Skip to main content

ඊනියා 19 සහ ජනාධිපති විසින් අමාත්‍යාංශ තියා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ 2020.08.10 දිනැති මාධ්‍ය නිවේදනයේ වැරද්ද?

ඊනියා 19 සහ ජනාධිපති විසින් අමාත්‍යාංශ තියා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ 2020.08.10 දිනැති මාධ්‍ය නිවේදනයේ වැරද්ද...!

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
(2020.08.10)

2020.08.10 දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති පහත නිවේදනය බලන්න.


ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායකවරයාගේ සහතිකය වැරදියට යොදා ගෙන ක්‍රියාත්මක කරන 19ය නිවැරදි නොකර
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඊනියා 19 අනුව කටයුතු කළද, 19යේ වැරැද්ද  පැහැදිලි කරන ලිපි රැසක් විද්වතුන් විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත.

මේ සම්බන්ධයෙන් ලියන ලද ලිපි 2ක් 2020 පෙබරවාරි 09 සහ 2020 මාර්තු 08 දිනවල දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතේ පළ වී ඇති අතර පහත දැක්වෙන අන්තර්ජාල සබැදියේ ඒ ලිපි දැක්වෙන බවත් එහි දැක්වේ.

https://divaina.com/sunday/index.php/visheshanga1/13222-2020-02-07-11-49-41

https://divaina.com/sunday/index.php/deshapalana2/13532-2020-02-28-03-11-134

එනෙන්ම www.lankaweb.com වෙබ් අඩවියද මේ සම්බන්ධයෙන් ලිපි ප්‍රසිද්ධ කර ඇත.

අලුත් පාර්ලිමේන්තුව කළ යුත්තේ 19 අහෝසි කිරීමද? 19 නීතියක් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමද?

http://www.lankaweb.com/news/items/2020/08/03/%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%9A%E0%B7%85-%E0%B6%BA/

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ 19 නිවැරදි කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා නොකිරීම වරදක්වන අතර, ඊනියා 19 නීතියක් ලෙස රැවටී පාලනය ගෙන යාමට සිදුවේ.

ඊනියා 19 යටතේ කිසිම අමාත්‍යාංශයක් ජනාධිපතිට තියා ගන්න බෑ කියල ජනාධිපති ළග ඉන්න උගතුන්ට නොතේරෙන්නේ ඇයි? 
යන්න ගැටළුවකි.

ඊනියා 19යට පටහැනිව යමින්, ක්‍රියා කරමින් අමාත්‍යාංශය ජනාධිපති සතුකිරීමට ඔවුන් කටයුතු කරන්නේ ඇයි?

මේ නීති විශාරදයන් ඉන්නෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නොමග යැව්වා වගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාවත් නොමග යවන්නද?

2020.08.10 දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය ඊනියා 19යටත් පටහැනි වෙ.

මෙහි ඇති "ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා  විසින් හොබවන අමාත්‍යාංශය" කියල ලියන්න ඊනියා 19 යටතේ ජනාධිපති මාධ්‍ය අංශයට හැකියාවක් නෑ.

මොකද ඊනියා 19 යටතේ ජනාධිපතිට කිසිම අමාත්‍යාංශයක් තියා ගන්න නොහැකි නිසා. (මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණ ආරක්ෂක, පරිසර සහ මහවැලි අමාත්‍යාංශය තමා සතු කිරීමට සීමිත බලයක් තිබුණි)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ළග ඉන්නා නීති විශාරදයන් ද මෛත්‍රීපාල සිරිසේන මහතා ළග සිටි නීති විශාරදයන් ට නොදෙවෙනි බව මෙම මාධ්‍ය නිවේදනයෙන් පැහැදිලි වේ.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය