්‍රී ලංකා නීති විද්‍යාලය සම්බන්ධයෙන් වන 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයද නැවතත් සිංහල අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම වැළැක්වීම සිදුකර ඇත. එසේම එකී ගැසට් පත්‍රය  මගින් 2023.03.21 පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයේ ස‍ඳහන් සිංහල අධිකරණ භාෂාවට එරෙහි විධිවිධාන නැවත ඇතුළත් කිරීමද කරමින් පාර්ලිමේන්තු බලතල, වරප්‍රසා

කිසිවෙකුට 50%ක් නොලැබෙන බව ජනාධිපතිවරයා කියන්නේ ජනාධිපති ධූර කාලය වසර 6ක් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් හැකි නිසාද?

කිසිවෙකුට 50%ක් නොලැබෙන බව ජනාධිපතිවරයා කියන්නේ ජනාධිපති ධූර කාලය වසර 6ක් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් හැකි නිසාද? 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවූ අවස්ථාවේ එහි 30.2 අනුව්‍යවස්ථාවේ ජනාධිපති ධූර කාලය පැවතියේ වසර 6ක් ලෙසය. 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ අවස්ථාවේ 2වැනි සැරයටත් ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය (2002 දී මුල් වරට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදී) මගින් ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5කට අඩු කරන ලදී. ඒ ජනමතවිචාරණයකින් නොව පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින් පමණි. එසේ නම් නැවත ජනාධිපතිවරයාගේ ධූර කාලය පෙර පැවති වසර 6ට වැඩි කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් එය කළ හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 අනුව්‍යවස්ථාවේ දැක්වෙන ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6කට වඩා වැඩි කරන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව ජනමතවිචාරණයක් පැවැත්විය යුතු අතර දැනට පවතින වසර 5, වසර 6 ක් දක්වා වසරකින් වැඩි කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවේ. ඒ අනුව ජනාධිපති ධූර කාලය පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දය