Skip to main content

ඊනියා 19 සහ ජනාධිපති විසින් අමාත්‍යාංශ තියා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ 2020.08.10 දිනැති මාධ්‍ය නිවේදනයේ වැරද්ද?

ඊනියා 19 සහ ජනාධිපති විසින් අමාත්‍යාංශ තියා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ 2020.08.10 දිනැති මාධ්‍ය නිවේදනයේ වැරද්ද...!

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
(2020.08.10)

2020.08.10 දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති පහත නිවේදනය බලන්න.


ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායකවරයාගේ සහතිකය වැරදියට යොදා ගෙන ක්‍රියාත්මක කරන 19ය නිවැරදි නොකර
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඊනියා 19 අනුව කටයුතු කළද, 19යේ වැරැද්ද  පැහැදිලි කරන ලිපි රැසක් විද්වතුන් විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත.

මේ සම්බන්ධයෙන් ලියන ලද ලිපි 2ක් 2020 පෙබරවාරි 09 සහ 2020 මාර්තු 08 දිනවල දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතේ පළ වී ඇති අතර පහත දැක්වෙන අන්තර්ජාල සබැදියේ ඒ ලිපි දැක්වෙන බවත් එහි දැක්වේ.

https://divaina.com/sunday/index.php/visheshanga1/13222-2020-02-07-11-49-41

https://divaina.com/sunday/index.php/deshapalana2/13532-2020-02-28-03-11-134

එනෙන්ම www.lankaweb.com වෙබ් අඩවියද මේ සම්බන්ධයෙන් ලිපි ප්‍රසිද්ධ කර ඇත.

අලුත් පාර්ලිමේන්තුව කළ යුත්තේ 19 අහෝසි කිරීමද? 19 නීතියක් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමද?

http://www.lankaweb.com/news/items/2020/08/03/%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%9A%E0%B7%85-%E0%B6%BA/

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ 19 නිවැරදි කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා නොකිරීම වරදක්වන අතර, ඊනියා 19 නීතියක් ලෙස රැවටී පාලනය ගෙන යාමට සිදුවේ.

ඊනියා 19 යටතේ කිසිම අමාත්‍යාංශයක් ජනාධිපතිට තියා ගන්න බෑ කියල ජනාධිපති ළග ඉන්න උගතුන්ට නොතේරෙන්නේ ඇයි? 
යන්න ගැටළුවකි.

ඊනියා 19යට පටහැනිව යමින්, ක්‍රියා කරමින් අමාත්‍යාංශය ජනාධිපති සතුකිරීමට ඔවුන් කටයුතු කරන්නේ ඇයි?

මේ නීති විශාරදයන් ඉන්නෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නොමග යැව්වා වගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාවත් නොමග යවන්නද?

2020.08.10 දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය ඊනියා 19යටත් පටහැනි වෙ.

මෙහි ඇති "ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා  විසින් හොබවන අමාත්‍යාංශය" කියල ලියන්න ඊනියා 19 යටතේ ජනාධිපති මාධ්‍ය අංශයට හැකියාවක් නෑ.

මොකද ඊනියා 19 යටතේ ජනාධිපතිට කිසිම අමාත්‍යාංශයක් තියා ගන්න නොහැකි නිසා. (මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණ ආරක්ෂක, පරිසර සහ මහවැලි අමාත්‍යාංශය තමා සතු කිරීමට සීමිත බලයක් තිබුණි)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ළග ඉන්නා නීති විශාරදයන් ද මෛත්‍රීපාල සිරිසේන මහතා ළග සිටි නීති විශාරදයන් ට නොදෙවෙනි බව මෙම මාධ්‍ය නිවේදනයෙන් පැහැදිලි වේ.

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...